Archive for March 2014

මැක්සිම් ගෝර්කි


උපත1868 මාර්තු මස 28 වන දින
විපත1936 ජුනි 18 (වයස අවු: 68) 
මොස්කව් නුවරදී
Pen nameමක්සිම් ගෝර්කි
රැකියාවලේඛකයෙකි,
 දේශපාලන ක්‍රියාකරුවෙකි.
ජාතියරුසියානු (සෝවියට්)

ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර්තු 28 වන දින මෙලොව එළිය දුටු ඔහු කවුරුත් හඳුනන නමින් මැක්සිම් ගෝර්කි විය. මොහු සෝවියට් රුසියානු ලේඛකයෙක් මෙන්ම සමාජවාදී යථාර්ථය පිළිඹිබු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද හැඳින්විය හැකිය. තවද ඔහු දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙන් ද කටයුතු කොට ඇති අතර ගෝර්කි 1906 සිට 1921 බසිට 1929 දක්වාත් විදෙස් රටවල ජීවත් වුණි. වැඩි වශයෙන් කැප්රි, ඉතාලිය වැනි රටවල හෙතෙම ජීවත් වූ අතර සෝවියට් රුසියාවට නැවත පැමිණීමෙන් පසු නැවත වතාවක් එරටින් පිටව යාමට අවසර නොලැබුවත් මැක්සිම් ගෝර්කි විසින් එවකට එරට පැවති සංස්කෘතික ප්‍රතිපත්ති පිළිගන්නා ලදී.

Selected works

· මාකර් චෞද්රා - කෙටි කථාව 1892 · චෙල්කාෂ් · Petit-Bourgeois (Мещане) (or The Philistines) · මෙහි G.K. චෙස්ටර්ටන් විසින් රචිත හඳුන්වාදීමක් අඩංගු වේ. · මිනිසුන් 26 දෙනා හා ගැහැණු ළමයි · Foma Gordeyev (Фома Гордеев), novel, 1899 · ඔවුන් තිදෙන, 1900 · A Confession (Исповедь), 1908 · පාපොච්ඡාරණය (1908) · ඔතුරොව් නඟරය, නව කතාව 1908 · The Life of Matvei Kozhemyakin (Жизнь Матвея Кожемякина) · හිරුගේ දරුවෝ (නාට්‍යය 1905) · හතුරෝ (නාට්‍යය 1907) · අන්තිමය (නාට්‍යය 1908) · දරුවෝ (නාට්‍යය 1910) · The Lower Depths (На дне), 1902 · ළමාවිය (1913-1914)

මහා ගත්කරු මැක්සිම් ගෝර්කි

රුසියානු සාහිත්‍යයයේ පෝෂණය උදෙසා මහගු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කි නමැති මහා ගත්කරුවාගේ ළමා වියට අද අපි එබී බලමු.ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් උපන්නේ 1868 මාර්තු 28 වන දින රුසියාවේ වොල්ගා ගඟ අසල ඇති නිෂ්නි නොව්ගොරොද් නමැති ප‍්‍රදේශයේය. කුඩා කාලයේ සිටම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපන් නිසයි.“මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේද ඔහුගේ ළමා විය සුන්දර සහ ප‍්‍රීතිමත් එකක් නොවූ බැවිනි. ඇලෙක්සිට මව් පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මිය ගිය අතර ඉන් ටික කලකට පසු මවද මිය ගියාය. ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමගිනි. සීයාගේ රැකියාව වූයේ ඇඳුම් වලට සායම් පෙවීමයි. ඉතා දර දඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට නපුරු විදියට සැලකුවේය.ඔහු ආදරය කරුණාව ලැබුවේ ආච්චිගෙන් පමණි. ඇලෙක්සිව සැනසීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නාය. ඇය කියා දුන් ඒ සුරංගනා කතාවල ප‍්‍රධාන කාන්තා චරිතය ලෙස ඇලෙක්සි ඔහුගේ මව ව සිතින් මවා ගත්තේය. ඔහු ඒ තරමට මවට දැඩි ආදරයක් දැක්වූයේය. ආර්ථික දුෂ්කරතා මැද සීයා ටික දිනක් ඇලෙක්සිව පාසල් යැවූ නමුත් ඇලෙක්සිට අවුරුදු අටේදී පාසල් ගමන නතර කරන්නට සිදුවිය. ඉන්පසු ඔහුට රැකියාවක්් කර මුදල් සෙවීමට සිදුවිය. පාවහන් වෙළඳ සැලක අත් උදව්කරුවෙකු ලෙස ඔහු මුලින්ම සේවය කළේය. එහිදී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවිය. ප‍්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසද වොල්ගා හි දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසද ඔහු සේවය කළේය.දුම් නැවේ මුළුතැන් ගෙයි සේවය කරද්දී එහි සිටි ‘ස්මූරි’ නමැති කෝකියා කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සිව පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර ‘ස්මූරි’ එය තව තවත් වර්ධනය කළේය. ඉන්පසු ඔහුගේ එකම පරමාර්ථය වූයේ පොතපත කියවීමයි.“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෑ. සියලු පොත් කියවන්න ඕනෑ.නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්...පොත් වල ගතයුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල්වලට නොවෙයි.”ස්මූරි එසේ ඇලෙක්සිට අවවාද කරමින් ඔහුගේ උනන්දුව තව තවත් වැඩි කළේය.“මටම නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි.ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ පවසා තිබේ. දුම් නැව තිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට විය. එහිදී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩුවූයේ නැත.එහිදී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඔහු කියවීමට පොත් ඉල්ලා සිටියේය. “නුඹ අකුරු දන්නවද? පොත් කියවන්න ආසද!”ඇය ඇසුවාය.“මට පොත් කියවන්න වෙලාවක් නැහැ” ඇලෙක්සි පිළිතුරු දුන්නේය.“නුඹට පොත් කියවන්න ආසානම් නුඹට වෙලාවක් සොයාගන්නට පුළුවන්” ඇය දුන්නේ ඉතා වටිනා උපදේශයකි. ඉන්පසු ඇයගෙන් ඉල්ලාගත් පොත් කියවීමට කාලය සොයා ගැනීමට ඇලෙක්සි උත්සාහ කළේය.දර පැළීමට ගිය අවස්ථාවේදී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේය. නැතිනම් අටුවට නැග පොත් කියවූයේය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාතී‍්‍ර කාලයේදී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේනිසා ඔහුට හොරෙන් හොරෙන් පොත් කියවීමටද සිදුවිය.බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන්නා වූ ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් දුන්නේය.“ළමයා වචන හරියට ගසක තිබෙන කොළ වගෙයි. ගසක කොළ වෙන වෙනම හැඩ නොගෙන එක ම හැඩයට වැඩෙන්නේ මොන හේතුවක් නිසාද කියා දැන ගන්න ඕනෑනම් ගස වැඩෙන හැටි දැන ගත යුතුයි. ඒකට ළමයා පොත් කියවන්න ඕනෑ. මිනිස් මොළය බොහොම ප‍්‍රයෝජනවත්. හැම දෙයක්ම වැවෙන පොහොර පස් සහිත හොඳ වත්තක් වගෙයි”ගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි.“මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේදී පමණය” ඔහු චරිතාපදානයේ දක්වා තිබේ. ඔහුට ඔහු කියවූ සෑම පොතක්ම අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන විය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේය.නොයෙක් වද වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමා වියක් ගෙවූ ඇලෙක්සිට සිටි එකම සහ වටිනාම මිතුරා වූයේ පොත්ය. ළමා වියේදීම ලැබූ විවිධ සමාජ අත්දැකීම් වලින් ලැබූ පන්නරය සහ පොත පත කියවා ලැබූූ ඥානය ඉවහල් කරගෙන ඔහු තරුණ වියේදී පොත පත ලිවීමට පටන් ගත්තේය. ඒ අප අද ඔහුව හඳුන්වන මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි. ‘අම්මා’ වැනි ශ්‍රේෂ්ඨ නවකතා ලියූ අතරම ඔහු ළමයින් සඳහාද කතා රචනා කළේය. ඔහුගේ ළමා විය හා තරුණ විය ඇසුරින් ඔහු ලියූ “ළමා විය”, “මිනිසුන් අතර”, “මගේ සරසවි” නමැති ග‍්‍රන්ථ ලොව පුරා ඉතා ජනප‍්‍රිය විය. ඔහුගේ ළමා විය ඇසුරින් රුසියානු චිත‍්‍රපටයක්ද නිපදවුණි. පොත් කියවීමෙන් ජීවිතය ජයගත් මැක්සිම් ගෝර්කි චරිතයෙන් දුවල පුතාලටත් ගතහැකි ආදර්ශ බොහෝ වේ.
කුමාර් චූක්‍ෂානාද සංගක්කාර

සංගක්කාර පවුලේ විස්තර

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ (ආර්ථික
අංශයේ) අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. (ඇමෙරිකාව*

සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය.

කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ.

‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.

බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා

දරුවන් නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ. පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් කී‍්‍රඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකරගෙන තිබේ. සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් කී‍්‍රඩා කළ අතර, ඇය ශ්‍රී ලංකා ශූරිය වී තිබේ. අයියා වෙමින් ත‍්‍රිත්ව විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් කළ සියල්ල කරන අතරේදී ය.

බාහිර කි‍්‍රයාකාරකම්

බැඞ්මින්ටන්, ටෙනිස් ශූරයා වූ සංගා පසුව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා ඇති අතර, ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එකල දක්‍ෂතා පෙන්වීය. විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු වූ ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. එ සියල්ලට අමතරව ගීත ගැයීමේ හැකියාව ගැන ද සිහිපත් කළ යුතුමය.

උසස් පෙළ ඉහළින් සමත්වීම

අධ්‍යාපන කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදෙමින් පාසල් ජීවිතය ගෙවූ ඔහු ඊට සමු දී ඇත්තේ උසස් පෙළ ් 3 ක් සහ ඊ 1 වශයෙන් ඉහළ සමාර්ථ ලබමිනි. ඉන්පසු නීති පීඨයට ඇතුළත් වූ අතර පළමු කඩඉම (විභාගය* සමත් වී තිබේ. කි‍්‍රකට් වලින් සමුදුන් පසු එහි උපාධිය සහ ඊටත් එහා ගිය දැනුම ලබාගැනීම ඔහුගේ අපේක්‍ෂාව බව මව සඳහන් කරයි.

වයස අවුරුදු 9 දී කාර් එක පැද වූ සංගා

දිනෙක සංගාගේ මාමා කෙනෙක් නිවසට ආවේය. ඔහු නිවසේ අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා සංගා මාමා පැමිණි මෝටර් රථයට ගොඩ වී එය පණ ගන්වා ධාවනය කිරීමට උත්සාහ ගත් අතර, රියැදුරු සිටි නිසා වාහනය පාලනය කරගෙන තිබේ. එසේ නොවුවා නම් එදා ලොකු අනතුරක් වීමට ඉඩ තිබිණ.

රියැදුරු පුහුණුව තනිවම

රියැදුරු පුහුණුව ලබා ඇත්තේ ස්වෝත්සාහයෙන් බව මව සිහිපත් කරයි. ඊට අදාළ පොත කියවා තමා විසින්ම සියල්ල පුරුදු පුහුණු වී තිබේ.

15 න්, 17න්, 19න් පහළ කි‍්‍රකට් තරුව

සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වූ පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා 15 න්, 17න් සහ 19 න් පහළ ලෙස නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ ඒ කණ්ඩායම්වලදී පෙන්වූ දක්‍ෂතා නිසාමය. මෙහිදී ඞී.එච් ද සිල්වා පුහුණුකරුවෙකු ලෙස සංගා වඩාත් උනන්දු කළ බව සඳහන් කළ යුතුමය.

මිත‍්‍රශීලී බව

වත් පොහොසත්කම් අතින් සහ උගත්කම අතින් පිරිපුන් පවුල් පසුබිමක් යටතේ ජීවත්වන සමහර උදවිය ඕනෑවටත් වඩා හිස උදුම්මාගත් චරිත ලෙස පෙනී සිටී. නමුත් සංගාගේ මව පවසන පරිදි සංගා කුඩා කාලයේ සිටම අන් අයට උදව් කරන වඩා මිත‍්‍රශීලී චරිතයකි. කුඩා කාලයේදී නිවස තැනීමට ආ බාස් උන්නැහේලාට අත්උදව් දුන් සංගා නිතරම ඔවුන් සමග මිත‍්‍රශීලීව සිටි අයෙකි.

”එයා හරිම කරුණාවන්තයි. උස් පහත් භේද, දුප්පත් පොහොසත් භේද එයාට නැහැ. ගෙදර වැඩ කරන අය එක්ක පවා හරි එකමුතුයි. මාව හදා වඩා ගත්ත කාන්තාවක් හිටියා. මම විවාහ වුණාට පස්සෙත් ඇය අපි එක්කමයි හිටියෙ. පසු කාලයක මගේ දරුවනුත් ඇය තමයි බලාගත්තේ. කුමාර පුතාට බහ තේරෙන කාලෙදී සිංහල අලූත් අවුරුද්දක් දවසේ වැඩිහිටියන්ට බුලත් දෙන්න කියලා අපි කිව්වා. මෙයා එකපාරටම බුලත් අත අරගෙන ගිහින් එයාව බලාගන්න වැඩිහිටි කාන්තාවට වැන්දා. අපි ඔක්කෝටම හරි පුදුමයි. අන්න ඒ වගේ නිහතමානි ගුණාංග කුඩා කාලයේ ඉඳලාම එයාට තිබුණා. මෙයා පි‍්‍රයමනාප වගේම විවිධ අංශවලට දක්‍ෂ වූ නිසාම දන්න කියන අපේ යාළු මිත‍්‍රයන් කවදාහරි දවසක මෙයා ලෝකයේ ජනපි‍්‍රය චරිතයක් වේවි කියන අනාවැකි පළ කළා”
සංගාගේ මව කුමාරි සංගක්කාර තවදුරටත් එදා මතකය ගෙනහැර පෑවේ එලෙසිනි.

දුර්වලකම
සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.

”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”

විවාහය

මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත‍්‍රශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා x යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.

ඉංගී‍්‍රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව

සංගා ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.

නායකත්වය

සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.

පසුවදන

මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී‍්‍රඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි‍්‍රකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.

උපුටා ගැනීම-ලංකාදීප

ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්

ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.
ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර ගන්න. ඔබට සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය ජවය ඉන් ලැබෙනු ඇත.

•බිල් ගේට්ස්: 
පරිඝණකය අප ජීවිත වලට සමීප කිරීමෙන් 21 වන සියවසේ අප හැමගේ ජීවිත වෙනස් කල චරිතය වන අතර දශකයකට ආසන්න කාලයක් ලෝකයේ ලොකුම් ධණවතා ලෙස වැජබුනි. නමුත් බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමට පෙර හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ප්‍රතික්‍ෂේප වූවෙකි.

•ඒබ්‍රහම් ලින්කන්:
මුලු ජීවිත කාලය තුලම විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තේ වසර 5කටත් අඩු කාලයකි. දේශපාලනයට ඇතුල් වූ ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත් වීමට ප්‍රථම ප්‍රධාන ඡන්ද 12කින් පරාජයට පත් විය.

•අයිසෙක් නිව්ටන් : 
ගුරුත්වාකර්ශණය ආලෝක විද්‍යාව සහ කලනය පිලිබද මොහු කල සොයා ගැනීම් නිසා ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම ගණිතඥයෙක් ලෙස සැලකේ. එහෙත් මොහු බාල වියෙදී පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ අතර පාසලේ බොහෝ විශයයන් වලින් අසමත් විය.

•ලුඩ්විග් වෑන් බීතෝවන්:
ජර්මානු ජාතික සංගීත ශිල්පියෙකි. එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම සංගීත ශිල්පියෙක් ලෙස සැලකේ. මොහු සංගීත දිවිය අරඹන විට මොහුගේ ගුරුවරයා පවසා ඇත්තේ සංගීත ශිල්පියෙක් ලෙස ඔහුට අනාගතයක් නොමැති බවයි. එසේම ඔහුගේ සංගීත දිවිය අතරතුර ඔහුගේ ශ්‍රවන හැකියාව නැති විය. ශ්‍රවන හැකියාව නොමැති සංගීත ශිල්පියෙක්???

•තෝමස් අල්වා එඩිසන්: 
ඇමරිකාව තුල පේටන්ට් 1093ක් ඇති තෝමස් අල්වා එඩිසන් ඉතිහාසයේ පහල වූ විශිෂ්ඨතම නව නිපැයුම්කරුවෙක් ලෙස සැලකේ. මොහු කල නිර්මාණ නිසා 20 වෙනි ශත වර්ශයේ ජීවිත වඩා පහසු විය.මොහු කුඩා අවදියේදී ගුරුවරුන් මොහුට පවසා ඇත්තේ ඔහුට කිසි දිනක කිසිවක් ඉගෙන ගැනීමේ හැකියාවක් නොමැති බවයි. එසේම ඔහු ප්‍රථම විදුලි බල්බය නිපදවීමට පෙර ඒ වෙනුවෙන් අසාර්ථක වූ පරීක්‍ෂන 9000කට වඩා සිදු කර ඇත.

•මයිකල් ජෝර්ඩ්න්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම බාස්කට් බෝල ක්‍රීඩකයායි.නමුත් පාසල් වියේදී මොහුව විදුහලේ බාස්කට් බෝල කණ්ඩායමෙන් නෙරපා හැරුවේ මොහු "දුර්වල ක්‍රීඩකයෙක්" යයි පවසමිනි.

•වෝල්ට් ඩිස්නි: 
ඇමරිකන් ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකි,අධ්‍යක්‍ෂකවරයෙකි,තිර කතා රචකයෙකි, හඩ කවන්නෙකි. ලෝකයේ ප්‍රසිද්ධම කාටුන් චරිත රාශියක නිර්මාතෘ වරයායි. ඔහු විසින් ආරම්භ කල වෝල්ට් ඩිස්නි සමාගම වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 30ක ආදායමක් ලබයි. නමුත් වෝල්ට් ඩිස්නි ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඔහුගේ ගරාජය තුල වන අතර ඔහුගේ ප්‍රථම නිර්මාණය බෙහෙවින් අසාර්ථක විය.ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඔහුව උපහාසයට ලක් කලේ චිත්‍රපට නිශ්පාදනය පිලිබද ඔහුට දැනුමක් නොමැති බව පවසමිනි.

•වින්ස්ටන් චර්චිල්: 
පාසලේදී 6වන වසර අසමත් විය, නමුත් ඔහුව නැවතීමට එය සමත් නොවීය. ඉතා මහන්සි වී බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූයේ දෙවණ ලෝක යුධ සමයේදීය. ලෝක ඉතිහාසයේ සහ බ්‍රිතාන්‍යයේ මෙතෙක් පහල වූ ඉතාම වැදගත් නායකයෙකු ලෙස වින්ස්ටන් චර්චිල්ව සලකනු ලබයි.BBC මගින් 2002දී මෙතෙක් පහල වූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ජාතිකයන් 100දෙනා තේරීමේ ජනමත විචාරනයකදී වින්ස්ටන් චර්චිල් ප්‍රථම ස්ථානයට පත් විය.

•ස්ටීවන් ස්පිල්බර්ග්: 
ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකි. ඉතිහාසයේ සාර්ථකම සහ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වන අතර ඇකඩමි සම්මාන 3ක් දිනා ඇත. පාසලේ පහල වසර වලදී ඉගෙන ගන්නා අතරතුර පන්තියෙන් ඉවත් කල අතර පසුව ඔහුව අබාධිත ළමුන්ගේ පන්තියට ඇතුල් කරන ලදී. මසකට පසුව ඔහුව පාසලෙන්ම ඉවත් කරන ලදී.

•ඇල්බට් අයින්ස්ටයින්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ බුද්ධිමත්ම මිනිසුන් ගෙන් අයෙකි. 1921 නොබෙල් ත්‍යාගයේ හිමිකරුවා විය. සාපේක්‍ෂතාවාදය පිලිබදව වසර 100කට පෙර ඔහු පැවසූ කරුනු අදටත් වලංගුය. නමුත් පාසල් වියේදී ගුරුවරුන් ඔහුව හැදින්වූයේ "මෝඩ ළමයා" ලෙසය.

•මැර්ලින් මොන්රෝ: 
මැර්ලින් මොන්රෝ යනු කවරෙක්දැයි හදුන්වා දීමට අවශ්‍ය නැත. 1947 20th Century-Fox සමාගමෙන් ඇයව ඉවත් කෙරුනේ ඇයගේ අධ්‍යක්‍ෂකවරයා ඇය අවලස්සන රගපෑමට හැකියාවක් නොමැති කාන්තාවක් ලෙස සැලකූ නිසාය. එයින් නොසැලුනු ඇය 20වන ශත වර්ශයේ ජනප්‍රියම චිත්‍රපට තාරකාව බවට පත් විය.

•ජෝන් ග්‍රිෂාම්:
ජෝන් ග්‍රිෂාම් යනු වර්තමානයේ ලොව ජීවත් වන ජනප්‍රියම සහ හොදම නවකතා රචකයෙකි. නමුත් ඔහුගේ ප්‍රථම නව කතාව ප්‍රකාශකයන් 12ක් සහ ඒජන්තවරුන් 16ක් අතින් ප්‍රතික්‍ෂේප විය.

•හෙන්රි ෆෝඩ්: 
හෙන්රි ෆෝඩ් මුලින් ආරම්භ කල මෝටර් රථ කර්මාන්ත ශාලා 2ක් අසාර්ථක විය. ඉන් නොසැලුනු ඔහු ෆෝඩ් මෝටර් කම්පැනි ආයතනය ආරම්හ කල අතර ඉන් 20 වෙනි ශත වර්ශයේ ලෝක ආර්ථිකයට වූ බලපෑම අති මහත්‍ය.

•සොයිචිරෝ හොන්ඩා: 
දෙවන ලෝක යුද්ධයෙන් පසු ටොයෝටා සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස බැදීමට සම්මුඛ සාකච්චාවට ගිය හොන්ඩා ඉන් අසමත් විය. තමා විසින් නිශ්පාදනය කල කුඩා ස්කූටර් අසල් වාසීන් මිලදී ගන්නා තෙක් මොහු රැකියා විරහිතව සිටියේය.ඉන් පසු ඔහු ඔහුගේ මෝටර් බයිසිකල් නිශ්පාදනාගාරය ඇරඹූ අතර අද එය ලොව විශාලතම මෝටර් බයිසිකල් නිශ්පාදකයායි.
ඒබ්‍රහම් ලින්කන්


ජීවන තොරතුරු
නමඒබ්‍රහම් ලින්කන්
තනතුරඇමරිකානු එක්සත් රාජධානියේ
16 වන ජනාධිපති
තනතුරේ සිටි කාලය1861 මාර්තු 4 සිට 1865 ‍අප්‍රේල් 15 තෙක්
උප ජනාධිපතිහැනිබෙල් හැම්ලින් (1861-1865),
ඇන්ඩෲ ‍ජොන්සන්
පෙර සිටි උප ජනාධිපතිජේම්ස් බ්‍රචානන්
පසුව සිටි උප ජනාධිපතිඇන්ඩෲ ජොන්සන්
තනතුරඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික,
ඉලිනුවා හි සත්වන දිස්ත්‍රික්කය
තනතුරේ සිටි කාලය1847 මාර්තු 7 – 1849 මාර්තු 3 දක්වා
පෙර සිටිජෝන් හෙන්රි
පසුව සිටිතෝමස් එම්. හැරිස්
උපත1809 පෙබරවාරි 12, හාර්ඩින් නුවර,
කෙන්ටනි හි දී
විපත1865 අප්‍රේල් 15 (වයස අවු: 56),
වොෂින්ටන්හි දී
ජාතියඇමරිකානු
දේශපාලන පක්ෂයවිග් (1832-1854),
රිපබ්ලිකන් (1854-1864),
ජාතික සංධානය (1864-1865)
බිරිඳමේරි තෝඩ් ලින්කන්
දරුවන්රොබට් තෝඩ් ලින්කන්,
ඒඩ්වඩ් ලින්කන්,
විලී ලින්කන්,
ටාඩ් ලින්කන්
රැකියාවනීතිඥ වෘත්තිය
ආගමක්‍රිස්තියානි පල්ලිවලට සහභාගී වුවද
කිසිදින කිසිම ක්‍රිස්තියානි පල්යකට බැඳුනේ නැත.

හැඳින්වීම

1809 පෙබරවාරි මසම 12 වන දින උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී.
ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මනාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භ‍යත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී.
යුධ විරුද්ධවාදීන් ලින්කන් විවේචනයට භාජනය කළේ වහල්භාවය සම්බන්ධයෙන් සමඟි සම්මුතියකට ඒමට ලින්කන්ගේ තිබූ නොකැමැත්ත නිසාය. අනෙක් අතට රැඩිකල්වාදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අතර පවතින භේදය අහෝසි කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් ද ඔහු විවේචනයට බඳුන් වූයේ ඒ කරුණු හේතු කොට ගෙන වහල්භාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමය වෙත ළඟා වීම මන්දගාමී ස්වරූපයක් ඉසිලූ බැවිනි. මෙවැනි බාධා හමුවේ වුවද ලින්කන් ජයග්‍රාහී ලෙස ස්වකීය වාග් කෞශල්‍ය හා දේශනය මඟින් මහජන මතය දිනා ගත් අතර ඔහුගේ ගෙට්ස්බර්ග් ඇමතීම මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. යුද්ධයට සමීප වීමත් සමඟ ලින්කන් ප්‍රතිසංස්කරණය පිළිබඳ මැදහත් දර්ශනයක් අනුගමනය කළ අතර සමඟි සන්ධානය වීම මඟින් ජාතිය යළි ඉක්මනින් එක් කිරීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් සොයා බලන ලදී.
1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී.

ජීවිත කතාව

1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.

ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ තෝමස් ලින්කන් 1816 දී නැවතත් පදිංචිය වෙනස් කළා. එවර ඔවුන් පදිංචියට තෝරා ගත්තේ ඉන්දියානා ප‍්‍රදේශයේ පිජන් කි‍්‍රක් පෙදෙසයි.මේ වන විට ඔවුන්ට දියණියක් ද ඉපිද සිටි අතර වගුරු බිම් සහිත වූ මෙම ප‍්‍රදේශය ජීවත් වීමට නම් කිසිසේත්ම යෝග්‍ය වුණේ නැහැ. මෙම ප‍්‍රදේශයේ දරුණු ලෙසින් මැලේරියාව පැතිර යමින් තිබුණු අතර ඊට ගොදුරු වුණු ඒබ‍්‍රහම් ලින්කන්ගේ මව මරණයට පත් වුණා.බිරිඳගේ මරණින් වසරකට පසු තෝමස් ලින්කන් තවත් විවාහයක් කර ගත්තේ විශේෂයෙන්ම දරුවන් දෙදෙනාට මව් කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය බව හැඟී ගිය නිසා ය. සේරා ජෝන්සන් නම් වූ මේ කුඩම්මා ඉතා කරුණාවන්ත කෙනෙක් වුණා. ගව මඩුවක් මෙන් අපිළිවෙළට අපිරිසිදුවට තිබූ නිවස පිළිවෙළකට සකසන්නට සේරා සමත් වුණා. ඉන් අනතුරුව ඇය දරුවන්ට අකුරු ශාස්ත‍්‍රය ඉගැන්වීමට කටයුතු කළා.මේ සඳහා සේරාට දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිද්ධ වුණේ අකුරු ශාස්ත‍්‍රය ඉගෙනීම කෙරේ තෝමස් ලින්කන්ගේ එතරම් අවධානයක් නොතිබූ හෙයිනි. දරුවන්ගේ හිත් දිනා ගනිමින් ඔවුන්ට දැඩි සේ ආදරය කළ සේරා කුඩම්මාට ඒබ‍්‍රහම් ද දැඩිව ආදරය කළා. ඔහු කුඩම්මාට ආමන්ත‍්‍රණය කළේ මව කියා නොව ‘දේව මාතාව’ කියායි.

ඒබ‍්‍රහම් ඉගෙනීමට දැක්වූයේ ඉමහත් උද්‍යෝගයක්. ඔහු පාසලේ ගත කළ කාලය ඉතාමත්ම කෙටි වුණත් නිවසේ සිට අධ්‍යාපනයේ යෙදෙන්නටයි උත්සාහ කළේ. කඩදාසි සුලබ නොවුණ ඒ යුගයේ ඒවා අලෙවි වූයේ ඉතා ඉහළ මිලකටයි. මේ නිසා ලින්කන් ලිව්වේ ලෑල්ලක අඟුරුවලින්. සමහර අවස්ථාවල නිවසේ බිත්තිවල පළන ලද ලීවල සමතල පෘෂ්ඨයෙහි ගණන් සෑදීම කළා. මේවා අකුරු සහ ඉලක්කම් වලින් පිරීගිය කල්හි ඒ මතුපිට පිහියකින් සූරා දමා අලුත් මතුපිටක් සකසා ගැණුනා. ගණිතයට අවශ්‍ය පොතක් මිලදී ගන්නට තරම් වත් වත්කමක් නොතිබුණු නිසා හෙතෙම පොතක් ණයට ඉල්ලාගෙන එය ලිපි ශීර්ෂ කඩදාසි වල පිටපත් කර ගත්තා. පසුව එම කඩදාසි නූලකින් මසා පොතක් සාදා ගත්තා.ඉගෙනීම කෙරේ දැඩි අවධානයකින් සිටි නිසාම කෙතරම් ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඉන් අධෛර්්‍යයට පත් නොවී දිගමට තමාට හැකි ආකාරයෙන් අධ්‍යාපනය ලබා ගන්නටයි ලින්කන් වෙර දැරුවේ.එහෙත් ලින්කන්ට නොකඩවාම පාසල් යන්නට ලැබුණේ නැහැ. අග හිගතා ක‍්‍රමයෙන් වැඩිවත්ම පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නටයි ඔහුට සිද්ධ වුණේ. එහෙත් කියැවීමේ පුරුද්ද අත්හැරියේ නම් නැහැ. පොත් කියවීම නිසා ඔහු ඉදිරියේ නව මායාකාරී ලෝකයක් විවෘත වුණා.කිසි දිනෙක මෙවන් ලොවක් දැක නොතිබූ ලින්කන් මේ නිසා වෙනස්ම මිනිසෙකු බවට පත්වුණා. මේ නිසා ඔහුගේ සීමා මායිම් පුළුල් වුණු අතර නව දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට ඔහු ඉගෙන ගත්තේ මේ පොත පතෙන් ලද දැනුමෙනි. පොත් කියවීම කෙරේ ලින්කන්ගේ තිබුණු නැඹුරුව දුටු ඔහුගේ කුඩම්මා ලින්කන්ට පොත් පහකින් යුත් කුඩා පුස්තකාලයක් මිලදී ගෙන දුන්නා. බයිබලය, ඊසොප්ගේ උපමා කතා, රොබින්සන් කෲසෝ, වන්දනා ගමනේ ප‍්‍රගතිය සහ සින්බෑඩ් නැමති නැවියා යන පොත් පහයි ඊට අන්තර්ගත වුණේ.පහසුවෙන් කියැවිය හැකි වූ ඊසොප්ගේ උපමා කතා සහ බයිබලය, ඔහුගේ පුරුදු, කතා කිරීමේ පුරුදු, සංවාද විවාද ඉදිරිපත් කිරීමේ ක‍්‍රම කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නට සමත් වුණා.

වැඩි වැඩියෙන් පොත් කියවන්නට නැඹුරු වූවද පොත් මිලදී ගන්නට තරම් වත්කමක් ලින්කන් සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඔහු පුවත්පත්, පොත්, මුද්‍රිත ඕනෑම දෙයක් ණයට ගෙන කියවන්නට පුරුදු වුණා. ඔහියෝ නදියේ පහළට ගමන් කළ හෙතෙම ‘ඉන්දියානාවේ සංශෝධිත නීති’ පිළිබඳ පොතක් නීතිඥයෙකුගෙන් ණයට ඉල්ලාගෙන කියෙව්වා. එක්සත් ජනපදයේ නිදහස සහ ව්‍යවස්ථාව ඔහුට ප‍්‍රථම වරට කියන්නට ලැබුණේ එමගිනි. ඉඩම් හිමි අසල්වැසි ග ොවියෙකුගෙන්, චරිතාපදාන දෙක තුනක් ණයට ඉල්ලා ගත් ලින්කන් රැයක් දවාලක් නැතිව ඒවා කියන්නට වුණා. ඒ අතරින් ඔහුගේ හිත ගිය චරිතාපදනය වූයේ වොෂිටන්ගේ කතාන්තරයයි. ඔහු වැඩ කරන්නට යන සෑම තැනකටම මෙම පොත් රැගෙන ගොස් ලැබෙන සෑම විවේකයදීම ඒවා කියවන්නට වුණා. හාස්‍ය රසය උත්පාදනය කරමින් දක්‍ෂ ලෙස වචන හැසිරවීමට මොහු අති දක්‍ෂයකු වූයේ තමා කියැ වූ පොත පතෙන් ලැබුණු ආභාෂයට පිං සිදුවන්නටයි.

දේශපාලනයට පිවිසීම1828 දී ඕෆට් නම් වූ ගොවියකු සමග ‘නිව් ඔර්ලයන්ස්’ නගරයට එළවළු, පලතුරු ආදිය ගෙන යන පාරු කරුවකු ලෙසින් ලින්කන් සේවයට එක් වුණා. මෙම ගමනේ දී ඔහුට ප‍්‍රථම වරට කළු ජාතික නීග්‍රෝ වහලුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක ගන්නට ලැබුණු අතර ඊට එරෙහිව යම් පියවරක් ගත යුතු බව ලින්කන්ගේ සිතෙහි හටගත්තේ එදිනයි.ටික කලකින් නිව් සේලම් හි ඕෆට්ගේ ගබඩාවක කළමණාකාර ධූරයක් ලින්කන්ට හිමි වූ අතර එහිදී ද මුල් තැන දුන්නේ පොත් පත් කියැවීමටයි. ක‍්‍රමයෙන් ප‍්‍රදේශයේ උගතා බවට පත් වූයේ ලින්කන්ය. නිතරම දේශපාලන වාද විවාද වලට පැටලුණු ලින්කන්ට දේශපාලනයට නැඹුරු වීමට අත හිත දෙන ලද්දේ ජේම්ස් රට්ලේජ් නමැත්තෙකු විසිනි. මේ අතරතුරේ දී ඕෆට්ගේ ව්‍යාපාරය බංකොලොත් වී ගියා. ලින්කන් තවත් මිතුරකුත් සමඟ එක් වී වෙළෙඳාමක් ආරම්භ කළා. එහෙත් ව්‍යාපාර කටයුතු වලට වඩා පොත පතට ඇලී ගැලී සිටීම නිසා එයද පිරිහී යන්නට වැඩි කලක් ගත් වූයේ නැහැ.මීළඟට ලින්කන්ගේ රැකියාව වූයේ ලියුම් බෙදීමයි. නිව් සේලම් හි තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළේ ඔහුයි. සිය හිස් වැස්ම තුළ ලිපි රඳවා ගෙන ගෙන් ගෙට ගොස් ලිපි බෙදීම ඔහුගේ සිත් ගත්තා.ති‍්‍රකෝණමිතියත්, ලඝු ගණකයත් හදාරා මිනින්දෝරුවකු වන්නටයි ඔහුගේ ඊළඟ අභිප‍්‍රාය වූයේ හෙතෙම උප මිනින්දෝරුවෙකු ලෙසින්ද කටයුතු කළා. ලින්කන් කියවූ පොත් පත් වලින් වැඩි හරියක්ම වූයේ නීති පොත් ය. මේ නිසා නීතිය හදාරා නීතීඥයකු වීමේ අදහසත් ඔහු සිත තුළ හට ගත්තා. ඒ අනුව ඔහු නීතිය හදාරන්නට වුණා. නීතිඥවරයකු බවට පත් වුණු ලින්කන් මේරි ටොඩ් නමැති කාන්තාවක හා විවාහ වුණා.1847 දී කොංග‍්‍රස් අසුනක් ලබා ගැනීමේ අදහසින් ලින්කන් වොෂිංටනය බලා ගියා.1847 සිට 1849 දක්වා කාලය ඔහු වැය කළේ වහල් සේවකයක් නිදහස් කර ගැනීම වෙනුවෙනි. එහෙත් එය සාර්ථක කර ගන්නට ඔහුට පුළුවන් වුණේ නැහැ.

සෙනෙට් සභා අසුනකට තරග කළ ලින්කන්ට හිමි වූයේ පරාජයයි. වසරක් ඇතුළත රිපබ්ලිකන් පක්‍ෂය සංවිධානය කරගන්නට ලින්කන්ට පුළුවන් වුණා. 1860 මැයි මාසයේ දී රිපබ්ලිකන් පක්‍ෂයේ ජාතික සම්මේලනයේ දී ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්‍ෂකයා ලෙස තෝරා ගන්නට තීරණය වුණා. එම ඡන්දයෙන් ජයගත් ලින්කන් ඇමරිකාවේ ජනාධිපති ලෙසින් තේරීපත් වුණා. වර්ෂ 1861 පෙබරවාරියේ දී වොෂිංටනයට ගිය ඒබ‍්‍රහම් ලින්කන් මාර්තු 4 වැනි දින ජනාධිපති ධූරයේ වැඩ බාර ගත්තා.ලින්කන්ගේ පත්වීමට දකුණු ප‍්‍රාන්තය විරෝධය පෑ අතර දකුණු කැරොලිනා වාසීන් අපෙ‍්‍රල් 12 වැනිදා සටන් ආරම්භ කළා. සිවිල් යුද්ධයකට කැමැත්තක් නොදැක්වූවද දක්‍ෂිණ වාසීන් හා සටන් කරන්නටයි ලින්කන්ට සිද්ධ වුණේ. ලින්කන් දෙවැනි වරටද ජනාධිපති ලෙස තේරීපත් වුණු අතර 1865 දී වහල් බව නීති විරෝධි කරමින් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිකුත් කෙරුණා. ඒ වන විට ද යුද්ධය පැවතුණ අතර යුද්ධය ආරම්භ කළ අයම එය නවත්වන තුරු සටන දිගටම ගෙන යන්නටයි ලින්කන් තීරණය කළේ. අවසානයේ දී යුද්ධය නිමාවට පත් වුණා.යුද්ධය අවසන් වීමෙන් පසුව ජනාධිපති තම බිරිය සමඟ නාට්‍යයක් නැරඹීමට වොෂිංටනයේ ෆෝඩ් නෘත්‍ය ශාලාවට ගිය. එහිදී ජෝන් විලික්ස් බූත් නැමැත්තෙකු ලින්කන් ජනාධිපති තුමාට වෙඩි තබා ඝාතනය කළා.වඩුවෙකු, ඔරු පදවන්නෙකු, මිනින්දෝරුවෙකු ලියුම් බෙදන්නෙකු, තැපැල් මහතෙකු හා නීතිඥයෙකු ලෙසින් ජීවිතයේ යුග කිහිපයක්ම පසු කර කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කටයුතු කළ ඒබ‍්‍රහම් ලින්කන් අදටත් ඇමරිකානු ජනතාවගේ අමරණීය චරිතයකි. ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේද බොහෝයි.

ජනාධිපති ලින්කන් දැරියක්‌ නිසා රැවුල වවයි.

වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක්‌ එක්‌ කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය.

ලෝක ඉතිහාසය පුරාම මිනිස්‌ අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක්‌ ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ. තෝමස්‌ ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක්‌ විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක්‌ සෙව්වේය. රටක නිදහස්‌ මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. මේ පුංචි සිදුවීම ඔහුගේ නිරහංකාරකම විදහා දක්‌වන්නකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙක ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක්‌ තිබිණි. ඒබ්‍රහම් ලින්කන් ඒ ලිපිය දෙතුන් වරක්‌ කියෙව්වේය.

වෙස්‌ට්‌ පීල්ඩ් ඉල්

නිව්යෝර්ක්‌

1860 ඔක්‌තෝබර් 15

ගරු. ඒ. ලින්කන්

ප්‍රිය මහත්මයාණනි, 

ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්‌. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා මම ඔබේ එක අඩුපාඩුවක්‌ දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක්‌ නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක්‌ දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක්‌ ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා. 

මගේ සහෝදරයෝ හතර දෙනෙක්‌ ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක්‌ ඔබ ජනාධිපති වෙනවට හුඟක්‌ කැමැතියි. ඒත් අනෙක්‌ දෙන්නා තවමත් ඒ ගැන තීරණයක්‌ අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක්‌ සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.

මෙයට 

ග්‍රේස්‌ බෙඩෙල්

ග්‍රේස්‌ගේ ලිපිය දෙස බොහෝ වෙලාවක්‌ ලින්කන් බලා සිටියේය. මේ මොහොතේ රැවුල වැව්වොත් එය ඡන්ද උපක්‍රමයක්‌ ලෙස මිනිසුන් සිතයිද? ඒත් ග්‍රේස්‌ගේ යෝජනාව ඉවත දැමිය නොහැකිය. ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ අවුරුදු එකොළහක පුංචි දැරිවියක්‌ කියන දේ විශ්වාස කළ යුතුද? බොහෝ වේලාවක්‌ කල්පනා කළ ලින්කන් ග්‍රේස්‌ට ලිපියක්‌ ලීවේය. තමා ඇගේ අදහස අගය කරන බවත්, රැවුල වැවීමට අදහස්‌ කළ බවත් ලියන්නට ලින්කන් අමතක නොකළේය. ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජයග්‍රහණය කළේය. ලින්කන් ජනාධිපතිවරයාට ධවල මන්දිරය කරා යැමට විශේෂ දුම්රියක්‌ පිළියෙල කෙරිණි. ධවල මන්දිරය කරා යන ජනාධිපතිවරයාට සුබ පතන්නට ජනතාව දුම්රිය මඟ දිගට පොරකමින් බලා සිටියහ. දුම්රිය වෙස්‌ට්‌ පීල්ඩ් නගරයට ආසන්න වන විට ජනාධිපතිවරයාට යමක්‌ සිහිපත් විය. ඔහු වෙස්‌ට්‌ පීල්ඩ්වල දුම්රිය නතර කරන ලෙස දැනුම් දුන්නේය. ධවල මන්දිරයට යැම පසෙක තබා ඒබ්‍රහම් ලින්කන් දුම්රියෙන් බිමට බැස්‌සේය. මිනිසුන් ජය ඝෝෂා කරන්නට ගත්හ.

"ග්‍රේස්‌ බෙඩෙල් කියන පුංචි දැරිවි මෙතන ඉන්නවද? එයා මට ලිපියක්‌ එවලා තිබුණා. මං ආවේ එයාව මුණගැහිලා ටිකක්‌ කතා කරලා යන්න. මේ සෙනග අතරේ එයා ඉන්නවා නම් මං ඒ පුංචි සුරංගනාවිය බලන්න ආශාවෙන් ඉන්නේ... ඉදිරියට එන්න.."

ජනාධිපතිවරයා ඔල්වරසන් නඟන මිනිසුන් ඉදිරියට පැමිණ කීවේය. ඒ සෙනඟ අතරේ සිඟිති ග්‍රේස්‌ සිටියාය. අගේ මව ග්‍රේස්‌ව ජනාධිපතිවරයා ඉදිරියට ගෙන ආවාය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඇයව තම දෑතින් ඔසවා ගත්තේය. අගේ කම්මුල් දෙක කිහිපවරක්‌ම සිප ගත්තේය. 

"ඔයා ද ග්‍රේස්‌ බෙඩෙල්"

"හ්ම්" 

ඔයා කිව්වනේ මම රැවුල වැව්වම ලස්‌සනයි කියලා. ඔන්න මං රැවුල වැව්වා. දැන් මම ලස්‌සනද? මේ විදිහට රැවුල වැව්නම හොඳ ද?" ඒබ්‍රහම් ලින්කන් පුංචි දැරියගෙන් ඇසුවේය.

"ඔයා දැන් ලස්‌සනයි. ඔයයි මගේ ජනාධිපති" ග්‍රේස්‌ කීවේය. ග්‍රේස්‌ව යළිත් වරක්‌ සිපගත් ලින්කන් ධවල මන්දිරයට ගියේ ඇමරිකානු ජනාධිපති ලෙස දිව්රුම් දෙන්නටය. 

ග්‍රේස්‌ බෙඩෙල් තමා වෙත එවූ ලිපිය රාමුකර නිවසේ එල්ලා තැබීමට ලින්කන් අමතක නොකළේය. එම ලිපිය කෞතුක වස්‌තුවක්‌ සේ ඒබ්‍රහම් ලින්කන් නිවසේ සුරක්‌ෂිතව තබා ඇත.

ග්‍රේස්‌ බෙඩෙල් වෙත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් යවන ලද ලිපිය 1966 වන තුරුත් ග්‍රේස්‌ගේ මුණුබුරන් සතුව තිබිණි. පසු කලෙකදී ඔවුන් එම ලිපිය ඩොලර් 20000 කට වෙන්දේසියේ විකුණනු ලැබීය. ජනාධිපති ලින්කන් විසින් ග්‍රේස්‌ වෙත එවන ලද ලිපිය ඩේවිඩ් වොල්පර් නම් සිහිවටන එකතු කරන්නෙකු සතුව පවතී. 


නැනෝ තාක්ෂණය

නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.

නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්

නැනෝ නාල

1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.

නැනෝ පෙරණ

මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.

නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.

නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍යේදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිනිති - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපකරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයටද ඉඩ සැලසී තිබේ.

අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

නැනෝ සංයෝග

මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.

අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.

ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.

නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.

DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වල ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.

අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.

අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.
පරිගණකයට අධිපති දෙවියා වෙමු

දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..

ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි..

*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED

එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා..
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D
සිංහල සිරිත් කෝ සිංහල අවුරුද්දේ

එරබදු මල් මෙවුල මිහිලිය බඳින            ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව        වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස      සෙනේ
‍නොදනිමි අපේ ගැමි ආරට කිමද          වුණේ


ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන           බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු            නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය             වෙත
බටහිර උපන් රස මසවුලු එමට               ඇත


යුගයෙහි අපේ පෙම්බර මව්           පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු       උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම        හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි         හැදෙන්නේ


පන්සල් වල ගමේ නැත හිසතෙල්         ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට              කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය       නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු                   වීම


මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි         කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි         වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති           පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය               කල


වීරසිංහ මල්ලිමාරච්චි
(සිතිවිලි සයුර)
1993
3D ටීවී එකක් නැතුව කම්පියුටරෙන් 3D බලමු.


මාතෘකාව දැක්ක ගමන්ම ඔයාල පුදුම වෙන්න ඇති.ඒත් සමහර කට්ටිය නම් හිතන්න ඇත්තෙ kmplayer එකෙන් 3d බලන එක ගැන.ඒත් KMP එකෙන් 3ඩී බලන්න නම් විශේෂ කණ්ණාඩියක් ඕන.ඒත් මම කියන්න යන ප්ලේයර් එකෙන් සාමාන්‍ය රතු නිල් කණ්ණාඩියකින් 3ඩී බලන්න පුළුවන්.ඒ කණ්ණාඩියක් හොයාගන්න එච්චර අමාරු නෑ.ඒ ප්ලේයර් එකේ නම QQ Player .ඒ ප්ලේයර් එක පහල ලින්ක් එක කලික් කරලා බාගන්න.3ඩී බලන්නත් පුළුවන් හින්ද ඔයාල හිතනව ඇත්තෙ ලොකු සයිස් එකක සොෆ්ට්වෙයාර් එකක් කියල වෙන්නඇති කියල නේද?නෑ ඒක 29mb සොෆ්ට්වෙයාර් එකක්.ආ මට කියන්න අමතක වුනා!මේකෙන් වීඩියෝ 1 ඕපන් කරල alt + d ඔබන්න.ඊට පස්සෙ 2d go 3d කමාන්ඩ් එක දෙන්න.
මේක LCD,LED මොනිටර්වල ගොඩක් හොඳට වැඩ කරනවා.

Download

click to begin

29.1MB .zip

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ
උපත1890 මැයි 29 වන දින
මියගියේ1976 ජූලි 23වන දින නාවල
මරණයට හේතුවරෝගී තත්ත්වයක්
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
මව්පියෝළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි

මුල් කාලය

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය(1944),යුගාන්තය (1948) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

අපේ ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහට හිමි තැන 

ඉකුත් සියවසේ තුන් අඩක්‌ ගෙවුණු තැන, මාර්ටින් වික්‍රමසිංහට අසූපස්‌වැනි විය පිරුණි. 1975 වසරේදී යෙදුණු හෙළයේ මහගත්කරුගේ අසූපස්‌වැනි ජයන්තියද, ශ්‍රී ලාංකීය සමාජයට මහත් අසිරිමත් අවස්‌ථාවක්‌ වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාසහිත තිසර ප්‍රකාශකයින් විසින්, ඒ නිමිතිකොටගෙන මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala) යන හිසින් ලිපි එකතුවක්‌ පළ කෙරිණි. මෙම කෘතියෙහි තෙතැන සඳහන් කර ඇති එකී ලේඛන සමුච්චයට, දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ද විසින් ලියන ලද සාරගර්භ වූද, මහා ලේඛකයාගේ ජීවන තොරතුරු අනාවරණය කෙරෙන්නාවූ ද, ලේඛන රැසක්‌ ඇතුළුව තිබුණි.

ඔහු ධරමාන කාලයේ ප්‍රකාශිත අවසාන ග්‍රන්ථය වූයේ, ඉංගිරිසි බසින් ලියන ලද Sinhala Language and Culture යන කෘතියයි. ඒ වසරේදී අනෙක්‌ ග්‍රන්ථයක්‌ ඔහු අතින් නොලියවුණද, ඔහුගේ ගලිවරායණයේ අලුත් මුද්‍රණයක්‌ පළ වූ බව පෙනෙයි. ඊට අමතරව, "පුණ්‍ය ෙච්තනාව හා අගම භක්‌තිය" (ඥdනාර්ථ ප්‍රදීපය), "වී ගොවිතැන නිසා උපන් සිංහල සහ්‍යත්වය - නව ගොවි යුගයක උදාව" (පලදාවර්ධන කමිටු හා ගොවි කාරක සභා සාමාජිකයන් සඳහා අත්පොතක්‌) "සකුවටත් ඉංගිරිසියටත් වහල් වූ සිංහ උගත්ත් (කලා පුවත් - ගාල්ල සාහිත්‍ය උත්සව විහේෂ සංග්‍රහය), "සිංහල සංස්‌කෘතිය" (දිනමිණ වෙසක්‌ කලාපය), යන ලිපිද ඔහු නමින් පළව ඇති බැව් මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය දක්‌වයි.

සිය පියාණන් අසූවැනි වියට එළඹුණු අවස්‌ථාවේදී ඔහු පිළිබඳ සමරු සටහන් ලියන රූපා දියණිය කියා සිටියේ, "තාත්තා සිතින් තවමත් ප්‍රබලය, කයින් දුබලය" කියාය. එහිලා ඇය මෙසේද පැවසුවාය.

"1971 දී පමණ ඔහුගේ පෙනීම දුර්වල වන්නට වූ විට, ඔහු එය දුටුවේ තමාට සිදු වන මහා විපතක්‌ ලෙසය. ඔහුගේ ඇස්‌ නොපෙනී යාමට ඉඩ ඇතැයි වැටහුණු විට එය ඔරොත්තු දිය නොහැකි පහරක්‌ ලෙස දැනිණ. ස්‌වල්ප කාලයක්‌ ඒ ගැන සසල වූ සිත් ඇතිව ලතැවුණු තාත්තා, දස හැවිරිදි වියෙහිදී තම පියා මැරුණු විට අසරණ නොවූ ලෙසම, අසූදෙවැනි වියෙහි දී තම නෙත් අඳුරු වූ විටද අසරණ නොවීය. නොයෙක්‌ පරීක්‌ෂණවලින් පසුව ඔහු අම්මාත් සමග මොස්‌කව් බලා පිටත් වූයේ, අභීතව ශල්‍යකර්මයකට මුහුණ දීමටය. තුන් මසෙකින් තාත්තා පෙරළා පැමිණියේ, සම්පූර්ණ සුවය ලබා නොවේ. පෙනීම ක්‍රමයෙන් ප්‍රබල වෙතියි යන බලාපොරොත්තුව ඇතිවය. එම බලාපොරොත්තුව ඉටු විය. ශල්‍යකර්මය ලැබූ ඇසෙහි පෙනීම දැන් ක්‍රමයෙන් පැහැදිලි වේ. 1972 න් පසුව ඔහු අලුත් පොත් හතරක්‌ම පළකොට ඇත. අනික්‌ ඇසේද ශල්‍යකර්මයක්‌ කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි."

එහෙත්, ඒ ශල්‍යකර්මය කරන්ට ඉඩ නොලැබුණි.

1975 - 1976 අවුරුදුවලදී වැඩි වශයෙන්ම නිවසේ විවේකීව ගත කරනු දක්‌නා ලදී. තමා මුණ ගැහෙන්ට පැමිණි ලේඛන මිතුරන්ට සහ සෙසු ඥdති ගණයාට ඔහු නිතර කියා සිටියේ, තමාට කළ හැකි වූ එකම කාරිය වූ පොතක්‌ කියවන්ටද දැන් ඉඩක්‌ නොමැති බවය.

අනවරතයෙන් අවදිව පැවති ක්‍රියාකාරී මනසකින් පොතපත කියවූ, පොතපත ලියූ, ලෝකය දෙස බැලූ, ජීවිතයත් ලෝකයක්‌ විමසූ මාර්ටින් වික්‍රමසිංහ නමැති මහගත්කරුට, තම ජීවිතයේ විඩාව ඔහුට මඳින් මඳ දැනෙන්ට විය ඔහුගේ සෞඛ්‍ය බිඳෙන් බිඳ පිරිහෙමින් පැවැත්තේය. එතෙකුදු වුවත්, 1976 වසරේද ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක්‌ පුවත්පත් සඟරාවල පළ විණි. "අනුරාධපුර සංස්‌කෘතියට බමුණු වෙස්‌ පිවිසීම" සමරු කලාපය - අනුරාධපුර මහජන පුස්‌තකාලය සඳහා ඉදි කෙරුණු නව ගොඩනැගිල්ල විවෘත වීම නිමිති කොටගෙන පළ වූ ප්‍රකාශනය), "කර්ම වාදය" (බුදුසරණ), "බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්‌කෘතිය" (බුදු සරණ), "වීර්ය පාරමිතාව" (බුදු සරණ) යන ලිපි කිහිපය, ඒ අතර විය.

කලින් වසරේදී ලියා අවසන් කළ Sinhala Language and Culture පොත පළ වීමෙන් පසුව, සිංහල භාෂා සාහිත්‍යයෙන් අනන්‍යතාව හා ඊට හිමි නිදහස්‌ රීතිය පිළිබඳ වරින් වර ලියන ලද ලිපි එකතු කොට, සිංහලෙන් ද පොතක්‌ පළ කිරීමේ කාර්යයෙහි ඔහු යෙදී සිටියේය. එම ලිපි එකතුව මුද්‍රණයට යෑවීම සඳහා පිටපත් කිරීමේ කාර්යය ඔහු විසින් පවරන ලද්දේ දයාපාල ජයනෙත්ති වෙතය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අවසාන කාලයේ දී පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපිය. එම ලිපි සැලකිල්ලෙන් යුතුව කියවා සකස්‌ කළ ඔහු, ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය වෙනුවෙන් පොත නම් කොට, එය මුද්‍රණය සඳහා ද සූදානම්ව තැබීය. ඒ අතර උපන්දාසිට කෘතියේ දෙවැනි කොටස වන මහලු විය පිළිබඳ මතක සටහන් ලියන්ටද, කරුණු ගොනු කරමින් සිටියේය. එහෙත් එම පොත ලියන්ට වුව, ඔහුට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත.

ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය යනුවෙන් සකස්‌ කරන ලද ග්‍රන්ථය සඳහා ඔහු විසින් සංඥdපනයක්‌ ලියන ලද්දේ 1976 මැයි මාසයේදීය. එම සංඥdපනයද, එකී කෘතියේ දහඅටවැනියට දැක්‌වුණු "අනුකාරක යුගයේ අවසානය" නමැති කෙටි ලේඛනයද ඔහු විසින් ලියන ලද අවසාන නිබන්ධ සේ සැලකිය හැක්‌කේය.

මාර්ටින් වික්‍රමසිංහ හදිසියේ රෝගාතුර වූයේ, එම පොත මුද්‍රණයට යෑවීම සඳහා සූදානම් කොට තිබියදීය. ඒ, 1976 ජුලි මාසයේදීය. ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක්‌ නොවෙනස්‌ව පැවතියේය.

ජුලි 23 වැනි දින එළඹුණි. එදින සිය නාවල නිවසේදී ජීවිතයත් ලෝකයත් දෙස තියුණු බැල්මෙන් බැලූ මහා ලේඛකයාගේ දෙනෙත සදහටම පියවුණේය.

මහා ගත්කරුගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට වාර්තා විණි. මාර්ටින් වික්‍රමසිංහ අවසන් හුස්‌ම හෙළුE ජුලි 23 වැනි දිනය, සිකුරාදා දිනයක්‌ විය. පසු දින ලංකාදීප පුවත්පත් සිය මුල් පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට එපුවත් වාර්තා කළ අතර, ඊට පසු දින ශ්‍රී ලංකාදීපයද එම පුවත ප්‍රධාන පුවත හැටියටම පළ කෙළේය. ලේක්‌හවුසියේ පුවත්පත්වල ද එය පළ වූයේ ප්‍රධාන පුවත හැටියටය. මහා ලේඛකයාගේ අභාවය වාර්තා කළ ශ්‍රී ලංකාදීපය, "ඔහු සිංහල විශ්වකොෂයක්‌ බවට පත්ව සිsටියේ වනැ "යි සඳහන් කළේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින්, "මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය රටටත් අපේ සංස්‌කෘතියටත් පාඩුවකැයි ද, අපේ ඉතිහාසයේ මහා සාහිත්‍යධරයන්ගේ පරපුරෙහි සදාකාලික හා ගෞරවනීය ස්‌ථානය එතුමාට හිමි වනු නොඅනුමානය" යි ද කියා සිටියාය.

25 වැනි ඉරුදින නාවල නිවසින් පිටත් වුණු අවමංගල රිය පෙරහැර, එදිනම සවස කොග්ගලට ළඟා විය. පසු දින එනම් 26 වැනි සඳු¹ හවස කොග්ගල දී අතිවිශාල මහා ජනකායක්‌ ද ප්‍රභූ පිරිසක්‌ ද මධ්‍යයෙහි මහා ලේඛකයාගේ ආදාහන උත්සවය සිදු කෙරිණි.

දහඅටවැනි සියවසේ වසර දහයක්‌ පුරාද, ඉකුත් විසිවැනි සියවසෙහි වසර හැත්තෑහයක්‌ පුරාද මාර්ටින් වික්‍රමසිංහගේ පිය සටහන් ශ්‍රී ලංකා ධරණි තලය මත රැඳී තිබුණු වග අපගේ ඉතිහාසයට එකතු කරමින්, ඔහුගේ අවසානය එසේ සිදු විය.

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතාවලින් හෙළිවන බෞද්ධ චින්තනය

කෙටි කතාව යනු කුමක්‌ද යන්න නොදැන සිටි සමයක එහි අරුත අපට පැහැදිලි කර දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස වැනි අය කෙටිකතා නිර්මාණය කළද එම කෙටි කතා කතාවට පමණක්‌ සීමා විය. එහි අවවාද අනුශාසනා ගැබ්වී තිබිණි. එහෙත් කෙටි කතාවකින් අවවාද හා අනුශාසනා දීම නොව සිදුවිය යුත්තේ ගැඹුරු ජිවන දර්ශනයක්‌ මතුවිය යුතු යෑයි වික්‍රමසිංහ හෙළි කළේය. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල කාර්ය භාරයක්‌ ඉටු කළ කෙටි කතාව සිංහල පාඨක ලෝකයාට හඳුන්වාදීමේ ගෞරවය නියත වශයෙන්ම සිදුවිය යුත්තේ වික්‍රමසිංහටය. පෙර අපර දෙදිග කෙටි කතා කියවා එයින් ලත් පරිචය, ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන හා සිංහල ජාතක කතා කියවා ලත් දැනුම් සම්භාරය මත කෙටි කතාව මෙසේ විය යුතු යෑයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි කතාව බටහිරින් ණයට ගත් දෙයක්‌ යෑයි මහාචාර්ය ඊ. ආර්. සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක යන අය පවසද්දී එය එසේ නොව අපෙන් බටහිරට ගොස්‌ පසුව එය කලාත්මක ස්‌වරූපයක්‌ ලෙස හැඩගැසුණාය යනුවෙන් අර්ථ විග්‍රහයක්‌ කළේත් වික්‍රමසිංහයි. සිංහල ජාතක පොත මැනවින් පරිශීලනය කොට එම කතා සුගැඹුරෙන් යුතුව විමර්ශනය කොට හොඳ කෙටි කතාකරුවන්ට සිංහල ජාතික පොතෙන් ලබත හැකි ආභාසය ඉමහත් බව ඔහු පෙන්වා දුන්නේය.

විවිධ ක්‍ෂේත්‍රවලින් ලත් අනුභූති ආශ්‍රයෙන් වික්‍රමසිංහ කෙටිකතා පන්සියක්‌ පමණ ලියා ඇති අතර එම කෙටි කතා එකතු කොට වෙළුම් 2 කින් යුත් කෙටි කතා 108 ක්‌ එයට අන්තර්ගත කොට ඇත. මේ කෙටි කතා සියල්ලම විශ්ලේෂණය කිරීම අපහසු හෙයින් බෞද්ධ චින්තනය පමණක්‌ මතුවන කෙටි කතා මේ මගින් විමර්ශනයට භාජන කැරිණි.

"හිස්‌ කබල" බෞද්ධ චින්තනය මතුවන එක්‌ කතාවකි. හිස්‌ කබලෙහි අන්තර්ගත අනුලා ස්‌වකීය රූ සපුවෙන් අතිශය ආඩම්බරයට පත් කාන්තාවකි. රුව පිළිබඳ නිතරම ඇල්ම උපදවා එය වඩාත් ප්‍රබල තලයකට ගෙන ප්‍රභාමත් කිරීමට වෙහෙස වුණු කාන්තාවකි. බෞද්ධ යථාර්ථය යනු කුමක්‌ද නොදැන ගිය ගමනකදී අනුලා අතරමං වේ. රූ සපුව කෙමෙන් දුබලවී, කෙස්‌ පැසී ඇඟ රැළි වැටී අර රූප සෝභාව පහවී යැමේ ස්‌වභාවය තේරුම් ගන්නට තරම් විඥනයක්‌ ඇය කෙරෙහි නොතිබීම පිළිබඳ වික්‍රමසිංහ ඇයට අනුකම්පා කරයි. අනුලා ලෝකෝත්තර සුවයට වඩා ඇල්ම කෙළේ ලෞකික සුවයටය. ජිවිතය සදාකාලිකය. එය වෙනස්‌ නොවන්නේය යන මතයේ රැඳී මායාකාරී ලෝකයක දිවි ගෙව්වාය. ලෝකයේ යමෙක්‌ ඉපදුනහොත් මිය යනවාය, යමක්‌ ඇති වුවහොත් විනාශ වෙනවාය යන නියතය නැත්නම් ධර්මතාව 

ගැන ඇයට අවබෝධයක්‌ නොවීය. වෙසක්‌ පෝයදා වෛද්‍ය සිසුන්ගේ හිස්‌කබලකට බියවූ ඇය තමන්ගේ රුවැති රූපයටත් අත් වන්නේ මේ ඉරණම නොවේද යන්න ඇය පසක්‌ කර ගත්තාය. "මං අද සිල් ගත්තා..." යනුවෙන් පවතින්නට තරම් අනුලා ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන්නටත් අප මේ කරන සියලු දේ නිසරුය යන හැඟීමට පැමිණීම හේතු කොටගෙන ස්‌වකීය මුතුපට විකුණා මුදල් කර අරමුදලේ භාණ්‌ඩාගාරික වෙත යවන ලෙස ලියුමක්‌ද ලියා තම ස්‌වාමියාට බාර දුන්නාය. ඇයගේ මේ වෙනස්‌ වීම ස්‌වාමියාට ද ප්‍රහේළිකාවක්‌ විය."හිස්‌ කබල" කෙටි කතාවෙන් නිරූපිත ජීවිත දර්ශනය සුගැඹුරුය. බොහෝ දේ මෙනෙහි කරන්නට අපට අවකාශ ලබා දෙන්නේය.

වික්‍රමසිංහගේ "උපාසකම්මා" කෙටි කතාවද මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතා හෙළි කරන්නකි. උපාසකම්මා හැම පෝයකටම සිල් ගත්තත් ඇයගේ මසුරු සිත පහව ගියේ නැත. ආශාවන් පොදි බැඳගෙන ජීවත් වූවා විනා සසරින් එතෙර වන්නට මාර්ගය පාදා ගත්තේ නැත. ඇයගේ සීලය නමට පමණක්‌ සීමා විය. "... අම්මා කළේ හැම පෝයටම සිල් ගත්ත එක විතරයි. පසළොස්‌වකටත්, අමාවකටත්, මාසේ පෝයටත් වරද්දන්නෙ නැතිව සිල් ගත්තා. කරගත් පින එච්චර තමයි. සිල් අරගෙන පිළිකුල් භාවනාව කළා. පන්සලට එක දානෙ වේලක්‌ දෙන්න වියදම් කළේ නැහැ" (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, 1 වැනි වෙළුම, කෙටි කතා 195 පිටුව) උපාසකම්මාගේ ලේලියගේ මේ වදන් අනුව ගැමි ගතියට සිල් ගත්තත් ඇයගේ කුම්මැහිකම ජීවිතයෙන් පහව ගියේ නැත. පෙට්‌ටගමක්‌ පුරවා නානා වර්ගයේ කම්බා අප්‍රමාණව තිබුණත් ඒ එකක්‌වත් ඇය පරිහරණය කළේ නැත. ඇය ඇඳ සිටියේ ඉරීගිය කඩ මාල්ලකි. පැදුරු ආණේ රටා දැමූ පැදුරු කොතරම් තිබුණත් ඇය එක පැදුරක්‌වත් පරිහරණය කළේ නැත. පැදුරු කඩමාල්ලක ගුලිවී නිදා ගැනීම ඇයගේ සිරිතයි. ජීවිතයේ අවසාන භාගයේ දිවි ගෙවන උපාසකම්මා ලෙඩ ඇඳේ සිටියදී ලේලිය විසින් ගසක පොල් කැඩවූ අවස්‌ථාවේදී පොල් ගෙඩි බිමට වැටෙන ශබ්දයන් ගෙඩි ප්‍රමාණය හැට පහක්‌ විතර තියෙන්න ඕනෑය යන හැඟීම මත ආශාව තුනී නොකළ ආකාරය මෙයින් හෙළි නොවන්නේද.

"අඳුර නමැති කළු රෙදි පොරවාගත්, කවුළුව අසල වූ දෙල් ගස නොකා නොබී නොඇඳ දළ ලොබින් වස්‌තු රැස්‌ කළ උපාසකම්මාගේ ගෙය අත පත ගාගෙන යැමට එබිකම්පාන මහත් කයක්‌ ඇති සොරකු වැන්නද (197 පිටුව) උපාසකම්මාගේ මසුරු සිතට ඇයගේ නිවෙස අසල තිබුණු දෙල් ගසද සරදම් කරන ආකාරය නොවේද මෙයින් හඟවන්නේ. උපාසකම්මා දැඩි මසුරුකමෙන් පොදි බැඳ ගත්තත් ඇයගේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක්‌ දෙල්ගසට තිබුණු ආකාරය සංකේතවත් කරන්නේ කෙටි කතා කලාවේ එක්‌ අදියරකට පිවිසෙමිණි.

සමාජයේ දෙබිඩි චරිත බොහෝවිට දක්‌නට ලැබේ. නිවෙසට එක චරිතයකුත් බාහිරව තවත් චරිතයකුත් ඇති අය සමාජයේ එමටය. ඒ දෙස බැලූ දෘෂ්ටිය යොමු කළ වික්‍රමසිංහ "අටපිරිකර" කෙටි කතාවෙන් කියා පෑවේත් මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතාවයි.

අටපිරිකරක්‌ පන්සලට පූජා කළ යුතුය. එහෙත් එය තුට්‌ටු දෙකට ගන්නටත් අවශ්‍යය. අටපිරිකර කතාවේ ගබන්රාළගේ චරිතයත් උපාසකම්මාගේ චරිතයත් අතර ඇත්තේ සමතාවකි. සමාජයේ බොහෝ අය පින් කරන්නේ ලෝකමානය උදෙසාය. ලෝකයට පෙන්වන්නට යත්න දරන්නේ තෘෂ්ණාව තුනී කළ දන්දෙන සැදැහැවතකු ලෙසය. එහෙත් යටි සිතෙහි පවතින්නේ තණ්‌හාවයි. තණ්‌හාව පොදි බැඳගෙන ගමන් ගන්නා අයට කරන සමච්චලයක්‌ නොවේද "අටපිරිකර" කෙටි කතාව.

ගතානුගතික ආකල්ප මත දහම කරට ගත්තත් යථාර්ථය නිසි ලෙස අවබෝධ කොට පින් දහම් කරන්නට තරම් විඥනයක්‌, ශ්‍රද්ධාවක්‌ ගබන්රාළ කෙරෙහි නොවීය. මෙයින් ප්‍රතීත වන්නේ යථාවාදී තතාකාරී අයුරින් දහමට නැඹුරු නොවීමේ ස්‌වභාවයයි.

අද්‍යතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් ධර්මය සෙසු අයට දේශනා කළත් ඒ ධර්ම තමන් සමීපයේ නොමැති බව කියා පාන්නකි "මැටි කළය" කෙටි කතාව.

මහානාග හාමුදුරුවන් බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය ලොවට කියා පෑවත් තමන්ට ඒ ධර්මයේ නියෑළෙන්නට හැකිද? එම ධර්මතාව මහානාග හාමුදුරුවන්ට තිබේද? ලෝකයේ යමක්‌ ඇතිවුවහොත් නැති වන්නේය. යමකු මේ ලොවට බිහිවූයේ නම් මිය යන්නේය. මෙයයි බුදු දහම අපට කියා දෙන්නේ. මේ අනිත්‍යතා ධර්මය සම්බන්ධයෙන් මහානාග හාමුදුරුවන් සෙස්‌සන්ට ධර්මය දේශනා කරයි. එහෙත් ධර්මය උන්වහන්සේ කෙරෙහි නොවූහ. ස්‌වකීය පන්සලේ ඇබිත්තයා ළිඳෙන් වතුර ගන්නට ගොස්‌ මැටි කළය අත්වැරදීමකින් බිඳුණි. මේ සිද්ධියට ඇබිත්තයාට තුවාල වන තරම් පහරදී අවසානයේ ඇබිත්තයා නතර වූයේ රෝහලෙනි. මේ සිද්ධියයි "මැටි කළයට" වස්‌තු විෂය වූයේ.

"කෙස්‌ වැටිය" හා "තරුණ භික්‍ෂුව" නමැති කෙටිකතා ද්වයෙන් වික්‍රමසිංහ කියා පාන්නට යත්න දරා ඇත්තේ වැඩිහිටියන්ගේ බල කිරීම මත මහණ වන්නට යොමු කිරීමය. අද්‍යතන සමාජයේ පුංචි දරුවන් මහණ කරන්නට පෙළඹෙන්නේ දරුවන්ට මහණකමට සිත ඇදී යැම හේතුකොට නොවෙයි. එක්‌කො ආර්ථික අඟහිඟකම් මත හෝ පවුලේ පිරිමි දරුවන් බහුල වීම මතය. බොහෝවිට බලපාන්නේ මේ දෙකරුණයි. පැවිදි දිවියට පිවිසිය යුත්තේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙනය. එසේ නොවුණහොත් වයස මුහුකුරා යත්ම යම් යම් ආශාවන් මත පැවිදි දිවියෙන් සමුගන්නා ආකාරය එමටය. මෙය කාලත්‍රයේදීම සිදුවන්නකි. "කෙස්‌ වැටිය" කෙටි කතාවේ නාග සෝමත් "තරුණ භික්‍ෂුව" කෙටි කතාවේ නාගානන්දත් යන සාමණේර භික්‍ෂූන් දෙදෙනාම පැවිදි දිවියෙන් සමුගන්නට හේතු වූයේත් අවබෝධයෙන් තොරව වැඩිහිටියන්ගේ බල කිරීම මත පැවිදි දිවියට පිවිසීම නිසාය.

කෙස්‌ වැටියේ අන්තර්ගත නාගසෝම සාමණේර නම ධර්මය දේශනා කිරීමේ ශූරයෙකි. බණ අහන්නට පැමිණි මල්ලිකා නමැති තරුණිය කෙරෙහි පිළිබඳ සිතක්‌ නාගසෝම හිමිට ඇතිවිය. එකට පාසල් ගිය එකට පන්තියේ සිටි මල්ලිකා කෙරෙහි සිත් බැඳගත් නාගසෝම හිමියන්ගේ මහණ දම් කෙමෙන් පිරිහී ඇය කෙරෙහි ආශාවක්‌ ඇතිවී, ඇයට ලොල්වී ඇය විවාහ කර ගන්නට තරම් සිතක්‌ පහළ විය. "... ආශා කරන දෙය නොලැබීම නිසා ඇතිවන දුකින් ඔහුගේ සිත මීට පෙර තවනු නොලැබීය. ඉන්ද්‍රියන් කෝප කරනු ලැබූ අවස්‌ථාවක මල්ලිකා දැන හැඳින ගැනීමෙන් චණ්‌ඩ මාරුතයට හසුවුණු ජලාසයක්‌ සේ ඔහුගේ සිත චංචල විය" (431 පිටුව) නාගසෝම මෙවන් තත්ත්වයකට පත්වූයේ ජීවිතය කලකිරීමෙන් ලත් අත්දැකීම් මත නොවූ නිසාය. "අර හීරළුවා වෙන්න ඇති" (434 පිටුව) යන වදන් මල්ලිකාගේ මුවට වික්‍රමසිංහ නැඟුවේ ගිහි ජීවිතයේ දුක්‌ ප්‍රවාහයෙන් නාගසෝම අත්දැකීම් නොලත් නිසාය.

ලෝක ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොට ගත් පුද්ගලයා කෙරෙහි දෙබිඩි චරිතයක්‌ නොමැත. ප්‍රතිපත්තිගරුකව තමන් කෙරෙහි පවත්නා ආශාව තුනීකොට සසරින් කෙසේ හෝ නික්‌ම නිවනට ළඟා වන්නට යත්න දරයි. එසේ නොමැතිව වංචනික ධර්ම මත දිවි පෙවෙත ගෙන යැමෙන් විනාශයට පත් වන්නේ පුද්ගලයාමය. මේ ධර්මතාවයි වික්‍රමසිංහ මේ කෙටි කතාවලින් උද්භාවනය කළේ.

බෞද්ධ චින්තනය හඟවන තවත් කෙටි කතා වික්‍රමසිංහ විසින් ලියන ලදී. මුදියන්සෙ මාමා, මරණය, බබාගේ වෙසක්‌ පහන, කෙඳිරි ගෑ මළකඳ, ධාතු කෝලාහලය, රන් පිළිමය, වහල්ලු, කනත්ත, සිල්වතා, උපාසකයා ආදී කෙටි කතා වලින් හුවා දැක්‌ වූයේත් බෞද්ධ යථාර්ථයයි.

නූතන කෙටි කතා ක්‍ෂේත්‍රය අවරෝහණ කරා යන අවධියක කෙටිකතාකරුවාගේ කාරිය කුමක්‌ද? කෙටි කතාවකින් දවනිත විය යුත්තේ කිනම් අරුතක්‌ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතා සමුදාය පරිශීලනයෙන් මැනවින් අවබෝධ කොට ගත හැකිය.

අද කෙටිකතාකරණයට පිවිසෙන අය පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ (සම්භාව්‍ය ගණයට ගැනෙන) කෙටි කතා පරිශීලනය නොකිරීම බලවත් ඌනතාවක්‌ යෑයි සිතමි. ලියෝතොලොස්‌තෝයිගේ "පොත් කෑල්ල" නමැති කෙටි කතාව ඉතාම සුළු සිද්ධියක්‌ පාදක කොටගෙන රචිත කෙටි කතාවකි. එම සිද්ධිය පුද්ගලයකුගේ මරණය පවා සිදුකරන්නට තරම් සමත් විය.

මාර්ටින් වික්‍රමසිංහ විවිධ විෂයයන්හි පෙළහැර පෑවා සේ කෙටිකතා ක්‍ෂේත්‍රයේත් පෙළහැර පෑවේය. ජී. බී. සේනානායක හොඳ ගණයට ගැනෙන කෙටි කතාකරුවෙක්‌ බවට පත් කළේත් වික්‍රමසිංහයන්ය. සිළුමිණ කර්තෘ පදවියේ සිටි සමයේ සේනානායක කෙටිකතා ලියාගෙන මාර්ටින් වික්‍රමසිංහට ගෙනත් දුන් අවස්‌ථාවේදී ඒවා කපා කොට සකස්‌ කොට සිළුමිණේ පළ කිරීමෙන් සිදුකළ මෙහෙය සෙසු කතුවරුන්ටද පරමාදර්ශී සිද්ධියකි. වික්‍රමසිංහ කෙටි කතා විඥනය අදටත් වඩා ඵලදායි වන්නේ හෙට දවසටය යනුවෙන් සඳහන් කරන්නේත් ඒ නිසාය.

හෙළයේ මහා ගත්කරුගේ විදු ඇස 

අධිරාජ්‍යවාදී බලවේගයන්ට නතුව ජාතික අනන්‍යතාව, දේශීයත්වය අහිමිව අයාලේ යමින් සිටි ජාතියක්‌, ජාත්‍යාලයෙන් ඔද වැඩී දේශීය චින්තනයක්‌ සතු ජාතියක්‌ ලෙස ගොඩ නැගීමට උරදුන් සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. 20 වැනි සියවසේ ඇරඹි ඒ මෙහෙවර ඔහු නොයෙකුත් මංපෙත් ඔස්‌සේ විහිදුවීය. සාහිත්‍යය, ඉතිහාසය, බුදුසමය, විද්‍යාව වැනි ඉසව් ඔස්‌සේ සාමාජීය පෙළගැස්‌මකට දොරගුළු විවර කිරීමකට ඔහු සමත් වූවායෑයි කිවහොත් නිවැරදිය. ඉන් නොනැවතුන ඔහු විදු ඇසකින් ලොව බැලීමට ගත් උත්සාහයද අගය කළ යුතුය. දකුණු ලක කොග්ගල නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ අව්‍යාජ ගැමියා ස්‌වෝත්සාහයෙන්ම ලබාගත් දැනුම ක්‌ෂේත්‍ර රාශියක්‌ පුරා විහිද පතුරවන්නට සමත් කමක්‌ දැක්‌වීය.

ඔහු විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ, ලිපි සාහිත්‍ය, ඉතිහාසය, බුදුසමය, දර්ශනය මත පදනම් වුවද විද්‍යාව කෙරෙහිද දක්‌වන ලද්දේ මහත් අභිරුචියකි. 1916 තරම් ඈත කාලයක ශ්‍රී ලාංකිකයන් අතර එතරම් විද්‍යාත්මක ප්‍රබෝධයක්‌ නොතිබුණ සමයක එම්. ඩබ්ලිව් නම් අන්වර්ථ නාමයකින් ඔහු දිනමිණ පුවත් පතේ පළකළ "වෘක්‌ෂලතා හා සත්වයෝ" යන ලිපි පෙළ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කරුණු අරභයා ලියන ලද පළමු ලිපි පෙළ ලෙස ඉතිහාසගතවේ. මේ ලිපි පෙළ පුරාම ඔහු තමන් විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකළ සමාජයේ පැවති අදහස්‌, විද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණු සහ බුදු සමය ඉතා මැනවින් සංයෝජනය කරමින් අර්ථවත් ලිපි පෙළක්‌ ලෙස එකල සමාජයට තිළිණ කරන්නට සමත් විය.

විද්‍යාත්මක කරුණු පිළිබඳ වූ පිපාසය නිතැතින්ම ඔහුට ලැබෙන්නට ඇත්තේ ඔහු ජීවත් වූ මනරම් කොග්ගල ග්‍රාමයෙන් වන්නට ඇතැයි සිතීම යුක්‌ති සහගතය. කුඩා කල සිටම ගවේෂණාත්මක චරිතයකට උරුමකම් කී එතුමන්, ඒ ආශාව තවදුරටත් වඩා වර්ධනය කරගන්නා ලද්දේ පොත් පත් පරිශීලනයෙනි. විද්‍යාත්මක කරුණු අධ්‍යානයේදී ඔහු වඩා වැඩි ප්‍රියතාවක්‌ දක්‌වා තිබුණේ ජීවයේ විකාශය හෙවත් පරිණාමවාදයටය. "පරිණාමවාදය" යන වදන සිංහලයට හඳුන්වා දුන් එතුමන්, "පරිණාමධර්මය" නම් ලිපි පෙළක්‌ තුළින් ද පරිණාමවාදය සමාජගත කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළේය. පරිණාමවාදය පිළිබඳව ඔහු තුළවූ ගැඹුරු අවබෝධය ඔහු විසින් 1934 දී රචනා කරන ලද "සත්ත්ව සන්තතිය" කෘතියෙන් මනාව පිළිබිඹු වේ. , පුරා විද්‍යාව,ජීව විද්‍යාව,පුරා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යා හා විවිධ ආගමික මතවාද වැනි එකිනෙකට බොහෝ වෙනස්‌කම් දක්‌වන්නාවූ විෂය ධාරාවන් කිහිපයක්‌ මනාලෙස හසුරවමින් පරිණාමවාදය පිළිබඳ එකළ සිංහලෙන් ලිsයවුන හොඳම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිය විදග්ධභාවය හේ මැනවින් නිරූපණය කළේය.

පරිණාමවාදය පිළිබඳ ඔහු දැක්‌වූ මහත් අභිරුචිය ඔහු විසින් රචනා කරන ලද "මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය" ග්‍රන්ථයේ එන "පරිණාමවාදය වනාහී අද්භූත කථාවක්‌ මෙන් සිත්ගන්නා විද්‍යාත්මක දර්ශනයකි. ලෝකයත්, සත්ත්ව වර්ගයාත් ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට අප හික්‌මවන්නකි පරිණාමවාදය" යන කියමනෙන් පැහැදිලි වේ. ඒ මතුද නොව සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය නවකථා මාලාවක්‌ වන " ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය" යන කථා තේමාවන් තුන පුරාම යටින් දිවෙනුයේ පරිණාමවාදයේ එන ස්‌වභාවික වරණය යන කරුණ බව එය හොඳින් අධ්‍යයනය කරන අයකුට වැටහෙන කරුණකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව පුරා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ජාති භාෂා නොතකමින් නවෝදයක අරුණාලෝකයක්‌ මෙන් රට මුZළුල්ලේම විසිරී පැතිරී ගියේය. එහිදී විද්‍යාව ස්‌වභාෂාවෙන් ඉගැන්වීමේදී ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ බෙහෝ තාක්‍ෂණික යෙදුම් සඳහා සුදුසු සිංහල වදන් නොතිබීමය. ස්‌වභාෂාවෙන් විද්‍යා විෂයයන් සමාජගත කිරීමට නම් පවතිනා මතු නොව අනාගත අවශ්‍යතාද සපුරාලිය හැකි වදන් සොයාගැනීම ඉතා වැදගත් වූ අතර එවැනි වටිනා අර්ථවත් වදන් රාශියක්‌ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ස්‌වකීය භාෂා ඥනයෙන් දැයට දායාද කරන්නට සමත් විය. ඔහු විසින් විද්‍යාව පාදක කර රචනා කළ ග්‍රන්ථ, ලිපි තුළින් එවැනි නව වදන් හැකි තාක්‌ එකතු කළ අතර ඔහු සෑම විටම තැත් කළේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර කරන වදන් තුළින් විද්‍යාත්මක වචන වලට අරුත් දීමටය. එය අධ්‍යයනයේ යෙදෙන්නකුට උපකාරී වන්නේ එවැනි වදන් තමන්ට හුරුපුරුදු ඒවා වීමය. සංස්‌කෘත බස පදනම් කරගනිමින් නව වදන් සිංහලට එකතු කිරීම එතුමන් ප්‍රතික්‌ෂේප කළ අතර 1972 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ "මුල් සිඳගත් අපේ උගත්තු" නම් ලිපියෙන් එවන් ප්‍රයත්නයන් තදබල ලෙස විවේචනය කර තිබිණ.

රටක්‌ සතු වටිනාම සම්පත අන් කවරක්‌වත් නොව ඒ රටේ ළමා පරපුර බව මැනවින් වටහාගත් අතලොස්‌සක්‌ වූ දූරදර්ශී බුද්ධිමතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ද වන්නේය. එහෙයින්ම ඔහු,

"කුරුමිණි සත්තු" "කුරු කුහුඹු සත්තු" "වෙස්‌ මාරු කරන සත්තු" "මුහුදු වෙරළ" "සත්ත්ව ලෝකය" "විද්‍යා විනෝද කථා" වැනි ළමා ග්‍රන්ථ සම්පාදනය කරමින් එවක සිටි ළමා පරපුර තුළ විද්‍යා ප්‍රබෝධයක්‌ ඇති කොට අනාගතයේ අභියෝග භාර ගැනීමට සමත් පිරිසක්‌ ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසා කටයුතුය. ගැඹුරු දාර්ශනික පදනමක්‌ ඇති ග්‍රන්ථ, ලිපි ලිවීමට දැක්‌වූ සමර්ථතාවෙන් රට තුළ කීර්තියක්‌ උපදවාගෙන සිටි එතුමන්, මේ ළමා පොත් තුළින් ළමුන් අමතා ඇත්තේ ඉතා සුඛනම්‍ය, කියවීමට ප්‍රිය උපදවන භාෂා ශෛලියකිනි. එදිනෙදා දිවියේදී තමා අවට පරිසරයේ මුණගැසෙන ශාක, සතුන් ගැන මනා දැනුමක්‌ මේ ග්‍රන්ථ පරිහරණයෙන් අද දවස ළමයකුට වුව ලැබිය හැක.

මනාකොට වූ භාවිතාවෙන්ම බහුශ්‍රැත භාවයට පත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බුදු සමය, සාහිත්‍යය හා නවීන විද්‍යාව ගැන කරන ලද ග්‍රන්ථ, ලිපි ආදිය බොහෝ වන අතර මේ කරුණු එක්‌තැන් කරමින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය (1974), පරිණාමවාදය හා බෞද්ධ විඥණය (1974) හා සිංහල ලකුණ (1947) වැනි ග්‍රන්ථ මෙන්ම ආගම හා නවීන විද්‍යාව (1945), බුදු සමය හා විද්‍යාව (1948) හා විද්‍යාව, බුදු සමය හා සාහිත්‍යය (1966) වැනි ලිපි තුළින් ඒ ඒ විෂයයේ වෙන් වෙන්ව ලබාගත් ප්‍රාගුණ්‍යයත් එම කරුණු අර්ථවත් ලෙස මුසුකොට පාඨකයාගේ ප්‍රඥව වර්ධනය කිරීමට දක්‌වන ලද සමත් කමත් පැසසිය යුතුමය. යම් කරුණක්‌ හුදෙක්‌ සමාජයේ වූ පමණින් පිළිනොගෙන විචාර බුද්ධිය, ප්‍රඥව මෙහෙයවා එය යුක්‌තියුක්‌ත නම් පිළිගැනීමට ඔහු සෑම විටම පාඨකයා පෙළඹවීය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා කිසිකලෙකත් බුදු දහම හා නවීන විද්‍යාව සන්සන්දනය කිරීමට තැත් නොකළේය. ඒ බව ඔහු ලියූ "සිංහල ලකුණ" ග්‍රන්ථයේ එන, "මා මේ ලියන්නේ ආගම හා විද්‍යාව යන දෙක තුලනාත්මකව පරීක්‍ෂණයකට භාජනය කරනු පිණිස නොව ඒ දෙකින් කවරක්‌ වූQවද නගා අනෙක හෙළනු පිණිස ඒ දෙක සැසඳීම වැරදිය යන බව නගනු පිණිසය" යන කියමනෙන් පැහැදිළිවේ. තවද එකළ සමාජයේ වූ අදහස්‌ පිළිබඳ ඔහු දැක්‌වූ විවේචන එම කරුණු පහත් කොට සැලකීමක්‌ නොව සමාජයට, යමක්‌ විචාර බුද්ධියෙන් සිතීමට හුරු කිරීමට දරන ලද උත්සාහයක්‌ බව අන්තවාදීව නොසිතන ඕනෑම අයකුට වැටහේ. මෙවැනි යථාවබෝධයකින් යුතු සාහිත්‍යධරයන් මෙන්ම විද්‍යාව හැදැරූ අයද අප සමාජයේ එදා මෙන්ම අදද ඉතා විරලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විද්‍යාවේ ඇති වැදගත්කම වටහාගත් බුද්ධිමතෙකි. විද්‍යාවේ දියුණුව රටේ ප්‍රගමණය ඇති කරන බව පෙන්වාදුන් ප්‍රාඥයෙකි. කාලයට හැඩ ගැසෙමින් කාලයත් සමග ඉදිරියට යා යුතු බව අවබෝධකරගත් වියතෙකි. විද්‍යාව අරභයා මතු නොව ඔහු කල සෑම නිර්මාණයකින්ම පාඨකයා ආනන්දයෙන් ප්‍රඥව කරා රැගෙන යැමට සමර්ථ වූයේය. මේ නයින් බැලූකළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් "හෙළයේ මහා ගත්කරු" ලෙස නොව "විචාර බුද්ධියකින් යුතු හෙළයේ මහා ප්‍රාඥයා" යෑයි කීම අතිශෝක්‌තියක්‌ නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැක.

කෘති ලැයිස්තුව

නවකතා

  • ලීලා - 1914
  • සෝමා - 1920
  • අයිරාංගනී - 1923
  • සීතා - 1923
  • මිරිඟු දිය - 1925
  • උන්මාද චිත්‍රා - 1929
  • රෝහිණී - 1929
  • ගම්පෙරළිය - 1944
  • මඩොල් දූව - 1947
  • යුගාන්තය - 1949
  • විරාගය - 1956
  • කලියුගය - 1957
  • කරුවල ගෙදර - 1963
  • බවතරණය - 1973

කෙටිකතා

  • ගැහැනියක්
  • බිල්ල සහ අපූරු මුහුණ
  • මගේ කථාව
  • මගුල් ගෙදර
  • හද සාක්කි කීම
  • වහල්ලු
  • පව්කාරයාට ගල් ගැසීම
  • අපේ විත්ති
  • කතා අහුර

ජීවිතය ඇසුරින්....

  • කළුනික සෙවීම
  • අපේගම
  • උපන් දා සිට

දෘෂ්‍ය කාව්‍ය....

  • විජිතා
  • මයුරි
  • චිත්‍රා

විචාරාත්මක නිබන්ධ .....

  • විචාර ලිපි
  • ගුත්තිල ගීතය
  • සාහිත්‍ය කලාව
  • සිංහල විචාර මග
  • බණ කතා සාහිත්‍යය
  • කාව්‍ය විචාරය
  • නව පද්‍ය සිංහලය
  • සාහිත්‍යෝදය කතා
  • ඇත්ත යුත්ත
  • සම්ප්‍රදාය හා විචාරය
  • ජාතක කතා විමසුම
  • රස වාදය හා බෞද්ධ කාව්‍යය
  • සිංහල සකස්කඩ

* සිංහල ලකුණ

  • සිංහල සාහිත්‍ය යේ නැගීම
  • නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
  • අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ
  • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇදුම්
  • බෞද්ධ දර්ශනය හා මාර්ගය
  • බුදු සමය හා සමාජ දර්ශනය
  • භව කර්ම විකාශය
  • අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිනාමය

ජීව විද්‍යාත්මක ග්‍රන්ථ .....

  • සත්ත්ව සන්තතිය
  • ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය

පාඨශාලා පොත්...........

  • සාහිත්‍ය ශික්ෂා
  • විද්‍යා විනෝද කතා
  • ප්‍රජා පාලන ශික්ෂා
  • සදාචාරය හා නිරෝගී සම්පත
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


උපත5 දෙසැම්බර් 1927 (වයස 86)
මොරටුව, ශ්‍රී ලංකාව
ජාතිකත්වය  ශ්‍රී ලාංකික 
වෙනත් නම්වඩුගේ දොන් ඇල්බට් පෙරේරා
අධ්‍යාපනයවිශාරද බාත්ඛන්ඩේ සංගීත පීඨය
රැකියාවවිශ්වවිද්‍යාල කථිකාචාර්ය
ආගමබුද්ධ ධර්මය
කාලත්‍රයාවිමලා අමරදේව
දරුවෝරන්ජන අමරදේව
සුභානි අමරදේව
ප්‍රියංවදා අමරදේව

ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

ජීවිතය හා ජීවන රටාව

ළමා කාලය සහ අධ්‍යාපනය

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.

තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.

ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.



වෘත්තීමය

ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.

සම්මාන

  • පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
  • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය
  • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය
  • ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය

චිත්‍රපට නාමාවලිය

සංගීත අධ්‍යක්ෂක
වසරචිත්‍රපටයඅනෙකුත් සටහන්
1962රන් මුතු දූවසංගීත අධ්‍යක්ෂවරයා
1963අදට වැඩියෙන් හෙට හොදයිගීත ගායනය
සිකුරු තරුවඑක් ගීතයක් සහ පසුබිම් සංගීතය
ගම්පෙරළිය
ගැටවරයෝ
1965සාමාපසුබිම් සංගීතය
ළා දළු
සාරවිට
ආදරයයි කරුණාවයි
1966දෙළොවක් අතරේ
වෙස්තුරු සිරිත

ඉන්ටවිව් එක

Saturday, March 15, 2014
පල කළේ Unknown
ඉන්ටවිව් එක

ඔන්න කෙනෙක් ඉන්ටවිව් එකකට ගියාලු. දැන් ඉතින් ඉන්ටවිව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටවිව් ඒක පටන් ගන්න හදන්නේ.


ඉන්ටවිව් කරන කෙනා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.


අයදුම්කරු : හොදමයි සෑර්.....


ඉ.ක.කෙ. : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”


අයදුම්කරු: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”


ඉ.ක.කෙ.: එන්න..


අයදුම්කරු: යන්න..


ඉ.ක.කෙ.: කැත..


අයදුම්කරු: හුරුබුහුටි..


ඉ.ක.කෙ.: හුරුබුහුටි???


අයදුම්කරු: කැත..


ඉ.ක.කෙ.: කට වහනවා..


අයදුම්කරු: දිගටම කතා කරනවා..


ඉ.ක.කෙ.: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්..


අයදුම්කරු: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්..


ඉ.ක.කෙ.: අඩේ.. උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්..


අයදුම්කරු: අඩේ.. උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්..


ඉ.ක.කෙ.: අනේ යාලුවේ..


අයදුම්කරු: අනේ හතුරෝ..


ඉ. ක.කෙ.: පලයන් එලියට..


අයදුම්කරු: වරෙන් ඇතුලට..


ඉ.ක.කෙ.: අනේ දෙවියනේ...


අයදුම්කරු: අනේ යකුනේ..


ඉ.ක.කෙ.: ඔබව තෝරාගන්නේ නෑ.. කනගාටුයි..


අයදුම්කරු: මාව තෝරගත්ත.. බොහොම ස්තුතියි සෑර්..!!

පර්සිගේ ඇඟිල්ල

(මෙහි එන සියළු චරිත පරිකල්පනයෙන් ප්‍රබන්ධිත ඒවා වන අතර, සුජීවත් හෝ මියගිය යම් පුද්ගලයෙකුට සමාන කමක් දක්වයි නම් එය සපුරා අහඹු සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)

ඔන්න එකමත් එක රටක එකමත් එක පාසැලක ප්‍රධාන ශිෂ්‍ය නායක වුණේ පර්සි කියලා ලමයෙක්. පර්සි කොහොමත් චන්ඩියෙක් බව දන්න නිසාදෝ කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩ කළේ. මොනවා කළත් විදුහල්පති හාමුදුරුවො පර්සිට හොඳ චරිත සහතිකයකුත් දීලා තිබුණෙ. බුද්ධාගම විෂයටත් පර්සිට ලකුණු හොඳට තිබුණා. පර්සි හරිම වාසනාවන්ත දරුවෙක්. එයාගෙ අයියලා මල්ලිලා ඔක්කොම එයාට හරියට උදව් කරනවා. ඒ විතරක්යැ, ඉස්කෝලෙ හිටිය සංගීතෙට, නාට්‍ය වලට, ක්‍රීඩාවලට දක්ෂ කට්ටිය එහෙමත් හරියට පර්සිට ආදරෙයි. කලින් වතාවක් ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඉඳලා ව/ල මධ්‍ය මහා විද්‍යාලෙට ගිය රිචඩ් අයියත් එක්ක තරහ කට්ටියටත් පර්සිට වඩා හොඳ කෙනෙක් හිටියෙම නෑ. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලෙකට හැම එකාටම කොකම් කර කර හිටිය සූරියසේකර ට හොම්බ රිවට් වෙන්නම ගහපු නිසාත් තව කට්ටියක් සද්ද නැතුව හිටියා. අඩුම ගානෙ පර්සි ඒ ගොල්ලන්ගෙ කෑම පෙට්ටි වලින් කෑම අරන් කෑවත් මුකුත් කිව්වෙ නෑ.
හැබැයි පර්සිටත් ඉතින් ප්‍රශ්න නැතුවම නෙවෙයි. මේ ළඟදි ඉඳන් පර්සිට තේරුණා ශිෂ්‍ය නායක මණ්ඩලේ විනය මණ්ඩලේ ප්‍රධානියා එන පොට හොඳ නැති බව. තමන්ගෙම යෝජනාවෙන් පත්වෙච්ච ශ්‍රියාණි මෙහෙම දෙයක් කරයි කියලා හීනෙන් වත් නොහිතපු පර්සිට හීන් දාඩිය දැම්මෙ, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායක කමටත් ලොකු තර්ජනයක් තියෙන බව දැනුණු නිසාමයි. අන්තිමේ පර්සි තමන්ගේ හිතවත් කට්ටියට කතා කරලා මේ ගැන කිව්වා. වටු වැද්දගෙ දැළ ඔසවාගෙන ගිය වටුවො ටික වගේ එකමුතුව වැඩ කරලා ශ්‍රියාණිව එළවලා දාන්න  කතිකා කරගත්තා. කතිකා කරගත්ත හැටියටම කෙරුණා කියමුකො.දැන් ඔන්න පර්සිට ආරංචි වෙනවා කට්ටිය තැන තැන කසු කුසු ගානවා. සමහරු නම් පර්සිගේ මූණටමත් මේ ගැන කිව්වා. දැන් තත්වෙ ටිකක් උණුසුම්. දවසක් විද්‍යා පන්ති කාමරේදි මේ ගැන කතාවක් ඇදිලා ආවා. විද්‍යාව ගුරුතුමා මේ ප්‍රශ්නෙ දිහා හොඳ විමසිල්ලෙනුයි හිටියෙ. පන්තියෙ රණ්ඩුවකට සැරසෙන බව දැන ගත්ත ගුරුතුමා පර්සිව පන්තිය ඉස්සරහට කැඳෙව්වා. අනිත් අයත් දැන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
පන්තියෙ බිත්තියෙ ලොකු හිලක් තිබුණා. ගුරුතුමා පර්සිගෙ  ඇඟිල්ල අතින් අල්ලලා හයියෙන් අර හිල දිහාට තල්ලු කළා. පර්සිත් සද්ද නැතුව හිටියා. ගුරුතුමා හිල ළඟදි ළමයින්ගෙන් අහනවා " මේ යන වේගෙන්ම ගියා නම් ඇඟිල්ලට මොනවා වෙයිද? " කියලා. "මුකුත් වෙන්නෑ සර්, ඇඟිල්ල හිල ඇතුලට යනවා" ළමයි කිව්ව.
ඊළඟට ආයිමත් පර්සිගෙ අතින් ඇදලා ගත්ත ගුරුතුමා අර වේගෙන්ම කිසිම පළුද්දක් නැති බිත්තිය පැත්තට ඇඟිල්ල අරන් ගියා. බය වෙච්ච පර්සි ඇඟිල්ල ඇදල ගත්තා. "මොකද පර්සි?" ගුරුතුමා පුදුමෙන් වගෙ ඇහුවා. "සර්ත් මාර කතාවක් නෙ කියන්නෙ. මේ බිත්තියෙ වැදුනොත් මගෙ ඇඟිල්ල කඩලා යයි" පර්සි කිව්වා.
ගුරුතුමා හිනා වුණා.
"දැක්කද, පළුද්දක් නැති තැනට කවුරුත් ඇඟිල්ල දාන්නෙ නෑ. ඒ නිසා පළුද්දක් නැති වෙන්න වැඩ කරන එක හොඳයි පස්සෙ නාහෙන් අඬනවට වඩා! " පන්තියෙ එවුන් කට වහ ගත්තා
කපිතාන් සහ රතුපාට කමිසය

මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම  ප්‍රරසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි"

මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්‍රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

මුල්කාලීන සිංහල කෙටි කතාව කෙරෙහි 
රුසියානු සාහිත්‍යයේ බලපෑම.

නූතන සිංහල කෙටි කතාව ආරම්භක යුගයේ පෝෂණය ලැබුවේ විදේශීය සාහිත්‍යයෙනි. ඒ අතරින් ප්‍රධාන මෙන්ම වඩාත් වැදගත් බලපෑමක්‌ ලැබුණේ රුසියානු සාහිත්‍යයෙනි. විසිවැනි ශත වර්ෂයේ මුල සිටම ඉංග්‍රීසි උගත් ලාංකිකයන්ට බටහිර සාහිත්‍ය කෘති කියෑවීමේ අවස්‌ථාව ලැබී තිබිණි. එච්නා ඇලන් පෝ, නතෑනියල් හෝංතෝං, ගී ද මෝපසාං ආදීන්ගේ කෙටි කතාවලට වඩා රුසියානු කෙටිකතා ලංකාවේ ජනප්‍රිය වූ බව පෙනේ. "මා තරුණ කාලයේ දැඩි ආශාවෙන් නැවත නැවතත් කියෙව්වේ මෝපසාංගේ කෙටිකතා හා නවකතා ය. මම ඔහු ශ්‍රේෂ්ඨතම කෙටිකතාකාරයා ලෙස සැලකුවෙමි. චෙකො කියවන්නට පටන් ගත් විට මෝපසං නිසා මා තුළ උපන් ඇල්මත් දැඩි පැහැදීමත් කෙමෙන් අඩු විය. චෙකො හා ලංකාව 1970 හංස ප්‍රකාශ xv xa පිටු)

මාර්ටින් වික්‍රමසිංහ ඇන්ටන් චෙකොµaගේ කතා කලාව මැනවින් හඳුනා ගත්තේ කෙටි කතා එකතු කීපයක්‌ ම පළ කිරීමෙන් පසුවය. එම නිසා චෙකොගෙන් ඔහු ලැබූ ආලෝකය පැහැදිලිව පිළිබිඹු වන්නේ ඔහුගේ අවසාන කෙටිකතා සංග්‍රහය වන "වහල්ලු" නම් කෘතියේ ය.

චෙකොගේ කෙටි කතා අගය කළ යුතු එමෙන්ම ඒ කෙටිකතා කලාවෙන් ශික්‍ෂණය ලැබූ තවත් මුල්කාලීන ලේඛකයකු ලෙස ජී. බී. සේනානායක පෙන්වා දිය හැකියි.

"කතාවල සිදුවීම් වැලක්‌ චරිතයන්ගේ සිතුවිලි හා පරිසරයත් චෙකො විසින් එක ලෙස ප්‍රධාන කොට සලකන ලදී. ඔහුගේ බොහෝ කතාවල චරිතයන්ගේ සිතුවිලි හා පරිහරණය පිළිබඳ විස්‌තර අත්හළොත් කතාව යයි කිව හැකි කිසිවක්‌ ඉතිරි නොවේ. චෙකොගේ සෑම කතාවකින් ම සම්පූර්ණ අදහසක්‌ ප්‍රකාශ වේ."

("ජී. බී. සේනානායක නවකථා කලාව 1954, 46 පි)

ජී. බී. සේනානායක කෙටිකතා විශාල සංඛ්‍යාවක්‌ ලියා නැතත් ඔහුගේ කතා අතර ඉතා උසස්‌ කලාත්මක කෙටිකතා ගණනාවක්‌ ම ඇත්තේ ඔහු විදේශීය උසස්‌ කතා කියවා එම සාහිත්‍යාංශය ගැන මනා පුහුණුවක්‌ ලැබීමෙන් පසු කෙටිකතා පළ කිරීමට පටන් ගත් හෙයිනි. ඔහුගේ කතා කීපයකින් මෙන්ම "පලි ගැනීම" හා "දුප්පතුන් නැති ලෝකය" යන ඔහුගේ කෙටි කතා සංග්‍රහවල සපයා ඇති පරිශිෂ්ටයෝද ඔහු රුසියානු සාහිත්‍යයෙන්, විශේෂයෙන් ම ඇන්ටන් චෙකොෆ්ගෙන් ලත් ආභාෂය පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහගේත්, ජී. බී. සේනානායකගේත් (කෙටිකතා කලාව හඳුන්වා දීමෙහිලා තවත් පුරෝගාමියකු වූ) ගුණදාස අමරසේකරගේත් කෙටි කතාවල පිළිබඹු වන රුසියානු කෙටි කතාවල එන ගූඪ අද්භූතජනක සිද්ධීන් හා පුද්ගලයන් පාදක කොට එඩ්නා ඇලන් පෝ හා හෝංතෝං ලියූ කතාවලට ද පීඩිතයන් කෙරෙහි වූ අනුකම්පාවෙන් බලකාමී, දූෂිත, කුහක පුද්ගලයන් නිර්දය විවේචනයට ලක්‌ වන ලෙස ගී ද මෝපසාං ලියූ කතාවලට ද වඩා රුසියානු කෙටිකතාවල, විශේෂයෙන් ම චෙකොෆ්ගේ කතාවල පැහැදිලි වෙනසක්‌ ඇත. රුසියානු කතාකරුවන් මුල, මැද අග මැනවින් ගෙතුණු සිදුවීම් මාලාවකට මුල් තැන නොදෙන අතර පාඨකයාගේ කුතුහලය අවුස්‌සා විස්‌මය දනවන සේ කතා අවසාන කිරීමක්‌ ද නොකෙරේ. චෙකොෆ්ගේ කතාවල ගැබ් වන්නේ එදිනෙදා සිදු වූ සිදුවන සිදුවීම් ය. එදාට පමණක්‌ නොව අදටත් ලාංකීය සමාජයටත් පොදු තේමා චෙකොෆ්ගේ කතාවල ගැබ් වේ. අපට අපේම හැටි පෙන්වන, මනුෂ්‍යත්වයේ ස්‌වරූපය, නිරූපණය කෙරෙන කතා රුසියානු කෙටිකතා අතර ඇත. චෙකොෆ් මනුෂ්‍ය චර්යාව විදහා දක්‌වන්නේ අසීමිත මානව දයාවකින් යුතුවය. බොහෝ කතාවල ඔහු පාඨක ඇස හරවන්නේ පුද්ගල චර්යා පිටුපස ඇති සාමාජික ආර්ථික හා දේශපාලනික සන්තානයේ ඇති (මිනිස්‌ බවට උරුම) ගූඪ පරස්‌පර විරෝධී ලක්‍ෂණය.

මාර්ටින් වික්‍රමසිංහ චෙකොµaගේ කතා කියෑවීමෙන් ආකෘතිය, තේමාව හා ශිල්ප ක්‍රම ආදිය සම්බන්ධයෙන් ශික්‍ෂණයක්‌ ලැබුවද, ඔහු ඒ කතා අනුකරණය නොකළේය. චෙකොµaaගේ "වැලපීම" "යෑපෙන්නෝ" ආදී කතා ගණනාවක මිනිසා හා (ගෘහාශ්‍රිත) යකුන් අතර ඇති සමීප සම්බන්ධතාව නිරූපණය කොට ඇත. වික්‍රමසිංහගේ "වහල්ලු" (1951) කතාවේ ද එන්නේ මහල්ලෙකු හා ඔහුට ජීවිකාව රැක දුන් දැන් මහලුව සිටින හඳයා නම් හරකකු අතර ඇති සබඳතාවයි. එහි එන අත්දැකීම ලාංකීය පාඨකයාට සමීප දෙයකි. වික්‍රමසිංහ කතා ලියූ අවදියේ කුලී කරත්ත රැකියාව සුලබ වූවකි. චෙකොµaගේ කතා කියවන විට වික්‍රමසිංහට දැක පුරුදු දෙයක්‌ සිහි වන්නට ඇත. මෙහි අතිරික්‌ත චරිත හා සිද්ධි නැත. කතාව හදිසියේ ආරම්භ වන අතර, අවසානය සිදු වී ඇති දෙය සෘජුව නොකියා ගම්‍යමාන කරයි. චෙකොµa සිහිගන්වන මෙහි තවත් "මරණය" පිළිබඳ සංකේතාර්ථ නඟන, එසේම අවසානය පිළිබඳ පූර්ව ඡායාව සපයන පරිසර වර්ණයකි. එවැනිම ආකෘතික සුන්දරත්වයකින් ද, මානව සංගෘහිත කතා විකාශයක්‌ ද ලාංකීය සමාජයට කාලීනව අර්ථවත් තේමාවකින් ද යුක්‌ත කතාවකි. වයින් වීදුරුව 1951 සමහර විචාරකයෝ වික්‍රමසිංහගේ වෙනත් බොහෝ කතාවල රුසියානු කතා කලාවේ ලක්‍ෂණ දකිති

රුසියන් කෙටිකතා සම්ප්‍රදායේ වැඩි හරියක්‌ වික්‍රමසිංහ ලියූ (විශේෂයෙන් පසු කාලයේ ලියූ) කතාවල දක්‌නා ලැබේ. චෙකොµaගේ කෘතිවල මෙන්ම වික්‍රමසිංහගේ හොඳම කෙටිකතා වැඩි හරියක ද විස්‌මයෝත්පාදක අවසානයක්‌ හොඳින්, මුල, මැද, අග ගලපනු ලැබූ උපරිම අවස්‌ථාවකින් යුත් කතා රටාවක්‌ සේ දක්‌නට උදාහරණ ලෙස "ලේලි" "වයින් වීදුරුව", "බබාගේ ධාතු වන්දනාව", "සමාජවාදියා", "තරුණ භික්‍ෂුව", "වහල්ලු", "මාමාගේ දුව", "මඟුල් ගෙදර", "උපාසකම්මා", "නියර ගොයම් කෑම", "අඳුරු මුහුණ", "මුදියන්සේ මාමා", "මරණය", "ආදරය" වැනි කතා දැක්‌විය හැකිය. "කනත්ත" නම් කෙටිකතාව වස්‌තුවට හා සිදුවීම්වලට හෝ චරිතවලට හෝ වැදගත් තැනක්‌ නොදෙන ගැඹුරු මානසික පරිසරයක්‌ මැවීමට බාහිර පරිසර වර්ණනා උපයෝගි කර ගන්නා චෙකොµaගේ සමහර කෙටිකතා සිහියට නංවන කතාවකි."

(සරත්චJද්‍ර වික්‍රමසූරිය, දේශීය හා විදේශීය සාහිත්‍ය සම්ප්‍රදායයන් කෙරෙන් මාර්ටින් වික්‍රමසිංහ ලත් ආභාසය, මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව කෙටි කතා 1 වෙළුම ංසස පි.)

විමල විජයසූරිය චෙකොµaගේ "අශ්ව හොරු" කතාවේ බලපෑම වික්‍රමසිංහගේ "බේගල්" කතාව තුළ දකියි. චෙකොµaaගේ කතා සිංහල ලේඛකයන්ට බලපෑමට ප්‍රධාන හේතුවක්‌ ලෙස ඔහු සමාජ දෙක අතර පොදු ධර්මතා ඇති බව පෙන්වා දෙයි.

"මෝපසාං ආදීන්ගේ කෙටිකතාවලට වඩා රුසියානු සම්ප්‍රදායේ කෙටිකතාවලින් ජීවිතයට ඉතා ආසන්න වූත් ප්‍රත්‍යක්‍ෂ වූත් ගැටලු අත්දැකීම් හා දර්ශනයක්‌ සිංහල පාඨකයාට ලබාගත හැකිය. රුසියානු කෙටිකතාවලට වස්‌තු වූ සමාජ ජීවී වැනි දුඃත හිංසාකාරී ගැටීම්වලට මුහුණ දීමට ලාංකික සමාජයට සිදුවූ හෙයින් චෙකොµaගේ බොහෝ කෙටිකතාවලට ඇතුළු වූ ජීවන දර්ශනය අප රටට ද සාධාරණය.

(සිංහල කෙටිකතාවේ සන්දර්භය විශ්වවිද්‍යාලයීය ලිපි, 1966, 107 පි.)

රුසියානු හා ලාකීය සමාජ දෙක අතර ඇති සමහර ලක්‍ෂණ රුසියානු කතාවෙහි ජනප්‍රිය වීමට හේතු වූ බව මාර්ටින් වික්‍රමසිංහ ද පෙන්වා දී ඇත. රුසියානු කෙටිකතා සාහිත්‍යයේ වඩාත් සාර්ථක බලපෑමක්‌ ලැබුවේ ජී. බී. සේනානායක, ජී. බී. අභිරහස්‌ජනක සිද්ධීන් හා ගුප්ත ලෙස හැසිරෙන පුද්ගලයන් ඇතුළත් කොට ලියූ "හෘදය වස්‌තුව", "අවතාරය හා පළිගැනීම" යන කතාවල ඇමෙරිකන් ආභාසය ඇතැයි ඇතැම් විචාරකයකු පෙන්වාදේ. ඒ කතා අවසාන වන විට ඒ අභිරහස්‌ බවට හේතුව පාඨකයා අවබෝධ කොට ගනියි. "උදුරාගත් සපත්තුව" හා "මල් දම් දෙක" යන කතාවල කුතුහලය දනවන ස්‌වභාවයක්‌ ඇත. කෙසේ හෝ ජී. බී. ගේ අනෙක්‌ කතා බොහොමයක චෙකොµaගේ කතාවල ආකෘතිය, තේමා, පරිසර වැනුම් හා සංකේත ආදියේ මනා සංකලනයක්‌ සම්පිණ්‌ඩිතභාවයක්‌ දක්‌නට ලැබේ.

"ඇන්ටන් චෙකොµa, ජි. බී. සේනානායක යන දෙදෙනාම තම කෙටිකතාවල එන වස්‌තු සකස්‌ කරගෙන ඇත්තේ එකම රටාවකට අනුවයෑයි. කිව හැක්‌කේය. ජීවිතයෙන් පෙත්තක්‌ නොහොත් හරස්‌ කැපුමක්‌ පාඨකයා වෙත ඉදිරිපත් කරන අටියෙන් කෙටිකතා ලියූ ඇන්ටන් චෙකොµa මෙන්ම ජී. බී. සේනානායක ද එක්‌වරම තම කතාවට බසියි. ඔවුන් දෙදෙනාගේ කෙටිකතා හදිසියෙන්ම ආරම්භ කොට ඇති ලෙසක්‌ පෙනෙන්නේ ඒ හේතුවෙනි. ජීවිතය වූ කලී ගලා යන එකම දිය පහරක්‌ වැන්නකි. කෙටිකතාව මගින් ඉන් බිඳක්‌ දක්‌වා ලීමට උත්සාහ කරන ලේඛකයාට කවර තැනකදී වුවද තම කෙටිකතාව ඇරඹීමට නිදහස තිබේ. ක්‍රමානුකූල අන්දමකින් ගොනු කරන ලද සිදුවීම් පෙළක්‌ නොමැති චෙකොµaගේ කෙටිකතා මෙන්ම ජී. බී. සේනානායකගේ කතාද බොහෝ විට අවසන් කොට ඇත්තේද හිටිහැටියේ මෙනි."

(මිණිවන් පී. තිලකරත්න, රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතා හා කෙටිකතාව, 1969, 1588.)

කතා විකාශනයේ කේන්ද්‍රීය අංගයක්‌ ලෙස පරිසර වැණුම් ඇතුළත් කිරීම චෙකොµaaගේ මෙන්ම ජී.බී. සේනානායකගේ කතාවල සුවිශේෂී ලක්‍ෂණයකි. චෙකොµaaගේ "නිදිමත" කතාව තුළ පරිසරයේ පාළු බියකරු ස්‌වභාවය පිළිබඳව වරින් වර කෙරෙන විස්‌තර ඉවත් කළහොත් එහි කතාව බිඳ වැටෙනු පමණක්‌ නොව වර්කා නම් මෙහෙකාර දැරිය කෙරෙහි පාඨකයා කෝප වනු ඇත. කතාව අවසානයේ දැක්‌වෙන්නේ වර්කා තමාට නිදිකරවීමට බාරදුන් ළදරුවා මරා දැමූ බවයි. එවැනි ක්‍රියාවකට ඇය මෙහෙයවනු ලද්දේ පරිසරය විසිනි. ජී. බී. ගේ බිරිඳ කතාවේ වියළි කොළ ගොඩට තබන ලද ගින්න පිළිබඳව වරින් වර කෙරෙන විස්‌තර ඉවත් කළොත් එහි කතා විකාශනය බිඳේ. සිරිමා කෙරෙහි පියදාසගේ සිතේ කෝපය කෙමෙන් වර්ධනය වන ආකාරය ගම්‍යමාන කරන්නේ ඒ ගින්න මගිනි. මේ ලේඛකයන් දෙදෙනාම පරිසර වැනුම සංකේතාර්ථ දනවන ලෙසින් උපයෝගීකොටගෙන ඇති අතර කතාවල එන අජීවී දෙයක්‌ සජීවී කෙනෙකුද කතාවට අර්ථවත් වන සංකේත ලෙස යොදාගෙන ඇත. චෙකොµaaගේ "වැළපීම" කතාවේ "හිමපතනය" සමකාලීන පහළ පංතිය පෙළන බලවේගයක සංකේතයකි. ජී. බී. ගේ "වෙසක්‌ පහන" කතාවේ වෙසක්‌ පහන පුද්ගලයාට බලාපොරොත්තුවේ සංකේතයකි. ජී. බී. ගේ "කලහය" කතාවේ පොත් බිරිඳගේ සතුරු බලවේගයේ සංකේතයයි. ජී. බී. සේනානායක "පළිගැනීම" කෘතියට සපයා ඇති පරිශිෂ්ටයෙහි තමන් චෙකොµaගේ කතා සම්ප්‍රදායයෙන් ලැබූ ආභාසය සෘජුවම විස්‌තරකොට ඇත. චෙකොගේ කතාවල හදිසියේ කතාව පටන් ගැනීම හා හිටි ගමන්a අවසාන කිරීම වර්ජිනියා වූල්ෆ්ගේ නිරීක්‍ෂණයට හසු වූ ආකාරය උපුටා දක්‌වන ජී. බී. තමන් "අම්මා" "බිසෝ මැණිකෙ" "ගුරුවරයා" "කලකිරීම" "කාන්ති" ආදී කතා ලිවීමේදී චෙකොµaගේ ඒ සම්ප්‍රදාය අනුගමනය කළ බව කියති. එසේම වස්‌තුවත් පරිසර විස්‌තරයත් සංකලනය කළ බව ජී.බී මෙසේ දක්‌වයි.

"ගුණදාස අමරසේකරද රුසියානු කෙටිකථා වලින් ආභාසය ලැබූවෙකි. 1952 දී පළවූ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වූ රතු රෝස මල රුසියානු කතාවල විශේෂ ලක්‍ෂණ මෙන්ම ඒවාහී වන අත්දැකීම් ශ්‍රී ලාංකේය සමාජයට ගැළපෙන ලෙස නිරූපණය කිරීමක්‌ද දක්‌නට ලැබේ. රතු රෝස මල කෘතියෙහි එන අවුරුදු සිහිනය කතාව චෙකොµaගේ "වන්කා" කෙටිකතාවලට සමානය. කතා දෙකෙහිම ප්‍රධාන චරිතය මෙහෙකාරයකු ලෙස නිවසක සේවය කරන කුඩා පිරිමි ළමයෙකි. "අවුරුදු සිහිනය" කතාවේ පියසේන සිය අවුරුද්ද තමන් ගෙදර කැඳවා ගෙන යනු පිණිස අම්මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් "වන්කා" කතාවේ වන්කා ආශාවෙන් බලා ඉන්නේ නත්තලට ගෙදර යැමටය. වන්කාගේ දෙමව්පියන් මිය ගොස්‌ නිසා ඔහු සිටියේ සීයා භාරයේය. නත්තල් උත්සවය පසු දිනට යෙදී තිබේ. වන්කා ඒ නිවසේ සිදුවන වෙනස්‌කම් නිසා, තමා ආපසු කැඳවාගෙන යන ලෙස බැගෑපත් වී සීයාට ලියුමක්‌ ලියයි. ඔහුට තැපැල් සේවය ගැන අල්ප දැනුමකි. කඩදාසිය ලියුම් කවරයක බහා අලවා "ගමේ සීයා වෙතටයි, කියා ලියා නැවත සීයාගේ නම සඳහන්කොට තැපැල් පෙට්‌ටියක දමා බලාපොරොත්තු සහගතව බලා සිටියි. ලාංකීය සමාජයේ වඩා වැදගත් වන්නේ සිංහල අලුත් අවුරුද්දයි. පියසේනට ලියන්නට බැරිය. දින දෙක තුනකට පෙර ඔහු අම්මාට ලියුමක්‌ ලියවා ගත්තේ කුස්‌සි අම්මාට කියාය. උත්සවය ගැන ඔහුගේ සුන්දර හැඟීම් ඒ ලියුමෙහි ගම්‍යමාන වේ. ස්‌වාමි දුව විසින් කඩ පිලට යවනු ලැබූ පියසේන "කොබෝගම දන්නවාදැයි" වෙළෙඳකුගෙන් අසයි. තමන්ගෙන් බඩු ගත්තොත් තමන් අම්මාට පණිවිඩය දෙන බව වෙළෙන්දා පියසේනට කියයි. වෙළෙන්දාව විශ්වාස කරන පියසේන අම්මාට නොවරදවා පණිවිඩය ලැබෙනු ඇතැයි සන්තෝෂයෙන් පසු වෙයි. ගුණදාස අමරසේකර "අවුරුදු සිහිනය" කතාව ලිවූ කාලයේ කුඩා ළමයින් මෙහෙකාර සේවයෙහි යෙදවීම සුලබව කෙරිණ. වන්කා නත්තලට ගෙදර ගොස්‌ සිටිනු සිහිනෙන් දැකී. පියසේනද තමන් ගෙදර ගොස්‌ නිවසේ අය හා එක්‌ වනු සිහිනෙන් දකියි.

රතුරෝස මල කෘතියෙහි එන "අම්මාගේ ශෝකය" කුඹුරු අඳයට දීම නිසා අම්මා තුළ ඇති වූ හැඟීම් හා ඇගේ හැසිරීම චෙකොµaගේ "චෙරිවත්ත" නාට්‍යයේ පලතුරු වත්ත අහිමි වූ විට එහි අයිතිකාරිය තුළ ඇති වූ වෙනසට සමානය. කෙසේ හෝ "අම්මාගේ ශෝකය" කතාවේ අත්දැකීම අමරසේකර කතා ලියූ අවදියේ ලාංකේය සමාජයට අදාළ වූවකි. අමරසේකර කතාවේ දේශීයත්වය එයට ලැබූ ආභාසය ඉක්‌මවා ප්‍රකට වේ.

අමරසේකර චෙකොµaගෙන් පමණක්‌ නොව වෙනත් රුසියානු ලේඛකයන්ගේ කතාවලින්ද ආභාසය ලැබූ බව විචාරකයෝ පෙන්වා දෙති. උදාහරණයක්‌ ලෙස රතු රෝස මල කෘතියෙහි ඒ නමින් එන කතාව ගාර්චින්ගේ "රතුමල" කතාවේ අත්දැකීමට තරමක්‌ සමාන බව කියවේ. ගාර්ෂින්ගේ කතාවේ උන්මන්තකයා රතුමල තුළ දකින්නේ සමාජ විෂමතාවයයි. ඔහු රතුමල විනාශ කරන්නේ එහෙයිනි. අමරසේකරගේ කතාවේ රෝගියා "රතුරෝස මල් පොකුර" තුළ දකින්නේ ප්‍රේමය හා සම්බන්ධ දෙයකි. අමරසේකරගේ රුසියානු ආභාසය පෙන්වන අනෙක්‌ කතාවල ඇති දේශීයත්වය "රතු රෝස මල" කතාවේ නොමැත. ගුණදාස අමරසේකරගේ "බයිසිකලය" කතාවට රුසියානු ජාතික නිකොලායි ගොගල්ගේ "උඩු කබාය" කතාවේ ඡායාව වැටී ඇතැයි කියවේ. (මිණවුන් පී. තිලකරත්න - එම - 177 -182 පිටු) කතා දෙක සැසඳුවොත් නම් "බයිසිකලය" කතාවේ දුබලතා පෙනෙනු ඇත. ගොගොල්ගේ කතාවේ "උඩු කබාය" එහි ප්‍රධාන චරිතයට නැතිවීම බැරි දෙයකි. බයිසිකලය සියදොaරිස්‌ ආශා කළ දෙයකි. එසේ සැසඳීමෙක්‌ නොමැතිව "බයිසිකලය" කතාව අගය කළහොත් යමක්‌ ආශාවෙන් බැලූවකු එය ලද විට ප්‍රමෝදයට පත්වන සැටිත් එය විනාශ වූ විට කලකිරීමට පත්වන සැටිත් එහි නිරූපණය වන බව කිව යුතුය.

ගුණදාස අමරසේකර චෙකොµaගේ කතාවල මෙන් බොහෝ විට පරිසර වැනුම කලාත්මකව යොදා ඇති සැටි රතු රෝස මල කෘතියෙහි පමණක්‌ නොව ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ජීවන සුවඳෙහිද දක්‌නට ලැබේ. විකාශනයෙන් ඉවත් කළ නොහැකි එවැනි වැනුම් "කලහය" "ඇය හමුවූ රාත්‍රිය" ආදී කෘතිවල දක්‌නට ලැබේ.

මහාචාර්ය පියසීලි විඡේමාන්න. 
෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks