ලිපිය පල කළේ : Unknown Tuesday, March 11, 2014

කන උන්දෑ - සාගර පලන්සූරිය


මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක            ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ             ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ          ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු                    ළ

ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු              ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම                   ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ                     ම
පහතට නොබැස්සා හිඟමනකට තර                ම

හරකා සතා මගදී හමුවන ඇය                        ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස             ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම                 ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය               ට

ඇය ආ වේලාවට අ‍ප ගෙදරට දොර                ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප         ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව               ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන       ට

ඈ හොඳ හොඳ කතා කවි සීපද ද                න්නී
ඒවා රසට පැය ගණනක් පවස                   න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක        න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ                     න්නී

            *    *     *     *     *     *      *
කලකට පසුව ඇය විසු පැල්පත පැව              තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව          තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ     තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ         තී

සාගර පලන්සූරිය

මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks