Showing posts with label තාක්ෂණික. Show all posts
Mobitel Codes
Account Balance *100#
Owner Info & Sim Number *132#
Mobitel Self Care #888#
Mobitel Coustomer Service 141 / 1717 (from any network) 0712755777
Mobitel double bonanza win chances *151#
Change between Mobitel Old & New Package *111#
View the remaning data volume of 3G daily Delight #170#
To activate Missed Call alarts Dial *62*0710111000#
to send credit *448*mobitel number*credit# eg:*448*0715567894*10#
Smart loan *247#
To activate data packages type D24 -> send to 7678 package u wana activate. this can be d24,d39,w89, etc
Airtel Codes
Account Balance *550#
Owner Info & Sim Number *132#
Airtel Coustomer Service 555 / 0755555555
My airtel My Offer *123#
Get your Mobile Internet settings SMS : ALL to 2222
All in one VAS Information Portal *333#
airtel Live TV (Video call) 4444 Rs. 2.00 + tax per minute
Get your Free Welcome Tune dial : 4442
Etisalat Codes
Account Balance *134#
Owner Info & Sim Number *132#
Missed Call Alert Dial *346 To deactivate this service dial ##002#
Dialog Codes
සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
ගිණුමේ ශේෂය - *#456#
අමතර අවශ්‍යතා - #107#
සම්බන්දතාවය ගැන විස්තර #678#
ණයක් ගන්න - #356#
කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න.
Star Points බලාගන්න - #141#
Call Waiting Activate කරන්න - *#43#
Missed call Alert Active කරගන්න - **62*0777012012#
Hutch Codes
Account balance dial 344
me2U transfer credit *121#
To activate MCA - *62*1000#
නැනෝ තාක්ෂණය
නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්දර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හරහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.
නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්
නැනෝ නාල
1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.
නැනෝ පෙරණ
මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.
නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.
නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රමයේදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිනිති - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපකරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයටද ඉඩ සැලසී තිබේ.
අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.
නැනෝ සංයෝග
මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.
අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය යටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.
ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.
නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.
DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වල ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.
අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.
අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.

පරිගණකයට අධිපති දෙවියා වෙමු
දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..
ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි..
*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED
එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා..
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D

3D ටීවී එකක් නැතුව කම්පියුටරෙන් 3D බලමු.
මාතෘකාව දැක්ක ගමන්ම ඔයාල පුදුම වෙන්න ඇති.ඒත් සමහර කට්ටිය නම් හිතන්න ඇත්තෙ kmplayer එකෙන් 3d බලන එක ගැන.ඒත් KMP එකෙන් 3ඩී බලන්න නම් විශේෂ කණ්ණාඩියක් ඕන.ඒත් මම කියන්න යන ප්ලේයර් එකෙන් සාමාන්‍ය රතු නිල් කණ්ණාඩියකින් 3ඩී බලන්න පුළුවන්.ඒ කණ්ණාඩියක් හොයාගන්න එච්චර අමාරු නෑ.ඒ ප්ලේයර් එකේ නම QQ Player .ඒ ප්ලේයර් එක පහල ලින්ක් එක කලික් කරලා බාගන්න.3ඩී බලන්නත් පුළුවන් හින්ද ඔයාල හිතනව ඇත්තෙ ලොකු සයිස් එකක සොෆ්ට්වෙයාර් එකක් කියල වෙන්නඇති කියල නේද?නෑ ඒක 29mb සොෆ්ට්වෙයාර් එකක්.ආ මට කියන්න අමතක වුනා!මේකෙන් වීඩියෝ 1 ඕපන් කරල alt + d ඔබන්න.ඊට පස්සෙ 2d go 3d කමාන්ඩ් එක දෙන්න.
මේක LCD,LED මොනිටර්වල ගොඩක් හොඳට වැඩ කරනවා.
මාතෘකාව දැක්ක ගමන්ම ඔයාල පුදුම වෙන්න ඇති.ඒත් සමහර කට්ටිය නම් හිතන්න ඇත්තෙ kmplayer එකෙන් 3d බලන එක ගැන.ඒත් KMP එකෙන් 3ඩී බලන්න නම් විශේෂ කණ්ණාඩියක් ඕන.ඒත් මම කියන්න යන ප්ලේයර් එකෙන් සාමාන්‍ය රතු නිල් කණ්ණාඩියකින් 3ඩී බලන්න පුළුවන්.ඒ කණ්ණාඩියක් හොයාගන්න එච්චර අමාරු නෑ.ඒ ප්ලේයර් එකේ නම QQ Player .ඒ ප්ලේයර් එක පහල ලින්ක් එක කලික් කරලා බාගන්න.3ඩී බලන්නත් පුළුවන් හින්ද ඔයාල හිතනව ඇත්තෙ ලොකු සයිස් එකක සොෆ්ට්වෙයාර් එකක් කියල වෙන්නඇති කියල නේද?නෑ ඒක 29mb සොෆ්ට්වෙයාර් එකක්.ආ මට කියන්න අමතක වුනා!මේකෙන් වීඩියෝ 1 ඕපන් කරල alt + d ඔබන්න.ඊට පස්සෙ 2d go 3d කමාන්ඩ් එක දෙන්න.මේක LCD,LED මොනිටර්වල ගොඩක් හොඳට වැඩ කරනවා.
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -

ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.
වොෂින්ටන් සරසවියේ හා ෆින්ලන්තයේ අල්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මේ විස්මයජනක සොයාගැනීම සිදුකර තිබෙනවා. ඇසේ පළඳින සිවි කාචයකට (contact lens) ඩිජිටල් ආකාරයෙන් අක්ෂර යැවෙන අතර කාචය පළඳින්නා හට ඔහුගේ සාමාන්‍ය දෘෂ්ඨියත් සමගම කාචය මත දිස්වෙන ඩිජිටල් අක්ෂර ද පෙනෙන්නට සැලැස්වීම මේ පර්යේෂණයේ අරමුණ වුනා.
තවමත් මෙම කාචය මගින් අක්ෂර දත්ත පෙන්වීමට තරම් ප්‍රගතියක් ලබා නොමැති නමුත් මූලික මට්ටමේ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි මෙහි පර්යේෂකයන් පවසන්නේ. මෙම කාචය මත පිහිටුවා ඇති ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයේ ඇන්ටනාවක් මගින් බාහිර උපකරණයක් මගින් නිකුත් කරන විදුලිය රැහැන් රහිත ආකාරයට ලබාගෙන කාචය මත ඇති චිපයක් මත ගබඩා කරගන්නවා. මේ කාචය මත විනිවිද පෙනෙන අයුරින් සියළුම ඉලෙක්ට්‍රොනික කොටස් ඉතා කුඩා මයික්‍රොමීටර පරිමාණයට තනා තිබේ. ඉහත ආකාරයට ගබඩා කරගන්නා විදුලිය බලය මගින් කුඩා ප්‍රමාණයේ එක් LED ආලෝක ලක්ෂ්‍යයක් පමණක් දැනට දල්වා ලීමට පර්යේෂකයන් සමත්ව සිටිනවා.
මෙය එක් පික්සලයක දර්ශනයක් වන අතර ඉදිරියේදී මෙය බහු-පික්සල ආකාරයට වැඩි දියුණු කර අක්ෂර හා වෙනත් තොරතුරු දැක්විය හැකි ආකාරයට දියුණූ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එවිට එමගින් කුඩා ප්‍රමාණයේ පණිවුඩ, සිහි කැඳවීම්, ඊ-මේල් හෝ SMS මෙන්ම අභ්‍යන්තර ජීව සංවේදක මගින් ලබා ගන්නා ජීව දත්ත තොරතුරු ද කාචය මත දැක්විය හැකියි. මෙය තවත් ඉදිරියට දියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩා සඳහා පවා යොදා ගත හැකි ආකාරයට වැඩිදියුණු කළ හැකියි.
මිනිස් ඇසට සාමාන්‍යයෙන් ඇසට වඩා සෙන්ටිමීටර් 2-3 ක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් නෑ. ඔබ ඔබේ නාසය මත ඇඟිල්ල තබා එය දෙස බැලීමට තැත් කල හොත් ඇඟිල්ල පැහැදිලිව දර්ශණය නොවන බව ඔබට පෙනේවි. මේ ආකාරයටම සිවි කාචයක දත්ත දැක්වූ විටත් එය කිසිසේත්ම පැහැදිලිව දර්ශණය කිරීමට නොහැකි ආකාරයේ ප්‍රායෝගික අපහසුතාවයක් තිබේ. නමුත් Fresnel කාච යොදා ගැනීමෙන් ඒ ගැටළුව විසඳා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිඛෙනවා. එමගින් එක් තනි පික්සලයක දත්තයක් පවා දෘෂ්ඨි විතානය මත පැහැදිලිව නාභිගත වන සේ දර්ශණය කරවිය හැකියි.
ඉහත ආකාරයෙන් තැනූ තනි පික්සල සිවි කාචයක් හාවෙක්ගේ ඇසට සවිකර අත්හදා බැලු අතර එහිදී කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වී නොතිබිණි. කෙසේ වුවත් පික්සල් ප්‍රමාණය වැඩි දියුණු කිරීමට අමතරව තවත් ප්‍රධාන බාධකයකට මුහුණ දීමට මේ පර්යේෂක කණ්ඩායමට සිදුවනු ඇති. එනම්, මේ කාචයට රැහැන් රහිතව යැවෙන විදුලිය ක්‍රියා කරන්නේ ඉතා සීමිත පරාසයක පමණක් වීමයි. මේ සියළු අඩුපාඩු මගහැර ඉදිරියේදී මේ සිවි කාචය වැඩිදියුණු කිරීමට වැඩි දුර පර්යේෂණ සිදුකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්, තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watch උපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.
සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික වූ අතර, ජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.
Smart Watch 2 හි නිමාව පිළිබඳව සැලකීමේදී එහි බඳ තනිකරම ඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේ. එමගින් මෙයට උසස් පෙනුමක් ලබාදී ඇත. විශේෂයක් වන්නේ මෙහි අත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයි. මෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබට කැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 සඳහා භාවිතා කළ හැකියි. තරමක් විශාලව පෙනෙන, රවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේ. එහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ් කිරීම සඳහා සපයා ඇති සම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇත. මීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සඳහා භාවිතා වූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමාන යේ සම්මත port එකක් වීම පරිශීලකයාට වඩාත් පහසුවකි.
තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.
භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මඳක් විශාල වන අතර, බරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.
Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම download වනු ඇත. ඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2 සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.
Smart Watch 2 සඳහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.
දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2 උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්, තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watch උපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.
සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික වූ අතර, ජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.
තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.
භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මඳක් විශාල වන අතර, බරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.
Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම download වනු ඇත. ඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2 සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.
Smart Watch 2 සඳහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.
දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2 උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...
තීරු කේත කියවනය
බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.
තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.
ප්‍රදීපන පද්ධතිය (Illumination System)
මෙමගින් තීරු සංකේතයේ තීරු (කළු සහ සුදු කොටස්) ආලෝකමත් කරනු ලැබේ. මේ සදහාLED සහ ලේසර් කිරණ බහුලව යොදා ගැනේ.
සෙන්සරය (Sensor)
තීරු සංකේතය ආලෝකමත් වී පරාවර්තනය වන ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට සෙන්සරයන් භාවිතා කරයි. මෙය ආලෝකයට සංවේදී උපකරණයක් (Photo Detector) වන අතර ආලෝකයේ ඇති ෆෝටෝන (Photon) උරාගෙන ඉලෙක්ට්‍රෝන පිටකිරීම මගින් එම ආලෝකයේ තීව්‍රතාවට සමානුපාතිකව වෝලිටීයතාවයක් නිපදවයි. භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ඉතා වැදගත් යෙදීමක් ලෙස මෙය හැදින්විය හැක. මෙම වෝල්ටීයතාවය තීරු සංකේතයේ වැදී එන ආලෝකයට අනුරූපව ජනනය වේ. එනම් තීරු සංකේතය විචල්‍ය වෝල්ටියතාවයක් මගින් ප්‍රතිනිර්මාණය වේ.
පරිවර්තකය (Converter)
තීරු සංකේතය සංඛ්‍යාංක (Digital) දත්තයකි. නමුත් සෙන්සරයෙන් ලැබෙන්නේ මෙම සංඛ්‍යාංක දත්තයේ ප්‍රතිසම (Analog) සංඥාවක් නිසා නැවත ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කල යුතු වේ. මේ සදහා ප්‍රතිසම-සංඛ්‍යාංක (Analog to Digital) පරිවර්තකයක් භාවිතා වේ. A-D පර්වර්තකයක මූලික අංගය වනුයේ කාරකාත්මක වර්ධකය (Operational Amplifier) වේ. කාරකාත්මක වර්ධකයක් ලෙස මෙන්ම ස්විචයක් ලෙසද යොදාගත හැක. වර්ධකය සන්තෘප්ත අවස්ථාවේ (Saturation Mode) භාවිතා කල විට එය සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි. පරිවර්තකයක කාරකාත්මක වර්ධකය, සන්සන්දකයක් (Comparator) ලෙස ක්‍රියාකර, ප්‍රදාන ප්‍රතිසම සංඥාව, සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කරනු ලැබේ.
විකේතකය (Decoder)තීරු සංකේතය සංඛ්‍යා වලට පෙරළීම විකේතකය මගින් සිදු කෙරේ. තීරු සංකේතයේ ඇති කළු සහ සුදු ඉරි වල ඝනකම මගින් 0 සිට 9 දක්වා ඉලක්කම් නිරූපණය වේ.෴

බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.
තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.
ප්‍රදීපන පද්ධතිය (Illumination System)
සෙන්සරය (Sensor)
පරිවර්තකය (Converter)
විකේතකය (Decoder)