Showing posts with label විවිධ. Show all posts

මීට බොහෝ කලකට පෙර එච්.ජැක්සන් බ්‍රවුන් නම් මහතකු විසින් ''රීඩස්ට් ඩයිජස්ට්" නම් මාසික සගරාවට ලියා පළ කරන ලද ලිපියක් "සියපත" කතෘවරයකු වු අමරදාස ගුණවර්ධන මහතා විසින් සිංහලයට පරිවර්තනය කර පළ කර තිබුණි. එම ලිපිය කියවා ලග තබාගෙන සිටි මා එය මාගේ සයිබර් අවකාශයට එක් කිරීමට සිතුවේ එය බොහෝ දෙනෙකුට වැදගත් ලිපියක් වෙවි යැයි සිතුන නිසාවෙනි. එම ලිපියේ සදහන් වුයේ පියකු තම පුතු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා පිටත්ව යන අවස්ථාවේ දී පුතුට තමාගෙන් ලැබිය යුතු යැයි සිතූ උපදෙස් සටහන් කල පොතක තිබූ වදන් කිහිපයකි. එය මෙසේ ය,

    1. ඔබ අදහන ආගම හා සම්බන්ධ ධර්ම පුස්තකයක් වසරක් ගෙවා හෝ මුල සිට අග දක්වාම කියවන්න.
    2. හොදින් සවන් දෙන්න පුරුදුවන්න.ජීවිත වාසනාවේ ප්‍රස්තාව සමහරවිට තට්ටු කරන්නේ ඉතා සෙමින්ය.
    3. කෙනෙකුගේ බලාපොරොත්තු කිසි දිනෙක එම තැනැත්තාට අහිමි නොකරන්න. ඔහුට හෝ ඇයට ඇති එකම බලාපොරොත්තුව එය විය හැක.
    4. භවභෝග සම්පත් සදහා නොව ප්‍රඥාව සහ ආත්මශක්තිය ලබා ගැනීමට යාඥා කරන්න.
    5. යහපත් ඉරියව්වකින් සිටින්න. තැනකට ඇතුළු විය යුත්තේ අවශ්‍යතාවක් සහ විශ්වාසයක් ඇතිවය.
    6. සෙනග ගැවසෙන තැනකදී ව්‍යාපාරය ගැන කතා නොකරන්න. කවරකු ඒවා අසා සිටිත්දැයි ඔබ නොදනී.
    7. යම් කාර්යක් අවසාන වන්නට පෙර ඒ සදහා  ගෙවිය යුතු මුදල නොගෙවන්න.
    8. පූර්ණ යුද්ධය ජයග්‍රහනය ලැබීම සදහා එක් සටනක පරාජය භාර ගැනීමට මැළි නොවන්න.
    9. ඕපාදූප කතා නොකරන්න.
    10. තමන්ට නැතිවන්නට කිසිවක් නැතැයි කියන අයගෙන් ප්‍රෙවේසම් වන්න.
    11. දුෂ්කර කාර්යක් ඇතිවිට, එය අසාර්ථකවීම සිදුවිය නොහැකිය යන අදහසින් ම කටයුතු කරන්න.
    12. තමා ගැන ලඝුකොට නොසිතන්න. යමක් ප්‍රති‍‍ක්ෂේප කරනවිට එය ආචාරශිලිව මෙන්ම ඉක්මණින් කරන්න.
    13. ජීවිතය නිතරම සුන්දරයි.සතුටුදායකයි කියා නොසිතන්න. සමාවදීම තුළ ඇති බලශක්තිය අවතක්සේරු නොකරන්න. ගැටලුව යන වචනය වෙනුවට වාසනාවේ ප්‍රස්තාව යන වචනය යොදාගන්න.
    14. බිරිද සමග අමනාප වූ කිසි දිනෙක ඒ නිසා නිවස හැර නොයන්න.
    15. සෑම දවසකටම තිදෙනෙකුට ප්‍රශංසා කරන්න.
    16. අඩු වශයෙන් වසරකට එක් වරක්වත් හිරු නැගීම නරඹන්න.
    17. ඔබේ උදය ආහාරය සපයන්නාට නොමසුරුව පඩුරක් දෙන්න.
    18. කෙනෙකු දෙස බලන විට කෙලින්ම දෙඇස දෙස බලන්න.
    19. "ස්තුතියි" යන වචනය බහුලව පාවිච්චි කරන්න.
    20. "කරුණාකර" යන වචනය නොමසුරුව පාවිච්චි කරන්න.
    21. ඔබේ වත්පොහොසත් කමට වඩා අඩු මට්ටකින් ජීවත්වන්න.
    22. ඔබ කැමති වන්නේ යමෙකු විසින් ඔබට කවර අන්දමකින් සලකනු ලැබීමට ද, ඔබට හමුවන සෑම දෙනාටම ඒ අන්දමින්ම සලකන්න.
    23. සෑම වසරකදීම ලේ පයින්ට් දෙකක් ප්‍රදානය කරන්න.
    24. අලුත් මිතුරන් ලබා ගන්න. එහෙත් පැරණී මිතුරන් අමතක නොකරන්න.
    25. රහස් රහස් වශයෙන්ම තබා ගන්න.
    26. වෘත්තියක ඇති වංචා ප්‍රයෝග ඉගෙනීමට කාලය වැය නොකොට එම වෘත්තිය ඉගෙනගන්න.
    27. ඔබගේ වරදක් ඇති තැන එය පිළිගන්න.
    28. නිර්භීත වන්න. ඔබ නිර්භීත නොවූවත් නිර්භීත බව පෙන්වන්න. වෙනස කිසිවෙකුටත් දැකිය නොහැක.
    29. ඔබ ජීවත්වන සමාජ කොට්ඨාශයේ පුණ්‍ය ක්‍රියාවක් තෝරාගෙන ඔබගේ කාලයත් ධනයත් නොමසරුව එයට කැප කරන්න.
    30. ඔබ සතු ක්‍රෙඩිට් කාඩ් පත පහසුව සදහා පමණක් පරිහරණය කරන්න. ඉන් ණයකරුවෙකු නොවන්න.
    31. කිසි දිනක වංචා නොකරන්න.
    32. වසර පහක් හෝ ඊට වැඩි කාලයක් පරිහරණය කරන්නට බලාපොරොත්තුවන ලී බඩු සහ ඇදුම් මිලට ගන්නේ නම් ඉස්තරම්ම වර්ගයෙන් මිලදී ගන්න.
    33. නිර්භීත වන්න.ධෛර්යය සම්පන්න වන්න.ජීවිතේ අතීතය දෙස බලනවිට ඔබ අතින් ඉටු වූ දෙයට වඩා  ඉටු නොවු දේ ඇතැයි ඔබ දුක්වනවා ඇත.
    34. කමිටු අමතක කර දමන්න. ලොව පෙරළිකාර උසස් සම්මානීය අදහස් පහළ වූයේ තනිව කටයුතු කළ පුද්ගලයන් මගිනි.
    35. මහමග ගී ගයන්නා සමාජයට අනර්ඝ පුද්ගලයකි. මදක් නතර වී සවන් දෙන්න. නොමසුරුව පඩුරක් දෙන්න.
    36. ගැඹුරු සෞඛ්‍යය ගැටලුවක් ඇති අවස්ථාවක දී අඩු  වශයෙන් වෛද්‍යවරු තිදෙනෙකුගෙකන්වත් උපදෙස් ලබා ගන්න.
    37. කුණු කසළ ඒ මේ අත දැමීමට එරෙහිව සටන් කරන්න.
    38. යම් ස්ථානයක සේවා සැපයීම හෝ අහාර ද්‍රව්‍ය හෝ අනෙකුත් නිෂ්පාදන පහත් මට්ටමක වේ නම් නොපමාව එහි බලධාරීන්ට දන්වන්න. බොහෝදෙනා එය අගය කරති.
    39. යමක් කල් නොදමන්න.කළ යුතු දේ කළයුතු අවස්ථාවේදීම ඉටු කරන්න.
    40. "ඔබේ කටයුතුවල ප්‍රමුඛතාව පැහැදිලිව සටහන් කරගන්න.
    41. "මම දන්නේ නැහැ" යැයි කියන්නට පසුබට නොවන්න.
    42. "මම කණගාටු වෙනවා" යැයි කියන්නට පසුබට නොවන්න.
    43. මියයන්නට පෙර ඔබ අතින් ඉටුවිය යුතු කටයුතු විසි පහක ලේඛනයක් පිළියෙල කරගන්න. ඔබේ මුදල් පසුම්බියේ එය තබාගෙන නිතර එය කියවන්න.
    44. ඔබේ මෑණියන් අමතන්න.
      ජනශ්‍රැතිය, එහෙමත් නැත්තං ජන කවි හා ජන කතා කියන්නෙ ඕනෑම රටක පාරම්පරික ඥානය,ශිෂ්ටාචාරය,සංස්කෘතිය,ආචාර ධර්ම,විශ්වාස,සිතුම් පැතුම් වගේම ආගම ආදී බොහොමයක් දේවල් ඉතා සරල විදිහට පිළිබිඹු කරන්න මහඟු කාර්යය භාරයක් ඉටුකරන සාහිත්‍යමය අංගයක්.ජනතාව අතරින්ම බිහිවෙලා ඔවුන් අතරම වර්ධනය වෙලා ඔවුන් අතරම පැතිරිලා මුඛ පරම්පරාගතව පැවතගෙන එන නිසා ජනශ්‍රැතිය කියලා නම් ලැබෙන්න ඇති.බොහෝ විට සඳහන් වෙන්නෙ ජන කතාවට වඩා ජන කවිය පැරණියි කියලයි.ඒ වගේම කතාවට වඩා දිගු කාලීන පැවැත්මක් ජන කවියට තියෙනවා.ජන කවියේ උපත ගැනත් නිශ්චිතම විග්‍රහයක් දැනට නැතත් ජන කවියාම ඒ ගැන යම් යම් ඉඟි ලබා දුන් අවස්ථා නැතුවාම නෙවෙයි. මේ ඒ ව‍ගේ අවස්ථා කිහිපයක්

      අහස උපන් තැන සකි නුඹ දන්නවද 
      පොළව උපන් තැන සකි නුඹ දන්නවද 
      මුහුද උපන් තැන සකි නුඹ දන්නවද 
      සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද

      අහස උපන් නේ අස්‌විදයෙන් නොවෙද 
      පොළව උපන්නේ පුවපටයෙන් නොවෙද 
      මුහුද උපන්නේ මුව සිරසෙන් නොවෙද
      සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

      ගාල සක්‌වලේ වැසි පවනේ දෙවිදා
      දහසක්‌ විලේ හැම දෙවියෝ එක්‌ වුනදා 
      නාද කෙළේ පන්සික වීණාව සදා 
      සීපද මුලේ වීණාවෙන් උපනි එදා

      ජන කවිය බොහෝ විට යොදා ගැනුණේ ගැමියාගේ ජීවන රටාවත් එක්ක ඔහුට ඇතිවන පාළුව,කාන්සිය මඟහරවා ගන්න සහ සන්නිවේදනය සඳහා.පතල් කවි,පාරු කවි,පැල් කවි,නෙලුම් කවි,අන්දරේ කී කවි,උඩැක්කි කවි ආදී බොහෝ වර්ගීකරණයන් යටතේ ජන කවිය දිව යනවා.
      බොහෝ විට බුදුදහමින් පෝෂණය වූ සිංහල ජනකවියා ඇතැම් දහම් කරුණුද ගැටපද ආකාරයෙන් සිත්ගන්නාසුළු ලෙස කවියට නඟලා තියනවා.

      බොහෝ දෙනෙක් දන්නා ප්‍රකට කවි කිහිපයක් පත්තරේකින් මම උපුටා ගත්තා


      ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
      දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
      ඇල්මෙන දෙවියනේ වෙල් බත බුදින්නේ
      දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

      ඒකෙ කියවෙන විදිහට මෙහි සඳහන් වන හිමවත කියන්නෙ ජීවිතය.අපි ජීවිතය ලස්සනයි කියලා දකින්නෙ අපි තුල ඇතිවෙන රාග මෝහ තණ්හා ආශා ඉටුවෙන තරමටයි.ඒ විදිහට පසිඳුරන් ගැන අරමුණු ඇතිවෙන්නෙ හිමවතේ පැසෙන මා වී වගේ.ඒ අරමුණු වලට සත්ත්වයා ආශාවක් උපදවනවා.ආශාවන් නිසා දුක ඇතිවෙනවා.ඒ ආශාවන් අලි ඇතුන් වගේ.එනිසා ඔවුන් පලවා හැරිය යුතුයි.ඒත් සත්ත්වයා පසිඳුරන්වලට ඇල්මෙන් ඒ දුකේම ඇලී ගැලී ඉන්නවා.ඒ නිසා දුකෙන් මිදෙන්නෙ නෑ.ඒ දුකට පත්වීම නිසා සසර පුරාම ජීවිත පැල හෙවත් පංචස්කන්ධය රකිමින් ඉන්නවා.

      ඔන්න ඔහොමලු කවිය අර්ථ දැක්වෙන්නෙ

      තවත් ඒ වගේ කවියක් තමයි

      අම්බලමේ පිනා පිනා
      වළං කඳක් ගෙනා ගෙනා
      ඒක බිඳපි ගොනා ගොනා
      ඒකට මට හිනා හිනා

      මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති.කෙටියෙන් කියන්නම් ඒ නිසා. මෙහි අම්බලම කියන්නෙ සංසාරය.පිනා කියල කියන්නෙ මිනිස් භවයක් ලබන්න තරමි පින් කරපු අය.වළං කඳ කියන්නෙ කර්ම ඵල කියල එක් තැනකත් අපි පාවිච්චි කරන සියළු වස්තුන් කියලා තව තැනකත් පංචස්කන්ධය කියලා තව තැනකත් ලියවිලා තිබුනා.මමත් හරියටම දන්නෙ නෑ ඒකනම්.ඊලඟට මෙහි ගො නා කියන්නෙ “ගෞතම නායක” කියන අදහසින් බුදුරජානන් වහන්සේට.හිනා කියන්නෙ සැනසීම,සතුට වගේ අදහසකින්.ඒ කියන්නෙ සංසාරෙ පිනෙන් ලබපු මනුසත් භාවයෙදි කරන ලද කර්ම බුදුරදුන් විසින් ප්‍රහීන කලා.එයින් සතුටක් සැනසීමක් ලැබුනා වගේ අර්ථයක් තමයි මේ කවියෙ තියෙන්නේ.

      තවත් රසවත් කවි යුගලයක් මම උපුටාගත්තා

      ගුරු හාමි ඇද වැටිලා කකුළු වලේ
      හඳ හාමි බඩු කිරුවා වෙළෙද සැලේ
      රතු හාමි වැඳ හිටියෙ ‍මෝර වලේ
      කළු හාමි ජබුං කියා වැටුණි කලේ

      මනමාලයා මාළුවො මැද තනි වෙච්චී
      සොමි පුතු අනේ එළු ගාලට මැදි වෙච්චී
      සල් උයනකදි දෙව් බඹු මුන ගැස්සිච්චි
      ගෝතම කුමරු මහ පෝයට ඉපදිච්චි

      අනුමාන කරන්න පුළුවන්ද මොකද්ද කියලා?
      මෙම ජනකවි දෙකේ දැක්වෙන්නේ සිදුහත් කුමරුගේ උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා කටකයෙහිද,සඳු තුලාවෙහිද,කුජ මකරයෙහිද,ශනි කුම්භයෙහිද,සිකුරු මීනයෙහිද,බුධ මේෂයෙහිද රාශිගතව තියෙන බවයි.

      මේ ආකාරයට ජනකවියා පුළුල් පරාසයක් ඇතුලෙ තමන්ගෙ නිර්මාණ සිද්ධ කරලා තියෙන බව අපට පේනවා.
      කුමාර් චූක්‍ෂානාද සංගක්කාර

      සංගක්කාර පවුලේ විස්තර

      ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ (ආර්ථික
      අංශයේ) අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. (ඇමෙරිකාව*

      සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය.

      කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ.

      ‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.

      බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා

      දරුවන් නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ. පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් කී‍්‍රඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකරගෙන තිබේ. සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් කී‍්‍රඩා කළ අතර, ඇය ශ්‍රී ලංකා ශූරිය වී තිබේ. අයියා වෙමින් ත‍්‍රිත්ව විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් කළ සියල්ල කරන අතරේදී ය.

      බාහිර කි‍්‍රයාකාරකම්

      බැඞ්මින්ටන්, ටෙනිස් ශූරයා වූ සංගා පසුව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා ඇති අතර, ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එකල දක්‍ෂතා පෙන්වීය. විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු වූ ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. එ සියල්ලට අමතරව ගීත ගැයීමේ හැකියාව ගැන ද සිහිපත් කළ යුතුමය.

      උසස් පෙළ ඉහළින් සමත්වීම

      අධ්‍යාපන කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදෙමින් පාසල් ජීවිතය ගෙවූ ඔහු ඊට සමු දී ඇත්තේ උසස් පෙළ ් 3 ක් සහ ඊ 1 වශයෙන් ඉහළ සමාර්ථ ලබමිනි. ඉන්පසු නීති පීඨයට ඇතුළත් වූ අතර පළමු කඩඉම (විභාගය* සමත් වී තිබේ. කි‍්‍රකට් වලින් සමුදුන් පසු එහි උපාධිය සහ ඊටත් එහා ගිය දැනුම ලබාගැනීම ඔහුගේ අපේක්‍ෂාව බව මව සඳහන් කරයි.

      වයස අවුරුදු 9 දී කාර් එක පැද වූ සංගා

      දිනෙක සංගාගේ මාමා කෙනෙක් නිවසට ආවේය. ඔහු නිවසේ අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා සංගා මාමා පැමිණි මෝටර් රථයට ගොඩ වී එය පණ ගන්වා ධාවනය කිරීමට උත්සාහ ගත් අතර, රියැදුරු සිටි නිසා වාහනය පාලනය කරගෙන තිබේ. එසේ නොවුවා නම් එදා ලොකු අනතුරක් වීමට ඉඩ තිබිණ.

      රියැදුරු පුහුණුව තනිවම

      රියැදුරු පුහුණුව ලබා ඇත්තේ ස්වෝත්සාහයෙන් බව මව සිහිපත් කරයි. ඊට අදාළ පොත කියවා තමා විසින්ම සියල්ල පුරුදු පුහුණු වී තිබේ.

      15 න්, 17න්, 19න් පහළ කි‍්‍රකට් තරුව

      සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වූ පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා 15 න්, 17න් සහ 19 න් පහළ ලෙස නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ ඒ කණ්ඩායම්වලදී පෙන්වූ දක්‍ෂතා නිසාමය. මෙහිදී ඞී.එච් ද සිල්වා පුහුණුකරුවෙකු ලෙස සංගා වඩාත් උනන්දු කළ බව සඳහන් කළ යුතුමය.

      මිත‍්‍රශීලී බව

      වත් පොහොසත්කම් අතින් සහ උගත්කම අතින් පිරිපුන් පවුල් පසුබිමක් යටතේ ජීවත්වන සමහර උදවිය ඕනෑවටත් වඩා හිස උදුම්මාගත් චරිත ලෙස පෙනී සිටී. නමුත් සංගාගේ මව පවසන පරිදි සංගා කුඩා කාලයේ සිටම අන් අයට උදව් කරන වඩා මිත‍්‍රශීලී චරිතයකි. කුඩා කාලයේදී නිවස තැනීමට ආ බාස් උන්නැහේලාට අත්උදව් දුන් සංගා නිතරම ඔවුන් සමග මිත‍්‍රශීලීව සිටි අයෙකි.

      ”එයා හරිම කරුණාවන්තයි. උස් පහත් භේද, දුප්පත් පොහොසත් භේද එයාට නැහැ. ගෙදර වැඩ කරන අය එක්ක පවා හරි එකමුතුයි. මාව හදා වඩා ගත්ත කාන්තාවක් හිටියා. මම විවාහ වුණාට පස්සෙත් ඇය අපි එක්කමයි හිටියෙ. පසු කාලයක මගේ දරුවනුත් ඇය තමයි බලාගත්තේ. කුමාර පුතාට බහ තේරෙන කාලෙදී සිංහල අලූත් අවුරුද්දක් දවසේ වැඩිහිටියන්ට බුලත් දෙන්න කියලා අපි කිව්වා. මෙයා එකපාරටම බුලත් අත අරගෙන ගිහින් එයාව බලාගන්න වැඩිහිටි කාන්තාවට වැන්දා. අපි ඔක්කෝටම හරි පුදුමයි. අන්න ඒ වගේ නිහතමානි ගුණාංග කුඩා කාලයේ ඉඳලාම එයාට තිබුණා. මෙයා පි‍්‍රයමනාප වගේම විවිධ අංශවලට දක්‍ෂ වූ නිසාම දන්න කියන අපේ යාළු මිත‍්‍රයන් කවදාහරි දවසක මෙයා ලෝකයේ ජනපි‍්‍රය චරිතයක් වේවි කියන අනාවැකි පළ කළා”
      සංගාගේ මව කුමාරි සංගක්කාර තවදුරටත් එදා මතකය ගෙනහැර පෑවේ එලෙසිනි.

      දුර්වලකම
      සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.

      ”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”

      විවාහය

      මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත‍්‍රශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා x යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.

      ඉංගී‍්‍රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව

      සංගා ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.

      නායකත්වය

      සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.

      පසුවදන

      මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී‍්‍රඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි‍්‍රකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.

      උපුටා ගැනීම-ලංකාදීප

      නැනෝ තාක්ෂණය

      නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.

      නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

      නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්

      නැනෝ නාල

      1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.

      නැනෝ පෙරණ

      මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.

      නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.

      නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍යේදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිනිති - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපකරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයටද ඉඩ සැලසී තිබේ.

      අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

      නැනෝ සංයෝග

      මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.

      අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.

      ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.

      නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.

      DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වල ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.

      අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.

      අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.
      පරිගණකයට අධිපති දෙවියා වෙමු

      දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..

      ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි..

      *ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
      *දැන් පහල විදිහට Rename කරන්න..

      GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

      WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED

      එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා..
      "හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D
      3D ටීවී එකක් නැතුව කම්පියුටරෙන් 3D බලමු.


      මාතෘකාව දැක්ක ගමන්ම ඔයාල පුදුම වෙන්න ඇති.ඒත් සමහර කට්ටිය නම් හිතන්න ඇත්තෙ kmplayer එකෙන් 3d බලන එක ගැන.ඒත් KMP එකෙන් 3ඩී බලන්න නම් විශේෂ කණ්ණාඩියක් ඕන.ඒත් මම කියන්න යන ප්ලේයර් එකෙන් සාමාන්‍ය රතු නිල් කණ්ණාඩියකින් 3ඩී බලන්න පුළුවන්.ඒ කණ්ණාඩියක් හොයාගන්න එච්චර අමාරු නෑ.ඒ ප්ලේයර් එකේ නම QQ Player .ඒ ප්ලේයර් එක පහල ලින්ක් එක කලික් කරලා බාගන්න.3ඩී බලන්නත් පුළුවන් හින්ද ඔයාල හිතනව ඇත්තෙ ලොකු සයිස් එකක සොෆ්ට්වෙයාර් එකක් කියල වෙන්නඇති කියල නේද?නෑ ඒක 29mb සොෆ්ට්වෙයාර් එකක්.ආ මට කියන්න අමතක වුනා!මේකෙන් වීඩියෝ 1 ඕපන් කරල alt + d ඔබන්න.ඊට පස්සෙ 2d go 3d කමාන්ඩ් එක දෙන්න.
      මේක LCD,LED මොනිටර්වල ගොඩක් හොඳට වැඩ කරනවා.

      Download

      click to begin

      29.1MB .zip

      හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ
      උපත1890 මැයි 29 වන දින
      මියගියේ1976 ජූලි 23වන දින නාවල
      මරණයට හේතුවරෝගී තත්ත්වයක්
      ජාතිකත්වයශ්‍රී ලාංකික
      රැකියාවනවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
      මව්පියෝළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි

      මුල් කාලය

      මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
      වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

      නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

      වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
      1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
      වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය(1944),යුගාන්තය (1948) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

      50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

      අපේ ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහට හිමි තැන 

      ඉකුත් සියවසේ තුන් අඩක්‌ ගෙවුණු තැන, මාර්ටින් වික්‍රමසිංහට අසූපස්‌වැනි විය පිරුණි. 1975 වසරේදී යෙදුණු හෙළයේ මහගත්කරුගේ අසූපස්‌වැනි ජයන්තියද, ශ්‍රී ලාංකීය සමාජයට මහත් අසිරිමත් අවස්‌ථාවක්‌ වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාසහිත තිසර ප්‍රකාශකයින් විසින්, ඒ නිමිතිකොටගෙන මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala) යන හිසින් ලිපි එකතුවක්‌ පළ කෙරිණි. මෙම කෘතියෙහි තෙතැන සඳහන් කර ඇති එකී ලේඛන සමුච්චයට, දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ද විසින් ලියන ලද සාරගර්භ වූද, මහා ලේඛකයාගේ ජීවන තොරතුරු අනාවරණය කෙරෙන්නාවූ ද, ලේඛන රැසක්‌ ඇතුළුව තිබුණි.

      ඔහු ධරමාන කාලයේ ප්‍රකාශිත අවසාන ග්‍රන්ථය වූයේ, ඉංගිරිසි බසින් ලියන ලද Sinhala Language and Culture යන කෘතියයි. ඒ වසරේදී අනෙක්‌ ග්‍රන්ථයක්‌ ඔහු අතින් නොලියවුණද, ඔහුගේ ගලිවරායණයේ අලුත් මුද්‍රණයක්‌ පළ වූ බව පෙනෙයි. ඊට අමතරව, "පුණ්‍ය ෙච්තනාව හා අගම භක්‌තිය" (ඥdනාර්ථ ප්‍රදීපය), "වී ගොවිතැන නිසා උපන් සිංහල සහ්‍යත්වය - නව ගොවි යුගයක උදාව" (පලදාවර්ධන කමිටු හා ගොවි කාරක සභා සාමාජිකයන් සඳහා අත්පොතක්‌) "සකුවටත් ඉංගිරිසියටත් වහල් වූ සිංහ උගත්ත් (කලා පුවත් - ගාල්ල සාහිත්‍ය උත්සව විහේෂ සංග්‍රහය), "සිංහල සංස්‌කෘතිය" (දිනමිණ වෙසක්‌ කලාපය), යන ලිපිද ඔහු නමින් පළව ඇති බැව් මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය දක්‌වයි.

      සිය පියාණන් අසූවැනි වියට එළඹුණු අවස්‌ථාවේදී ඔහු පිළිබඳ සමරු සටහන් ලියන රූපා දියණිය කියා සිටියේ, "තාත්තා සිතින් තවමත් ප්‍රබලය, කයින් දුබලය" කියාය. එහිලා ඇය මෙසේද පැවසුවාය.

      "1971 දී පමණ ඔහුගේ පෙනීම දුර්වල වන්නට වූ විට, ඔහු එය දුටුවේ තමාට සිදු වන මහා විපතක්‌ ලෙසය. ඔහුගේ ඇස්‌ නොපෙනී යාමට ඉඩ ඇතැයි වැටහුණු විට එය ඔරොත්තු දිය නොහැකි පහරක්‌ ලෙස දැනිණ. ස්‌වල්ප කාලයක්‌ ඒ ගැන සසල වූ සිත් ඇතිව ලතැවුණු තාත්තා, දස හැවිරිදි වියෙහිදී තම පියා මැරුණු විට අසරණ නොවූ ලෙසම, අසූදෙවැනි වියෙහි දී තම නෙත් අඳුරු වූ විටද අසරණ නොවීය. නොයෙක්‌ පරීක්‌ෂණවලින් පසුව ඔහු අම්මාත් සමග මොස්‌කව් බලා පිටත් වූයේ, අභීතව ශල්‍යකර්මයකට මුහුණ දීමටය. තුන් මසෙකින් තාත්තා පෙරළා පැමිණියේ, සම්පූර්ණ සුවය ලබා නොවේ. පෙනීම ක්‍රමයෙන් ප්‍රබල වෙතියි යන බලාපොරොත්තුව ඇතිවය. එම බලාපොරොත්තුව ඉටු විය. ශල්‍යකර්මය ලැබූ ඇසෙහි පෙනීම දැන් ක්‍රමයෙන් පැහැදිලි වේ. 1972 න් පසුව ඔහු අලුත් පොත් හතරක්‌ම පළකොට ඇත. අනික්‌ ඇසේද ශල්‍යකර්මයක්‌ කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි."

      එහෙත්, ඒ ශල්‍යකර්මය කරන්ට ඉඩ නොලැබුණි.

      1975 - 1976 අවුරුදුවලදී වැඩි වශයෙන්ම නිවසේ විවේකීව ගත කරනු දක්‌නා ලදී. තමා මුණ ගැහෙන්ට පැමිණි ලේඛන මිතුරන්ට සහ සෙසු ඥdති ගණයාට ඔහු නිතර කියා සිටියේ, තමාට කළ හැකි වූ එකම කාරිය වූ පොතක්‌ කියවන්ටද දැන් ඉඩක්‌ නොමැති බවය.

      අනවරතයෙන් අවදිව පැවති ක්‍රියාකාරී මනසකින් පොතපත කියවූ, පොතපත ලියූ, ලෝකය දෙස බැලූ, ජීවිතයත් ලෝකයක්‌ විමසූ මාර්ටින් වික්‍රමසිංහ නමැති මහගත්කරුට, තම ජීවිතයේ විඩාව ඔහුට මඳින් මඳ දැනෙන්ට විය ඔහුගේ සෞඛ්‍ය බිඳෙන් බිඳ පිරිහෙමින් පැවැත්තේය. එතෙකුදු වුවත්, 1976 වසරේද ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක්‌ පුවත්පත් සඟරාවල පළ විණි. "අනුරාධපුර සංස්‌කෘතියට බමුණු වෙස්‌ පිවිසීම" සමරු කලාපය - අනුරාධපුර මහජන පුස්‌තකාලය සඳහා ඉදි කෙරුණු නව ගොඩනැගිල්ල විවෘත වීම නිමිති කොටගෙන පළ වූ ප්‍රකාශනය), "කර්ම වාදය" (බුදුසරණ), "බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්‌කෘතිය" (බුදු සරණ), "වීර්ය පාරමිතාව" (බුදු සරණ) යන ලිපි කිහිපය, ඒ අතර විය.

      කලින් වසරේදී ලියා අවසන් කළ Sinhala Language and Culture පොත පළ වීමෙන් පසුව, සිංහල භාෂා සාහිත්‍යයෙන් අනන්‍යතාව හා ඊට හිමි නිදහස්‌ රීතිය පිළිබඳ වරින් වර ලියන ලද ලිපි එකතු කොට, සිංහලෙන් ද පොතක්‌ පළ කිරීමේ කාර්යයෙහි ඔහු යෙදී සිටියේය. එම ලිපි එකතුව මුද්‍රණයට යෑවීම සඳහා පිටපත් කිරීමේ කාර්යය ඔහු විසින් පවරන ලද්දේ දයාපාල ජයනෙත්ති වෙතය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අවසාන කාලයේ දී පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපිය. එම ලිපි සැලකිල්ලෙන් යුතුව කියවා සකස්‌ කළ ඔහු, ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය වෙනුවෙන් පොත නම් කොට, එය මුද්‍රණය සඳහා ද සූදානම්ව තැබීය. ඒ අතර උපන්දාසිට කෘතියේ දෙවැනි කොටස වන මහලු විය පිළිබඳ මතක සටහන් ලියන්ටද, කරුණු ගොනු කරමින් සිටියේය. එහෙත් එම පොත ලියන්ට වුව, ඔහුට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත.

      ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය යනුවෙන් සකස්‌ කරන ලද ග්‍රන්ථය සඳහා ඔහු විසින් සංඥdපනයක්‌ ලියන ලද්දේ 1976 මැයි මාසයේදීය. එම සංඥdපනයද, එකී කෘතියේ දහඅටවැනියට දැක්‌වුණු "අනුකාරක යුගයේ අවසානය" නමැති කෙටි ලේඛනයද ඔහු විසින් ලියන ලද අවසාන නිබන්ධ සේ සැලකිය හැක්‌කේය.

      මාර්ටින් වික්‍රමසිංහ හදිසියේ රෝගාතුර වූයේ, එම පොත මුද්‍රණයට යෑවීම සඳහා සූදානම් කොට තිබියදීය. ඒ, 1976 ජුලි මාසයේදීය. ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක්‌ නොවෙනස්‌ව පැවතියේය.

      ජුලි 23 වැනි දින එළඹුණි. එදින සිය නාවල නිවසේදී ජීවිතයත් ලෝකයත් දෙස තියුණු බැල්මෙන් බැලූ මහා ලේඛකයාගේ දෙනෙත සදහටම පියවුණේය.

      මහා ගත්කරුගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට වාර්තා විණි. මාර්ටින් වික්‍රමසිංහ අවසන් හුස්‌ම හෙළුE ජුලි 23 වැනි දිනය, සිකුරාදා දිනයක්‌ විය. පසු දින ලංකාදීප පුවත්පත් සිය මුල් පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට එපුවත් වාර්තා කළ අතර, ඊට පසු දින ශ්‍රී ලංකාදීපයද එම පුවත ප්‍රධාන පුවත හැටියටම පළ කෙළේය. ලේක්‌හවුසියේ පුවත්පත්වල ද එය පළ වූයේ ප්‍රධාන පුවත හැටියටය. මහා ලේඛකයාගේ අභාවය වාර්තා කළ ශ්‍රී ලංකාදීපය, "ඔහු සිංහල විශ්වකොෂයක්‌ බවට පත්ව සිsටියේ වනැ "යි සඳහන් කළේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින්, "මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය රටටත් අපේ සංස්‌කෘතියටත් පාඩුවකැයි ද, අපේ ඉතිහාසයේ මහා සාහිත්‍යධරයන්ගේ පරපුරෙහි සදාකාලික හා ගෞරවනීය ස්‌ථානය එතුමාට හිමි වනු නොඅනුමානය" යි ද කියා සිටියාය.

      25 වැනි ඉරුදින නාවල නිවසින් පිටත් වුණු අවමංගල රිය පෙරහැර, එදිනම සවස කොග්ගලට ළඟා විය. පසු දින එනම් 26 වැනි සඳු¹ හවස කොග්ගල දී අතිවිශාල මහා ජනකායක්‌ ද ප්‍රභූ පිරිසක්‌ ද මධ්‍යයෙහි මහා ලේඛකයාගේ ආදාහන උත්සවය සිදු කෙරිණි.

      දහඅටවැනි සියවසේ වසර දහයක්‌ පුරාද, ඉකුත් විසිවැනි සියවසෙහි වසර හැත්තෑහයක්‌ පුරාද මාර්ටින් වික්‍රමසිංහගේ පිය සටහන් ශ්‍රී ලංකා ධරණි තලය මත රැඳී තිබුණු වග අපගේ ඉතිහාසයට එකතු කරමින්, ඔහුගේ අවසානය එසේ සිදු විය.

      මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතාවලින් හෙළිවන බෞද්ධ චින්තනය

      කෙටි කතාව යනු කුමක්‌ද යන්න නොදැන සිටි සමයක එහි අරුත අපට පැහැදිලි කර දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස වැනි අය කෙටිකතා නිර්මාණය කළද එම කෙටි කතා කතාවට පමණක්‌ සීමා විය. එහි අවවාද අනුශාසනා ගැබ්වී තිබිණි. එහෙත් කෙටි කතාවකින් අවවාද හා අනුශාසනා දීම නොව සිදුවිය යුත්තේ ගැඹුරු ජිවන දර්ශනයක්‌ මතුවිය යුතු යෑයි වික්‍රමසිංහ හෙළි කළේය. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල කාර්ය භාරයක්‌ ඉටු කළ කෙටි කතාව සිංහල පාඨක ලෝකයාට හඳුන්වාදීමේ ගෞරවය නියත වශයෙන්ම සිදුවිය යුත්තේ වික්‍රමසිංහටය. පෙර අපර දෙදිග කෙටි කතා කියවා එයින් ලත් පරිචය, ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන හා සිංහල ජාතක කතා කියවා ලත් දැනුම් සම්භාරය මත කෙටි කතාව මෙසේ විය යුතු යෑයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි කතාව බටහිරින් ණයට ගත් දෙයක්‌ යෑයි මහාචාර්ය ඊ. ආර්. සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක යන අය පවසද්දී එය එසේ නොව අපෙන් බටහිරට ගොස්‌ පසුව එය කලාත්මක ස්‌වරූපයක්‌ ලෙස හැඩගැසුණාය යනුවෙන් අර්ථ විග්‍රහයක්‌ කළේත් වික්‍රමසිංහයි. සිංහල ජාතක පොත මැනවින් පරිශීලනය කොට එම කතා සුගැඹුරෙන් යුතුව විමර්ශනය කොට හොඳ කෙටි කතාකරුවන්ට සිංහල ජාතික පොතෙන් ලබත හැකි ආභාසය ඉමහත් බව ඔහු පෙන්වා දුන්නේය.

      විවිධ ක්‍ෂේත්‍රවලින් ලත් අනුභූති ආශ්‍රයෙන් වික්‍රමසිංහ කෙටිකතා පන්සියක්‌ පමණ ලියා ඇති අතර එම කෙටි කතා එකතු කොට වෙළුම් 2 කින් යුත් කෙටි කතා 108 ක්‌ එයට අන්තර්ගත කොට ඇත. මේ කෙටි කතා සියල්ලම විශ්ලේෂණය කිරීම අපහසු හෙයින් බෞද්ධ චින්තනය පමණක්‌ මතුවන කෙටි කතා මේ මගින් විමර්ශනයට භාජන කැරිණි.

      "හිස්‌ කබල" බෞද්ධ චින්තනය මතුවන එක්‌ කතාවකි. හිස්‌ කබලෙහි අන්තර්ගත අනුලා ස්‌වකීය රූ සපුවෙන් අතිශය ආඩම්බරයට පත් කාන්තාවකි. රුව පිළිබඳ නිතරම ඇල්ම උපදවා එය වඩාත් ප්‍රබල තලයකට ගෙන ප්‍රභාමත් කිරීමට වෙහෙස වුණු කාන්තාවකි. බෞද්ධ යථාර්ථය යනු කුමක්‌ද නොදැන ගිය ගමනකදී අනුලා අතරමං වේ. රූ සපුව කෙමෙන් දුබලවී, කෙස්‌ පැසී ඇඟ රැළි වැටී අර රූප සෝභාව පහවී යැමේ ස්‌වභාවය තේරුම් ගන්නට තරම් විඥනයක්‌ ඇය කෙරෙහි නොතිබීම පිළිබඳ වික්‍රමසිංහ ඇයට අනුකම්පා කරයි. අනුලා ලෝකෝත්තර සුවයට වඩා ඇල්ම කෙළේ ලෞකික සුවයටය. ජිවිතය සදාකාලිකය. එය වෙනස්‌ නොවන්නේය යන මතයේ රැඳී මායාකාරී ලෝකයක දිවි ගෙව්වාය. ලෝකයේ යමෙක්‌ ඉපදුනහොත් මිය යනවාය, යමක්‌ ඇති වුවහොත් විනාශ වෙනවාය යන නියතය නැත්නම් ධර්මතාව 

      ගැන ඇයට අවබෝධයක්‌ නොවීය. වෙසක්‌ පෝයදා වෛද්‍ය සිසුන්ගේ හිස්‌කබලකට බියවූ ඇය තමන්ගේ රුවැති රූපයටත් අත් වන්නේ මේ ඉරණම නොවේද යන්න ඇය පසක්‌ කර ගත්තාය. "මං අද සිල් ගත්තා..." යනුවෙන් පවතින්නට තරම් අනුලා ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන්නටත් අප මේ කරන සියලු දේ නිසරුය යන හැඟීමට පැමිණීම හේතු කොටගෙන ස්‌වකීය මුතුපට විකුණා මුදල් කර අරමුදලේ භාණ්‌ඩාගාරික වෙත යවන ලෙස ලියුමක්‌ද ලියා තම ස්‌වාමියාට බාර දුන්නාය. ඇයගේ මේ වෙනස්‌ වීම ස්‌වාමියාට ද ප්‍රහේළිකාවක්‌ විය."හිස්‌ කබල" කෙටි කතාවෙන් නිරූපිත ජීවිත දර්ශනය සුගැඹුරුය. බොහෝ දේ මෙනෙහි කරන්නට අපට අවකාශ ලබා දෙන්නේය.

      වික්‍රමසිංහගේ "උපාසකම්මා" කෙටි කතාවද මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතා හෙළි කරන්නකි. උපාසකම්මා හැම පෝයකටම සිල් ගත්තත් ඇයගේ මසුරු සිත පහව ගියේ නැත. ආශාවන් පොදි බැඳගෙන ජීවත් වූවා විනා සසරින් එතෙර වන්නට මාර්ගය පාදා ගත්තේ නැත. ඇයගේ සීලය නමට පමණක්‌ සීමා විය. "... අම්මා කළේ හැම පෝයටම සිල් ගත්ත එක විතරයි. පසළොස්‌වකටත්, අමාවකටත්, මාසේ පෝයටත් වරද්දන්නෙ නැතිව සිල් ගත්තා. කරගත් පින එච්චර තමයි. සිල් අරගෙන පිළිකුල් භාවනාව කළා. පන්සලට එක දානෙ වේලක්‌ දෙන්න වියදම් කළේ නැහැ" (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, 1 වැනි වෙළුම, කෙටි කතා 195 පිටුව) උපාසකම්මාගේ ලේලියගේ මේ වදන් අනුව ගැමි ගතියට සිල් ගත්තත් ඇයගේ කුම්මැහිකම ජීවිතයෙන් පහව ගියේ නැත. පෙට්‌ටගමක්‌ පුරවා නානා වර්ගයේ කම්බා අප්‍රමාණව තිබුණත් ඒ එකක්‌වත් ඇය පරිහරණය කළේ නැත. ඇය ඇඳ සිටියේ ඉරීගිය කඩ මාල්ලකි. පැදුරු ආණේ රටා දැමූ පැදුරු කොතරම් තිබුණත් ඇය එක පැදුරක්‌වත් පරිහරණය කළේ නැත. පැදුරු කඩමාල්ලක ගුලිවී නිදා ගැනීම ඇයගේ සිරිතයි. ජීවිතයේ අවසාන භාගයේ දිවි ගෙවන උපාසකම්මා ලෙඩ ඇඳේ සිටියදී ලේලිය විසින් ගසක පොල් කැඩවූ අවස්‌ථාවේදී පොල් ගෙඩි බිමට වැටෙන ශබ්දයන් ගෙඩි ප්‍රමාණය හැට පහක්‌ විතර තියෙන්න ඕනෑය යන හැඟීම මත ආශාව තුනී නොකළ ආකාරය මෙයින් හෙළි නොවන්නේද.

      "අඳුර නමැති කළු රෙදි පොරවාගත්, කවුළුව අසල වූ දෙල් ගස නොකා නොබී නොඇඳ දළ ලොබින් වස්‌තු රැස්‌ කළ උපාසකම්මාගේ ගෙය අත පත ගාගෙන යැමට එබිකම්පාන මහත් කයක්‌ ඇති සොරකු වැන්නද (197 පිටුව) උපාසකම්මාගේ මසුරු සිතට ඇයගේ නිවෙස අසල තිබුණු දෙල් ගසද සරදම් කරන ආකාරය නොවේද මෙයින් හඟවන්නේ. උපාසකම්මා දැඩි මසුරුකමෙන් පොදි බැඳ ගත්තත් ඇයගේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක්‌ දෙල්ගසට තිබුණු ආකාරය සංකේතවත් කරන්නේ කෙටි කතා කලාවේ එක්‌ අදියරකට පිවිසෙමිණි.

      සමාජයේ දෙබිඩි චරිත බොහෝවිට දක්‌නට ලැබේ. නිවෙසට එක චරිතයකුත් බාහිරව තවත් චරිතයකුත් ඇති අය සමාජයේ එමටය. ඒ දෙස බැලූ දෘෂ්ටිය යොමු කළ වික්‍රමසිංහ "අටපිරිකර" කෙටි කතාවෙන් කියා පෑවේත් මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතාවයි.

      අටපිරිකරක්‌ පන්සලට පූජා කළ යුතුය. එහෙත් එය තුට්‌ටු දෙකට ගන්නටත් අවශ්‍යය. අටපිරිකර කතාවේ ගබන්රාළගේ චරිතයත් උපාසකම්මාගේ චරිතයත් අතර ඇත්තේ සමතාවකි. සමාජයේ බොහෝ අය පින් කරන්නේ ලෝකමානය උදෙසාය. ලෝකයට පෙන්වන්නට යත්න දරන්නේ තෘෂ්ණාව තුනී කළ දන්දෙන සැදැහැවතකු ලෙසය. එහෙත් යටි සිතෙහි පවතින්නේ තණ්‌හාවයි. තණ්‌හාව පොදි බැඳගෙන ගමන් ගන්නා අයට කරන සමච්චලයක්‌ නොවේද "අටපිරිකර" කෙටි කතාව.

      ගතානුගතික ආකල්ප මත දහම කරට ගත්තත් යථාර්ථය නිසි ලෙස අවබෝධ කොට පින් දහම් කරන්නට තරම් විඥනයක්‌, ශ්‍රද්ධාවක්‌ ගබන්රාළ කෙරෙහි නොවීය. මෙයින් ප්‍රතීත වන්නේ යථාවාදී තතාකාරී අයුරින් දහමට නැඹුරු නොවීමේ ස්‌වභාවයයි.

      අද්‍යතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් ධර්මය සෙසු අයට දේශනා කළත් ඒ ධර්ම තමන් සමීපයේ නොමැති බව කියා පාන්නකි "මැටි කළය" කෙටි කතාව.

      මහානාග හාමුදුරුවන් බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය ලොවට කියා පෑවත් තමන්ට ඒ ධර්මයේ නියෑළෙන්නට හැකිද? එම ධර්මතාව මහානාග හාමුදුරුවන්ට තිබේද? ලෝකයේ යමක්‌ ඇතිවුවහොත් නැති වන්නේය. යමකු මේ ලොවට බිහිවූයේ නම් මිය යන්නේය. මෙයයි බුදු දහම අපට කියා දෙන්නේ. මේ අනිත්‍යතා ධර්මය සම්බන්ධයෙන් මහානාග හාමුදුරුවන් සෙස්‌සන්ට ධර්මය දේශනා කරයි. එහෙත් ධර්මය උන්වහන්සේ කෙරෙහි නොවූහ. ස්‌වකීය පන්සලේ ඇබිත්තයා ළිඳෙන් වතුර ගන්නට ගොස්‌ මැටි කළය අත්වැරදීමකින් බිඳුණි. මේ සිද්ධියට ඇබිත්තයාට තුවාල වන තරම් පහරදී අවසානයේ ඇබිත්තයා නතර වූයේ රෝහලෙනි. මේ සිද්ධියයි "මැටි කළයට" වස්‌තු විෂය වූයේ.

      "කෙස්‌ වැටිය" හා "තරුණ භික්‍ෂුව" නමැති කෙටිකතා ද්වයෙන් වික්‍රමසිංහ කියා පාන්නට යත්න දරා ඇත්තේ වැඩිහිටියන්ගේ බල කිරීම මත මහණ වන්නට යොමු කිරීමය. අද්‍යතන සමාජයේ පුංචි දරුවන් මහණ කරන්නට පෙළඹෙන්නේ දරුවන්ට මහණකමට සිත ඇදී යැම හේතුකොට නොවෙයි. එක්‌කො ආර්ථික අඟහිඟකම් මත හෝ පවුලේ පිරිමි දරුවන් බහුල වීම මතය. බොහෝවිට බලපාන්නේ මේ දෙකරුණයි. පැවිදි දිවියට පිවිසිය යුත්තේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙනය. එසේ නොවුණහොත් වයස මුහුකුරා යත්ම යම් යම් ආශාවන් මත පැවිදි දිවියෙන් සමුගන්නා ආකාරය එමටය. මෙය කාලත්‍රයේදීම සිදුවන්නකි. "කෙස්‌ වැටිය" කෙටි කතාවේ නාග සෝමත් "තරුණ භික්‍ෂුව" කෙටි කතාවේ නාගානන්දත් යන සාමණේර භික්‍ෂූන් දෙදෙනාම පැවිදි දිවියෙන් සමුගන්නට හේතු වූයේත් අවබෝධයෙන් තොරව වැඩිහිටියන්ගේ බල කිරීම මත පැවිදි දිවියට පිවිසීම නිසාය.

      කෙස්‌ වැටියේ අන්තර්ගත නාගසෝම සාමණේර නම ධර්මය දේශනා කිරීමේ ශූරයෙකි. බණ අහන්නට පැමිණි මල්ලිකා නමැති තරුණිය කෙරෙහි පිළිබඳ සිතක්‌ නාගසෝම හිමිට ඇතිවිය. එකට පාසල් ගිය එකට පන්තියේ සිටි මල්ලිකා කෙරෙහි සිත් බැඳගත් නාගසෝම හිමියන්ගේ මහණ දම් කෙමෙන් පිරිහී ඇය කෙරෙහි ආශාවක්‌ ඇතිවී, ඇයට ලොල්වී ඇය විවාහ කර ගන්නට තරම් සිතක්‌ පහළ විය. "... ආශා කරන දෙය නොලැබීම නිසා ඇතිවන දුකින් ඔහුගේ සිත මීට පෙර තවනු නොලැබීය. ඉන්ද්‍රියන් කෝප කරනු ලැබූ අවස්‌ථාවක මල්ලිකා දැන හැඳින ගැනීමෙන් චණ්‌ඩ මාරුතයට හසුවුණු ජලාසයක්‌ සේ ඔහුගේ සිත චංචල විය" (431 පිටුව) නාගසෝම මෙවන් තත්ත්වයකට පත්වූයේ ජීවිතය කලකිරීමෙන් ලත් අත්දැකීම් මත නොවූ නිසාය. "අර හීරළුවා වෙන්න ඇති" (434 පිටුව) යන වදන් මල්ලිකාගේ මුවට වික්‍රමසිංහ නැඟුවේ ගිහි ජීවිතයේ දුක්‌ ප්‍රවාහයෙන් නාගසෝම අත්දැකීම් නොලත් නිසාය.

      ලෝක ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොට ගත් පුද්ගලයා කෙරෙහි දෙබිඩි චරිතයක්‌ නොමැත. ප්‍රතිපත්තිගරුකව තමන් කෙරෙහි පවත්නා ආශාව තුනීකොට සසරින් කෙසේ හෝ නික්‌ම නිවනට ළඟා වන්නට යත්න දරයි. එසේ නොමැතිව වංචනික ධර්ම මත දිවි පෙවෙත ගෙන යැමෙන් විනාශයට පත් වන්නේ පුද්ගලයාමය. මේ ධර්මතාවයි වික්‍රමසිංහ මේ කෙටි කතාවලින් උද්භාවනය කළේ.

      බෞද්ධ චින්තනය හඟවන තවත් කෙටි කතා වික්‍රමසිංහ විසින් ලියන ලදී. මුදියන්සෙ මාමා, මරණය, බබාගේ වෙසක්‌ පහන, කෙඳිරි ගෑ මළකඳ, ධාතු කෝලාහලය, රන් පිළිමය, වහල්ලු, කනත්ත, සිල්වතා, උපාසකයා ආදී කෙටි කතා වලින් හුවා දැක්‌ වූයේත් බෞද්ධ යථාර්ථයයි.

      නූතන කෙටි කතා ක්‍ෂේත්‍රය අවරෝහණ කරා යන අවධියක කෙටිකතාකරුවාගේ කාරිය කුමක්‌ද? කෙටි කතාවකින් දවනිත විය යුත්තේ කිනම් අරුතක්‌ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතා සමුදාය පරිශීලනයෙන් මැනවින් අවබෝධ කොට ගත හැකිය.

      අද කෙටිකතාකරණයට පිවිසෙන අය පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ (සම්භාව්‍ය ගණයට ගැනෙන) කෙටි කතා පරිශීලනය නොකිරීම බලවත් ඌනතාවක්‌ යෑයි සිතමි. ලියෝතොලොස්‌තෝයිගේ "පොත් කෑල්ල" නමැති කෙටි කතාව ඉතාම සුළු සිද්ධියක්‌ පාදක කොටගෙන රචිත කෙටි කතාවකි. එම සිද්ධිය පුද්ගලයකුගේ මරණය පවා සිදුකරන්නට තරම් සමත් විය.

      මාර්ටින් වික්‍රමසිංහ විවිධ විෂයයන්හි පෙළහැර පෑවා සේ කෙටිකතා ක්‍ෂේත්‍රයේත් පෙළහැර පෑවේය. ජී. බී. සේනානායක හොඳ ගණයට ගැනෙන කෙටි කතාකරුවෙක්‌ බවට පත් කළේත් වික්‍රමසිංහයන්ය. සිළුමිණ කර්තෘ පදවියේ සිටි සමයේ සේනානායක කෙටිකතා ලියාගෙන මාර්ටින් වික්‍රමසිංහට ගෙනත් දුන් අවස්‌ථාවේදී ඒවා කපා කොට සකස්‌ කොට සිළුමිණේ පළ කිරීමෙන් සිදුකළ මෙහෙය සෙසු කතුවරුන්ටද පරමාදර්ශී සිද්ධියකි. වික්‍රමසිංහ කෙටි කතා විඥනය අදටත් වඩා ඵලදායි වන්නේ හෙට දවසටය යනුවෙන් සඳහන් කරන්නේත් ඒ නිසාය.

      හෙළයේ මහා ගත්කරුගේ විදු ඇස 

      අධිරාජ්‍යවාදී බලවේගයන්ට නතුව ජාතික අනන්‍යතාව, දේශීයත්වය අහිමිව අයාලේ යමින් සිටි ජාතියක්‌, ජාත්‍යාලයෙන් ඔද වැඩී දේශීය චින්තනයක්‌ සතු ජාතියක්‌ ලෙස ගොඩ නැගීමට උරදුන් සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. 20 වැනි සියවසේ ඇරඹි ඒ මෙහෙවර ඔහු නොයෙකුත් මංපෙත් ඔස්‌සේ විහිදුවීය. සාහිත්‍යය, ඉතිහාසය, බුදුසමය, විද්‍යාව වැනි ඉසව් ඔස්‌සේ සාමාජීය පෙළගැස්‌මකට දොරගුළු විවර කිරීමකට ඔහු සමත් වූවායෑයි කිවහොත් නිවැරදිය. ඉන් නොනැවතුන ඔහු විදු ඇසකින් ලොව බැලීමට ගත් උත්සාහයද අගය කළ යුතුය. දකුණු ලක කොග්ගල නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ අව්‍යාජ ගැමියා ස්‌වෝත්සාහයෙන්ම ලබාගත් දැනුම ක්‌ෂේත්‍ර රාශියක්‌ පුරා විහිද පතුරවන්නට සමත් කමක්‌ දැක්‌වීය.

      ඔහු විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ, ලිපි සාහිත්‍ය, ඉතිහාසය, බුදුසමය, දර්ශනය මත පදනම් වුවද විද්‍යාව කෙරෙහිද දක්‌වන ලද්දේ මහත් අභිරුචියකි. 1916 තරම් ඈත කාලයක ශ්‍රී ලාංකිකයන් අතර එතරම් විද්‍යාත්මක ප්‍රබෝධයක්‌ නොතිබුණ සමයක එම්. ඩබ්ලිව් නම් අන්වර්ථ නාමයකින් ඔහු දිනමිණ පුවත් පතේ පළකළ "වෘක්‌ෂලතා හා සත්වයෝ" යන ලිපි පෙළ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කරුණු අරභයා ලියන ලද පළමු ලිපි පෙළ ලෙස ඉතිහාසගතවේ. මේ ලිපි පෙළ පුරාම ඔහු තමන් විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකළ සමාජයේ පැවති අදහස්‌, විද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණු සහ බුදු සමය ඉතා මැනවින් සංයෝජනය කරමින් අර්ථවත් ලිපි පෙළක්‌ ලෙස එකල සමාජයට තිළිණ කරන්නට සමත් විය.

      විද්‍යාත්මක කරුණු පිළිබඳ වූ පිපාසය නිතැතින්ම ඔහුට ලැබෙන්නට ඇත්තේ ඔහු ජීවත් වූ මනරම් කොග්ගල ග්‍රාමයෙන් වන්නට ඇතැයි සිතීම යුක්‌ති සහගතය. කුඩා කල සිටම ගවේෂණාත්මක චරිතයකට උරුමකම් කී එතුමන්, ඒ ආශාව තවදුරටත් වඩා වර්ධනය කරගන්නා ලද්දේ පොත් පත් පරිශීලනයෙනි. විද්‍යාත්මක කරුණු අධ්‍යානයේදී ඔහු වඩා වැඩි ප්‍රියතාවක්‌ දක්‌වා තිබුණේ ජීවයේ විකාශය හෙවත් පරිණාමවාදයටය. "පරිණාමවාදය" යන වදන සිංහලයට හඳුන්වා දුන් එතුමන්, "පරිණාමධර්මය" නම් ලිපි පෙළක්‌ තුළින් ද පරිණාමවාදය සමාජගත කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළේය. පරිණාමවාදය පිළිබඳව ඔහු තුළවූ ගැඹුරු අවබෝධය ඔහු විසින් 1934 දී රචනා කරන ලද "සත්ත්ව සන්තතිය" කෘතියෙන් මනාව පිළිබිඹු වේ. , පුරා විද්‍යාව,ජීව විද්‍යාව,පුරා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යා හා විවිධ ආගමික මතවාද වැනි එකිනෙකට බොහෝ වෙනස්‌කම් දක්‌වන්නාවූ විෂය ධාරාවන් කිහිපයක්‌ මනාලෙස හසුරවමින් පරිණාමවාදය පිළිබඳ එකළ සිංහලෙන් ලිsයවුන හොඳම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිය විදග්ධභාවය හේ මැනවින් නිරූපණය කළේය.

      පරිණාමවාදය පිළිබඳ ඔහු දැක්‌වූ මහත් අභිරුචිය ඔහු විසින් රචනා කරන ලද "මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය" ග්‍රන්ථයේ එන "පරිණාමවාදය වනාහී අද්භූත කථාවක්‌ මෙන් සිත්ගන්නා විද්‍යාත්මක දර්ශනයකි. ලෝකයත්, සත්ත්ව වර්ගයාත් ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට අප හික්‌මවන්නකි පරිණාමවාදය" යන කියමනෙන් පැහැදිලි වේ. ඒ මතුද නොව සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය නවකථා මාලාවක්‌ වන " ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය" යන කථා තේමාවන් තුන පුරාම යටින් දිවෙනුයේ පරිණාමවාදයේ එන ස්‌වභාවික වරණය යන කරුණ බව එය හොඳින් අධ්‍යයනය කරන අයකුට වැටහෙන කරුණකි.

      නිදහසින් පසු ශ්‍රී ලංකාව පුරා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ජාති භාෂා නොතකමින් නවෝදයක අරුණාලෝකයක්‌ මෙන් රට මුZළුල්ලේම විසිරී පැතිරී ගියේය. එහිදී විද්‍යාව ස්‌වභාෂාවෙන් ඉගැන්වීමේදී ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ බෙහෝ තාක්‍ෂණික යෙදුම් සඳහා සුදුසු සිංහල වදන් නොතිබීමය. ස්‌වභාෂාවෙන් විද්‍යා විෂයයන් සමාජගත කිරීමට නම් පවතිනා මතු නොව අනාගත අවශ්‍යතාද සපුරාලිය හැකි වදන් සොයාගැනීම ඉතා වැදගත් වූ අතර එවැනි වටිනා අර්ථවත් වදන් රාශියක්‌ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ස්‌වකීය භාෂා ඥනයෙන් දැයට දායාද කරන්නට සමත් විය. ඔහු විසින් විද්‍යාව පාදක කර රචනා කළ ග්‍රන්ථ, ලිපි තුළින් එවැනි නව වදන් හැකි තාක්‌ එකතු කළ අතර ඔහු සෑම විටම තැත් කළේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර කරන වදන් තුළින් විද්‍යාත්මක වචන වලට අරුත් දීමටය. එය අධ්‍යයනයේ යෙදෙන්නකුට උපකාරී වන්නේ එවැනි වදන් තමන්ට හුරුපුරුදු ඒවා වීමය. සංස්‌කෘත බස පදනම් කරගනිමින් නව වදන් සිංහලට එකතු කිරීම එතුමන් ප්‍රතික්‌ෂේප කළ අතර 1972 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ "මුල් සිඳගත් අපේ උගත්තු" නම් ලිපියෙන් එවන් ප්‍රයත්නයන් තදබල ලෙස විවේචනය කර තිබිණ.

      රටක්‌ සතු වටිනාම සම්පත අන් කවරක්‌වත් නොව ඒ රටේ ළමා පරපුර බව මැනවින් වටහාගත් අතලොස්‌සක්‌ වූ දූරදර්ශී බුද්ධිමතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ද වන්නේය. එහෙයින්ම ඔහු,

      "කුරුමිණි සත්තු" "කුරු කුහුඹු සත්තු" "වෙස්‌ මාරු කරන සත්තු" "මුහුදු වෙරළ" "සත්ත්ව ලෝකය" "විද්‍යා විනෝද කථා" වැනි ළමා ග්‍රන්ථ සම්පාදනය කරමින් එවක සිටි ළමා පරපුර තුළ විද්‍යා ප්‍රබෝධයක්‌ ඇති කොට අනාගතයේ අභියෝග භාර ගැනීමට සමත් පිරිසක්‌ ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසා කටයුතුය. ගැඹුරු දාර්ශනික පදනමක්‌ ඇති ග්‍රන්ථ, ලිපි ලිවීමට දැක්‌වූ සමර්ථතාවෙන් රට තුළ කීර්තියක්‌ උපදවාගෙන සිටි එතුමන්, මේ ළමා පොත් තුළින් ළමුන් අමතා ඇත්තේ ඉතා සුඛනම්‍ය, කියවීමට ප්‍රිය උපදවන භාෂා ශෛලියකිනි. එදිනෙදා දිවියේදී තමා අවට පරිසරයේ මුණගැසෙන ශාක, සතුන් ගැන මනා දැනුමක්‌ මේ ග්‍රන්ථ පරිහරණයෙන් අද දවස ළමයකුට වුව ලැබිය හැක.

      මනාකොට වූ භාවිතාවෙන්ම බහුශ්‍රැත භාවයට පත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බුදු සමය, සාහිත්‍යය හා නවීන විද්‍යාව ගැන කරන ලද ග්‍රන්ථ, ලිපි ආදිය බොහෝ වන අතර මේ කරුණු එක්‌තැන් කරමින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය (1974), පරිණාමවාදය හා බෞද්ධ විඥණය (1974) හා සිංහල ලකුණ (1947) වැනි ග්‍රන්ථ මෙන්ම ආගම හා නවීන විද්‍යාව (1945), බුදු සමය හා විද්‍යාව (1948) හා විද්‍යාව, බුදු සමය හා සාහිත්‍යය (1966) වැනි ලිපි තුළින් ඒ ඒ විෂයයේ වෙන් වෙන්ව ලබාගත් ප්‍රාගුණ්‍යයත් එම කරුණු අර්ථවත් ලෙස මුසුකොට පාඨකයාගේ ප්‍රඥව වර්ධනය කිරීමට දක්‌වන ලද සමත් කමත් පැසසිය යුතුමය. යම් කරුණක්‌ හුදෙක්‌ සමාජයේ වූ පමණින් පිළිනොගෙන විචාර බුද්ධිය, ප්‍රඥව මෙහෙයවා එය යුක්‌තියුක්‌ත නම් පිළිගැනීමට ඔහු සෑම විටම පාඨකයා පෙළඹවීය. 

      මාර්ටින් වික්‍රමසිංහ මහතා කිසිකලෙකත් බුදු දහම හා නවීන විද්‍යාව සන්සන්දනය කිරීමට තැත් නොකළේය. ඒ බව ඔහු ලියූ "සිංහල ලකුණ" ග්‍රන්ථයේ එන, "මා මේ ලියන්නේ ආගම හා විද්‍යාව යන දෙක තුලනාත්මකව පරීක්‍ෂණයකට භාජනය කරනු පිණිස නොව ඒ දෙකින් කවරක්‌ වූQවද නගා අනෙක හෙළනු පිණිස ඒ දෙක සැසඳීම වැරදිය යන බව නගනු පිණිසය" යන කියමනෙන් පැහැදිළිවේ. තවද එකළ සමාජයේ වූ අදහස්‌ පිළිබඳ ඔහු දැක්‌වූ විවේචන එම කරුණු පහත් කොට සැලකීමක්‌ නොව සමාජයට, යමක්‌ විචාර බුද්ධියෙන් සිතීමට හුරු කිරීමට දරන ලද උත්සාහයක්‌ බව අන්තවාදීව නොසිතන ඕනෑම අයකුට වැටහේ. මෙවැනි යථාවබෝධයකින් යුතු සාහිත්‍යධරයන් මෙන්ම විද්‍යාව හැදැරූ අයද අප සමාජයේ එදා මෙන්ම අදද ඉතා විරලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විද්‍යාවේ ඇති වැදගත්කම වටහාගත් බුද්ධිමතෙකි. විද්‍යාවේ දියුණුව රටේ ප්‍රගමණය ඇති කරන බව පෙන්වාදුන් ප්‍රාඥයෙකි. කාලයට හැඩ ගැසෙමින් කාලයත් සමග ඉදිරියට යා යුතු බව අවබෝධකරගත් වියතෙකි. විද්‍යාව අරභයා මතු නොව ඔහු කල සෑම නිර්මාණයකින්ම පාඨකයා ආනන්දයෙන් ප්‍රඥව කරා රැගෙන යැමට සමර්ථ වූයේය. මේ නයින් බැලූකළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් "හෙළයේ මහා ගත්කරු" ලෙස නොව "විචාර බුද්ධියකින් යුතු හෙළයේ මහා ප්‍රාඥයා" යෑයි කීම අතිශෝක්‌තියක්‌ නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැක.

      කෘති ලැයිස්තුව

      නවකතා

      • ලීලා - 1914
      • සෝමා - 1920
      • අයිරාංගනී - 1923
      • සීතා - 1923
      • මිරිඟු දිය - 1925
      • උන්මාද චිත්‍රා - 1929
      • රෝහිණී - 1929
      • ගම්පෙරළිය - 1944
      • මඩොල් දූව - 1947
      • යුගාන්තය - 1949
      • විරාගය - 1956
      • කලියුගය - 1957
      • කරුවල ගෙදර - 1963
      • බවතරණය - 1973

      කෙටිකතා

      • ගැහැනියක්
      • බිල්ල සහ අපූරු මුහුණ
      • මගේ කථාව
      • මගුල් ගෙදර
      • හද සාක්කි කීම
      • වහල්ලු
      • පව්කාරයාට ගල් ගැසීම
      • අපේ විත්ති
      • කතා අහුර

      ජීවිතය ඇසුරින්....

      • කළුනික සෙවීම
      • අපේගම
      • උපන් දා සිට

      දෘෂ්‍ය කාව්‍ය....

      • විජිතා
      • මයුරි
      • චිත්‍රා

      විචාරාත්මක නිබන්ධ .....

      • විචාර ලිපි
      • ගුත්තිල ගීතය
      • සාහිත්‍ය කලාව
      • සිංහල විචාර මග
      • බණ කතා සාහිත්‍යය
      • කාව්‍ය විචාරය
      • නව පද්‍ය සිංහලය
      • සාහිත්‍යෝදය කතා
      • ඇත්ත යුත්ත
      • සම්ප්‍රදාය හා විචාරය
      • ජාතක කතා විමසුම
      • රස වාදය හා බෞද්ධ කාව්‍යය
      • සිංහල සකස්කඩ

      * සිංහල ලකුණ

      • සිංහල සාහිත්‍ය යේ නැගීම
      • නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
      • අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ
      • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇදුම්
      • බෞද්ධ දර්ශනය හා මාර්ගය
      • බුදු සමය හා සමාජ දර්ශනය
      • භව කර්ම විකාශය
      • අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිනාමය

      ජීව විද්‍යාත්මක ග්‍රන්ථ .....

      • සත්ත්ව සන්තතිය
      • ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය

      පාඨශාලා පොත්...........

      • සාහිත්‍ය ශික්ෂා
      • විද්‍යා විනෝද කතා
      • ප්‍රජා පාලන ශික්ෂා
      • සදාචාරය හා නිරෝගී සම්පත
      පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


      උපත5 දෙසැම්බර් 1927 (වයස 86)
      මොරටුව, ශ්‍රී ලංකාව
      ජාතිකත්වය  ශ්‍රී ලාංකික 
      වෙනත් නම්වඩුගේ දොන් ඇල්බට් පෙරේරා
      අධ්‍යාපනයවිශාරද බාත්ඛන්ඩේ සංගීත පීඨය
      රැකියාවවිශ්වවිද්‍යාල කථිකාචාර්ය
      ආගමබුද්ධ ධර්මය
      කාලත්‍රයාවිමලා අමරදේව
      දරුවෝරන්ජන අමරදේව
      සුභානි අමරදේව
      ප්‍රියංවදා අමරදේව

      ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

      දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

      අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

      ‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

      ‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

      ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

      පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

      ජීවිතය හා ජීවන රටාව

      ළමා කාලය සහ අධ්‍යාපනය

      වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

      අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

      කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

      ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.

      තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

      මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.

      ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

      තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.



      වෘත්තීමය

      ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

      මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

      දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

      කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

      අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.

      සම්මාන

      • පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
      • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය
      • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය
      • ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය

      චිත්‍රපට නාමාවලිය

      සංගීත අධ්‍යක්ෂක
      වසරචිත්‍රපටයඅනෙකුත් සටහන්
      1962රන් මුතු දූවසංගීත අධ්‍යක්ෂවරයා
      1963අදට වැඩියෙන් හෙට හොදයිගීත ගායනය
      සිකුරු තරුවඑක් ගීතයක් සහ පසුබිම් සංගීතය
      ගම්පෙරළිය
      ගැටවරයෝ
      1965සාමාපසුබිම් සංගීතය
      ළා දළු
      සාරවිට
      ආදරයයි කරුණාවයි
      1966දෙළොවක් අතරේ
      වෙස්තුරු සිරිත

      ඉන්ටවිව් එක

      Saturday, March 15, 2014
      පල කළේ Unknown
      ඉන්ටවිව් එක

      ඔන්න කෙනෙක් ඉන්ටවිව් එකකට ගියාලු. දැන් ඉතින් ඉන්ටවිව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටවිව් ඒක පටන් ගන්න හදන්නේ.


      ඉන්ටවිව් කරන කෙනා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.


      අයදුම්කරු : හොදමයි සෑර්.....


      ඉ.ක.කෙ. : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”


      අයදුම්කරු: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”


      ඉ.ක.කෙ.: එන්න..


      අයදුම්කරු: යන්න..


      ඉ.ක.කෙ.: කැත..


      අයදුම්කරු: හුරුබුහුටි..


      ඉ.ක.කෙ.: හුරුබුහුටි???


      අයදුම්කරු: කැත..


      ඉ.ක.කෙ.: කට වහනවා..


      අයදුම්කරු: දිගටම කතා කරනවා..


      ඉ.ක.කෙ.: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්..


      අයදුම්කරු: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්..


      ඉ.ක.කෙ.: අඩේ.. උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්..


      අයදුම්කරු: අඩේ.. උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්..


      ඉ.ක.කෙ.: අනේ යාලුවේ..


      අයදුම්කරු: අනේ හතුරෝ..


      ඉ. ක.කෙ.: පලයන් එලියට..


      අයදුම්කරු: වරෙන් ඇතුලට..


      ඉ.ක.කෙ.: අනේ දෙවියනේ...


      අයදුම්කරු: අනේ යකුනේ..


      ඉ.ක.කෙ.: ඔබව තෝරාගන්නේ නෑ.. කනගාටුයි..


      අයදුම්කරු: මාව තෝරගත්ත.. බොහොම ස්තුතියි සෑර්..!!

      පර්සිගේ ඇඟිල්ල

      (මෙහි එන සියළු චරිත පරිකල්පනයෙන් ප්‍රබන්ධිත ඒවා වන අතර, සුජීවත් හෝ මියගිය යම් පුද්ගලයෙකුට සමාන කමක් දක්වයි නම් එය සපුරා අහඹු සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)

      ඔන්න එකමත් එක රටක එකමත් එක පාසැලක ප්‍රධාන ශිෂ්‍ය නායක වුණේ පර්සි කියලා ලමයෙක්. පර්සි කොහොමත් චන්ඩියෙක් බව දන්න නිසාදෝ කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩ කළේ. මොනවා කළත් විදුහල්පති හාමුදුරුවො පර්සිට හොඳ චරිත සහතිකයකුත් දීලා තිබුණෙ. බුද්ධාගම විෂයටත් පර්සිට ලකුණු හොඳට තිබුණා. පර්සි හරිම වාසනාවන්ත දරුවෙක්. එයාගෙ අයියලා මල්ලිලා ඔක්කොම එයාට හරියට උදව් කරනවා. ඒ විතරක්යැ, ඉස්කෝලෙ හිටිය සංගීතෙට, නාට්‍ය වලට, ක්‍රීඩාවලට දක්ෂ කට්ටිය එහෙමත් හරියට පර්සිට ආදරෙයි. කලින් වතාවක් ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඉඳලා ව/ල මධ්‍ය මහා විද්‍යාලෙට ගිය රිචඩ් අයියත් එක්ක තරහ කට්ටියටත් පර්සිට වඩා හොඳ කෙනෙක් හිටියෙම නෑ. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලෙකට හැම එකාටම කොකම් කර කර හිටිය සූරියසේකර ට හොම්බ රිවට් වෙන්නම ගහපු නිසාත් තව කට්ටියක් සද්ද නැතුව හිටියා. අඩුම ගානෙ පර්සි ඒ ගොල්ලන්ගෙ කෑම පෙට්ටි වලින් කෑම අරන් කෑවත් මුකුත් කිව්වෙ නෑ.
      හැබැයි පර්සිටත් ඉතින් ප්‍රශ්න නැතුවම නෙවෙයි. මේ ළඟදි ඉඳන් පර්සිට තේරුණා ශිෂ්‍ය නායක මණ්ඩලේ විනය මණ්ඩලේ ප්‍රධානියා එන පොට හොඳ නැති බව. තමන්ගෙම යෝජනාවෙන් පත්වෙච්ච ශ්‍රියාණි මෙහෙම දෙයක් කරයි කියලා හීනෙන් වත් නොහිතපු පර්සිට හීන් දාඩිය දැම්මෙ, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායක කමටත් ලොකු තර්ජනයක් තියෙන බව දැනුණු නිසාමයි. අන්තිමේ පර්සි තමන්ගේ හිතවත් කට්ටියට කතා කරලා මේ ගැන කිව්වා. වටු වැද්දගෙ දැළ ඔසවාගෙන ගිය වටුවො ටික වගේ එකමුතුව වැඩ කරලා ශ්‍රියාණිව එළවලා දාන්න  කතිකා කරගත්තා. කතිකා කරගත්ත හැටියටම කෙරුණා කියමුකො.දැන් ඔන්න පර්සිට ආරංචි වෙනවා කට්ටිය තැන තැන කසු කුසු ගානවා. සමහරු නම් පර්සිගේ මූණටමත් මේ ගැන කිව්වා. දැන් තත්වෙ ටිකක් උණුසුම්. දවසක් විද්‍යා පන්ති කාමරේදි මේ ගැන කතාවක් ඇදිලා ආවා. විද්‍යාව ගුරුතුමා මේ ප්‍රශ්නෙ දිහා හොඳ විමසිල්ලෙනුයි හිටියෙ. පන්තියෙ රණ්ඩුවකට සැරසෙන බව දැන ගත්ත ගුරුතුමා පර්සිව පන්තිය ඉස්සරහට කැඳෙව්වා. අනිත් අයත් දැන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
      පන්තියෙ බිත්තියෙ ලොකු හිලක් තිබුණා. ගුරුතුමා පර්සිගෙ  ඇඟිල්ල අතින් අල්ලලා හයියෙන් අර හිල දිහාට තල්ලු කළා. පර්සිත් සද්ද නැතුව හිටියා. ගුරුතුමා හිල ළඟදි ළමයින්ගෙන් අහනවා " මේ යන වේගෙන්ම ගියා නම් ඇඟිල්ලට මොනවා වෙයිද? " කියලා. "මුකුත් වෙන්නෑ සර්, ඇඟිල්ල හිල ඇතුලට යනවා" ළමයි කිව්ව.
      ඊළඟට ආයිමත් පර්සිගෙ අතින් ඇදලා ගත්ත ගුරුතුමා අර වේගෙන්ම කිසිම පළුද්දක් නැති බිත්තිය පැත්තට ඇඟිල්ල අරන් ගියා. බය වෙච්ච පර්සි ඇඟිල්ල ඇදල ගත්තා. "මොකද පර්සි?" ගුරුතුමා පුදුමෙන් වගෙ ඇහුවා. "සර්ත් මාර කතාවක් නෙ කියන්නෙ. මේ බිත්තියෙ වැදුනොත් මගෙ ඇඟිල්ල කඩලා යයි" පර්සි කිව්වා.
      ගුරුතුමා හිනා වුණා.
      "දැක්කද, පළුද්දක් නැති තැනට කවුරුත් ඇඟිල්ල දාන්නෙ නෑ. ඒ නිසා පළුද්දක් නැති වෙන්න වැඩ කරන එක හොඳයි පස්සෙ නාහෙන් අඬනවට වඩා! " පන්තියෙ එවුන් කට වහ ගත්තා
      කපිතාන් සහ රතුපාට කමිසය

      මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම  ප්‍රරසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

      "කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

      මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

      "ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

      දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

      ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

      "ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

      කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

      "යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි"

      මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්‍රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

      "කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

      මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

      "කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

      හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

      "රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

      නෞකා එන්ජිම සහ මහලු මිනිසා

      ඉතා විශාල මගී  ප්‍රවාහන  නෞකාවක එන්ජිමේ දෝශයක් නිසා එය ක්‍රියා විරහිත වුනා. නෞකාවේ හිමිකරුවන් රටේ ඉන්න නෞකා පිලිබද විශේෂඥ්‍ය ඉංජිනේරුවන් සියල්ලගේම සහය ලබා ගත්තත් ඒ කාටවත් එන්ජිම යලි ක්‍රියා කරවීමට නොහැකි වුනා.


      බලාපොරොත්තු සුන් වූ නෞකා හිමිකරුවන් අවසානයේ මහලු මිනිසෙක් රැගෙන ආවා. ඔහු ඉතා කුඩා වියේදී සිටම නෞකා එන්ජින් පිලිසකර කර ඇති අතර ඔහු පිලිබද ක්‍ෂේත්‍රයේ තිබුනේ ගෞරවයක් .

      ඉතා විශාල ආයුධ සහිත බෑගයක් ඔහු රැගෙන ආ අතර පැමිනි විගස ඔහුගේ වැඩ කටයුතු ආරම්භ කලා. ඔහු එන්ජිම ඉතා හොදින් පරීක්ශා කලා. නෞකාවේ හිමිකරුවන් දෙදෙනෙකුත් ඔහුත් සමග දිගටම රැදී සිටියේ මහලු මිනිසා නෞකා එන්ජිමට හානි කරාවියැයි බියෙන්.සියල්ල ඉතා හොදින් පරීක්ශා කල පසු සෙමින් තමන්ගේ ආයුධ බෑගය ලගට ගිය ඔහු ඉන් කුඩා මිටියක් එලියට ගත්තා.එන්ජිම ලගට පැමිනි ඔහු ඉතා සෙමින් සියුම් මිටි පහරක් එන්ජිමේ යම් තැනකට එල්ල කලා.මහත් ශබ්දයක් පිට කරමින් එන්ජිම ක්‍රියාත්මක
      වුනා.

      මහලු මිනිසා විසින් නෞකා එන්ජිම පිලිසකර කර තිබුනා.

      සතියකට පසු මහලු මිනිසා ඔහුගේ බිල නෞකා හිමියන්ට එව්වා. එය ඩොලර් 10000ක්.

      "මොනවා"....ඔවුන් පුදුමයෙන් කෑ ගැසුවා.

      "ඔහු ලොකු දෙයක් කලේ නෑ... ඔහු කල එකම දෙය කුඩා මිටි පහරක් එල්ල කිරීම පමනයි"

      ඉතින් නෞකා හිමිකරුවන් යලිත් මහලු මිනිසාට පිලිතුරු ලිපියක් යවා විස්තර සහිත බිල් පතක් ඉල්ලා සිටියා.

      මහලු මිනිසා පිලිතුරු ලෙස විස්තර සහිත බිල්පතක එවා තිබුනා.

      එන්ජිමට කුඩා මිටි පහරක් එල්ල කිරීම........................ඩොලර් 2
      මිටි පහර එල්ල කල යුතු ස්ථානය හදුනා ගැනීම...............ඩොලර් 9998

      යමක් සදහා උත්සාහ කිරීම වැදගත් වන අතර උත්සාහය යෙදවිය යුතු තැන නිවරදිව හදුනා ගැනීම ඉතා වැදගත් වේ!!!
      MOUSE එක නැතුව MOUSE POINTER එක වැඩ කරවමුද?

      දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  මෙන්න තියනවා ක්‍රමේ..........

      මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
      "Left Shift+Alt+Num Lock"
      එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..

      දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
      මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
      මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

      7    8    9
      4          6
      1    2    3

      ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
      මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
      "Left Shift+Alt+Num Lock" ඔබන්න..
      වැඩේ වටිනාකමක් තියනවා නේද?
      - Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -
      ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.
              වොෂින්ටන් සරසවියේ හා ෆින්ලන්තයේ අල්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මේ විස්මයජනක සොයාගැනීම සිදුකර තිබෙනවා. ඇසේ පළඳින සිවි කාචයකට (contact lens) ඩිජිටල් ආකාරයෙන් අක්ෂර යැවෙන අතර කාචය පළඳින්නා හට ඔහුගේ සාමාන්‍ය දෘෂ්ඨියත් සමගම කාචය මත දිස්වෙන ඩිජිටල් අක්ෂර ද පෙනෙන්නට සැලැස්වීම මේ පර්යේෂණයේ අරමුණ වුනා.

      තවමත් මෙම කාචය මගින් අක්ෂර දත්ත පෙන්වීමට තරම් ප්‍රගතියක් ලබා නොමැති නමුත් මූලික මට්ටමේ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි මෙහි පර්යේෂකයන් පවසන්නේ. මෙම කාචය මත පිහිටුවා ඇති ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයේ ඇන්ටනාවක් මගින් බාහිර උපකරණයක් මගින් නිකුත් කරන විදුලිය රැහැන් රහිත ආකාරයට ලබාගෙන කාචය මත ඇති චිපයක් මත ගබඩා කරගන්නවා. මේ කාචය මත විනිවිද පෙනෙන අයුරින් සියළුම ඉලෙක්ට්‍රොනික කොටස් ඉතා කුඩා මයික්‍රොමීටර පරිමාණයට තනා තිබේ. ඉහත ආකාරයට ගබඩා කරගන්නා විදුලිය බලය මගින් කුඩා ප්‍රමාණයේ එක් LED ආලෝක ලක්ෂ්‍යයක් පමණක් දැනට දල්වා ලීමට පර්යේෂකයන් සමත්ව  සිටිනවා.

      මෙය එක් පික්සලයක දර්ශනයක් වන අතර ඉදිරියේදී මෙය බහු-පික්සල ආකාරයට වැඩි දියුණු කර අක්ෂර හා වෙනත් තොරතුරු දැක්විය හැකි ආකාරයට දියුණූ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එවිට එමගින් කුඩා ප්‍රමාණයේ පණිවුඩ, සිහි කැඳවීම්, ඊ-මේල් හෝ SMS මෙන්ම අභ්‍යන්තර ජීව සංවේදක මගින් ලබා ගන්නා ජීව දත්ත තොරතුරු ද කාචය මත දැක්විය හැකියි. මෙය තවත් ඉදිරියට දියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩා සඳහා පවා යොදා ගත හැකි ආකාරයට වැඩිදියුණු කළ හැකියි.
                 මිනිස් ඇසට සාමාන්‍යයෙන් ඇසට වඩා සෙන්ටිමීටර් 2-3 ක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් නෑ. ඔබ ඔබේ නාසය මත ඇඟිල්ල තබා එය දෙස බැලීමට තැත් කල හොත් ඇඟිල්ල පැහැදිලිව දර්ශණය නොවන බව ඔබට පෙනේවි. මේ ආකාරයටම සිවි කාචයක දත්ත දැක්වූ විටත් එය කිසිසේත්ම පැහැදිලිව දර්ශණය කිරීමට නොහැකි ආකාරයේ ප්‍රායෝගික අපහසුතාවයක් තිබේ. නමුත් Fresnel කාච යොදා ගැනීමෙන් ඒ ගැටළුව විසඳා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිඛෙනවා. එමගින් එක් තනි පික්සලයක දත්තයක් පවා දෘෂ්ඨි විතානය මත පැහැදිලිව නාභිගත වන සේ දර්ශණය කරවිය හැකියි.

      ඉහත ආකාරයෙන් තැනූ තනි පික්සල සිවි කාචයක් හාවෙක්ගේ ඇසට සවිකර අත්හදා බැලු අතර එහිදී කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වී නොතිබිණි. කෙසේ වුවත් පික්සල් ප්‍රමාණය වැඩි දියුණු කිරීමට අමතරව තවත් ප්‍රධාන බාධකයකට මුහුණ දීමට මේ පර්යේෂක කණ්ඩායමට සිදුවනු ඇති. එනම්, මේ කාචයට රැහැන් රහිතව යැවෙන විදුලිය ක්‍රියා කරන්නේ ඉතා සීමිත පරාසයක පමණක් වීමයි. මේ සියළු අඩුපාඩු මගහැර ඉදිරියේදී මේ සිවි කාචය වැඩිදියුණු කිරීමට වැඩි දුර පර්යේෂණ සිදුකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
      - ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -

      Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.


      ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්, තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watch උපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.

      සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික වූ අතර, ජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.

      Smart Watch 2 හි නිමාව පිළිබඳව සැලකීමේදී එහි බඳ තනිකරම ඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේ. එමගින් මෙයට උසස් පෙනුමක් ලබාදී ඇත. විශේෂයක් වන්නේ මෙහි අත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයි. මෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබට කැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 සඳහා භාවිතා කළ හැකියි. තරමක් විශාලව පෙනෙන, රවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේ. එහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ් කිරීම සඳහා සපයා ඇති සම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇත. මීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සඳහා භාවිතා වූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමාන යේ සම්මත port එකක් වීම පරිශීලකයාට වඩාත් පහසුවකි.


      තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.

      භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මඳක් විශාල වන අතර, බරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.

      Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම ‍download වනු ඇත. ඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2 සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.

      Smart Watch 2 සඳහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා  මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.

      දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2  උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...
      වයිරස් ගාර්ඩ් එක වැඩකරනවද කියල බලමු.

      වයිරස් එකක් දාන්නෙ නැතුව වයිරස් ගාර්ඩ් එක වැඩද කියල බලන්නෙ මෙහෙමයි.

      1.notepad එක ඕපන් කරගන්න.

      2.notepad එකේ මේ කෝඩ් එක ටයිප් කරන්න.
                X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

      3.එම ෆයිල් එක eicar.com ලෙස rename කර ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න.

      4.ඉන්පසු එය ඕපන් කර බලන්න.ඔබේ වයිරස් ගාර්ඩ් එක වැඩකරන එකක් නම් ඒ ෆයිල් එක block කරයි.
      තීරු කේත කියවනය




      බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය  භාවිතා කර යම් කිසි භාණ්ඩයක  විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
      තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.

      තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.




      ප්‍රදීපන පද්ධතිය (Illumination System)

      මෙමගින් තීරු සංකේතයේ තීරු (කළු සහ සුදු කොටස්) ආලෝකමත් කරනු ලැබේ. මේ සදහාLED සහ ලේසර් කිරණ බහුලව යොදා ගැනේ.

      සෙන්සරය (Sensor)

      තීරු සංකේතය ආලෝකමත් වී පරාවර්තනය වන ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට සෙන්සරයන් භාවිතා කරයි. මෙය ආලෝකයට සංවේදී උපකරණයක් (Photo Detector) වන අතර ආලෝකයේ ඇති ෆෝටෝන (Photon) උරාගෙන ඉලෙක්ට්‍රෝන පිටකිරීම මගින් එම ආලෝකයේ තීව්‍රතාවට සමානුපාතිකව වෝලිටීයතාවයක් නිපදවයි. භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ඉතා වැදගත් යෙදීමක් ලෙස මෙය හැදින්විය හැක. මෙම වෝල්ටීයතාවය තීරු සංකේතයේ වැදී එන ආලෝකයට අනුරූපව ජනනය වේ. එනම් තීරු සංකේතය විචල්‍ය වෝල්ටියතාවයක් මගින් ප්‍රතිනිර්මාණය වේ.

      පරිවර්තකය (Converter)

      තීරු සංකේතය සංඛ්‍යාංක (Digital) දත්තයකි. නමුත් සෙන්සරයෙන් ලැබෙන්නේ මෙම සංඛ්‍යාංක දත්තයේ ප්‍රතිසම (Analog) සංඥාවක් නිසා නැවත ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කල යුතු වේ. මේ සදහා ප්‍රතිසම-සංඛ්‍යාංක (Analog to Digital) පරිවර්තකයක් භාවිතා වේ. A-D පර්වර්තකයක මූලික අංගය වනුයේ කාරකාත්මක වර්ධකය (Operational Amplifier) වේ. කාරකාත්මක වර්ධකයක් ලෙස මෙන්ම ස්විචයක් ලෙසද යොදාගත හැක. වර්ධකය සන්තෘප්ත අවස්ථාවේ (Saturation Mode) භාවිතා කල විට එය සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි. පරිවර්තකයක කාරකාත්මක වර්ධකය, සන්සන්දකයක් (Comparator) ලෙස ක්‍රියාකර, ප්‍රදාන ප්‍රතිසම සංඥාව, සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කරනු ලැබේ.

      විකේතකය (Decoder)
      තීරු සංකේතය සංඛ්‍යා වලට පෙරළීම විකේතකය මගින් සිදු කෙරේ. තීරු සංකේතයේ ඇති කළු සහ සුදු ඉරි වල ඝනකම මගින් 0 සිට 9 දක්වා ඉලක්කම් නිරූපණය වේ.෴






      ෴සාදරයෙන් පිළිගනිමු෴

      වෙලාව බලන්න............

      ජනප්‍රිය ලිපි

      Powered by Blogger.

      - Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

      Blogger Tricks