ලිපිය පල කළේ : Unknown Friday, March 7, 2014

තීරු කේත කියවනය




බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය  භාවිතා කර යම් කිසි භාණ්ඩයක  විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.

තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.




ප්‍රදීපන පද්ධතිය (Illumination System)

මෙමගින් තීරු සංකේතයේ තීරු (කළු සහ සුදු කොටස්) ආලෝකමත් කරනු ලැබේ. මේ සදහාLED සහ ලේසර් කිරණ බහුලව යොදා ගැනේ.

සෙන්සරය (Sensor)

තීරු සංකේතය ආලෝකමත් වී පරාවර්තනය වන ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට සෙන්සරයන් භාවිතා කරයි. මෙය ආලෝකයට සංවේදී උපකරණයක් (Photo Detector) වන අතර ආලෝකයේ ඇති ෆෝටෝන (Photon) උරාගෙන ඉලෙක්ට්‍රෝන පිටකිරීම මගින් එම ආලෝකයේ තීව්‍රතාවට සමානුපාතිකව වෝලිටීයතාවයක් නිපදවයි. භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ඉතා වැදගත් යෙදීමක් ලෙස මෙය හැදින්විය හැක. මෙම වෝල්ටීයතාවය තීරු සංකේතයේ වැදී එන ආලෝකයට අනුරූපව ජනනය වේ. එනම් තීරු සංකේතය විචල්‍ය වෝල්ටියතාවයක් මගින් ප්‍රතිනිර්මාණය වේ.

පරිවර්තකය (Converter)

තීරු සංකේතය සංඛ්‍යාංක (Digital) දත්තයකි. නමුත් සෙන්සරයෙන් ලැබෙන්නේ මෙම සංඛ්‍යාංක දත්තයේ ප්‍රතිසම (Analog) සංඥාවක් නිසා නැවත ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කල යුතු වේ. මේ සදහා ප්‍රතිසම-සංඛ්‍යාංක (Analog to Digital) පරිවර්තකයක් භාවිතා වේ. A-D පර්වර්තකයක මූලික අංගය වනුයේ කාරකාත්මක වර්ධකය (Operational Amplifier) වේ. කාරකාත්මක වර්ධකයක් ලෙස මෙන්ම ස්විචයක් ලෙසද යොදාගත හැක. වර්ධකය සන්තෘප්ත අවස්ථාවේ (Saturation Mode) භාවිතා කල විට එය සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි. පරිවර්තකයක කාරකාත්මක වර්ධකය, සන්සන්දකයක් (Comparator) ලෙස ක්‍රියාකර, ප්‍රදාන ප්‍රතිසම සංඥාව, සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කරනු ලැබේ.

විකේතකය (Decoder)
තීරු සංකේතය සංඛ්‍යා වලට පෙරළීම විකේතකය මගින් සිදු කෙරේ. තීරු සංකේතයේ ඇති කළු සහ සුදු ඉරි වල ඝනකම මගින් 0 සිට 9 දක්වා ඉලක්කම් නිරූපණය වේ.෴






{ 3 comments... read them below or Comment }

  1. හොද වැඩක් මේ වගේ පොඩි පොඩි දේවල් වුනත් සිංහලයට නගන එක වැදගත් නිවැරදිම තොරතුරු දෙන්නට උත්සාහ කිරීම දැයේ අනාගතයට කරන සේවාවක්

    ReplyDelete
  2. මේක හුගාක් වටිනව.හුගක් ස්තුතියි.

    ReplyDelete

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks