Showing posts with label බුද්ධ ධර්මය. Show all posts
1.ප්‍රතම නියත විවරණය :බෝසතුන් සුමේධ තාපසව දීපංකර බුදුන් වෙතින් ලබන ලදි.
2.පස්මහ බැලුම්:
- .කාලය
- .දේශය
- .දීපය
- .කුලය
- .මව
- පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම.
- දෙවන දින - නම් තැබීමේ උළෙල.
- හත්වන දින - මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම.
- මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම.
- අවු: 16 දී - ශිල්ප දැක්වීම හා යශෝධරා දේවිය විවාහ කර ගැනීම.
- අවු: 29 දී - රාහුල පුත් කුමරු ඉපදීම හා ගිහිගෙයින් නික්මීම.
- අවු: 35 දී - බුද්ධත්වයට පත්වීම.
- අවු: 55 දී -ආනන්ද හිමියන් බුදුරඳුන්ගේ ස්ථීර උපස්ථායක තනතුරට පත්වීම.
- අවු: 80 දි - පරිනිර්වාණය.
- . සතර පෙර නිමිති දැකීම (මහලලෙක් , ලෙඩෙක්, මලමිනියක්, පැවිදි රුවක්) දැකීම. ( මෙයින් ජරා, ව්‍යාධි , මරන ආදිය අවබෝධ වී කලකිරීමට පත් වු අතර පැවිද්ද පිළිබඳ රුචියක් ඇති වීම.)
- . රාහුල උපත (සසර බැඳීම පිළිබඳ අවබෝධ විය.)
- . නිබ්බූත පද ඇසීම (දුක නිවීම පිළිබඳ අවබෝධ විය.)
- .නිළියන්ගේ විකාර දැකීම ( සසර නිසරු බව අවබෝධ විය.
5.සුදොවුන් රජු තම පුතුට වැදුම් කළ අවස්ථා
- . රජ මාළිගයේ දී අසිත තවුසාට කුමරු පෙන්වීමට සූදානම් වූ අවස්ථාව.
- . වප් මඟුල් දා කිඹුල්වත් පුර වෙල්යායෙහි දඹ රුක් සෙවනේ කුමරු ආනාපාන සතිය වඩමින් සිටි අවස්ථාව.
- . කිඹුල්වත් නුවර ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරඳුන් යමා මහ පෙළහර පෑ අවස්ථාව.
6.සිදුහත් තවුස් තුමා දුටු සීන පස:
පළමු වන සීහිනය - බෝසතානන් මහ පොළව යහන ලෙසද , හිමාලය පර්වතය කොට්ටය ලෙසද ගෙන දකුණු මුහුදට දෙපා දිගු ෙකාට බටහිර මුහුදට දකුණතද , නැගෙනහිර මුහුදට වම් අතද දිගුකොට සැතපෙන සේ දැකීම. (මෙය චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධකොට බුදුවන බවට පෙර නිමිත්තකි.)
දෙවන සිහිනය - බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතන ගසක් නැගී අහස තෙක් පැතිර සිටින සේ දැකීම. (මෙය ලෝකයාට දහම් දෙසන බවට පෙර නිමිත්තකි)
තෙවන සිහිනය - කළු හිස් ඇති සුදු පණුවන් බෝසතුන්ගේ දෙපතුලෙන් නැගී දෙදන තෙක් වසා සිටිනු පෙනීම.(බොහෝ ගිහි ජනතාව බදුන් සරණ යන බවට පෙර නිමිත්තකි.)
හතරවැනි සිහිනය -නොයෙක් වර්ණ ඇති ළහිණියන් සිව් දෙනෙකු සිව් දෙසින් පියඹා අවුත් බෝසතුන්ගේ පාමුළ වසා සුදු පැහැ වනු පෙණිනි. (සිව් කුලයට අයත් ජනයා පැවිදි වීම එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වන බවට පෙරනිමිත්තකි.)
7.යමාමහ පෙළහර : ශරීරයෙන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජලය හා ගින්දර යන දෙකම නිකුත් කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ තේජෝ හා ආපෝ යන කසිණ වලට ෂණිකව සම වැදීමෙනි. මෙය කළ හැකි වන්නේ බුදුරඳුන්ට පමණි.
8.බුදුරඳුන් යමාමහ පෙළහර පෑ අවස්ථා:
- කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.
- බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා ෙබා්රුක මුලදී
- තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.
9.බුදුවීමට පෙරදා බෝසතුන්ට දන් පළිගැන්වීම: සේනානි නම් නියම් ගමෙහි සුජාතා සිටු දුව විසින්, එය කිරිපිඬු දානයකි.
10.බුදුරඳුන්ට පළමු දානය පිළිගැන්වීම: තපස්සු , භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. එය විලඳ හා මී පිඩුය.
11.බුදුරඳුන්ට අන්තිම දානය පිළිගැන්වීම: චුන්ද කර්මාර පුත්‍රයා විසිනි. එය සූකර මද්දවයයි .
12.සත් සතිය :
"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"
- පළමු සතිය - බෝරුක මුල
- දෙවන සතිය - අනිමිසලෝචන පූජාව
- තෙවන සතිය - රුවන් සක්මන
- සිව්වන සතිය - රැවන් ගෙය
- පස්වන සතිය - අජපල් නුග රුක මුල
- හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ
- සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල
13.පළමු ද්වේවාචික උපාසක පිරිස : තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, ඒවන වට සංඝ රත්නය බිහිවී නොමැති හෙයින් ඔවූහු බුදුන් දහම් පමණක් සරණ ගියහ.
14.බුදුරඳුන්ගේ පළමු ශ්‍රාවකයා : දම්සක් දෙසුම අසා පළමුවෙන් සෝවාන් වූ අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණු.
15.ප්‍රථම බුද්ධ වචනය :
" අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනංපුන ගහකාරක දිට්‍ඨෝසි - පුනගේහං නකාහසී සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාරා ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා "
තේරුම : සසර නැවත නැවත ඉපදීම දුකක් නිසා ඒ ඉපදීම නැමති ගෙය සාදන තණ්හාව නැමති වඩුවා සොයමින් නොයෙක් ජාති වල දිව්වෙමි. වඩුව තා මවිසින් දක්නා ලද්දෙහිය. යළි ගෙය නොකළ හැක්කෙහිය. තාගේ කෙළෙස් නැමති පරාල කඩා දමන ලදි. අවිද්‍යාව නැමති කැණිමඩල ගලවා දමන ලදි . සිත සංස්කාරයන්ගෙන් තොර විය. තණහාව නිමා විය.
16.අන්තිම බුද්ධ වචනය :
" භ්නදදානී භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" (මහණෙනි , දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න. )
17.බුදුරදුන්ගේ අනුශාසනය : බුදුරඳුන් හතලිස් පස් වසරක් තිස්සේ ලෝක සත්ත්වයාට දුකින් මිදීම පිණිස නොයෙක් අයුරින් අනුශාසනා කළහ. ඒ සියල්ල එක් කොට සාරාංශ කළ විට මෙසේය ,
" සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං"
(සියළු පව් නොකිරීමත්, කුසල් රැස් කිරීමත්, සිත පිරිසිදු කිරීමත්, බුදුන්ගේ අනුශාසනයයි.)
18.බුදුවරුන්ගේ චාරිකා ක්‍රම දෙක:
තුරිත චාරිකා - පුද්ගලයෙකු අරමුණු කරගෙන කෙලින්ම ඔහු වෙත යාම.
අතුරිත චාරිකා- ගම් නියම් ගම් පිළිවෙලින් සංචාරය කිරීම.
19.බුදුරදුන්ට එල්ල වූ විරෝධතා :
- දෙව්දත් තෙරුන් සංඝයා භේද කිරීම, දුනුවායන් යෙදවීම , ගල් පෙරලීම වැනි දෑ
- තීර්ථකයන්ගේ කුමන්ත්‍රණ හා සුන්දරී පිරිවැජිය මැරවීම
- *චිඤ්චි මානවිකාවගේ අභූත චෝදනා
- මාගන්දියා දාමරිකයන් යොදවා අපහාස කරවීම
- සොරුන් ලවා මුගලන් තෙරුන්ට පහරදෙවීම
- සුප්‍රබුද්ධ ශාක්‍ය රජු රා බී මත්ව බුදුන් වැඩි මග අවුරා නින්දා කිරීම.

20. බුදුගුණ නවයකි. එනම් :
- අරහං - බුදුරඳුන් අරහං නම් වීමට හේතුව, - සියළු පූජාවන්ට සුදුසු වීම , රහසින්වත් පව් ෙනාකිරීම. , කෙලෙස් සතුරන් නසාලීම නිසා.
- සම්මා සම්බුද්ධ - බුදුරඳුන් සම්මා සම්බුද්ධ වීමට හේතුව,- අනෙකුගේ උපදෙස් රහිතව, ලොව දතයුතු සියල්ලම තමා විසින්ම මැනවින් අවබෝධ කරගත් නිසා.
- විජ්ජාචරණ සම්පන්න - බුදුරඳුන් විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව, - අෂ්ඨ විද්‍යා හා පසළොස් වරණයන්ගෙන් යුක්ත වීම නිසා.
- සුගත - බුදුරඳුන් සුගත නම් වීමට හේතුව,- යහපත් ගති වලින් යුක්තවීම, යහපත් ගමන් ඇතිවීම හා නිවන් අවබෝධ කිරීම නිසා.
- ලෝක විදූ - බුදුරඳුන් ලෝක විදු නම් වීමට හේතුව , -කාම, රූප , අරූප යන ලෝකත්‍රයේ ඇතිවීම , පැවැත්ම, නැතිවීම , යන මෙය මැනවින් දැනගැනීම නිසා .
- අනුත්තර පුරිස ධම්ම සාරථී - බුදුරඳුන් අනුත්තර පුරිස ධම්ම සාරථී වීමට හේතුව, - හික්මවීම ඉතා අපහසු නාලාගිරි , අංගුලිමාල , රාහු අසුරිඳු , සච්චක පණ්ඩිත වැනි අය හික්ම වීමට බුදුන් වැනි වෙනත් සමතෙකු නොවීම නිසා.
- සත්ථා - බුදුරඳුන් සත්ථා නම් වීමට හේතුව,- ලෞකික, ලෝකෝත්තර දියුණුව සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන එකම ගුරුවරයා වීම නිසා.
- බුද්ධ - බුදුරඳුන් බුද්ධ නම් වීමට හේතුව ,- එතෙක් කිසිවකු අවබෝධ නොකළ අර්‍ය්‍ය සත්‍ය හතරක් අවබෝධ කිරීම නිසා.
- භගවා - බුදුරඳුන් භගවා නම් වීමට හේතුව,- මහත් සේ භාග්‍ය සම්පන්න වීම, මහා පුණ්‍ය වන්තයකු වීම නිසා.
21.බුදුරඳුන්ගේ මහා කරුණාව : සතුරාටත් මිතුරාටත් එකසේ දක්වන කරුණාව මහා කරුණාව නම් වේ.
චතුරාර්ය සත්යයබරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." [1] බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍යක්‍ෂ කළ හැකිය.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව
- දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සච්ච)
- දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සච්ච)
- දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සච්ච)
- දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච)
නිවන පිලිබඳ බුද්ධ දේශනා
බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුවතකාය. ථේරවාදයේ තේරුම් ගෙන ඇති පරිදි මෙම දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.
වදන
සත්‍යය
" 'පැවැත්ම' අර්ථවත් 'සත්' ධාතුවෙන් 'සත්‍යය' සංකල්පය ජනිත වී ඇත. යමක් ඇත්ත වශයෙන් ම පවතීද එය සත්‍යය නම් වේ.මේ වනාහී සත්‍යය පිළිබඳ පදංගත වූ අර්ථය වේ. ඉහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි සත්‍යයක ලක්ෂණ 3ක් වේ. එනම්,
තථ-ඒකාන්ත සත්‍යය
අවි තථ-කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයයි. එය කිසි කලෙකත් බොරු නොවේ
අනඤ්ඤථ-අන් පරිද්දකින් නොසිටින සත්‍යය
චතුරාර්‍ය්‍ය සත්‍යය සත්‍යයයි පවසනු ලබන්නේ ඒවායේ ඇති ඉහත ලක්ෂණ හේතුවෙනි 'ඉමානි චත්තාරි අරිය සච්චානීති භික්ඛවෙ මයා ධම්මෝ දේසිතෝ.......සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි "(මහණෙනි මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයෝය යනු මා විසින්දෙසන ලද............ මහණුන් විසින් බමුණන් විසින් නුවනැතුන් විසින්............. බැහැර කරන්නට නොහැකි ධර්මයයි.)(අංගුත්තර නිකාය 1, 314 පිටු)
ආර්‍ය්‍ය සත්‍යය
අරිය හෙවත් ආර්‍ය්‍ය යන්නෙන් 'උසස් ' ,'උතුම්', 'ශ්‍රේෂ්ඨ' යන අර්ථය ලබා දෙයි.
- බුදු, පසේ බුදු, රහත් යන අය විසින් අවබෝධ කළ හෙයින් මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- එම ධර්මය අවබෝධ කිරීමෙන්ම පෘතග්ජනභාවය ඉක්මවා සියලු කෙළෙසුන් නසා ආර්‍ය්‍ය භාවයට පත් කෙරෙන බැවින්ද මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා ආර්‍ය්‍යන් ලෙස හැඳින්වේ.උන්වහන්සේලා එම ශ්‍රේෂ්ඨ තත්වයට පත්වීමේදී ඉවහල් වූ පිළිවෙත (අරිය සච්ච) ආර්‍ය්‍ය සත්‍යය ලෙස හැඳින්වේ.
" අරියා ඉමානි පටිවිජ්ඣන්ති ,තස්මා අරිය සච්චානීති වුච්චන්තීති............"(සච්ච විභංග නිද්දේසය) (ආර්‍ය්‍යන් වහන්සේලා එම තත්වයට පත් කළේ යමක්ස එය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.)
මෙම ධර්මය අවබෝධ කර ගැනීමෙන් පෘතග්ජන තත්වය නැති වී ආර්‍ය්‍ය භාවයට පත් වේ. "ඉමේසං ඛෝ භික්ඛවෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසංබුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වුච්චතීති."(සච්ච විභංග නිද්දේසය)
ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආය්‍යර් යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරකින් වත් අසත‍්‍ය වීමක් නැත. ඒවා එසේම ය. කවර ආකාරකින් වත් වෙනස් නො වන සත්‍ය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආය්‍යර් යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ දැක ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.
යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජනභාවය ඉක්මවා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි කියනු ලැබේ.
චතුරාර්‍ය්‍ය සත්‍යයේ ලක්ෂණ
මෙම ධර්මයෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළු ධර්මයන් මෙහි අන්තර්ගත වීමයි. "සච්ච විනිම්මුත්තෝහි භාගවතෝ දේසනා නත්ථා"' යන නෙත්තිප්පකරණ අටුවාවේ එන විග්‍රහයෙන් එය සඳහන් කෙරේ."ඒව මේව ඛෝ ආවුසෝ, යේ කේචි කුසලා ධම්මා සබ්බේ තෙ චතුසු අරිය සච්චේසු සංගහං ගච්චන්තී" යන මහාහත්ථි පදෝපම සූත්‍ර පාඨයද එය පැහැදිලි කරයි. එනම් ලොව වෙසෙන සියළු සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනට වඩා කුඩා වනු ඇත.එය ඉක්මවා යන කිසිඳු පාද සටහනක් දැකිය නොහැකිය.එමෙන් බුද්ධ දේශිත යම් කුසල ධර්මයක් වෙයිද ඒ සියල්ල චතුරාය්‍යර් සත්‍යයෙහි අන්තර්ගත වනු ඇත. ලොව පවත්නා ධර්මයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ 04 කි.එනම්,
- පවත්ති- ඇති වීම
- පවත්තක-ඇති වීමට ඉවහල් වූ හේතු
- නිවත්ති- නැති වීම
- නිවත්තක-නැති වීමට ඉවහල් වූ හේතු
චතුරාය්‍යර් සත්‍යයද මෙම න්‍යායට අනුව ගොඩ නැගී තිබේ.
- පවත්ති-දු:ඛාර්‍ය්‍ය සත්‍යය
- පවත්තක-දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය
- නිවත්ති- දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය
- නිවත්තක-දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය
කෘත්‍ය සතරක්
චතුරාය්‍යර් සත්‍යය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් කළ යුතු කාර්‍ය්‍යයන් සතරක් වේ.
01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)
02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්‍රහාණය කළ යුතුය.(පහාතබ්බං)
03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)
04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්‍ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය.
"සච්චං සත්තෝ පටිසන්ධි-පච්චයාකාර මේවච අද්දසා චතුරා ධම්මා- දේසේතුංච සුදුක්කරා"
යනුවෙන් බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්‍ගයෙන් අවබෝධ කිරීමට දුෂ්කර වූ ධර්‍ම කරුණු පෙන්වා දෙමින් චතුරාය්‍යර් සත්‍යය ,සත්වයාගේ ස්වභාවය, පුනර්භවය, හේතුඵලවාදය යන කරුණු හඳුන්වා දෙයි. මේවා අවබෝධ කර ගැනීම අපහසු වන අතර හ්වා සරළව විග්‍රහ කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්‍ය්‍යක් බවත් පවසයි.
ආය්‍යර් සත්‍යය සතර
"චත්තාරි ඉමානි භික්ඛවෙ අරිය සච්චානි කතමානි චත්තාරි? දු:ඛං අරිය සච්චං, දු:ඛ සමුදයං අරිය සච්චං දු:ඛ නිරෝධං අරිය සච්චං" (මහණෙනි ආර්‍ය්‍ය සත්‍යයන් හතරක් ඇත. ඒවා නම්?දු:ඛාර්‍ය්‍ය සත්‍යය,දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය යනාදියයි.)
දුක්ඛ
" 'දු:ඛ' යන්නෙහි 'දු' යන්නේ නින්දා කටයුතු පිළිකුල් සහගත යන අර්ථය ද 'ඛ' යන්නෙන් හිස්, අසාර යන අර්ථය ද ගෙන දෙයි. මේ අනුව දු:ඛ යන්නේ නින්දා කටයුතු පිළිකුල් හිස් අසාර යන අර්ථ ගෙන දෙයි." මෙම සත්‍යය පිළිබඳව ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ. " ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" (මහණෙනි, මේ වනාහි දු:ඛාර්‍ය්‍ය සත්‍යයයි.ජාතිය දුකයි,ජරාව දුකයි ,ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රිය සම්ප්‍රයෝගය දුකයි, ප්‍රිය විප්‍රයෝගය දුකයි, යමක් කැමති නම් එය නොලැබීම දුකයි, සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙනම දුක් හු වෙති.) මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ. එනම්,
- තණ්හා
- ජාති
- ජරා
- ව්‍යාධි
- මරණ
- අප්‍රිය සම්ප්‍රයෝගය
- ප්‍රිය විප්‍රයෝගය
- කැමති දේ නොලැබීම
- උපාදානස්කන්ධ
පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.
"කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං?පඤ්චූපදානක්ඛන්ධා තස්ස වචනීයං සෙය්‍යථීදං? රූපූපාදානක්ඛන්‍ධෝ වේදනුපාදානක්ඛන්ධෝ සඤ්ඤානූපාදානක්ඛන්ධෝ සංඛාරානූපාදානක්ඛන්ධෝ විඤ්ඤානූපාදානක්ඛන්ධෝ ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං........"(මහණෙනි ,දු:ඛාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද? මෙසේ ඇසුවහොත් පඤ්ච උපාපදානස්ඛන්ධය යයි පිළිතුරු දිය යුතුය. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය,සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනාදියයි. මහණෙනි, මෙය දුකඛ ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.) මෙහිදී දුක්ඛ සත්‍යය පස් වැදෑරුම් වේ.
- රූප උපාදානස්කන්ධය
- වේදනා උපාදානස්කන්ධය
- සඤ්ඤා උපාදානස්කන්ධය
- සංස්කාර උපාදානස්කන්ධය
- විඤ්ඤාණ උපාදානස්කන්ධය
ඇස, කණ, නාසය, ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන විෂය ලෝකය මෙසේ පඤ්චස්කන්ධය වශයෙන් හඳුන්වනු ලැබේ.
සමුදය
'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී , සෙය්‍යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්‍රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්‍ර තත්‍රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.
- කාම තණ්හා
- භවතණ්හා
- විභවතණ්හා
නිරෝධ
නිර්වාණය යනු සියලු බෞද්ධයන් විසින් දැකීමට බලාපොරොත්තුවන, සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම(ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය.
මාර්ග (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා)
- සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
- සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
- සම්මාවාචා -නිවැරදි වචන
- සම්මාකම්මන්තෝ -නිවැරදි කර්‍මාන්තය
- සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
- සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
- සම්මාසති-නිවැරදි සිහිය
- සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම
මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.෴
බුදු දහම
බුදු දහම ක්‍රි.පූ.6 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.
බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.
එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
"යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ"
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන් තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.
ප්‍රධාන සම්ප්‍රදායන්
ඉන්දියාවේ බුද්ධාගම
ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.
1. මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි.
2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයන්ගේ මුල් කාලීන බුදුදහම
3. පුර්ව මහායාන බුද්ධ ධර්මය
4. පසුකාලීන මහායාන බුද්ධධර්මය
5. වජ්‍රයානා බුද්ධ ධර්මය මෙම විකාශනයන් සැමවිටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.
මුල්කාලීන බුදුදහම
මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැඳින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය.
සමහර වියතුන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.
සූත්‍ර පිටකය හා විනය පිටකය
බුදුදහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විතය. එහි මූලික ග්‍රන්ථ වනුයේ විනය පිටකය ය.
බුදුදහමේ මූලික ඉගැන්වීම් පහත අයුරින් වර්ගීකරණය කළ හැක.
නැවත ඉපදීමට පැහැදිලි ආරම්භයක් නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ව තුළ ඇතිවිය හැක.
යහපත් හා අයහපත් ක්‍රියාවලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියාවලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමථ හෝ සමාධි භාවනාවල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.
මුල් කාලීන බුදුදහමේ ව්‍යාප්තිය හා වැඩි දුර දියුණුව
නිකාය භේදයෙන් පසුව සෑම සංඝයා වහන්සේ නමක්ම අභිධර්මයේ පිටපතක් ළඟ තබා ගැනීමට කටයුතු යොදා ගත් සේක. බෞද්ධාගම ප්‍රචලිත වනවාත් සමග අභිධර්ම පිටකය සෑදුනි. එහෙත් යම් ශාස්තෘවරුන් මෙම පිටක භාවිතයට ගෙන නැත. ඔවුන් පිළි ගත්තේ බුදුන් වහන්සේ දේශනාකර වදාළ ධර්මයට කිසිවක් එකතු නොකළ යුතු බවටය. එනමුත් 5 වැනි සියවසේ ෆාහියන් සහ 7වන සියවසේ ක්සුඅන් සැංග්, අභිධර්මය පිළිබඳව පිටපත් මහා සංඝික පාසලෙන් සපයාගෙන ඇත.
බෞද්ධ සංස්කෘතික ග්‍රන්ථයක් වන මිලින්ද ප්‍රශ්නය කෘතියේ සඳහන් වන්නේ දෙවන සියවසේදී ඉන්දු ග්‍රික අධිරාජ්‍යයෙක් වන මෙනන්දර් බෞද්ධාගම වැළඳ අරහත් භාවය ලබා ගත් බවයි.
අශෝක අධිරාජ්‍යයා බෞද්ධාගම ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙස දැරුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු මධ්‍යම ආසියාවේ හා ශ්‍රි ලංකාවේ බෞද්ධාගම බොහෝ සේ ප්‍රචලිත විය. මෙම කාල පරිච්ඡේදය දැනුවත්වම බෞද්ධාගම ඉන්දියාවෙන් පිටතට යොමු කෙරුණු යුගයකි.
මහායාන බුදුදහමේ වර්ධනය
මහායාන බුදුදහමේ ආරම්භය සිදු වු ස්ථානය භූගෝලීය පිහිටීම ස්ථිරව කිව නොහැකිය. 1 වන සියවසේ ආරම්භයත් සමඟ කුෂාන් අධිරාජ්‍යයේ (වර්තමාන පකිස්ථානය) වයඹ කොටස, ෂටවහන අධිරාජ්‍ය (අන්ද්‍ර ප්‍රදේශය) තුළ, බාරැකද්ද වරායටබටහිරින් පිහිටි ප්‍රදේශ වල වාසය කරන ලද කුඩා කණ්ඩායම් අතර මහායාන බුදුදහම බලපෑමකින් තොරව වර්ධනය විය. සමහර වියතුන්ගේ මතය නම් ස්ථුප වන්දනාව කෙරෙහි ඇල්මක් දැක්වු ගිහි බෞද්ධයන් අතර මහායාන ආරම්භ වූ බවයි. විවිධ දර්ශනවාද හා මුලාරම්භ වලට අයත් භික්ෂුන්ට එකම විනය නීති පිළිපදින තාක් කල් එකම විහාරස්ථානයක තුළ වාසය කළ හැක. නමුත් අභිධර්මය කරුණු පිළිබඳව තිබුනේ විරුද්ධ අදහස්ය.
මායාහන බුදුදහමේ වැදගත් අංගක් බෝධිසත්ව වන්දනාවයි. එය මුල් කාලීන බුදු දහමේ මෙන්ම ථෙරවාදී බුදුදහමේ ද දක්නට ලැබෙන මුත් මහායානය එයට වඩා වැදගත් තාවයක් ලබාදුන් අතර සියලු දෙනාම බෝධිසත්වරු බවට පත් විමට උත්සහා දැරිය යුතු බවද ප්‍රකාශ කලේය.
කුෂාන් විසින් 4 වන ධර්ම සංඝායනාව පවත්වන ලදි. නමුත් එම ධර්ම සංඝානාව තේරවාදයේදී පිළිගැනීමක් නොලැබේ. මෙම ධර්ම සංඝායනාවේ දී ත්‍රිපිටකය පමණක්ම නොව නව සුත්‍ර සමුහයක්ද (පියුම් සුත්‍රය, හෘද සුත්‍රය, අමිතාභ සුත්‍රය) බෝධිසත්ව සංකල්පනවාද හඳුන්වා දෙන ලදි. මෙම ධර්ම කරුණු සංස්කෘත භාෂාවෙන් ලියා තබන ලදි. සියවස් ගණනාවකදී මහායානය ඉන්දියාවේ සිට නිරිත දිග ආසියාව, මධ්‍ය ආසියාව හා නැගෙනහිර චීනයට ව්‍යාප්ත විය.
මහායාන සාම්ප්‍රදායට ඉතා ඉහළ බලපෑමක් ඇති කරන පුද්ගලයා වනුයේ නාගාර්ජුන පඬිතුමාය (ක්‍රි.ව. 150 -250 කාලය පමණ) කුෂාන් අධිරාජ්‍යයෙන් පසුව ආරම්භ වු ගුප්ත රාජ්‍ය සමයේද (4-6 සිවයස) බුදුදහම ඉන්දියාවේ සමෘද්ධිමත්ව පැවතුනි. මහායාන ඉගැන්වීම් කේන්ද්‍ර බිහි වු අතර මෙයින් වඩාම වැදගත් ස්ථානයක් වන්නේ ඊසාන දිග ඉන්දියාවේ පිහිටි නාලන්දා විශ්වවිද්‍යාලයයි.

-අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය
සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුදු දහම ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
- මහායාන සම්ප්‍රදාය
- ථේරවාද සම්ප්‍රදාය
- වජ්‍රයාන සම්ප්‍රදාය
ඉන්දියාවේ බුද්ධාගම
ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.
1. මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි.
- ප්‍රකෘත බුදුදහම
- මුල් කාලීන බුදුදහම
2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයන්ගේ මුල් කාලීන බුදුදහම
3. පුර්ව මහායාන බුද්ධ ධර්මය
4. පසුකාලීන මහායාන බුද්ධධර්මය
5. වජ්‍රයානා බුද්ධ ධර්මය මෙම විකාශනයන් සැමවිටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.
මුල්කාලීන බුදුදහම
මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැඳින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය.
සමහර වියතුන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.
සූත්‍ර පිටකය හා විනය පිටකය
බුදුදහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විතය. එහි මූලික ග්‍රන්ථ වනුයේ විනය පිටකය ය.
බුදුදහමේ මූලික ඉගැන්වීම් පහත අයුරින් වර්ගීකරණය කළ හැක.
- නැවත ඉපදීම
- කර්මය
- වතුරාර්ය සත්‍යය