ලිපිය පල කළේ : Unknown
Friday, March 7, 2014
තීරු කේත කියවනය
බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.
තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.
ප්‍රදීපන පද්ධතිය (Illumination System)
සෙන්සරය (Sensor)
පරිවර්තකය (Converter)
විකේතකය (Decoder)
හොද වැඩක් මේ වගේ පොඩි පොඩි දේවල් වුනත් සිංහලයට නගන එක වැදගත් නිවැරදිම තොරතුරු දෙන්නට උත්සාහ කිරීම දැයේ අනාගතයට කරන සේවාවක්
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteමේක හුගාක් වටිනව.හුගක් ස්තුතියි.
ReplyDelete