Archive for February 2014

පූර්ව යුගය

මනු රාජ වංශය
මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.

  • මහා සම්මත මනු රජ
  • හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
  • බලි රජ
  • නහුත රජ
  • සංකිත රජ
මඛාදේව රාජ වංශය
  • තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ
ලංකාපුර යුගය

යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය

  • සුමාලි රජ
  • කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික)
  • රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
  • විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
  • මහා කාලසේන රජ
  • පනිත රජ
  • බම්බා රජ


දේව රාජධානිය


  • සුමන සමන් රජ

නාග රාජධානිය

නාග රාජධානිය - වඩුන්නාගල නගරය

  • චූලෝදර රජ

නාග රාජධානිය - මණි නාග දීපය

  • මහෝදර රජ

නාග රාජධානිය - කැළණි නගරය

  • මණිඅක්ඛික රජ


තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)

නාමය කාලය පාලන කාලය (අවුරුදු) සටහන්
විජය රජ ක්‍රි.පූ. 543-505        38 කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය
උපතිස්ස රජ 505-504           1 අගනුවර-උපතිස්ස නුවර
පඬුවස්දෙව් රජ 504-474        30 ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
අභය රජ 474-454        20 මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
තිස්ස කුමරු 454 -
(පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී රාජ්‍යය පාලනය කිරීම

අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)

අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1
  • පණ්ඩුකාභය රජ
  • මුඨසිව රජ (පණ්ඩුකාභය රජගේ පුත්)
  • තිස්ස රජ
  • දේවානම්පිය තිස්ස රජ
  • උත්තිය රජ
  • මහාසිව රජ
  • සූරතිස්ස රජ

අනුරාධපුර චෝල යුගය

අනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය
  • ආක්‍රමණක චෝල සේන හා ගුත්තික (අශ්වාචාරි)
  • අසේල රජ (දේවානම්පිය තිස්ස බාල සොයුරු)
  • ආක්‍රමණක චෝල එළාර රජ
අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානිය
  • කැළණි තිස්ස රජ
අනුරාධපුර චෝල යුගය - රුහුණු රාජධානිය
  • කාවන්තිස්ස රජ
අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය
  • දුටුගැමුණු රජු
  • සද්ධාතිස්ස (සැඳෑතිස්)
  • තුලත්ථන
  • ලංජතිස්ස (ලැමිණිතිස්)
  • බල්ලාඨනාග
  • වළගම්බා රජු (වට්ටගාමිණී අභය/වලගම් අබා)
  • ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
  • වළගම්බා රජු (යළි රජවීම)
  • මහවුලිතිස්ස
  • චෝරනාග
  • තිස්ස (කුඩාතිස්ස)
  • සිව
  • වටුක
  • දාරුභාතික තිස්ස
  • තිලිය (පුරෝහිත බමුණා)
  • අනුලා රැජින
  • කූඨකණ්ණ තිස්ස
  • භාතික අභය
  • මහාදාථික මහානාග
  • ආමන්ද- ගාමිණී අභය
  • කණිරජානු තිස්ස
  • චූලාභය
  • සීවලී රැජින
-- අරාජික සමය --
  • ඉලනාග
  • චණ්ඩමුඛසීව
  • යසලාලක තිස්ස
සුබ රජ
  • සභ (සුභ)
ලම්බකර්ණ රාජ වංශය
  • වසභ රජ
  • වංකනාථතිස්ස
  • ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
  • මහල්ලකනාග
  • භාතික තිස්ස
  • කනිට්ඨතිස්ස
  • බුජ්ජනාග
  • කුංචනාග
  • Iවන සිරිනාග
  • වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
  • අභයනාග
  • IIවන සිරිනාග
  • විජය - කුමාර
  • Iවන සංඝතිස්ස
  • සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
  • ගෝඨාභය (ගොළු අබා)
  • Iවන ජෙට්ඨතිස්ස
  • මහාසේන ( මහසෙන්)
  • සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
  • IIවන ජෙට්ඨතිස්ස
  • බුද්ධදාස රජ
  • Iවන උපතිස්ස
  • මහානාම
  • වට්ටගාහජන්තු
  • මිත්තසේන (මිත්සෙන්)
ෂඩ් ද්‍රවිඩයන්
  • පණ්ඩු
  • පාරින්ද
  • ඛුද්ධ පාරින්ද
  • තිරිතර
  • දාඨිය
  • පීඨිය
මෞර්ය රාජ වංශය
  • ධාතුසේන රජු
  • Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
  • මොග්ගල්ලාන (මුගලන්)
  • කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
  • කිත්තිසේන
  • සිව
  • IIවන උපතිස්ස
  • සීලාකාර අම්බ සාමනේර
  • දාඨාපභූති (දාපලුසෙන් )
  • IIවන මොග්ගල්ලාන
  • කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
  • මහානාග
  • Iවන අග්ගබෝධි (අක්බෝ)
  • IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
  • IIවන සංඝතිස්ස
  • IIIවන මොග්ගල්ලාන
  • සීලාමේඝවණ්ණ
  • IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
  • IIවන ජෙට්ඨතිස්ස
  • IIIවන අග්ගබෝධි (යළි රජවීම)‍
  • දාඨෝපතිස්ස
  • IIවන කස්සප
  • Iවන දප්පුලු
  • හත්ථදාඨ
  • IVවන අග්ගබෝධි
  • දට්ට
  • IIවන හත්ථදාඨ
ලම්බකර්ණ මානවම්ම රාජ වංශය
  • මානවම්මරජ
  • Vවන අග්ගබෝධි
  • IIIවන කස්සප
  • Iවන මහින්ද
  • VIවන අග්ගබෝධි
  • VIIවන අග්ගබෝධි
  • IIවන මහින්ද
  • Iවන උදය
  • IIIවන මහින්ද
  • VIIIවන අග්ගබෝධි
  • IIවන දප්පලු
  • IXවන අග්ගබෝධි
  • Iවන සේන
  • IIවනසේන
  • IIවන උදය
  • IVවන කස්සප
  • Vවන කස්සප
  • IIIවන දප්පුලු
  • IVවන දප්පුල
  • IIIවන උදය
  • IIIවන සේන
  • IVවන උදය
  • IVවන සේන
  • IVවන මහින්ද
  • Vවන සේන
  • Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)

පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 - 1232)

පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)
පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානිය
  Iවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)
  Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)

පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු
  • වික්‍රමබාහු රජ (VIවන කස්සප)
  • මහලනාකිත්ති
  • වික්‍රමපණ්ඩු
  • ජගතිපාල (ජගත්පාල)
  • පරාක්‍රමපණ්ඩු
  • ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
  • VIIIවන කස්සප
  • Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)

පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)
    Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම - 1110)

පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153)

රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
රාජධානිය රජ
1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180
රජරට
Iවන වික්‍රමබාහු රජ IIවන ගජබාහු රජ
දක්ඛිණදේශ Iවන විජයබාහු රජ මානාභරණ රජ කිත්ති සිරි මේඝ රජ පළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණ
ශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජ ශ්‍රී වල්ලභ රජ මානාභරණ රජ

පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)
  Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)
  IIවන විජයබාහු
පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)
  • නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
  • IIවන වික්‍රමබාහු
  • චෝඩංග රජ
  • ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
  • සහස්සමල්ල
  • කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
  • ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
  • චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
  • ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
  • දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
  • ලීලාවතී රැජින (3වන රාජ සමය)
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)
  • පරාක්‍රපණ්ඩු
  • කාලිංග මාඝ රජ (කාලිංග විජයබාහු) (ආක්‍රමණික රජ) (ක්‍රි.ව. 1215 - 1236)
  • දඹදෙනි II වන පරාක්‍රමබාහු රජ මාඝ පලවාහැර රටටම රජ විය
දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 - 1272)

  • IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 - 1236)
  • II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 - 1270)
  • IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 - 1270)
  • I වන බුවනෙකබාහු රජ
යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)

  • මිත්ත සෙනෙවි
  • I වන බුවනෙකබාහු රජ
අරාජික සමය
යාපව්ව යුගය - පොළාන්නරුව සිට පාලනය
  • III වන පරාක්‍රමබාහු රජ
ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 - 1341)

නාමය කාලය පාලන කාලය (අවුරුදු) සටහන්
II වන බුවනෙකබාහු රජ     1303-1305 2
(පඬි) IV වන පරාක්‍රමබාහු රජ     1305
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
III වන බුවනෙකබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ජයබාහු II

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
V වන විජයබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
IV වන බුවනෙකබාහු රජ

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.

ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)

ගම්පල යුගය- ගම්පොල රාජධානිය
    දැදිගම අගනුවර
         V වන පරාක්‍රමබාහු රජ
    ගම්පොල අගනුවර
         III වන වික්‍රමබාහු රජ
         V වන බුවනෙකබාහු රජ

ගම්පල යුගය - රයිගම රාජධානිය

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)

IIවන වීරබාහු - - 1391/1392 1397 *Brother in law of King Buvaneka Bahu V

වීර අලකේශ්වර
(aka Vijaya Bahu VI)
- - 1397 1409

පරාක්‍රමබාහු Epa(ඈපා) - - 1409 1412 *Grandson of Senalankahikara Senevirat
minister of Bhuvanaikabâhu IV.

අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)

කෝට්ටේ යුගය - සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 - 1521)

  • VI වන පරාක්‍රමබාහු රජ ‍(රට එක්සේසත් කළේ ය)
  • II වන ජයබාහු රජ
  • VI වන බුවනෙකබාහු රජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
  • VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
  • VIII වන වීරපරාක්‍රමබාහු රජ
  • Xවන ධර්මපරාක්‍රමබාහු රජ
  • VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)
  • VIIවන බුවනෙකබාහු
  • දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
  • පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
  • පෘතුගාලයේ IIවන ෆිලිප් රජ
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 - 1594)
  • මායාදුන්නේ රජ
  • Iවන රාජසිංහ රජ
  • පෘතුගාලයේ Iවන ෆිලිප් රජ හෙවත් ස්පාඤයේ IIවන ෆිලිප් රජට යටත් වීම.
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)
  • ආර්ය චක්‍රවර්තීවරු
  • පරරාජසේකරම්
  • ශංකිලි රජ
  • පෘතුගාලයේ IIවන ෆිලිප් රජ නොහොත් ස්පාඤ්ඤයේ IIIවන ෆිලිප් රජට යටත් වීම
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)
  • සේනාසම්මත වික්‍රමබාහු රජු
  • ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
  • කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
  • Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
  • දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
  • කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
  • දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
  • කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම
සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය - පහතරට පාලනය
  • සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)
  • සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)
  • සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)
  • පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
  • පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය
  • Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
  • සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
  • IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
  • IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)
  • විජයරාජසිංහ රජ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජබිසවගේ සොහොයුරු)
  • කීර්ති ශ්‍රී රාජසිංහ රජ
  • රාජාධි රාජසිංහ රජ
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1982 අප්‍රේල් 29)

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1948 පෙබරාරි 4)
  • IIIවන ජෝජ් රජ
  • IV වන ජෝජ් රජ
  • IV වන විලියම් රජ
  • වික්ටෝරියා රැජින
  • VIIවන එඩ්වඩ් රජ
  • Vවන ජෝජ් රජ
  • VIIIවන එඩ්වඩ් රජ
  • VIවන ජෝජ් රජ
ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම, මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ.
වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.
වාරි නිර්මාණයන්හි වැදගත්කම

වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස, මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ පෙන්වා දිය හැක.
ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. "යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත."
-ඇමරිකානු දේශාටක බිගැලෝ-1910

වාරි නිර්මාණ සඳහා වූ රාඡ්‍ය දායකත්වය

මුල් යුගයේ ඉදි වූ වාරි කර්මාන්ත ඉතා සරල වාරි කර්මාන්ත වන අතර කඳු පන්තීන් දෙකකින් වට වූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කරමින් වැවක් ඉදි කලේය.ඒමෙන්ම ඍජුවම වැවේ සිට කුඹුරට ජලය ලබා ගැනීම වැනි සරල වාරි කර්මාන්ත මුල් යුගයේ පැවතුණි.එසේම ඇළ පහරක් හරහා තාවකාලිකව අමුණක් බැඳ ගොවි බිම් වලට ජලය ලබා ගැනීම පැවති සම්ප්‍රදාය බැව් දීඝ නිකාය ටීකාවේ සදහන් වේ. මෙම මුල් යුගයේ ඉදි වූ සරල වාරි කර්මාන්ත බොහෝ විට පුද්ගලික මෙහයවීමෙන් නිර්මාණය වූ අතර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි වූ මේවා ගම් වැව් ලෙස හැදින්වේ.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියවී ඇති ශිලා ලේඛන වලින් පුද්ගලික වැව් හිමියන් සිටි බව වව් හමික,වපි හමික,ගමික යන තනතුරැ නාමයන්ගෙන් පැහැදිලි වේ.වංශ කතාගත තොරතුරැ වලට අනුව ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණිම ගම් වැව වශයෙන් සදහන් වන්නේ විජය හා පැමිණි අනුරාධ අමාත්‍යවරයා විසින් අනුරාධ ග්‍රාමයේ ඉදිකළ වැවයි.
වංශකතාගත තොරතුරැවලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය තුළින් වැවක් ඉදි කිරීම පිළිබදව සදහන් වනුයේ අනුරාධ අමාත්‍යයා ඇරඹි අනුරාධ ග්‍රාමය අංග සම්පූර්ණ පුරයක් බවට පත් කළ පණ්ඩුකාභය රජු නගරය ආශ්‍රිතව ඉදි කළ අභය හෙවත් බසවක්කුලම වැවයි.එය මෙතෙක් ලක්දිව හමු වී අති පැරණිතම වාරි කර්මාන්තයයි.එතැන් පටන් ලක්දිව රජවරැ විවිධ ප්‍රමාණයන්ගෙන් වාරි කර්මාන්ත සදහා දායකත්වය සැපයූ අතර ඉතා විශාල වශයෙන් වාරි කර්මාන්ත සංවර්ධනය වූ අවධි ආර්ථික අතින්ද සමෘද්ධිමත් යුගයන් විය. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය අත්‍යාවශ්‍යම සාධකයක් වූ අතර එය විශාල වශයෙන් ලැබීම තුළ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති වී ආර්ථික සමෘද්ධිය ලඟා විය.එමෙන්ම රජතුමා ජනතාව අතර ආදර ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වීම සඳහා ද මෙම වාරි නිර්මාණ ඉවහල් විය.ඇතම් රජවරැ වාරි නිර්මාණ නිසා ජනතාව විසින් දේවත්වයෙහිලා සලකා තිබේ.උදාහරණයක් ලෙස ක්‍රි.ව.274-301 අතර රජ කළ මහසෙන් රජු "මින්නේරිය දෙවියෝ හෙවත් හත් රජ්ජුරැ බණ්ඩාර" ලෙස ජනතාව අතර වන්දනයට පාත්‍රව ඇත.වාරි නිර්මාණ ඉදි කිරීම තුළින් රජු ,ජනතාව ඒවායින් ලබා ගත් ජලය වෙනුවෙන් බදු අය කළ අතර ,එය රජුගෙ අාදායම් ඉහළ යාමටද හේතු විය.
මූලිකවම ලංකාවේ අනුරාධපුර යුගය හා පොළොන්නරැ යුගයන්හිදී වාරි කර්මාන්තය වේගයෙන් සංවර්ධනය වූ අතර රාජ්‍ය මැදිහත් වීමද ඒ සදහා නොමදව හිමි විය.එකී අවධීන් පහත පරිදි පෙළගැස්විය හැක.
වසභ රඡතුමා (ක්‍රි.ව.67-111)
මධ්‍යම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වාරි නිර්මාණ සදහා මුල් වරට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වේ. වැව් 11ක් හා ඇළ මාර්‍ග 12ක් නිර්මාණය කළේය. භූමිය මැනීම හා සමෝච්ඡ රේඛාකරණය දියුණු තත්වයක පැවත ඇත.

මහසෙන් රඡතුමා (ක්‍රි.ව.274-301)
විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වැව් 16ක් හා ඇළ මාර්‍ගයක් නිර්මාණය කළේය. වාරි කර්මාන්තයට කළ ව්ශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබේ.

ධාතුසේන රඡතුමා (ක්‍රි.ව.465-473)
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. මහ වැව් 18ක් හා ඇළ මාර්‍ග කිහිපයක් නිර්මාණය කළේය.

පළවන පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව.1153-1186)

පොළොන්නරැ යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. "අහසින් වැටෙන ජලය මදකුදු ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නෙයේවා" යන ආදර්ශයෙන් ක්‍රියා කර ඇත. අමුණු 165,මහ වැව්163,ඇළ මාර්‍ග3910,කුඩා වැව්2376 ක් හා සොරොව්340 ක් නිර්මාණය කළේය.

මේ අාකාරයට මූලිකවම අතීත රාජ්‍ය මැදිහත්වීම ඔස්සේ සංවර්ධනයට පත් ලක්දිව වාරි කර්මාන්තය තුළ ඉදි වූ නිර්මාණයන් මූලිකවම කොටස් කිහිපයකට වර්ග කළ හැක.
වැව්
ඇළ මාර්ග
පොකුණු
මෙකී වාරි නිර්මාණයන් ඉදි කිරීමෙන් පමණක් නොනැවතුණු රජවරැ ඒවායේ නඩත්තුව සඳහා වෙනමම නිලධාරීන් පත් කළ අතර වැව් ජලයට ලබා ගත් බදු මුදල් වලින් ඒවා නඩත්තුවට අවශ්‍ය මුදල් ප්‍රමාණයන්ද වෙන්කරන ලදී.වැව් නඩත්තුවට හා ඒවා භාරව පත් කළ නිලධාරීන් අතර , අණාණික තිශ-වාරි කර්මාන්තය හා සම්බන්ධ ඉංජිනේරැවන්(දඔල්ලෙන් ලැබුණු සෙල් ලිපියක්) අඩිතය උතර-ඇළ මාර්ග භාරව කටයුතු කළ නිලධාරී(කෑගල්ල දිස්ත්‍රික්කයේ මාපිට විහාරයේ ලෙන් ලිපියක්) වැවෑ ජෑරැම්-වැව් කර්මාන්තය හා සම්බන්ධ විධායක නිලධාරී(මිහින්තලයෙන් ලැබුණු දෙවන සේන රාජ්‍ය කාලයට අයත් ලිපියක්) යන නිලධාරීන් සිටි බව සදහන් වේ.එසේම වැවෙන් ලබාගත් ජලය සඳහා උදක භාග හෙවත් දකබක, දකපති, මතර මජිබකපති යන බදු වර්ග අය කරගත් බැව් සෙල් ලිපි සාක්ෂි දරයි.මෙය මුදලින් නැතිනම් අස්වැන්නෙන් කොටසක් ලෙස අය කරගත් බැව් සදහන් වේ.

වැව්

ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම ඇරඹි අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළි කලාපයේ කෘෂිකර්මාන්තයට බාධකයක් වූ ජලය එක් රැස්කර තබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් බිහි වූ වැව් පසු කාලීනව ඉතා විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක් ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව් බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක් විය.



මින්නේරිය වැව




කලා වැව





පරාක්‍රම සමුද්‍රය



වැවක කොටස් හා එහි කාර්යය

අංගයකාර්යය
*වැව් බැම්මවැවේ ජලය රඳවා තබා ගනී
*සොරොව්වජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී
*සළපනාවරළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි
*පිටවානඅතිරික්තව ලැබුණු ජලය මුදා හරී
*බිසෝ කොටුවසොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි


පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.
  • පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව (අභය වැව)
  • දේවානම්පියතිස්ස රජු -තිසා වැව
  • මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
  • දුටුගැමුණු (දුට්ඨ ගාමිණී) රජු -සොරබොර වැව
  • සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
  • ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
  • ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
  • සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
  • වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
  • මහසෙන් (මහා සේන) රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
  • පළමුවන උපතිස්ස රජු -‍තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
  • ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.
යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.
  • දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
  • පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
  • දෙවන අග්බෝ රජු - කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
  • පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
  • පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.
පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන් නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු නොවුණි.

ඇළ මාර්ග හා අමුණු

ස්වභාවිකව පිහිටි ඇළ මාර්ග හා ගංගා හරස් කරමින් වැව් තැනීම ආරම්භ කළද, ජනතාවගේ අවශ්‍යතාවය මත කෘතිමව ඉදිකළ ඇළ මාර්ගයන්ද අපගේ අතීත වාරි කර්මාන්තය තුළ දැකගත හැක. මූලිකවම වැවකට ජලය ගෙන ඒමට හෝ එකී වැවක පවතින අතිරික්ත ජලය තවත් වැවකට ගෙන යාමේ අරමුණු ඇතිව ඇළ මාර්ග ඉදි විය. එසේ ඉදි වූ ඇළ මාර්ගයන්ටද අතීත වාරි කාර්මික දැනුම එක සේ අදාල කර ගත් අතර, වත්මන් නිර්මාණයන් හා සසදද්දී ඒවා ඉතා උසස් මට්ටමක විය. ඇතැම් නිර්මාණ ගංගාවන් තරමටම විශාල වූයෙන් ඒවා ගංගා වශයෙන් ම පොදු භාවිතය තුළ හැඳින්විණි. ජය ගඟ වැනි ඇළ මාර්ග ඒවාට උදාහරණයන්ය.
වැවි ඉදිකිරීම තරම්ම අතීතයක නොවුණද ඇළ මාර්ග ඉදි කිරීමද අපගේ අතීත රජවරුන් සතුව ජනප්‍රියව පැවති බවට සාක්ෂි පවතී. මේ පිළිබඳව ප්‍රථම වරට පැහැදිලි සාක්ෂි මතු වන්නේ ක්‍රි. ව. 67 - 111 අතර කාලයේ රාජ්‍ය කළ වසභ රජුගේ කාලයෙනි. ඔහු විසින් මහවැලි ‍ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කරමින් සැතපුම් 30 ක් දුරට විහිදෙන පරිදි ඇලිසාර හෙවත් ඇළහාර ඇළ ඉදිකළ බැ‍ව් දැක්වේ. මේ නිර්මාණයට අමතරව ඔහුගේ රාජ්‍ය කාලයේ ඇළ මාර්ග 11 ක් ඉදි වූ බැව් දැක්වේ. මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් වන වසභ රාජ්‍ය කාලය වන විට ඇල මාර්ග තැනීමෙහි වටිනාකම හා ඒ පිළිබඳව වූ කිසියම් අවබෝධයක් අපගේ අතීත වාරි ඉංජිනේරුවන් සතු වූ බැව් පැහැදිලිය. මීට අමතරව මේ කාලයේදීම පොකුණු නිමවා ඊට පොළව යටින් ජලය ගෙන යාමේ උමං ජල මං ක්‍රමයක් පැවති බවටද සාක්ෂි වේ. එය වංශ කතාවෙහි "ජල මාතිකා ” යනුවෙන් දක්වා තිබේ. මේ අනුව අපගේ ඇළ මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය එවකටද ඉතා දියුණු මට්ටමක පැවති බවට පසක් වේ.
අමුණු ඉදි කිරීම බොහෝ විට වැව් තැනීම සඳහා යොදා ගත් අතර විශේෂයෙන් වැවකට ජලය ලබා ගැනීමේදී ගංගාවක් හරස් කිරීම සඳහා අමුණු ඉදි කළේය. ඇතැම් අවස්ථා වල අමුණක් ඉදි කරමින් ස්වභාවික ගංගාවක දිශාව වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයකට ජලය ලබා ගත් අවස්ථාද ඇත. අපගේ අවධානය මීලඟට යොමු වන්නේ අපගේ අතීත ඇළ මාර්ග හා අමුණු නිර්මාණයන් පිළිබඳව විමසා බැලීමටයි.


  • මහසෙන් රජු ( ක්‍රි. ව. 274 - 301 ) - අනුරාධපුර යුගයේ විශාලම ප්‍රමාණයේ වැවි ඉදි කිරීමේ ආරම්භකයා හැටියට සැලකෙන මහසෙන් රජගේ කාලයේදී ඉදිවූ කවුඩුළු වැව සඳහා පබ්බත ඇළ නම් වූ ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගත් බව දැක්වේ. මීට අමතරව තලවතු ඇළ නම් වූ විශාල ඇළ මාර්ගයක් මොහුගේ රාජ්‍ය අනුග්‍රහය මත ඉදි වූ බවත්, වසභ ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්වා දීර්ඝ කිරීමක් සිදු විය.

  • ධාතුසේන රජු ( ක්‍රි. ව. 455 - 473 ) - අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තයේ ස්වර්ණමය යුගය වශයෙන් සටහන්වන ධාතුසේන රාජ්‍ය කාලය තුළ ඉදි වූ ජය ගඟ හෙවත් යෝධ ඇළ අතීත වාරි ඉංජිනේරුවාගේ හැකියාව ලොවට ප්‍රදර්ශණය කළ මහඟු නිර්මාණයකි. එනම් සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 16 තුළ ඇත්තේ සැතපුමකට අඟල් 6 ක් තරම් වූ ඉතා කුඩා බෑවුමකි. මේ නිසා ඉතා විශාල ප්‍රදේශයක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව යෝධ ඇළට හිමි වී ඇත. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට හේතු වූ අනුරාධපුර නගරයේ ජනගහනය වැඩි වීමේ ගැටළුවට එමගින් විසඳුම් සපයා ගන්නට අපගේ අතීත වාරි ඉංජිනේරුවන්ට හැකිවන්නට ඇත.
ක්‍රි. ව. 5-6 ශතවර්ෂය වන විට ඇළවල් මඟින් වැ‍ව් එකිනෙකට සම්බන්ධ කිරීම නිසා මල්වතු ඔයේ ජලය මහවැලි ගංගාව දක්වා ගෙන යන පරිදි සංකීර්ණ ජල ප්‍රවාහයක් බවට සංවර්ධනය වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි පවතී. විශේෂයෙන් මෙකල ඉදි වූ මිනිපේ අමුණ, හත්තොට අමුණ ආදී වූ නිර්මාණ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි වී තිබේ.
  • 1 වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි. ව. 1153-1186 ) - ශ්‍රී ලංකාවේ වාරි කාර්මික ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය හා අවසන් වැදගත් යුගය වශයෙන් දැක්වෙන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය තුළ ඇළවල් 3910 ක් හා අමුණු 165 ක් ඉදි වූ බවට සාක්ෂි පවතී. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ අන් කිසිඳු පාලකයෙකුට නොදෙවෙනි තරම් වූ වාරි කාර්මික සංවර්ධනයක් බැවි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. විශේෂයෙන් ඔහු ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වැනි සුවිශාල වාරි නිර්මාණයන් සඳහා ජලය ලබා ගැනීම සඳහා මහවැලි ගඟ හරස් කොට අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් ඉදි කරමින් අංගමැඩිල්ල ඇළ ඔස්සේද, ගිරිතලේ වැවේ සිට ඇරඹෙන ඇළ මාර්ගයක් ඔස්සේද ජලය සපයා ගත් බැවි දැක්වේ.
මෙසේ විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ ලංකාවේ ඇළ මාර්ග හා අමුණු සංවර්ධනය සිදු වූ අතර වාරිකර්මාන්තයේ ස්වර්ණමය අවධිය වූ පරාක්‍රමබාහු රජුගේ කාලය වන විට ඇළ මාර්ගයන් ඔස්සේ සියළු වැව් හා ගංගා මකුළු දැලක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වූ ඉතා සංකීර්ණ ජල ප්‍රවාහන ක්‍රමයක් දක්වා වර්ධනය වී තිබූ බැවි පැහැදිලිය.

පොකුණු

ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත නිර්මාණයන් අතර කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ නිර්මාණයක් වශයෙන් පොකුණු පෙන්වා දිය හැක. විශේෂයෙන් රාජ මාළිගා, පූජ්‍ය ස්ථාන ආදියෙහි පොකුණු නිර්මාණය වී ඇති අතර, රාජ අමාත්‍යාදීන්ගේ මෙන්ම බිසෝවරුන්ගේ පරිභෝජනයටද, සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා ද මෙම පොකුණු නිර්මාණය කර ඇත. මේ නිසා පොකුණු නිර්මාණයේදී කලාත්මක ලක්ෂණ ඊට ආරෝපණය කර ගන්නට ඇත. අනුරාධපුර යුගයේ මෙන්ම, පොළොන්නරු යුගයේ දැක ගත හැකි රාජ මාළිගා, පිරිවෙන් ආදී වූ සෑම ස්ථානයකම පාහේ පොකුණු නිර්මාණ දැකගත හැක. උදාහරණයක් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ආදියේද, පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියේද විශාල පොකුණු ප්‍රමාණයක් දැකගත හැක. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, පොළොන්නරුවේ නෙළුම් පොකුණ ආදී වූ නිර්මාණ පොකුණු අතර උසස් ගණයේ නිර්මාණ කිහිපයකි.


කුට්ටම් පොකුණ




නෙළුම් පොකුණ


රන්මසු උයනේ පොකුණ




කුමාර පොකුණ



සීගිරිය ජලෝද්‍යානය

ක්‍රි. ව. පස්වන සියවසේදී අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ කාශ්‍යප රජු විසින් තම අග නගරය වශයෙන් සීගිරිය නම් වූ හුදකලා පර්වතය තෝරාගෙන එය සියළු නගරාංගයන්ගෙන් යුත් පුරවරයක් බවට සංවර්ධනය කළේය. හෙක්ටයාර 1.5 ක පමණ භූමි භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු අංගයන්ගෙන් සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන් සීගිරිය ගොඩනගා ඇති බැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍යාමාන වෙයි.
මෙහිදී අප විසි න් විමසා බැලෙන වාරි තාක්ෂණයට අදාලව සීගිරි රාජධානියේ ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමයි. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව දැක ගත හැක. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේ. ඒ හැරුණු විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්‍යානයක් සීගිරිය තුළ දැකගත හැක. මේ ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව නිර්මාණය කළ පොකුණුද දැකගත හැක. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම් ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.
මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළිබඳවයි.



 දිය අගල්

සීගිරියේ පොකුණ



වතුර මල්


සමාලෝචනය

ලොව බොහෝමයක් ශිෂ්ටාචාර ජලය මූලික කර ගනිමින් ආරම්භ වුවත් ඒ බොහෝමයකම පාහේ ඇත්තේ ඉතා සරල හා ප්‍රාථමික මට්ටමේ ජල පරිවහන ක්‍රමවේදයකි. නමුත් ලාංකීය ශිෂ්ටාචාරය තුළ එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඉතා දියුණු මට්ටමකට ළඟා වූ තත්වයක් දැක ගත හැක. විශේෂයෙන් එය ලොව කොතැනක හෝ දැකගත නොහැකි වන අන්දමේ සිංහලයනට අනන්‍ය වූ එමෙන්ම ඒ නිසාවෙන්ම ලෝකයාගේ අවධානයට පාත්‍ර වූවකි. අතීත වාරි තාක්ෂණය ඇතැම් විට නූතන අපටද විශ්මය දනවන්නක් වන බැවි ඇතැම් නිර්මාණ අපට පසක් කරයි.

අයියනායක-විමලරත්න කුමාරගම

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍              ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ               නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ    නේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව                 ල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක                 ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක                   ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව         ල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර          ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ               ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම                  ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ            ත

දෙවි දේවතාවුන් සැරි සරන මහ ව                නේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැ          නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු        ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු          ණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම
කෙම්වර දවස්වල පානින් සැරසී                       ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම

සාගත වසංගත හා එන නියඟ                    වලින්
සහනය පතා වන දෙවියන් ළඟට           කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ                 මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි          මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ            මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                 වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු          ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු           තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින            තැන
මීමුන් මදින් මත්වී අං මදින                     තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද              දැන
මේ අය රකිනු මැන යන එන සියලු          තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින         තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන      තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින              ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු                මැන
අන්ධ කවියා

සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි                      වැවේ
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට                කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය                   ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද                   දුවේ

විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව                        දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට                       වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ                        බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව                      නිදී

වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල              තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ               පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු                   බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි            නොබා

අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද                        දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ         බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු                     තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ                     මලින්

උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි                     ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින         ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි             දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි                           මුවේ

ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන                පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර                         ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද          පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ ‍නෙත් දෙක නැතිව       ගියේ

මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු           එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට                   පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු            බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට               රුදා

ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි                      සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට                      පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද            අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට          දැනේ

පී.බී.අල්විස් පෙරේරා
සුරත් තොල්

සුරත් තොලක් සිප ගත්තෙමි
ඉන් මා තොල රත් පැහැ විය.
ලේන්සුවෙන් පිස දැමුවෙමි
ලේන්සුවද රත්පැහැ විය
ග‍ඟේ දියෙන් දොවාලීමි
ග‍ඟේ දියද රත්පැහැ විය

මුහුද මැදත් වෙරළ අගත්
රත් පැහැයෙන් සිත්තම් විය

එක් රාජාලි‍යකු බිමට
ඉගිල ආපි දිය බොන්නට
උගේ ඇ‍ඟේ පියාපත්ද
එකපාරට රත්පැහැ විය.
හිරු මඬලක් අඩක් සමඟ
මුළු සඳ මඬලම සැණෙකින්
රත් පැහැයෙන් සිත්තම් විය.


     කර්තෘ ආඥාතයි. නමුත් ග්‍රීසියේ තවත් එක් කවියෙකු බව දැනගන්නට ලැබුණි. ඒ කරුණාරත්න අමරසිංහ කවියා විසින් "ජගත් කාව්‍ය නිර්මාණ" නමින් 1993  දී පළ කළ කාව්‍ය සංග්‍රහයක්  තුළ තිබීය. එය මට ලැබුණු රත්රං  ගොඩක් බඳුය. කිම්ද යත් එහි ඇති කවි අපිව තවදුරටත් සිතන්නට දෙයක් ඉතිරි කරමින් අපව ජාත්‍යන්තරයටද ගෙන යන නිසාය. ඉදිරියට  බලාපොරොත්තු වන්න.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

       1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.

වෙසක් සිව්පද-ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි       හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                     ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්          කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා        කොට
අම්මලා මොනවා කීවත් මොලවලා             මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය             වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්       නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ          නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්       කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී

හයිකු කවි-සකුරා පියලි හැලි

සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න

වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර

වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය

ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා

ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්

කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ

මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ

‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
තනිගුචි බූසොන් (1716-1783)

බෂෝගෙන් පසු ජපානයේ ජීවත් වූ දෙවන මහා හයිකු කවියා මොහුය. ඔහු ‘නග්න’ සිතුවම් සම්ප‍්‍රදාය ආලෝකමත් කළ දක්ෂ චිත‍්‍ර ශිල්පියාද වෙයි. ස්වභාව ධර්මය දෙස සංවේදීව බැලූ ඔහුගේ කවිවල ගැඹුරු අධ්‍යාත්මික සුවඳක් හැමුවේය.
කුමාරතුංග මුනිදාස (1887 - 1944)

රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.‍

කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.
උදය

ඇසෙන්නේ කා කා  හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්


පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා


සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ


දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ


'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි

කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත
ලිස්තර වැට

පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත

මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්

පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි  තනි ව ලීස්තර වැට මැදින්

වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට

මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම

පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්


එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)

බුලතා යෝදයා හා සොරබොර වැව



සොරබොර වැව
ඈතින් පෙනෙන කදු පෙදෙසට තමයි  ඉහත්තෑව කියන්නෙ

ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය.  දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු  පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ  කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.

උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ  දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.
බිසෝ කොටුව
ඊතලයෙන් පෙන්වා ඇති ගල් බුලතා යෝධයා විසින්ම තබන ලද  ඒවා  ලෙස සැලකේ.

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.

අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,

දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි.එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි.රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ  යි  කියා ප්‍ර‍ශංසා කළේය.

එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.

දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.

ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු                 බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර              හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම්             ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්  කළේ

උපුටා ගැනීම
ඩී.පී. වික්‍ර‍මසිංහයන්ගේ  මහ දිගට ජන කථා ඇසුරින් 5 වසර සිංහල කියවීම් පොතේ තිබූ පාඩමකිනි.

පසු සටහන
ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණයද සිදු කර ඇත.

උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ.  මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍ර‍වාදයේ පවතී.

දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම  මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.
පිහිටි ගල හෑරීමෙන් නිර්මාණය කල සොරොව්ව

ඉහත්තෑව නමින් හදුන්වන ජල පෝෂක ප්‍රදේශ මගින් පැමිණෙන ජලය කුලු වැව් නමින් හදුන්වන කුඩා වැව් 3 ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ.  කුල්ල යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ලබා ගැනීමට ගේ දොර භාවිතා වන උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම තාක්ෂණය මෙහිදීද භාවිතා වේ. කදු සේදී යාමෙන්  වැසි ජලයට එකතු වන මඩ කුලු වැව් තුන හරහා යාමේදී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අවම මට්ටමකට පත් වී ඇත.  පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, සළපනාව, වැව් බැම්ම ආදී  වැවක පොදු ලක්ෂණ වලින් සොරබොර වැව පොහොසත් වුවද, එහි මඩ සොරොව්වක් දක්නට නැත...වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේදී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරැ මත තැන්පත් වීමෙන් සාරවත් අස්වැන්නක් පොහොර යෙදීමකින් තොරව  ලබා දීමට  දායක වී ඇත.
සළපනාව
වැව් බැම්මේ ආරක්ෂාව උදෙසා මෙය ඉදිකරයි

එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.

වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල්  උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍ර‍වාදයේ පවතී.

බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය  ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් පවසයි.

වැවේ තාක්ෂණික තොරතුරු

ධාරා ප්‍රදේශය  ව.සැ 16.89
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය  අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍ර‍මාණය අක්කර 3000
වම් ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 1 දම්වැල්  32.5
දකුණු ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20

EA Cricket 07 Editing Tools

Sunday, February 9, 2014
පල කළේ Unknown
      Cricket 07 edit කරන්න ඕන වෙන tools නැත්තම් software කිහිපයක්ම තියෙනවා.cricket 07 edit කරන්න නම් පහළ කියල තියෙන tools ටික ඕන වෙනව.


Big GUI -මේ tool එකෙන් පුළුවන් cricket 07 එකේ තියෙන .Big files වල වෙනස්කම් කරන්න.ඒ වගේම .gobformat එක තියෙන file වෙනස් කරන්නත් පුළුවන්.
Download
click to begin
1.5MB .zip

FshED - මේ tool එකෙන් Cricket 07 එකේ තියෙන kits, logos, bats, pitch ads, menus, overlays,වගේ දේවල්වල වෙනස්කම් කරන්න පුළුවන්.
Download
click to begin
1.3MB .zip

O-Edit - මේකෙන් Cricket 07 එකේ 3D mods වල වෙනස්කම් කරන්න පුළුවන්.
Download
click to begin
612KB.zip

Player Editor – Cricket 07 එකේ roster file වල වෙන්ස්කම් කරන්න මේක යොදාගන්න පුළුවන්.ඔයාලට අත්‍යාවශ්‍ය tool එකක් තමයි මේක.මේකෙන් අලුතෙන් හදපු ප්ලේයර්ස්ලගෙ විතරක් නෙවෙයි roster එකේ හිටපු ප්ලේයර්ස්ලගෙත් names, skills, teams, වෙනස් කරන්න පුළුවන්.ඒ වගේම international teams වලට විවිධ රටවල් වලින් ප්ලේයර්ස්ලව දාන්න පුළුවන්.
Download
click to begin
1.2MB .zip
·         මේක වැඩකරන්න නම් Microsoft Net Frame Work තියෙන්න ඕනේ.ඒක මෙතනින්
Download
click to begin

Profile toolbox – Profile එක වෙනස් කරන්න මේක යොදාගන්න පුළුවන්.video unlock කරන්න, resolution එක වෙනස් කරන්න, වගේ දේවල් වලට මේක යොදාගන්න පුළුවන්.
Download
click to begin
1.2MB .zip

Tournament Editor - මේ tool එකෙන් .tmt file වල වෙන්ස්කම් කරන්න පුළුවන්.ඒ කියන්නෙ international tournament එකක fixtures වෙනස් කරන්න, team වෙනස් කරන්න, වගේ දේවල් කරන්න පුළුවන්.Download

·         මේකෙ tournament Editor application එක තියෙන්නෙ Tournament Editor\bin\Debug කියන ෆෝල්ඩර් එකේ.

Jukebox Maker - ඔයාලට පුළුවන් Cricket 07 එකේ තියෙන සිංදු වෙනුවට ඔයාල කැමති සිංදු ඒකට දාගන්න මේකෙන් පුළුවන්.Download



Team Category Changer - මේකෙන් එක එක ටීම් වල category එක වෙනස් කරන්න පුළුවන්.උදාහරණයක් විදියට ගත්තොත් English country team එකක් international වලට දාන්න පුළුවන්.Download


෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks