Showing posts with label පරිගණක උදව්. Show all posts

TORRENT යනු ප්‍රවාහයයි.ගොඩක් අය දන්නව torrent ගැන. නමුත් එය භාවිතා කරන ආකාරය සහ එහි ක්‍රියාකාරිත්වය දන්නේ ටික දෙනයි. අද මේ ලිපියෙන් මම කියල දෙන්න යන්නේ torrent වල ක්‍රියාකාරිත්වය සහ අපි බලමු torrent වලින් file එකක් download කර ගන්න ආකාරය.

ඔක්කෝටම ඉස්සෙල්ල බලමු අපි කොහොමද සාමාන්‍ය විදියට File එකක් Download කරන්නේ කොහොමද, මොකක්ද එහි යාන්ත්‍රනය කියල.. 




                     මේ බලන්නකො මේ පිංතූරය දිහා. ඔයාලට පේනව ඇති A නම් පරිගනකයක් විසින් යම් කිසි File එකක් Upload කරනව . මේ file එක Server එකක තියා ගන්නව. ඉතින් කාට හරි ඒ File එක Download කර ගන්න ඔනේ නම් එයා පොඩි ඉල්ලීමක් යවනව අර server එකට. ඒ අනුව ඒ File එක එයාට Download වෙනව. සංකීර්න කරුනු ටිකක් සරලව කියල දුන්න. ඇත්තම මේ ක්‍රමයට පොඩි පොඩි File හුවමාරු කරගන්න පහසු උනාට, 2GB වගේ දැවැන්ත File හුවමාරු කිරීම නම් ලේසි නෑ. මොකද මම එහෙම කියන්නේ, එකම මොහොතක එකම File එකක් ලබාගන්න ලෝකේ නන් දෙසින් දස දස් ගනන් පිරිසක් උතසහ කරනව. හැබැයි ඔක්කෝටම තියෙන්නේ එක server එකයි. server එකක් කියල කියන්නෙත් පරිගනකයක්මනේ, ඉතින් මොකද වෙන්නේ එයා ඉල්ලීම් වැඩි වෙන්න වැඩි වෙන්න Slow වෙනව, එහෙමත් නැත්තන්  Download වීම සීමා කරනව. 

Torrent වල යාන්ත්‍රනය.


   
සාමාන්ය download කිරීමකදි ඒ file එක download කරන අය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ඒ File එක Download වීමේ වේගය අඩු වෙනව කියල මම කලින් කිව්වනේ. මේ FTP සහ HTTP කියන ප්‍රොටෝකෝලයන්ගේ දුර්වල තාවයක්. මේ නිසා තමයි 2001 දී බ්‍රාම් කොහේන් විසින්Peer-to-Peer කියන ප්‍රොටෝකෝලය හදුන්වල දෙන්නේ. ප්‍රොටෝකෝලයක් කියල කියන්නේ උපකරන දෙකක් අතර දත්ත හුවමාරුව සදහා ඇති කරගනු ලබන එකගතාවයකට. ඉතින් මේ පියර් ‍ටු පියර් කියන ක්‍රමවේදය තමා සමස්ත torrent තාක්ශනයේදී අද භාවිතා වෙන්නේ. මෙහි විශේෂතවය වන්නේ Download කරන ප්‍රමානය වැඩි වෙන තරමට අපිට ඒ File එක ලැබෙන වේගයත් වැඩි වීමයි.

හරිම අපූරුයි නේද යාලුවනේ, බලමු ඒ ඇයි කියල. මේ බලන්නකො, Torrent වලදි මූලිකවම වෙන්නේ, කෙනෙක් ඔන්න File එකක් මුදා හැරියාම, තව කෙනෙක් ඒක ලබා ගන්න එක. යම් කාලයක් තුල දෙවෙනියට File එක ලබා ගත්තු පුද්ගලය සම්පූර්නයෙන්ම ඒ File එක ලබා ගත්තට පස්සේ අපි එයාට කියනව Seeder කෙනෙක් කියල. දැන් ඔන්න Seeders දෙන්නෙක්ම ඉන්නව. ඔය අතරේ තවකෙනෙක් ඒ File එකම හොයගෙන එනව. අපි ඒ හොයාගෙන එන අයට Leechers කියල කියනව. මේ leechers ට ඒ File එක දෙන්න දැන් දෙන්නෙක්ම ඉන්නව. ඒ නිසා ඒ දෙන්නගෙම උදව්වෙන් ඔන්න එයාට File එක Download වෙන්න පටන් ගන්නව. එයත් ඒක Download වෙලා ඉවර උනාම නිකන්ම Seeder කෙනෙක් වෙනව. මේ විදියට Download කරන කරන අයම තමා ඊලග මොහොතේ ඒ File එක අනිත් අයට ලබා දෙන්නේ.

මේ විදියට අපි Download කිරීමට සොයන File මොන මොන අය ලගද තියෙන්නේ කියන තොරතුරු අඩන්ගු පුංචිම පුංචි File එකකට තමා අපි Torrent File එකක් කියල කියන්නේ. ඉතින් අපි Torrent වලින් මොකක් හරි Download කරන්න යනව නම් ඉස්සෙල්ලාම මේ Torrent File එක තමා Download කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ  Torrent File එක Torrent Client වැඩසටහන කට පෙන්වල දුන්නම එයා පිලිවෙලින් ඒ File එක අපි කියමුකො අපි Download කරන්න ගිය Film එක කියල. ඒක Download කරන්න පටන් ගන්නව. Torrent Client වැඩසටහන් ලෙස

μTorrent®


ආදී මෘදුකාංග හදුන්වල දෙන්න පුලුවන්. මේව හරිම සැහැල්ලු වැඩසටහන්. හරිම කුඩයි, Slow වීමක් නෑ.

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ඔයා Torrent වලින් මොකක් හරි බාගත්ත කියමුකො.ඊට පස්සෙ ඔයත් නිකන්ම Seeder කෙනෙක් වෙනව. මොකද, Torrent වල පැවැත්ම තියෙන්නේ එතකොටයි. එත් සමහරු වැඩේ කර ගත්තු ගමන් ඒ File එකේ සම්බන්ද තාවය නැති කරනව.එතකොට එයාට අමතර Upload කිරීමක් සිදුකරන්න ඕනේ නෑ. ඇයි Seeder කෙනෙක් උනාම නිතරම Upload කරන්න ඔනේ. . අපි කියනව මේකට (Leeching) කරනව කියල. ඒකේ අදහස තමයි "ලේ උරාබොන කූඩැල්ලා" යන්න. ඒ කියන්නේ ආර්ත්මාර්ත කාමී යන්නයි. වැඩේ කරල මාරු වෙනව.
අද මම කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතා
වයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...

මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා කරල අර ෆයිල් ටික compress කරගන්න.(ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා right click කරන්න එතකොට ඇති "add to archive"කියලා ඒක ඔබන්න.) එතකොට ඔයාලට පෙනෙයි ඒ ෆෝල්ඩර් එක ඇතුලෙම compress වුන rar ෆයිල් එක තියනව.ඒක කරගෙන ඉවර වෙලා අර පිංතූරය Image කියල rename කරගන්න.rar ෆයිල් එක File කියල රීනේම් කරගන්න(මෙහෙම කෙරුවහම වැඩේ ලේසියි)

ඊට පස්සෙ cmd prompt එක විවෘත කරගන්න.
ඒකේ මේ විදිහට ගහලා එන්ටර් කරන්න 

CD\
ඊට පස්සේ ‘cd New folder’ කියල ගහලා එන්ටර් කරන්න.
එතකොට එන C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.


copy /b Image.jpg + File.rar  finalImage.jpg

එන්ට කරල අර පිංතූරෙ තියන තැනට ගිහිල්ල බලන්නකො අර කම්ප්‍රෙස්ස් කරපු ෆයිල් එකේ sසයිස් එක පිංතූරෙ සයිස් එකට එකතු වෙලා ඇති එහෙම වෙලා නම් ඔයා හරියට වැඩේ කරල තියනවා දැන් අර කම්ප්‍රෙස් කරපු ෆයිල් එක තියෙන්නෙ පිංතූරෙ අස්සෙ.හැබැයි පිංතූරෙ ඕපන් කරාම ඕපන් වෙන්නෙ පිංතූරෙ විතරයි.දැන් aඅපි ඔහොමද අර ෆයිල් එක ඕපන් කරගන්නෙ? හරි ලේසියි ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල open with ගිහින් winrar select කරල ඕකේ කරන්න එතකොට අර ෆයිල් එක ඕපන් වෙයි!





පරිගණකයට අධිපති දෙවියා වෙමු

දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..

ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි..

*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED

එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා..
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D
විසුවල් බේසික් වලින් කැල් එකක් හදමු.

මේක හරිම ලේසි වැඩක්.ඉස්සෙල්ලම පල්ලෙහ තියෙන විදියට කැල් එකේ මුහුණත හදාගන්න ඕන.

  • ටෙක්ස් බොක්ස් 2
  • ලේබල් 3
  • කමාන්ඩ් බටන් 5
ඊට පස්සෙ ඒවගෙ අකුරු වෙනස් කරන්න.(මේකෙදි වෙනස් කරන්න ඕන name කියන එක නෙවෙයි.Text කියන එක)

ඊට පස්සෙ ෆෝර්ම් එක උඩ ඩබල් ක්ලික් කරල එන වින්ඩෝ එකේ තියෙන Code මකල පල්ලෙහා තියෙන Code ටික කොපි කරල දාන්න.ඊට පස්සෙ තියෙන්නෙ කැල් එක puplish කරන්න තමයි.(build --> Publish)


Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 + num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button2_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button2.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 - num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button3_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button3.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 * num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button4_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button4.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 / num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button5_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button5.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 ^ num2
        Label3.Text = answer
    End Sub
End Class

MOUSE එක නැතුව MOUSE POINTER එක වැඩ කරවමුද?

දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  මෙන්න තියනවා ක්‍රමේ..........

මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
"Left Shift+Alt+Num Lock"
එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..

දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

7    8    9
4          6
1    2    3

ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
"Left Shift+Alt+Num Lock" ඔබන්න..
වැඩේ වටිනාකමක් තියනවා නේද?
වයිරස් ගාර්ඩ් එක වැඩකරනවද කියල බලමු.

වයිරස් එකක් දාන්නෙ නැතුව වයිරස් ගාර්ඩ් එක වැඩද කියල බලන්නෙ මෙහෙමයි.

1.notepad එක ඕපන් කරගන්න.

2.notepad එකේ මේ කෝඩ් එක ටයිප් කරන්න.
          X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

3.එම ෆයිල් එක eicar.com ලෙස rename කර ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න.

4.ඉන්පසු එය ඕපන් කර බලන්න.ඔබේ වයිරස් ගාර්ඩ් එක වැඩකරන එකක් නම් ඒ ෆයිල් එක block කරයි.
෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks