Showing posts with label සිංහල. Show all posts
සිංහල සිරිත් කෝ සිංහල අවුරුද්දේ
එරබදු මල් මෙවුල මිහිලිය බඳින ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස සෙනේ
නොදනිමි අපේ ගැමි ආරට කිමද වුණේ
ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය වෙත
බටහිර උපන් රස මසවුලු එමට ඇත
යුගයෙහි අපේ පෙම්බර මව් පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි හැදෙන්නේ
පන්සල් වල ගමේ නැත හිසතෙල් ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු වීම
මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය කල
එරබදු මල් මෙවුල මිහිලිය බඳින ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස සෙනේ
නොදනිමි අපේ ගැමි ආරට කිමද වුණේ
ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය වෙත
බටහිර උපන් රස මසවුලු එමට ඇත
යුගයෙහි අපේ පෙම්බර මව් පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි හැදෙන්නේ
පන්සල් වල ගමේ නැත හිසතෙල් ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු වීම
මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය කල
වීරසිංහ මල්ලිමාරච්චි
(සිතිවිලි සයුර)
1993
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ
මුල් කාලය
මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.
නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා
වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය(1944),යුගාන්තය (1948) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
අපේ ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහට හිමි තැන
ඉකුත් සියවසේ තුන් අඩක් ගෙවුණු තැන, මාර්ටින් වික්‍රමසිංහට අසූපස්‌වැනි විය පිරුණි. 1975 වසරේදී යෙදුණු හෙළයේ මහගත්කරුගේ අසූපස්‌වැනි ජයන්තියද, ශ්‍රී ලාංකීය සමාජයට මහත් අසිරිමත් අවස්‌ථාවක් වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාසහිත තිසර ප්‍රකාශකයින් විසින්, ඒ නිමිතිකොටගෙන මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala) යන හිසින් ලිපි එකතුවක් පළ කෙරිණි. මෙම කෘතියෙහි තෙතැන සඳහන් කර ඇති එකී ලේඛන සමුච්චයට, දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ද විසින් ලියන ලද සාරගර්භ වූද, මහා ලේඛකයාගේ ජීවන තොරතුරු අනාවරණය කෙරෙන්නාවූ ද, ලේඛන රැසක් ඇතුළුව තිබුණි.
ඔහු ධරමාන කාලයේ ප්‍රකාශිත අවසාන ග්‍රන්ථය වූයේ, ඉංගිරිසි බසින් ලියන ලද Sinhala Language and Culture යන කෘතියයි. ඒ වසරේදී අනෙක් ග්‍රන්ථයක් ඔහු අතින් නොලියවුණද, ඔහුගේ ගලිවරායණයේ අලුත් මුද්‍රණයක් පළ වූ බව පෙනෙයි. ඊට අමතරව, "පුණ්‍ය ෙච්තනාව හා අගම භක්‌තිය" (ඥdනාර්ථ ප්‍රදීපය), "වී ගොවිතැන නිසා උපන් සිංහල සහ්‍යත්වය - නව ගොවි යුගයක උදාව" (පලදාවර්ධන කමිටු හා ගොවි කාරක සභා සාමාජිකයන් සඳහා අත්පොතක්) "සකුවටත් ඉංගිරිසියටත් වහල් වූ සිංහ උගත්ත් (කලා පුවත් - ගාල්ල සාහිත්‍ය උත්සව විහේෂ සංග්‍රහය), "සිංහල සංස්‌කෘතිය" (දිනමිණ වෙසක් කලාපය), යන ලිපිද ඔහු නමින් පළව ඇති බැව් මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය දක්‌වයි.
සිය පියාණන් අසූවැනි වියට එළඹුණු අවස්‌ථාවේදී ඔහු පිළිබඳ සමරු සටහන් ලියන රූපා දියණිය කියා සිටියේ, "තාත්තා සිතින් තවමත් ප්‍රබලය, කයින් දුබලය" කියාය. එහිලා ඇය මෙසේද පැවසුවාය.
"1971 දී පමණ ඔහුගේ පෙනීම දුර්වල වන්නට වූ විට, ඔහු එය දුටුවේ තමාට සිදු වන මහා විපතක් ලෙසය. ඔහුගේ ඇස් නොපෙනී යාමට ඉඩ ඇතැයි වැටහුණු විට එය ඔරොත්තු දිය නොහැකි පහරක් ලෙස දැනිණ. ස්‌වල්ප කාලයක් ඒ ගැන සසල වූ සිත් ඇතිව ලතැවුණු තාත්තා, දස හැවිරිදි වියෙහිදී තම පියා මැරුණු විට අසරණ නොවූ ලෙසම, අසූදෙවැනි වියෙහි දී තම නෙත් අඳුරු වූ විටද අසරණ නොවීය. නොයෙක් පරීක්‌ෂණවලින් පසුව ඔහු අම්මාත් සමග මොස්‌කව් බලා පිටත් වූයේ, අභීතව ශල්‍යකර්මයකට මුහුණ දීමටය. තුන් මසෙකින් තාත්තා පෙරළා පැමිණියේ, සම්පූර්ණ සුවය ලබා නොවේ. පෙනීම ක්‍රමයෙන් ප්‍රබල වෙතියි යන බලාපොරොත්තුව ඇතිවය. එම බලාපොරොත්තුව ඉටු විය. ශල්‍යකර්මය ලැබූ ඇසෙහි පෙනීම දැන් ක්‍රමයෙන් පැහැදිලි වේ. 1972 න් පසුව ඔහු අලුත් පොත් හතරක්‌ම පළකොට ඇත. අනික් ඇසේද ශල්‍යකර්මයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි."
එහෙත්, ඒ ශල්‍යකර්මය කරන්ට ඉඩ නොලැබුණි.
1975 - 1976 අවුරුදුවලදී වැඩි වශයෙන්ම නිවසේ විවේකීව ගත කරනු දක්‌නා ලදී. තමා මුණ ගැහෙන්ට පැමිණි ලේඛන මිතුරන්ට සහ සෙසු ඥdති ගණයාට ඔහු නිතර කියා සිටියේ, තමාට කළ හැකි වූ එකම කාරිය වූ පොතක් කියවන්ටද දැන් ඉඩක් නොමැති බවය.
අනවරතයෙන් අවදිව පැවති ක්‍රියාකාරී මනසකින් පොතපත කියවූ, පොතපත ලියූ, ලෝකය දෙස බැලූ, ජීවිතයත් ලෝකයක් විමසූ මාර්ටින් වික්‍රමසිංහ නමැති මහගත්කරුට, තම ජීවිතයේ විඩාව ඔහුට මඳින් මඳ දැනෙන්ට විය ඔහුගේ සෞඛ්‍ය බිඳෙන් බිඳ පිරිහෙමින් පැවැත්තේය. එතෙකුදු වුවත්, 1976 වසරේද ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක් පුවත්පත් සඟරාවල පළ විණි. "අනුරාධපුර සංස්‌කෘතියට බමුණු වෙස් පිවිසීම" සමරු කලාපය - අනුරාධපුර මහජන පුස්‌තකාලය සඳහා ඉදි කෙරුණු නව ගොඩනැගිල්ල විවෘත වීම නිමිති කොටගෙන පළ වූ ප්‍රකාශනය), "කර්ම වාදය" (බුදුසරණ), "බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්‌කෘතිය" (බුදු සරණ), "වීර්ය පාරමිතාව" (බුදු සරණ) යන ලිපි කිහිපය, ඒ අතර විය.
කලින් වසරේදී ලියා අවසන් කළ Sinhala Language and Culture පොත පළ වීමෙන් පසුව, සිංහල භාෂා සාහිත්‍යයෙන් අනන්‍යතාව හා ඊට හිමි නිදහස් රීතිය පිළිබඳ වරින් වර ලියන ලද ලිපි එකතු කොට, සිංහලෙන් ද පොතක් පළ කිරීමේ කාර්යයෙහි ඔහු යෙදී සිටියේය. එම ලිපි එකතුව මුද්‍රණයට යෑවීම සඳහා පිටපත් කිරීමේ කාර්යය ඔහු විසින් පවරන ලද්දේ දයාපාල ජයනෙත්ති වෙතය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අවසාන කාලයේ දී පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපිය. එම ලිපි සැලකිල්ලෙන් යුතුව කියවා සකස් කළ ඔහු, ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය වෙනුවෙන් පොත නම් කොට, එය මුද්‍රණය සඳහා ද සූදානම්ව තැබීය. ඒ අතර උපන්දාසිට කෘතියේ දෙවැනි කොටස වන මහලු විය පිළිබඳ මතක සටහන් ලියන්ටද, කරුණු ගොනු කරමින් සිටියේය. එහෙත් එම පොත ලියන්ට වුව, ඔහුට අවස්‌ථාවක් ලැබුණේ නැත.
ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය යනුවෙන් සකස් කරන ලද ග්‍රන්ථය සඳහා ඔහු විසින් සංඥdපනයක් ලියන ලද්දේ 1976 මැයි මාසයේදීය. එම සංඥdපනයද, එකී කෘතියේ දහඅටවැනියට දැක්‌වුණු "අනුකාරක යුගයේ අවසානය" නමැති කෙටි ලේඛනයද ඔහු විසින් ලියන ලද අවසාන නිබන්ධ සේ සැලකිය හැක්‌කේය.
මාර්ටින් වික්‍රමසිංහ හදිසියේ රෝගාතුර වූයේ, එම පොත මුද්‍රණයට යෑවීම සඳහා සූදානම් කොට තිබියදීය. ඒ, 1976 ජුලි මාසයේදීය. ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක් නොවෙනස්‌ව පැවතියේය.
ජුලි 23 වැනි දින එළඹුණි. එදින සිය නාවල නිවසේදී ජීවිතයත් ලෝකයත් දෙස තියුණු බැල්මෙන් බැලූ මහා ලේඛකයාගේ දෙනෙත සදහටම පියවුණේය.
මහා ගත්කරුගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට වාර්තා විණි. මාර්ටින් වික්‍රමසිංහ අවසන් හුස්‌ම හෙළුE ජුලි 23 වැනි දිනය, සිකුරාදා දිනයක් විය. පසු දින ලංකාදීප පුවත්පත් සිය මුල් පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට එපුවත් වාර්තා කළ අතර, ඊට පසු දින ශ්‍රී ලංකාදීපයද එම පුවත ප්‍රධාන පුවත හැටියටම පළ කෙළේය. ලේක්‌හවුසියේ පුවත්පත්වල ද එය පළ වූයේ ප්‍රධාන පුවත හැටියටය. මහා ලේඛකයාගේ අභාවය වාර්තා කළ ශ්‍රී ලංකාදීපය, "ඔහු සිංහල විශ්වකොෂයක් බවට පත්ව සිsටියේ වනැ "යි සඳහන් කළේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, "මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය රටටත් අපේ සංස්‌කෘතියටත් පාඩුවකැයි ද, අපේ ඉතිහාසයේ මහා සාහිත්‍යධරයන්ගේ පරපුරෙහි සදාකාලික හා ගෞරවනීය ස්‌ථානය එතුමාට හිමි වනු නොඅනුමානය" යි ද කියා සිටියාය.
25 වැනි ඉරුදින නාවල නිවසින් පිටත් වුණු අවමංගල රිය පෙරහැර, එදිනම සවස කොග්ගලට ළඟා විය. පසු දින එනම් 26 වැනි සඳු¹ හවස කොග්ගල දී අතිවිශාල මහා ජනකායක් ද ප්‍රභූ පිරිසක් ද මධ්‍යයෙහි මහා ලේඛකයාගේ ආදාහන උත්සවය සිදු කෙරිණි.
දහඅටවැනි සියවසේ වසර දහයක් පුරාද, ඉකුත් විසිවැනි සියවසෙහි වසර හැත්තෑහයක් පුරාද මාර්ටින් වික්‍රමසිංහගේ පිය සටහන් ශ්‍රී ලංකා ධරණි තලය මත රැඳී තිබුණු වග අපගේ ඉතිහාසයට එකතු කරමින්, ඔහුගේ අවසානය එසේ සිදු විය.
| උපත | 1890 මැයි 29 වන දින |
| මියගියේ | 1976 ජූලි 23වන දින නාවල |
| මරණයට හේතුව | රෝගී තත්ත්වයක් |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| රැකියාව | නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. |
| මව්පියෝ | ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි |

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතාවලින් හෙළිවන බෞද්ධ චින්තනය
කෙටි කතාව යනු කුමක්‌ද යන්න නොදැන සිටි සමයක එහි අරුත අපට පැහැදිලි කර දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස වැනි අය කෙටිකතා නිර්මාණය කළද එම කෙටි කතා කතාවට පමණක් සීමා විය. එහි අවවාද අනුශාසනා ගැබ්වී තිබිණි. එහෙත් කෙටි කතාවකින් අවවාද හා අනුශාසනා දීම නොව සිදුවිය යුත්තේ ගැඹුරු ජිවන දර්ශනයක් මතුවිය යුතු යෑයි වික්‍රමසිංහ හෙළි කළේය. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ කෙටි කතාව සිංහල පාඨක ලෝකයාට හඳුන්වාදීමේ ගෞරවය නියත වශයෙන්ම සිදුවිය යුත්තේ වික්‍රමසිංහටය. පෙර අපර දෙදිග කෙටි කතා කියවා එයින් ලත් පරිචය, ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන හා සිංහල ජාතක කතා කියවා ලත් දැනුම් සම්භාරය මත කෙටි කතාව මෙසේ විය යුතු යෑයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි කතාව බටහිරින් ණයට ගත් දෙයක් යෑයි මහාචාර්ය ඊ. ආර්. සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක යන අය පවසද්දී එය එසේ නොව අපෙන් බටහිරට ගොස් පසුව එය කලාත්මක ස්‌වරූපයක් ලෙස හැඩගැසුණාය යනුවෙන් අර්ථ විග්‍රහයක් කළේත් වික්‍රමසිංහයි. සිංහල ජාතක පොත මැනවින් පරිශීලනය කොට එම කතා සුගැඹුරෙන් යුතුව විමර්ශනය කොට හොඳ කෙටි කතාකරුවන්ට සිංහල ජාතික පොතෙන් ලබත හැකි ආභාසය ඉමහත් බව ඔහු පෙන්වා දුන්නේය.
විවිධ ක්‍ෂේත්‍රවලින් ලත් අනුභූති ආශ්‍රයෙන් වික්‍රමසිංහ කෙටිකතා පන්සියක් පමණ ලියා ඇති අතර එම කෙටි කතා එකතු කොට වෙළුම් 2 කින් යුත් කෙටි කතා 108 ක් එයට අන්තර්ගත කොට ඇත. මේ කෙටි කතා සියල්ලම විශ්ලේෂණය කිරීම අපහසු හෙයින් බෞද්ධ චින්තනය පමණක් මතුවන කෙටි කතා මේ මගින් විමර්ශනයට භාජන කැරිණි.
"හිස් කබල" බෞද්ධ චින්තනය මතුවන එක් කතාවකි. හිස් කබලෙහි අන්තර්ගත අනුලා ස්‌වකීය රූ සපුවෙන් අතිශය ආඩම්බරයට පත් කාන්තාවකි. රුව පිළිබඳ නිතරම ඇල්ම උපදවා එය වඩාත් ප්‍රබල තලයකට ගෙන ප්‍රභාමත් කිරීමට වෙහෙස වුණු කාන්තාවකි. බෞද්ධ යථාර්ථය යනු කුමක්‌ද නොදැන ගිය ගමනකදී අනුලා අතරමං වේ. රූ සපුව කෙමෙන් දුබලවී, කෙස් පැසී ඇඟ රැළි වැටී අර රූප සෝභාව පහවී යැමේ ස්‌වභාවය තේරුම් ගන්නට තරම් විඥනයක් ඇය කෙරෙහි නොතිබීම පිළිබඳ වික්‍රමසිංහ ඇයට අනුකම්පා කරයි. අනුලා ලෝකෝත්තර සුවයට වඩා ඇල්ම කෙළේ ලෞකික සුවයටය. ජිවිතය සදාකාලිකය. එය වෙනස් නොවන්නේය යන මතයේ රැඳී මායාකාරී ලෝකයක දිවි ගෙව්වාය. ලෝකයේ යමෙක් ඉපදුනහොත් මිය යනවාය, යමක් ඇති වුවහොත් විනාශ වෙනවාය යන නියතය නැත්නම් ධර්මතාව
ගැන ඇයට අවබෝධයක් නොවීය. වෙසක් පෝයදා වෛද්‍ය සිසුන්ගේ හිස්‌කබලකට බියවූ ඇය තමන්ගේ රුවැති රූපයටත් අත් වන්නේ මේ ඉරණම නොවේද යන්න ඇය පසක් කර ගත්තාය. "මං අද සිල් ගත්තා..." යනුවෙන් පවතින්නට තරම් අනුලා ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන්නටත් අප මේ කරන සියලු දේ නිසරුය යන හැඟීමට පැමිණීම හේතු කොටගෙන ස්‌වකීය මුතුපට විකුණා මුදල් කර අරමුදලේ භාණ්‌ඩාගාරික වෙත යවන ලෙස ලියුමක්‌ද ලියා තම ස්‌වාමියාට බාර දුන්නාය. ඇයගේ මේ වෙනස් වීම ස්‌වාමියාට ද ප්‍රහේළිකාවක් විය."හිස් කබල" කෙටි කතාවෙන් නිරූපිත ජීවිත දර්ශනය සුගැඹුරුය. බොහෝ දේ මෙනෙහි කරන්නට අපට අවකාශ ලබා දෙන්නේය.
වික්‍රමසිංහගේ "උපාසකම්මා" කෙටි කතාවද මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතා හෙළි කරන්නකි. උපාසකම්මා හැම පෝයකටම සිල් ගත්තත් ඇයගේ මසුරු සිත පහව ගියේ නැත. ආශාවන් පොදි බැඳගෙන ජීවත් වූවා විනා සසරින් එතෙර වන්නට මාර්ගය පාදා ගත්තේ නැත. ඇයගේ සීලය නමට පමණක් සීමා විය. "... අම්මා කළේ හැම පෝයටම සිල් ගත්ත එක විතරයි. පසළොස්‌වකටත්, අමාවකටත්, මාසේ පෝයටත් වරද්දන්නෙ නැතිව සිල් ගත්තා. කරගත් පින එච්චර තමයි. සිල් අරගෙන පිළිකුල් භාවනාව කළා. පන්සලට එක දානෙ වේලක් දෙන්න වියදම් කළේ නැහැ" (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, 1 වැනි වෙළුම, කෙටි කතා 195 පිටුව) උපාසකම්මාගේ ලේලියගේ මේ වදන් අනුව ගැමි ගතියට සිල් ගත්තත් ඇයගේ කුම්මැහිකම ජීවිතයෙන් පහව ගියේ නැත. පෙට්‌ටගමක් පුරවා නානා වර්ගයේ කම්බා අප්‍රමාණව තිබුණත් ඒ එකක්‌වත් ඇය පරිහරණය කළේ නැත. ඇය ඇඳ සිටියේ ඉරීගිය කඩ මාල්ලකි. පැදුරු ආණේ රටා දැමූ පැදුරු කොතරම් තිබුණත් ඇය එක පැදුරක්‌වත් පරිහරණය කළේ නැත. පැදුරු කඩමාල්ලක ගුලිවී නිදා ගැනීම ඇයගේ සිරිතයි. ජීවිතයේ අවසාන භාගයේ දිවි ගෙවන උපාසකම්මා ලෙඩ ඇඳේ සිටියදී ලේලිය විසින් ගසක පොල් කැඩවූ අවස්‌ථාවේදී පොල් ගෙඩි බිමට වැටෙන ශබ්දයන් ගෙඩි ප්‍රමාණය හැට පහක් විතර තියෙන්න ඕනෑය යන හැඟීම මත ආශාව තුනී නොකළ ආකාරය මෙයින් හෙළි නොවන්නේද.
"අඳුර නමැති කළු රෙදි පොරවාගත්, කවුළුව අසල වූ දෙල් ගස නොකා නොබී නොඇඳ දළ ලොබින් වස්‌තු රැස් කළ උපාසකම්මාගේ ගෙය අත පත ගාගෙන යැමට එබිකම්පාන මහත් කයක් ඇති සොරකු වැන්නද (197 පිටුව) උපාසකම්මාගේ මසුරු සිතට ඇයගේ නිවෙස අසල තිබුණු දෙල් ගසද සරදම් කරන ආකාරය නොවේද මෙයින් හඟවන්නේ. උපාසකම්මා දැඩි මසුරුකමෙන් පොදි බැඳ ගත්තත් ඇයගේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක් දෙල්ගසට තිබුණු ආකාරය සංකේතවත් කරන්නේ කෙටි කතා කලාවේ එක් අදියරකට පිවිසෙමිණි.
සමාජයේ දෙබිඩි චරිත බොහෝවිට දක්‌නට ලැබේ. නිවෙසට එක චරිතයකුත් බාහිරව තවත් චරිතයකුත් ඇති අය සමාජයේ එමටය. ඒ දෙස බැලූ දෘෂ්ටිය යොමු කළ වික්‍රමසිංහ "අටපිරිකර" කෙටි කතාවෙන් කියා පෑවේත් මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතාවයි.
අටපිරිකරක් පන්සලට පූජා කළ යුතුය. එහෙත් එය තුට්‌ටු දෙකට ගන්නටත් අවශ්‍යය. අටපිරිකර කතාවේ ගබන්රාළගේ චරිතයත් උපාසකම්මාගේ චරිතයත් අතර ඇත්තේ සමතාවකි. සමාජයේ බොහෝ අය පින් කරන්නේ ලෝකමානය උදෙසාය. ලෝකයට පෙන්වන්නට යත්න දරන්නේ තෘෂ්ණාව තුනී කළ දන්දෙන සැදැහැවතකු ලෙසය. එහෙත් යටි සිතෙහි පවතින්නේ තණ්‌හාවයි. තණ්‌හාව පොදි බැඳගෙන ගමන් ගන්නා අයට කරන සමච්චලයක් නොවේද "අටපිරිකර" කෙටි කතාව.
ගතානුගතික ආකල්ප මත දහම කරට ගත්තත් යථාර්ථය නිසි ලෙස අවබෝධ කොට පින් දහම් කරන්නට තරම් විඥනයක්, ශ්‍රද්ධාවක් ගබන්රාළ කෙරෙහි නොවීය. මෙයින් ප්‍රතීත වන්නේ යථාවාදී තතාකාරී අයුරින් දහමට නැඹුරු නොවීමේ ස්‌වභාවයයි.
අද්‍යතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් ධර්මය සෙසු අයට දේශනා කළත් ඒ ධර්ම තමන් සමීපයේ නොමැති බව කියා පාන්නකි "මැටි කළය" කෙටි කතාව.
මහානාග හාමුදුරුවන් බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය ලොවට කියා පෑවත් තමන්ට ඒ ධර්මයේ නියෑළෙන්නට හැකිද? එම ධර්මතාව මහානාග හාමුදුරුවන්ට තිබේද? ලෝකයේ යමක් ඇතිවුවහොත් නැති වන්නේය. යමකු මේ ලොවට බිහිවූයේ නම් මිය යන්නේය. මෙයයි බුදු දහම අපට කියා දෙන්නේ. මේ අනිත්‍යතා ධර්මය සම්බන්ධයෙන් මහානාග හාමුදුරුවන් සෙස්‌සන්ට ධර්මය දේශනා කරයි. එහෙත් ධර්මය උන්වහන්සේ කෙරෙහි නොවූහ. ස්‌වකීය පන්සලේ ඇබිත්තයා ළිඳෙන් වතුර ගන්නට ගොස් මැටි කළය අත්වැරදීමකින් බිඳුණි. මේ සිද්ධියට ඇබිත්තයාට තුවාල වන තරම් පහරදී අවසානයේ ඇබිත්තයා නතර වූයේ රෝහලෙනි. මේ සිද්ධියයි "මැටි කළයට" වස්‌තු විෂය වූයේ.
"කෙස් වැටිය" හා "තරුණ භික්‍ෂුව" නමැති කෙටිකතා ද්වයෙන් වික්‍රමසිංහ කියා පාන්නට යත්න දරා ඇත්තේ වැඩිහිටියන්ගේ බල කිරීම මත මහණ වන්නට යොමු කිරීමය. අද්‍යතන සමාජයේ පුංචි දරුවන් මහණ කරන්නට පෙළඹෙන්නේ දරුවන්ට මහණකමට සිත ඇදී යැම හේතුකොට නොවෙයි. එක්‌කො ආර්ථික අඟහිඟකම් මත හෝ පවුලේ පිරිමි දරුවන් බහුල වීම මතය. බොහෝවිට බලපාන්නේ මේ දෙකරුණයි. පැවිදි දිවියට පිවිසිය යුත්තේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙනය. එසේ නොවුණහොත් වයස මුහුකුරා යත්ම යම් යම් ආශාවන් මත පැවිදි දිවියෙන් සමුගන්නා ආකාරය එමටය. මෙය කාලත්‍රයේදීම සිදුවන්නකි. "කෙස් වැටිය" කෙටි කතාවේ නාග සෝමත් "තරුණ භික්‍ෂුව" කෙටි කතාවේ නාගානන්දත් යන සාමණේර භික්‍ෂූන් දෙදෙනාම පැවිදි දිවියෙන් සමුගන්නට හේතු වූයේත් අවබෝධයෙන් තොරව වැඩිහිටියන්ගේ බල කිරීම මත පැවිදි දිවියට පිවිසීම නිසාය.
කෙස් වැටියේ අන්තර්ගත නාගසෝම සාමණේර නම ධර්මය දේශනා කිරීමේ ශූරයෙකි. බණ අහන්නට පැමිණි මල්ලිකා නමැති තරුණිය කෙරෙහි පිළිබඳ සිතක් නාගසෝම හිමිට ඇතිවිය. එකට පාසල් ගිය එකට පන්තියේ සිටි මල්ලිකා කෙරෙහි සිත් බැඳගත් නාගසෝම හිමියන්ගේ මහණ දම් කෙමෙන් පිරිහී ඇය කෙරෙහි ආශාවක් ඇතිවී, ඇයට ලොල්වී ඇය විවාහ කර ගන්නට තරම් සිතක් පහළ විය. "... ආශා කරන දෙය නොලැබීම නිසා ඇතිවන දුකින් ඔහුගේ සිත මීට පෙර තවනු නොලැබීය. ඉන්ද්‍රියන් කෝප කරනු ලැබූ අවස්‌ථාවක මල්ලිකා දැන හැඳින ගැනීමෙන් චණ්‌ඩ මාරුතයට හසුවුණු ජලාසයක් සේ ඔහුගේ සිත චංචල විය" (431 පිටුව) නාගසෝම මෙවන් තත්ත්වයකට පත්වූයේ ජීවිතය කලකිරීමෙන් ලත් අත්දැකීම් මත නොවූ නිසාය. "අර හීරළුවා වෙන්න ඇති" (434 පිටුව) යන වදන් මල්ලිකාගේ මුවට වික්‍රමසිංහ නැඟුවේ ගිහි ජීවිතයේ දුක් ප්‍රවාහයෙන් නාගසෝම අත්දැකීම් නොලත් නිසාය.
ලෝක ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොට ගත් පුද්ගලයා කෙරෙහි දෙබිඩි චරිතයක් නොමැත. ප්‍රතිපත්තිගරුකව තමන් කෙරෙහි පවත්නා ආශාව තුනීකොට සසරින් කෙසේ හෝ නික්‌ම නිවනට ළඟා වන්නට යත්න දරයි. එසේ නොමැතිව වංචනික ධර්ම මත දිවි පෙවෙත ගෙන යැමෙන් විනාශයට පත් වන්නේ පුද්ගලයාමය. මේ ධර්මතාවයි වික්‍රමසිංහ මේ කෙටි කතාවලින් උද්භාවනය කළේ.
බෞද්ධ චින්තනය හඟවන තවත් කෙටි කතා වික්‍රමසිංහ විසින් ලියන ලදී. මුදියන්සෙ මාමා, මරණය, බබාගේ වෙසක් පහන, කෙඳිරි ගෑ මළකඳ, ධාතු කෝලාහලය, රන් පිළිමය, වහල්ලු, කනත්ත, සිල්වතා, උපාසකයා ආදී කෙටි කතා වලින් හුවා දැක් වූයේත් බෞද්ධ යථාර්ථයයි.
නූතන කෙටි කතා ක්‍ෂේත්‍රය අවරෝහණ කරා යන අවධියක කෙටිකතාකරුවාගේ කාරිය කුමක්‌ද? කෙටි කතාවකින් දවනිත විය යුත්තේ කිනම් අරුතක්‌ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතා සමුදාය පරිශීලනයෙන් මැනවින් අවබෝධ කොට ගත හැකිය.
අද කෙටිකතාකරණයට පිවිසෙන අය පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ (සම්භාව්‍ය ගණයට ගැනෙන) කෙටි කතා පරිශීලනය නොකිරීම බලවත් ඌනතාවක් යෑයි සිතමි. ලියෝතොලොස්‌තෝයිගේ "පොත් කෑල්ල" නමැති කෙටි කතාව ඉතාම සුළු සිද්ධියක් පාදක කොටගෙන රචිත කෙටි කතාවකි. එම සිද්ධිය පුද්ගලයකුගේ මරණය පවා සිදුකරන්නට තරම් සමත් විය.
මාර්ටින් වික්‍රමසිංහ විවිධ විෂයයන්හි පෙළහැර පෑවා සේ කෙටිකතා ක්‍ෂේත්‍රයේත් පෙළහැර පෑවේය. ජී. බී. සේනානායක හොඳ ගණයට ගැනෙන කෙටි කතාකරුවෙක් බවට පත් කළේත් වික්‍රමසිංහයන්ය. සිළුමිණ කර්තෘ පදවියේ සිටි සමයේ සේනානායක කෙටිකතා ලියාගෙන මාර්ටින් වික්‍රමසිංහට ගෙනත් දුන් අවස්‌ථාවේදී ඒවා කපා කොට සකස් කොට සිළුමිණේ පළ කිරීමෙන් සිදුකළ මෙහෙය සෙසු කතුවරුන්ටද පරමාදර්ශී සිද්ධියකි. වික්‍රමසිංහ කෙටි කතා විඥනය අදටත් වඩා ඵලදායි වන්නේ හෙට දවසටය යනුවෙන් සඳහන් කරන්නේත් ඒ නිසාය.
හෙළයේ මහා ගත්කරුගේ විදු ඇස
අධිරාජ්‍යවාදී බලවේගයන්ට නතුව ජාතික අනන්‍යතාව, දේශීයත්වය අහිමිව අයාලේ යමින් සිටි ජාතියක්, ජාත්‍යාලයෙන් ඔද වැඩී දේශීය චින්තනයක් සතු ජාතියක් ලෙස ගොඩ නැගීමට උරදුන් සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. 20 වැනි සියවසේ ඇරඹි ඒ මෙහෙවර ඔහු නොයෙකුත් මංපෙත් ඔස්‌සේ විහිදුවීය. සාහිත්‍යය, ඉතිහාසය, බුදුසමය, විද්‍යාව වැනි ඉසව් ඔස්‌සේ සාමාජීය පෙළගැස්‌මකට දොරගුළු විවර කිරීමකට ඔහු සමත් වූවායෑයි කිවහොත් නිවැරදිය. ඉන් නොනැවතුන ඔහු විදු ඇසකින් ලොව බැලීමට ගත් උත්සාහයද අගය කළ යුතුය. දකුණු ලක කොග්ගල නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ අව්‍යාජ ගැමියා ස්‌වෝත්සාහයෙන්ම ලබාගත් දැනුම ක්‌ෂේත්‍ර රාශියක් පුරා විහිද පතුරවන්නට සමත් කමක් දැක්‌වීය.
ඔහු විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ, ලිපි සාහිත්‍ය, ඉතිහාසය, බුදුසමය, දර්ශනය මත පදනම් වුවද විද්‍යාව කෙරෙහිද දක්‌වන ලද්දේ මහත් අභිරුචියකි. 1916 තරම් ඈත කාලයක ශ්‍රී ලාංකිකයන් අතර එතරම් විද්‍යාත්මක ප්‍රබෝධයක් නොතිබුණ සමයක එම්. ඩබ්ලිව් නම් අන්වර්ථ නාමයකින් ඔහු දිනමිණ පුවත් පතේ පළකළ "වෘක්‌ෂලතා හා සත්වයෝ" යන ලිපි පෙළ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කරුණු අරභයා ලියන ලද පළමු ලිපි පෙළ ලෙස ඉතිහාසගතවේ. මේ ලිපි පෙළ පුරාම ඔහු තමන් විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකළ සමාජයේ පැවති අදහස්, විද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණු සහ බුදු සමය ඉතා මැනවින් සංයෝජනය කරමින් අර්ථවත් ලිපි පෙළක් ලෙස එකල සමාජයට තිළිණ කරන්නට සමත් විය.
විද්‍යාත්මක කරුණු පිළිබඳ වූ පිපාසය නිතැතින්ම ඔහුට ලැබෙන්නට ඇත්තේ ඔහු ජීවත් වූ මනරම් කොග්ගල ග්‍රාමයෙන් වන්නට ඇතැයි සිතීම යුක්‌ති සහගතය. කුඩා කල සිටම ගවේෂණාත්මක චරිතයකට උරුමකම් කී එතුමන්, ඒ ආශාව තවදුරටත් වඩා වර්ධනය කරගන්නා ලද්දේ පොත් පත් පරිශීලනයෙනි. විද්‍යාත්මක කරුණු අධ්‍යානයේදී ඔහු වඩා වැඩි ප්‍රියතාවක් දක්‌වා තිබුණේ ජීවයේ විකාශය හෙවත් පරිණාමවාදයටය. "පරිණාමවාදය" යන වදන සිංහලයට හඳුන්වා දුන් එතුමන්, "පරිණාමධර්මය" නම් ලිපි පෙළක් තුළින් ද පරිණාමවාදය සමාජගත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. පරිණාමවාදය පිළිබඳව ඔහු තුළවූ ගැඹුරු අවබෝධය ඔහු විසින් 1934 දී රචනා කරන ලද "සත්ත්ව සන්තතිය" කෘතියෙන් මනාව පිළිබිඹු වේ. , පුරා විද්‍යාව,ජීව විද්‍යාව,පුරා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යා හා විවිධ ආගමික මතවාද වැනි එකිනෙකට බොහෝ වෙනස්‌කම් දක්‌වන්නාවූ විෂය ධාරාවන් කිහිපයක් මනාලෙස හසුරවමින් පරිණාමවාදය පිළිබඳ එකළ සිංහලෙන් ලිsයවුන හොඳම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිය විදග්ධභාවය හේ මැනවින් නිරූපණය කළේය.
පරිණාමවාදය පිළිබඳ ඔහු දැක්‌වූ මහත් අභිරුචිය ඔහු විසින් රචනා කරන ලද "මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය" ග්‍රන්ථයේ එන "පරිණාමවාදය වනාහී අද්භූත කථාවක් මෙන් සිත්ගන්නා විද්‍යාත්මක දර්ශනයකි. ලෝකයත්, සත්ත්ව වර්ගයාත් ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට අප හික්‌මවන්නකි පරිණාමවාදය" යන කියමනෙන් පැහැදිලි වේ. ඒ මතුද නොව සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය නවකථා මාලාවක් වන " ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය" යන කථා තේමාවන් තුන පුරාම යටින් දිවෙනුයේ පරිණාමවාදයේ එන ස්‌වභාවික වරණය යන කරුණ බව එය හොඳින් අධ්‍යයනය කරන අයකුට වැටහෙන කරුණකි.
නිදහසින් පසු ශ්‍රී ලංකාව පුරා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ජාති භාෂා නොතකමින් නවෝදයක අරුණාලෝකයක් මෙන් රට මුZළුල්ලේම විසිරී පැතිරී ගියේය. එහිදී විද්‍යාව ස්‌වභාෂාවෙන් ඉගැන්වීමේදී ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ බෙහෝ තාක්‍ෂණික යෙදුම් සඳහා සුදුසු සිංහල වදන් නොතිබීමය. ස්‌වභාෂාවෙන් විද්‍යා විෂයයන් සමාජගත කිරීමට නම් පවතිනා මතු නොව අනාගත අවශ්‍යතාද සපුරාලිය හැකි වදන් සොයාගැනීම ඉතා වැදගත් වූ අතර එවැනි වටිනා අර්ථවත් වදන් රාශියක් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ස්‌වකීය භාෂා ඥනයෙන් දැයට දායාද කරන්නට සමත් විය. ඔහු විසින් විද්‍යාව පාදක කර රචනා කළ ග්‍රන්ථ, ලිපි තුළින් එවැනි නව වදන් හැකි තාක් එකතු කළ අතර ඔහු සෑම විටම තැත් කළේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර කරන වදන් තුළින් විද්‍යාත්මක වචන වලට අරුත් දීමටය. එය අධ්‍යයනයේ යෙදෙන්නකුට උපකාරී වන්නේ එවැනි වදන් තමන්ට හුරුපුරුදු ඒවා වීමය. සංස්‌කෘත බස පදනම් කරගනිමින් නව වදන් සිංහලට එකතු කිරීම එතුමන් ප්‍රතික්‌ෂේප කළ අතර 1972 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ "මුල් සිඳගත් අපේ උගත්තු" නම් ලිපියෙන් එවන් ප්‍රයත්නයන් තදබල ලෙස විවේචනය කර තිබිණ.
රටක් සතු වටිනාම සම්පත අන් කවරක්‌වත් නොව ඒ රටේ ළමා පරපුර බව මැනවින් වටහාගත් අතලොස්‌සක් වූ දූරදර්ශී බුද්ධිමතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ද වන්නේය. එහෙයින්ම ඔහු,
"කුරුමිණි සත්තු" "කුරු කුහුඹු සත්තු" "වෙස් මාරු කරන සත්තු" "මුහුදු වෙරළ" "සත්ත්ව ලෝකය" "විද්‍යා විනෝද කථා" වැනි ළමා ග්‍රන්ථ සම්පාදනය කරමින් එවක සිටි ළමා පරපුර තුළ විද්‍යා ප්‍රබෝධයක් ඇති කොට අනාගතයේ අභියෝග භාර ගැනීමට සමත් පිරිසක් ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසා කටයුතුය. ගැඹුරු දාර්ශනික පදනමක් ඇති ග්‍රන්ථ, ලිපි ලිවීමට දැක්‌වූ සමර්ථතාවෙන් රට තුළ කීර්තියක් උපදවාගෙන සිටි එතුමන්, මේ ළමා පොත් තුළින් ළමුන් අමතා ඇත්තේ ඉතා සුඛනම්‍ය, කියවීමට ප්‍රිය උපදවන භාෂා ශෛලියකිනි. එදිනෙදා දිවියේදී තමා අවට පරිසරයේ මුණගැසෙන ශාක, සතුන් ගැන මනා දැනුමක් මේ ග්‍රන්ථ පරිහරණයෙන් අද දවස ළමයකුට වුව ලැබිය හැක.
මනාකොට වූ භාවිතාවෙන්ම බහුශ්‍රැත භාවයට පත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බුදු සමය, සාහිත්‍යය හා නවීන විද්‍යාව ගැන කරන ලද ග්‍රන්ථ, ලිපි ආදිය බොහෝ වන අතර මේ කරුණු එක්‌තැන් කරමින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය (1974), පරිණාමවාදය හා බෞද්ධ විඥණය (1974) හා සිංහල ලකුණ (1947) වැනි ග්‍රන්ථ මෙන්ම ආගම හා නවීන විද්‍යාව (1945), බුදු සමය හා විද්‍යාව (1948) හා විද්‍යාව, බුදු සමය හා සාහිත්‍යය (1966) වැනි ලිපි තුළින් ඒ ඒ විෂයයේ වෙන් වෙන්ව ලබාගත් ප්‍රාගුණ්‍යයත් එම කරුණු අර්ථවත් ලෙස මුසුකොට පාඨකයාගේ ප්‍රඥව වර්ධනය කිරීමට දක්‌වන ලද සමත් කමත් පැසසිය යුතුමය. යම් කරුණක් හුදෙක් සමාජයේ වූ පමණින් පිළිනොගෙන විචාර බුද්ධිය, ප්‍රඥව මෙහෙයවා එය යුක්‌තියුක්‌ත නම් පිළිගැනීමට ඔහු සෑම විටම පාඨකයා පෙළඹවීය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා කිසිකලෙකත් බුදු දහම හා නවීන විද්‍යාව සන්සන්දනය කිරීමට තැත් නොකළේය. ඒ බව ඔහු ලියූ "සිංහල ලකුණ" ග්‍රන්ථයේ එන, "මා මේ ලියන්නේ ආගම හා විද්‍යාව යන දෙක තුලනාත්මකව පරීක්‍ෂණයකට භාජනය කරනු පිණිස නොව ඒ දෙකින් කවරක් වූQවද නගා අනෙක හෙළනු පිණිස ඒ දෙක සැසඳීම වැරදිය යන බව නගනු පිණිසය" යන කියමනෙන් පැහැදිළිවේ. තවද එකළ සමාජයේ වූ අදහස් පිළිබඳ ඔහු දැක්‌වූ විවේචන එම කරුණු පහත් කොට සැලකීමක් නොව සමාජයට, යමක් විචාර බුද්ධියෙන් සිතීමට හුරු කිරීමට දරන ලද උත්සාහයක් බව අන්තවාදීව නොසිතන ඕනෑම අයකුට වැටහේ. මෙවැනි යථාවබෝධයකින් යුතු සාහිත්‍යධරයන් මෙන්ම විද්‍යාව හැදැරූ අයද අප සමාජයේ එදා මෙන්ම අදද ඉතා විරලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විද්‍යාවේ ඇති වැදගත්කම වටහාගත් බුද්ධිමතෙකි. විද්‍යාවේ දියුණුව රටේ ප්‍රගමණය ඇති කරන බව පෙන්වාදුන් ප්‍රාඥයෙකි. කාලයට හැඩ ගැසෙමින් කාලයත් සමග ඉදිරියට යා යුතු බව අවබෝධකරගත් වියතෙකි. විද්‍යාව අරභයා මතු නොව ඔහු කල සෑම නිර්මාණයකින්ම පාඨකයා ආනන්දයෙන් ප්‍රඥව කරා රැගෙන යැමට සමර්ථ වූයේය. මේ නයින් බැලූකළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් "හෙළයේ මහා ගත්කරු" ලෙස නොව "විචාර බුද්ධියකින් යුතු හෙළයේ මහා ප්‍රාඥයා" යෑයි කීම අතිශෝක්‌තියක් නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැක.
කෘති ලැයිස්තුව
නවකතා
කෙටිකතා
ජීවිතය ඇසුරින්....
දෘෂ්‍ය කාව්‍ය....
විචාරාත්මක නිබන්ධ .....
* සිංහල ලකුණ
ජීව විද්‍යාත්මක ග්‍රන්ථ .....
පාඨශාලා පොත්...........
නවකතා
- ලීලා - 1914
- සෝමා - 1920
- අයිරාංගනී - 1923
- සීතා - 1923
- මිරිඟු දිය - 1925
- උන්මාද චිත්‍රා - 1929
- රෝහිණී - 1929
- ගම්පෙරළිය - 1944
- මඩොල් දූව - 1947
- යුගාන්තය - 1949
- විරාගය - 1956
- කලියුගය - 1957
- කරුවල ගෙදර - 1963
- බවතරණය - 1973
කෙටිකතා
- ගැහැනියක්
- බිල්ල සහ අපූරු මුහුණ
- මගේ කථාව
- මගුල් ගෙදර
- හද සාක්කි කීම
- වහල්ලු
- පව්කාරයාට ගල් ගැසීම
- අපේ විත්ති
- කතා අහුර
ජීවිතය ඇසුරින්....
- කළුනික සෙවීම
- අපේගම
- උපන් දා සිට
දෘෂ්‍ය කාව්‍ය....
- විජිතා
- මයුරි
- චිත්‍රා
විචාරාත්මක නිබන්ධ .....
- විචාර ලිපි
- ගුත්තිල ගීතය
- සාහිත්‍ය කලාව
- සිංහල විචාර මග
- බණ කතා සාහිත්‍යය
- කාව්‍ය විචාරය
- නව පද්‍ය සිංහලය
- සාහිත්‍යෝදය කතා
- ඇත්ත යුත්ත
- සම්ප්‍රදාය හා විචාරය
- ජාතක කතා විමසුම
- රස වාදය හා බෞද්ධ කාව්‍යය
- සිංහල සකස්කඩ
* සිංහල ලකුණ
- සිංහල සාහිත්‍ය යේ නැගීම
- නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
- අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ
- පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇදුම්
- බෞද්ධ දර්ශනය හා මාර්ගය
- බුදු සමය හා සමාජ දර්ශනය
- භව කර්ම විකාශය
- අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිනාමය
ජීව විද්‍යාත්මක ග්‍රන්ථ .....
- සත්ත්ව සන්තතිය
- ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය
පාඨශාලා පොත්...........
- සාහිත්‍ය ශික්ෂා
- විද්‍යා විනෝද කතා
- ප්‍රජා පාලන ශික්ෂා
- සදාචාරය හා නිරෝගී සම්පත
මුල්කාලීන සිංහල කෙටි කතාව කෙරෙහි
රුසියානු සාහිත්‍යයේ බලපෑම.
නූතන සිංහල කෙටි කතාව ආරම්භක යුගයේ පෝෂණය ලැබුවේ විදේශීය සාහිත්‍යයෙනි. ඒ අතරින් ප්‍රධාන මෙන්ම වඩාත් වැදගත් බලපෑමක් ලැබුණේ රුසියානු සාහිත්‍යයෙනි. විසිවැනි ශත වර්ෂයේ මුල සිටම ඉංග්‍රීසි උගත් ලාංකිකයන්ට බටහිර සාහිත්‍ය කෘති කියෑවීමේ අවස්‌ථාව ලැබී තිබිණි. එච්නා ඇලන් පෝ, නතෑනියල් හෝංතෝං, ගී ද මෝපසාං ආදීන්ගේ කෙටි කතාවලට වඩා රුසියානු කෙටිකතා ලංකාවේ ජනප්‍රිය වූ බව පෙනේ. "මා තරුණ කාලයේ දැඩි ආශාවෙන් නැවත නැවතත් කියෙව්වේ මෝපසාංගේ කෙටිකතා හා නවකතා ය. මම ඔහු ශ්‍රේෂ්ඨතම කෙටිකතාකාරයා ලෙස සැලකුවෙමි. චෙකො කියවන්නට පටන් ගත් විට මෝපසං නිසා මා තුළ උපන් ඇල්මත් දැඩි පැහැදීමත් කෙමෙන් අඩු විය. චෙකො හා ලංකාව 1970 හංස ප්‍රකාශ xv xa පිටු)
මාර්ටින් වික්‍රමසිංහ ඇන්ටන් චෙකොµaගේ කතා කලාව මැනවින් හඳුනා ගත්තේ කෙටි කතා එකතු කීපයක් ම පළ කිරීමෙන් පසුවය. එම නිසා චෙකොගෙන් ඔහු ලැබූ ආලෝකය පැහැදිලිව පිළිබිඹු වන්නේ ඔහුගේ අවසාන කෙටිකතා සංග්‍රහය වන "වහල්ලු" නම් කෘතියේ ය.
චෙකොගේ කෙටි කතා අගය කළ යුතු එමෙන්ම ඒ කෙටිකතා කලාවෙන් ශික්‍ෂණය ලැබූ තවත් මුල්කාලීන ලේඛකයකු ලෙස ජී. බී. සේනානායක පෙන්වා දිය හැකියි.
"කතාවල සිදුවීම් වැලක් චරිතයන්ගේ සිතුවිලි හා පරිසරයත් චෙකො විසින් එක ලෙස ප්‍රධාන කොට සලකන ලදී. ඔහුගේ බොහෝ කතාවල චරිතයන්ගේ සිතුවිලි හා පරිහරණය පිළිබඳ විස්‌තර අත්හළොත් කතාව යයි කිව හැකි කිසිවක් ඉතිරි නොවේ. චෙකොගේ සෑම කතාවකින් ම සම්පූර්ණ අදහසක් ප්‍රකාශ වේ."
("ජී. බී. සේනානායක නවකථා කලාව 1954, 46 පි)
ජී. බී. සේනානායක කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලියා නැතත් ඔහුගේ කතා අතර ඉතා උසස් කලාත්මක කෙටිකතා ගණනාවක් ම ඇත්තේ ඔහු විදේශීය උසස් කතා කියවා එම සාහිත්‍යාංශය ගැන මනා පුහුණුවක් ලැබීමෙන් පසු කෙටිකතා පළ කිරීමට පටන් ගත් හෙයිනි. ඔහුගේ කතා කීපයකින් මෙන්ම "පලි ගැනීම" හා "දුප්පතුන් නැති ලෝකය" යන ඔහුගේ කෙටි කතා සංග්‍රහවල සපයා ඇති පරිශිෂ්ටයෝද ඔහු රුසියානු සාහිත්‍යයෙන්, විශේෂයෙන් ම ඇන්ටන් චෙකොෆ්ගෙන් ලත් ආභාෂය පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහගේත්, ජී. බී. සේනානායකගේත් (කෙටිකතා කලාව හඳුන්වා දීමෙහිලා තවත් පුරෝගාමියකු වූ) ගුණදාස අමරසේකරගේත් කෙටි කතාවල පිළිබඹු වන රුසියානු කෙටි කතාවල එන ගූඪ අද්භූතජනක සිද්ධීන් හා පුද්ගලයන් පාදක කොට එඩ්නා ඇලන් පෝ හා හෝංතෝං ලියූ කතාවලට ද පීඩිතයන් කෙරෙහි වූ අනුකම්පාවෙන් බලකාමී, දූෂිත, කුහක පුද්ගලයන් නිර්දය විවේචනයට ලක් වන ලෙස ගී ද මෝපසාං ලියූ කතාවලට ද වඩා රුසියානු කෙටිකතාවල, විශේෂයෙන් ම චෙකොෆ්ගේ කතාවල පැහැදිලි වෙනසක් ඇත. රුසියානු කතාකරුවන් මුල, මැද අග මැනවින් ගෙතුණු සිදුවීම් මාලාවකට මුල් තැන නොදෙන අතර පාඨකයාගේ කුතුහලය අවුස්‌සා විස්‌මය දනවන සේ කතා අවසාන කිරීමක් ද නොකෙරේ. චෙකොෆ්ගේ කතාවල ගැබ් වන්නේ එදිනෙදා සිදු වූ සිදුවන සිදුවීම් ය. එදාට පමණක් නොව අදටත් ලාංකීය සමාජයටත් පොදු තේමා චෙකොෆ්ගේ කතාවල ගැබ් වේ. අපට අපේම හැටි පෙන්වන, මනුෂ්‍යත්වයේ ස්‌වරූපය, නිරූපණය කෙරෙන කතා රුසියානු කෙටිකතා අතර ඇත. චෙකොෆ් මනුෂ්‍ය චර්යාව විදහා දක්‌වන්නේ අසීමිත මානව දයාවකින් යුතුවය. බොහෝ කතාවල ඔහු පාඨක ඇස හරවන්නේ පුද්ගල චර්යා පිටුපස ඇති සාමාජික ආර්ථික හා දේශපාලනික සන්තානයේ ඇති (මිනිස් බවට උරුම) ගූඪ පරස්‌පර විරෝධී ලක්‍ෂණය.
මාර්ටින් වික්‍රමසිංහ චෙකොµaගේ කතා කියෑවීමෙන් ආකෘතිය, තේමාව හා ශිල්ප ක්‍රම ආදිය සම්බන්ධයෙන් ශික්‍ෂණයක් ලැබුවද, ඔහු ඒ කතා අනුකරණය නොකළේය. චෙකොµaaගේ "වැලපීම" "යෑපෙන්නෝ" ආදී කතා ගණනාවක මිනිසා හා (ගෘහාශ්‍රිත) යකුන් අතර ඇති සමීප සම්බන්ධතාව නිරූපණය කොට ඇත. වික්‍රමසිංහගේ "වහල්ලු" (1951) කතාවේ ද එන්නේ මහල්ලෙකු හා ඔහුට ජීවිකාව රැක දුන් දැන් මහලුව සිටින හඳයා නම් හරකකු අතර ඇති සබඳතාවයි. එහි එන අත්දැකීම ලාංකීය පාඨකයාට සමීප දෙයකි. වික්‍රමසිංහ කතා ලියූ අවදියේ කුලී කරත්ත රැකියාව සුලබ වූවකි. චෙකොµaගේ කතා කියවන විට වික්‍රමසිංහට දැක පුරුදු දෙයක් සිහි වන්නට ඇත. මෙහි අතිරික්‌ත චරිත හා සිද්ධි නැත. කතාව හදිසියේ ආරම්භ වන අතර, අවසානය සිදු වී ඇති දෙය සෘජුව නොකියා ගම්‍යමාන කරයි. චෙකොµa සිහිගන්වන මෙහි තවත් "මරණය" පිළිබඳ සංකේතාර්ථ නඟන, එසේම අවසානය පිළිබඳ පූර්ව ඡායාව සපයන පරිසර වර්ණයකි. එවැනිම ආකෘතික සුන්දරත්වයකින් ද, මානව සංගෘහිත කතා විකාශයක් ද ලාංකීය සමාජයට කාලීනව අර්ථවත් තේමාවකින් ද යුක්‌ත කතාවකි. වයින් වීදුරුව 1951 සමහර විචාරකයෝ වික්‍රමසිංහගේ වෙනත් බොහෝ කතාවල රුසියානු කතා කලාවේ ලක්‍ෂණ දකිති
රුසියන් කෙටිකතා සම්ප්‍රදායේ වැඩි හරියක් වික්‍රමසිංහ ලියූ (විශේෂයෙන් පසු කාලයේ ලියූ) කතාවල දක්‌නා ලැබේ. චෙකොµaගේ කෘතිවල මෙන්ම වික්‍රමසිංහගේ හොඳම කෙටිකතා වැඩි හරියක ද විස්‌මයෝත්පාදක අවසානයක් හොඳින්, මුල, මැද, අග ගලපනු ලැබූ උපරිම අවස්‌ථාවකින් යුත් කතා රටාවක් සේ දක්‌නට උදාහරණ ලෙස "ලේලි" "වයින් වීදුරුව", "බබාගේ ධාතු වන්දනාව", "සමාජවාදියා", "තරුණ භික්‍ෂුව", "වහල්ලු", "මාමාගේ දුව", "මඟුල් ගෙදර", "උපාසකම්මා", "නියර ගොයම් කෑම", "අඳුරු මුහුණ", "මුදියන්සේ මාමා", "මරණය", "ආදරය" වැනි කතා දැක්‌විය හැකිය. "කනත්ත" නම් කෙටිකතාව වස්‌තුවට හා සිදුවීම්වලට හෝ චරිතවලට හෝ වැදගත් තැනක් නොදෙන ගැඹුරු මානසික පරිසරයක් මැවීමට බාහිර පරිසර වර්ණනා උපයෝගි කර ගන්නා චෙකොµaගේ සමහර කෙටිකතා සිහියට නංවන කතාවකි."
(සරත්චJද්‍ර වික්‍රමසූරිය, දේශීය හා විදේශීය සාහිත්‍ය සම්ප්‍රදායයන් කෙරෙන් මාර්ටින් වික්‍රමසිංහ ලත් ආභාසය, මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව කෙටි කතා 1 වෙළුම ංසස පි.)
විමල විජයසූරිය චෙකොµaගේ "අශ්ව හොරු" කතාවේ බලපෑම වික්‍රමසිංහගේ "බේගල්" කතාව තුළ දකියි. චෙකොµaaගේ කතා සිංහල ලේඛකයන්ට බලපෑමට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු සමාජ දෙක අතර පොදු ධර්මතා ඇති බව පෙන්වා දෙයි.
"මෝපසාං ආදීන්ගේ කෙටිකතාවලට වඩා රුසියානු සම්ප්‍රදායේ කෙටිකතාවලින් ජීවිතයට ඉතා ආසන්න වූත් ප්‍රත්‍යක්‍ෂ වූත් ගැටලු අත්දැකීම් හා දර්ශනයක් සිංහල පාඨකයාට ලබාගත හැකිය. රුසියානු කෙටිකතාවලට වස්‌තු වූ සමාජ ජීවී වැනි දුඃත හිංසාකාරී ගැටීම්වලට මුහුණ දීමට ලාංකික සමාජයට සිදුවූ හෙයින් චෙකොµaගේ බොහෝ කෙටිකතාවලට ඇතුළු වූ ජීවන දර්ශනය අප රටට ද සාධාරණය.
(සිංහල කෙටිකතාවේ සන්දර්භය විශ්වවිද්‍යාලයීය ලිපි, 1966, 107 පි.)
රුසියානු හා ලාකීය සමාජ දෙක අතර ඇති සමහර ලක්‍ෂණ රුසියානු කතාවෙහි ජනප්‍රිය වීමට හේතු වූ බව මාර්ටින් වික්‍රමසිංහ ද පෙන්වා දී ඇත. රුසියානු කෙටිකතා සාහිත්‍යයේ වඩාත් සාර්ථක බලපෑමක් ලැබුවේ ජී. බී. සේනානායක, ජී. බී. අභිරහස්‌ජනක සිද්ධීන් හා ගුප්ත ලෙස හැසිරෙන පුද්ගලයන් ඇතුළත් කොට ලියූ "හෘදය වස්‌තුව", "අවතාරය හා පළිගැනීම" යන කතාවල ඇමෙරිකන් ආභාසය ඇතැයි ඇතැම් විචාරකයකු පෙන්වාදේ. ඒ කතා අවසාන වන විට ඒ අභිරහස් බවට හේතුව පාඨකයා අවබෝධ කොට ගනියි. "උදුරාගත් සපත්තුව" හා "මල් දම් දෙක" යන කතාවල කුතුහලය දනවන ස්‌වභාවයක් ඇත. කෙසේ හෝ ජී. බී. ගේ අනෙක් කතා බොහොමයක චෙකොµaගේ කතාවල ආකෘතිය, තේමා, පරිසර වැනුම් හා සංකේත ආදියේ මනා සංකලනයක් සම්පිණ්‌ඩිතභාවයක් දක්‌නට ලැබේ.
"ඇන්ටන් චෙකොµa, ජි. බී. සේනානායක යන දෙදෙනාම තම කෙටිකතාවල එන වස්‌තු සකස් කරගෙන ඇත්තේ එකම රටාවකට අනුවයෑයි. කිව හැක්‌කේය. ජීවිතයෙන් පෙත්තක් නොහොත් හරස් කැපුමක් පාඨකයා වෙත ඉදිරිපත් කරන අටියෙන් කෙටිකතා ලියූ ඇන්ටන් චෙකොµa මෙන්ම ජී. බී. සේනානායක ද එක්‌වරම තම කතාවට බසියි. ඔවුන් දෙදෙනාගේ කෙටිකතා හදිසියෙන්ම ආරම්භ කොට ඇති ලෙසක් පෙනෙන්නේ ඒ හේතුවෙනි. ජීවිතය වූ කලී ගලා යන එකම දිය පහරක් වැන්නකි. කෙටිකතාව මගින් ඉන් බිඳක් දක්‌වා ලීමට උත්සාහ කරන ලේඛකයාට කවර තැනකදී වුවද තම කෙටිකතාව ඇරඹීමට නිදහස තිබේ. ක්‍රමානුකූල අන්දමකින් ගොනු කරන ලද සිදුවීම් පෙළක් නොමැති චෙකොµaගේ කෙටිකතා මෙන්ම ජී. බී. සේනානායකගේ කතාද බොහෝ විට අවසන් කොට ඇත්තේද හිටිහැටියේ මෙනි."
(මිණිවන් පී. තිලකරත්න, රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතා හා කෙටිකතාව, 1969, 1588.)
කතා විකාශනයේ කේන්ද්‍රීය අංගයක් ලෙස පරිසර වැණුම් ඇතුළත් කිරීම චෙකොµaaගේ මෙන්ම ජී.බී. සේනානායකගේ කතාවල සුවිශේෂී ලක්‍ෂණයකි. චෙකොµaaගේ "නිදිමත" කතාව තුළ පරිසරයේ පාළු බියකරු ස්‌වභාවය පිළිබඳව වරින් වර කෙරෙන විස්‌තර ඉවත් කළහොත් එහි කතාව බිඳ වැටෙනු පමණක් නොව වර්කා නම් මෙහෙකාර දැරිය කෙරෙහි පාඨකයා කෝප වනු ඇත. කතාව අවසානයේ දැක්‌වෙන්නේ වර්කා තමාට නිදිකරවීමට බාරදුන් ළදරුවා මරා දැමූ බවයි. එවැනි ක්‍රියාවකට ඇය මෙහෙයවනු ලද්දේ පරිසරය විසිනි. ජී. බී. ගේ බිරිඳ කතාවේ වියළි කොළ ගොඩට තබන ලද ගින්න පිළිබඳව වරින් වර කෙරෙන විස්‌තර ඉවත් කළොත් එහි කතා විකාශනය බිඳේ. සිරිමා කෙරෙහි පියදාසගේ සිතේ කෝපය කෙමෙන් වර්ධනය වන ආකාරය ගම්‍යමාන කරන්නේ ඒ ගින්න මගිනි. මේ ලේඛකයන් දෙදෙනාම පරිසර වැනුම සංකේතාර්ථ දනවන ලෙසින් උපයෝගීකොටගෙන ඇති අතර කතාවල එන අජීවී දෙයක් සජීවී කෙනෙකුද කතාවට අර්ථවත් වන සංකේත ලෙස යොදාගෙන ඇත. චෙකොµaaගේ "වැළපීම" කතාවේ "හිමපතනය" සමකාලීන පහළ පංතිය පෙළන බලවේගයක සංකේතයකි. ජී. බී. ගේ "වෙසක් පහන" කතාවේ වෙසක් පහන පුද්ගලයාට බලාපොරොත්තුවේ සංකේතයකි. ජී. බී. ගේ "කලහය" කතාවේ පොත් බිරිඳගේ සතුරු බලවේගයේ සංකේතයයි. ජී. බී. සේනානායක "පළිගැනීම" කෘතියට සපයා ඇති පරිශිෂ්ටයෙහි තමන් චෙකොµaගේ කතා සම්ප්‍රදායයෙන් ලැබූ ආභාසය සෘජුවම විස්‌තරකොට ඇත. චෙකොගේ කතාවල හදිසියේ කතාව පටන් ගැනීම හා හිටි ගමන්a අවසාන කිරීම වර්ජිනියා වූල්ෆ්ගේ නිරීක්‍ෂණයට හසු වූ ආකාරය උපුටා දක්‌වන ජී. බී. තමන් "අම්මා" "බිසෝ මැණිකෙ" "ගුරුවරයා" "කලකිරීම" "කාන්ති" ආදී කතා ලිවීමේදී චෙකොµaගේ ඒ සම්ප්‍රදාය අනුගමනය කළ බව කියති. එසේම වස්‌තුවත් පරිසර විස්‌තරයත් සංකලනය කළ බව ජී.බී මෙසේ දක්‌වයි.
"ගුණදාස අමරසේකරද රුසියානු කෙටිකථා වලින් ආභාසය ලැබූවෙකි. 1952 දී පළවූ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වූ රතු රෝස මල රුසියානු කතාවල විශේෂ ලක්‍ෂණ මෙන්ම ඒවාහී වන අත්දැකීම් ශ්‍රී ලාංකේය සමාජයට ගැළපෙන ලෙස නිරූපණය කිරීමක්‌ද දක්‌නට ලැබේ. රතු රෝස මල කෘතියෙහි එන අවුරුදු සිහිනය කතාව චෙකොµaගේ "වන්කා" කෙටිකතාවලට සමානය. කතා දෙකෙහිම ප්‍රධාන චරිතය මෙහෙකාරයකු ලෙස නිවසක සේවය කරන කුඩා පිරිමි ළමයෙකි. "අවුරුදු සිහිනය" කතාවේ පියසේන සිය අවුරුද්ද තමන් ගෙදර කැඳවා ගෙන යනු පිණිස අම්මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් "වන්කා" කතාවේ වන්කා ආශාවෙන් බලා ඉන්නේ නත්තලට ගෙදර යැමටය. වන්කාගේ දෙමව්පියන් මිය ගොස් නිසා ඔහු සිටියේ සීයා භාරයේය. නත්තල් උත්සවය පසු දිනට යෙදී තිබේ. වන්කා ඒ නිවසේ සිදුවන වෙනස්‌කම් නිසා, තමා ආපසු කැඳවාගෙන යන ලෙස බැගෑපත් වී සීයාට ලියුමක් ලියයි. ඔහුට තැපැල් සේවය ගැන අල්ප දැනුමකි. කඩදාසිය ලියුම් කවරයක බහා අලවා "ගමේ සීයා වෙතටයි, කියා ලියා නැවත සීයාගේ නම සඳහන්කොට තැපැල් පෙට්‌ටියක දමා බලාපොරොත්තු සහගතව බලා සිටියි. ලාංකීය සමාජයේ වඩා වැදගත් වන්නේ සිංහල අලුත් අවුරුද්දයි. පියසේනට ලියන්නට බැරිය. දින දෙක තුනකට පෙර ඔහු අම්මාට ලියුමක් ලියවා ගත්තේ කුස්‌සි අම්මාට කියාය. උත්සවය ගැන ඔහුගේ සුන්දර හැඟීම් ඒ ලියුමෙහි ගම්‍යමාන වේ. ස්‌වාමි දුව විසින් කඩ පිලට යවනු ලැබූ පියසේන "කොබෝගම දන්නවාදැයි" වෙළෙඳකුගෙන් අසයි. තමන්ගෙන් බඩු ගත්තොත් තමන් අම්මාට පණිවිඩය දෙන බව වෙළෙන්දා පියසේනට කියයි. වෙළෙන්දාව විශ්වාස කරන පියසේන අම්මාට නොවරදවා පණිවිඩය ලැබෙනු ඇතැයි සන්තෝෂයෙන් පසු වෙයි. ගුණදාස අමරසේකර "අවුරුදු සිහිනය" කතාව ලිවූ කාලයේ කුඩා ළමයින් මෙහෙකාර සේවයෙහි යෙදවීම සුලබව කෙරිණ. වන්කා නත්තලට ගෙදර ගොස් සිටිනු සිහිනෙන් දැකී. පියසේනද තමන් ගෙදර ගොස් නිවසේ අය හා එක් වනු සිහිනෙන් දකියි.
රතුරෝස මල කෘතියෙහි එන "අම්මාගේ ශෝකය" කුඹුරු අඳයට දීම නිසා අම්මා තුළ ඇති වූ හැඟීම් හා ඇගේ හැසිරීම චෙකොµaගේ "චෙරිවත්ත" නාට්‍යයේ පලතුරු වත්ත අහිමි වූ විට එහි අයිතිකාරිය තුළ ඇති වූ වෙනසට සමානය. කෙසේ හෝ "අම්මාගේ ශෝකය" කතාවේ අත්දැකීම අමරසේකර කතා ලියූ අවදියේ ලාංකේය සමාජයට අදාළ වූවකි. අමරසේකර කතාවේ දේශීයත්වය එයට ලැබූ ආභාසය ඉක්‌මවා ප්‍රකට වේ.
අමරසේකර චෙකොµaගෙන් පමණක් නොව වෙනත් රුසියානු ලේඛකයන්ගේ කතාවලින්ද ආභාසය ලැබූ බව විචාරකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස රතු රෝස මල කෘතියෙහි ඒ නමින් එන කතාව ගාර්චින්ගේ "රතුමල" කතාවේ අත්දැකීමට තරමක් සමාන බව කියවේ. ගාර්ෂින්ගේ කතාවේ උන්මන්තකයා රතුමල තුළ දකින්නේ සමාජ විෂමතාවයයි. ඔහු රතුමල විනාශ කරන්නේ එහෙයිනි. අමරසේකරගේ කතාවේ රෝගියා "රතුරෝස මල් පොකුර" තුළ දකින්නේ ප්‍රේමය හා සම්බන්ධ දෙයකි. අමරසේකරගේ රුසියානු ආභාසය පෙන්වන අනෙක් කතාවල ඇති දේශීයත්වය "රතු රෝස මල" කතාවේ නොමැත. ගුණදාස අමරසේකරගේ "බයිසිකලය" කතාවට රුසියානු ජාතික නිකොලායි ගොගල්ගේ "උඩු කබාය" කතාවේ ඡායාව වැටී ඇතැයි කියවේ. (මිණවුන් පී. තිලකරත්න - එම - 177 -182 පිටු) කතා දෙක සැසඳුවොත් නම් "බයිසිකලය" කතාවේ දුබලතා පෙනෙනු ඇත. ගොගොල්ගේ කතාවේ "උඩු කබාය" එහි ප්‍රධාන චරිතයට නැතිවීම බැරි දෙයකි. බයිසිකලය සියදොaරිස් ආශා කළ දෙයකි. එසේ සැසඳීමෙක් නොමැතිව "බයිසිකලය" කතාව අගය කළහොත් යමක් ආශාවෙන් බැලූවකු එය ලද විට ප්‍රමෝදයට පත්වන සැටිත් එය විනාශ වූ විට කලකිරීමට පත්වන සැටිත් එහි නිරූපණය වන බව කිව යුතුය.
ගුණදාස අමරසේකර චෙකොµaගේ කතාවල මෙන් බොහෝ විට පරිසර වැනුම කලාත්මකව යොදා ඇති සැටි රතු රෝස මල කෘතියෙහි පමණක් නොව ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ජීවන සුවඳෙහිද දක්‌නට ලැබේ. විකාශනයෙන් ඉවත් කළ නොහැකි එවැනි වැනුම් "කලහය" "ඇය හමුවූ රාත්‍රිය" ආදී කෘතිවල දක්‌නට ලැබේ.

මහාචාර්ය පියසීලි විඡේමාන්න.
දිගු කලක් තිස්සේ පළ නොවූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ යළිඳු වරක් සාහිත්‍ය අනුමණ්ඩලයේ වත්මන් සභාපති බුද්ධදාස ගලප්පත්ති ප්‍රමුඛ සංස්කරණ මණ්ඩලයක් මඟින් මේ වසරේ සිට නැවත පළකොට තිබේ.
පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි, මුහන්දිරම් කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන, ලීල් ගුණසේකර සහ පී.බී. සන්නස්ගල යන විද්වතුන් අතින් මුල් අවධියේ සංස්කරණය වූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ සාහිත්‍යකාමින්ගේ හා සාහිත්‍ය ගවේෂණ පි‍්‍රය විද්වතුන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූවකි.
’සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ ට අමතර ව මෙරට සාහිත්‍ය වංශ කතාවේ පොලොන්නරු යුගයට අයත් ගද්‍ය, පද්‍ය නිර්මාණ පිළිබඳ ව විමර්ශනය කෙරෙන ‘සාහිත්‍ය - විශේෂ කලාපය’ ද මේ සමඟ ම නිකුත් විණි. සාහිත්‍ය විශේෂ කලාපයේ පළකොට තිබූ ‘කෙටිකතාව හඳුනා ගැනීම’ යන මැයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය ලියූ ලිපියක් පහත ඉදිරිපත් කෙරේ.
කෙටි කතාව හඳුනා ගැනීම.
සාහිත්‍යය පිළිබඳ නිර්වචන හෝ වාදයන් බිහි වන්නේ කිසියම් කාල පරිච්ඡේදයක බිහි වූ උසස් නිර්මාණ අධ්‍යයනය කිරීමෙනි.
අනතුරු ව බිහිවෙන සෑම නිර්මාණයක් ම ඉහත නිර්වචනයන්ට නව අරුතක් එක් කරයි. විචාරය සිදු වන්නේ නිර්වචන හා විචාරවාදයන් ඇසුරෙන් නිසා විචාර සිද්ධාන්ත හෝ නිර්වචන ඉක්මවා කෙරෙන නිර්මාණය විචාරකයන් මෙන් ම පාඨකයා ද කිසි යම් අපහසුතාවයකට පත් කෙරේ.
මේ තත්ත්වය නිර්මාණකරුවාට ද බලපායි. අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ පිකාසෝට ඔහුගේ අමුර්ත චිත්‍ර පේ‍්‍රක්ෂකයින් හා විචාරකයින් ප්‍රතික්ෂේප කළ විට ඒවා නව නිර්මාණ සේ තහවුරු කිරීමට විශාල වැර වෑයමක් දැරීමට සිදු විය. වැන්ගෝ චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර ඔහු මිය යන තෙක් නිසි ඇගයීමකට ලක් වූයේ නැත.
අසම්මතවාදී නාට්‍ය කරුවෙකු වූ ෂන් ජෙනෙගේ ප්‍රථම නාට්‍ය වේදිකා ගත වූ අවස්ථාවේ වේදිකාවට ගිනි තබන ලදි.
දෙවන ලෝක සංග්‍රාම සමයේ බිහි වූ ප්‍රංස නව කථාකරුවෙකු වූ ලුයි ෆර්ඩිනන්ඩ් සෙලිනි විසින් ලියන ලද නව කථා, ඇගැයීමකට ලක් වූයේ ඔහු මිය ගොස් දශක තුනකටත් පසුව ය. මෙයින් පෙනී යන්නේ සාම්ප්‍රදායික නිර්වචන හා නව නිර්මාණ අතර නිතර ම ගැටුමක් පවතින බවයි.
නිර්වචන හැදෑරීම ලේඛකයකුට ප්‍රයෝජනවත් විය හැකි වුවත්, නිර්වචන අනුව ම ලේඛකයකු නිර්මාණකරණයේ යෙදුණහොත් නිර්මාණකරණයේ ප්‍රගතියක් ඇති නොවේ. එහෙයින් නිර්මාණකරුවකුට නිර්වචන හැදෑරීමට වඩා උසස් ගණයේ නිර්මාණ පරිශීලනය කිරීම වඩාත් වැදගත් වේ.
ලියන්නේ මොනවාද කුමට ද යන ප්‍රශ්නය ද අප සැලැකිල්ලට ගත යුතුයි. සමහරු ආත්ම තෘප්තිය සඳහා ද ආත්ම ලාභය සඳහා ද ලියති.
ඇත්ත වශයෙන් ම ලිවිය යුත්තේ කෙනෙකුට නොලියා සිටීමට නොහැකි වූ විටයි. තවත් විදියකින් කිවහොත් හොඳ සමාජ නිරීක්ෂණයකින් ජීවත්වන ලේඛකයකුට ඒ සමාජයේ පවත්නා හාස්‍යජනක තත්ත්වය අවබෝධ වේ.
දේශපාලනයේ ව්‍යාජය හෝ විපරීතභාවය පෙනේ. බැලූ බැල්මට යාන වාහන, ගෙවල් දොරවල්, ධන ධාන්‍ය, කීර්තිය සමඟ ජීවත්වන අය සිටිති. ඔවුනගෙන් ඇතැමෙකුට ඇති සංතුෂ්ටියක් නැත. ස්වභාවයෙන් මිනිසාට අයත් වන මහ මුහුද, ඇළ දොළ, ගංගා, කඳු, හිරු එළිය, ජලය, ස්වභාව සෞන්දර්ය අප අත ළඟ ඇතත් මේ කිසිවකින් පලක් නොගෙන බොහෝ දෙනා මිය යති.
බොහෝ දෙනා සතුටින් ජීවත් වෙන්නට සැරසෙති. සැරසීමක් මිස ජීවත්වීමක් නැත. සමාජයේ යථාර්ථය දැකිය හැක්කේ මේ හාස්‍යජනක තත්ත්වය අවබෝධ කර ගැනීමෙනි. එහෙයින් ලේඛකයා ද, මේ විපරීත ලෝකයේ ම ජීවියකු වුව ද, ඔහුට ඉන් ඔබ්බෙහි සිට, වෙනත් මානයකින් මේ කරුණු කාරණා නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ. සම්මතයේ හෝ සම්ප්‍රදායේ ඇලී ගැලී ජීවත් වන්නෙකුට හොඳ නිර්මාණකරුවකු විය නොහැකි ය. ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ චරිතාපදාන කියැවීමෙන් මෙය අවබෝධ කර ගැනීමට පුළුවන.
කෙටි කතාව නැතහොත් නිර්මාණයට පාදක වන්නේ කර්තෘවරයා ලබන ලද අත්දැකීම් ය යන්න සම්මත වී ඇති මතයකි. අත්දැකීම් යනු මොනවා ද? පෞද්ගලික අත්දැකීම් තිබේ. සමාජය හා බද්ධ ව අත්දැකීම් තිබේ. මේවා නිර්මාණකරණය සඳහා තෝරා ගන්නේ කෙසේ ද? අත්දැකීම් යනු පෞද්ගලික විඳ දරා ගැනීමකි.
ඒ අත්දැකීමේ ඇලී ගැලී නිර්මාණයක් කරන්නේ නම් එහි “නිර්මාණය” යන්න ගිලිහී යාම වැළැක්විය නොහැකි ය. නිර්මාණය කල්පිතයකි. කල්පිතය යයි කී විට එය නිසරු දෙයක් යැයි කෙනෙකුට ඒත්තු යා හැකි ය. එසේ නම් අප විමසිය යුත්තේ ඔබට සිදු වූ දෙයක් කියවීමෙන් අපට ඇති ඵලය කුමක් ද යන්නයි. එය කතාන්දරයක් ඇසීමට වැඩි දෙයක් නොවේ.
බොහොමයක් අද්‍යතන කෙටිකතා කියවන විට පෙනී යන කරුණක් නම් තමාට සිදු වූ සිද්ධියක් නැත්නම් අත්දැකීමක ඇලී ගැලී විස්තර කිරීම ය. එය කපා කොටා කිසි යම් අරමුණක හෝ දෘෂ්ටියක පිහිටා එය ප්‍රතිනිර්මාණය කිරීම අවශ්‍ය වේ. ප්‍රතිනිර්මාණය සිදු වන්නේ කල්පනයෙනි. අත්දැකීමක් අවසාන වන්නේ ප්‍රධාන චරිතය මිය යාමෙන් නම් කතාවේ අභිප්‍රාය අනුව ඔහු ජීවත් කරවීමට සිදු විය හැකි ය. අත්දැකීමේ ඔහු ජීවත් වන්නේ නම් නිර්මාණයේ ඔහු මරා දැමීමට සිදු විය හැකි ය.
අප කොතරම් ජීවිත කාලයක් ජීවත් වුවත් ඒ කාල පරාසය තුළ ලබන්නා වූ අත්දැකීම් පූර්ණ උසස් නිර්මාණයක් සඳහා සෑහේ යැයි සිතිය නොහැකි ය. ඒ අඩුපාඩුව පුරවා ගත හැක්කේ සමාජ නිරීක්ෂණයෙනි. එසේ ම දෛනික පුවත්පත්, වාර්තා, ගුවන්විදුලි, රූපවාහිනී ප්‍රවෘත්ති හා සාකච්ඡා බොහෝ විට ඔබට අමුද්‍රව්‍ය සපයයි.
ඒවායේ යථාර්ථය ඒවායේ පක්ෂපාතීත්වය සාමාන්‍ය මිනිසාගේ ජීවිතයේ පැවැත්මේ ඇති ශෝකාකූල බව ආදී මේ සියල්ල මාධ්‍ය තුළින් සපයා ගත හැකි අමුද්‍රව්‍ය වේ. මේ සියල්ලේ ඇති සත්‍ය හා උත්ප්‍රාසය අප අවබෝධ කර ගත යුතු ය. අත්දැකීම් නිර්මාණකරණයේ දී නිෂ්ඵල යැයි කිව නොහැකි ය. එහි ඇති අසම්පූර්ණභාවය පමණක් අප අවබෝධ කර ගත යුතු ය. නිර්මාණයේ දී ලේඛකයා කල්පිතයක් සේ ගොඩනඟන ඇටසැකිල්ල පෝෂණය කිරීමට, එනම් නිර්මාණයට ජීව ගුණය ලබා දීමට අත්දැකීම් බෙහෙවින් ඉවහල් වේ. චරිතවල හැසිරීම්, මනාව නිරූපණය කිරීමට අත්දැකීම් ඉවහල් කර ගත හැකි ය.
කෙටි කතාවක් ලිවීමේ දී ආකෘතිය - රචනෝපක්‍රම කලින් පිළියෙල කරන ලද ඒවා නොවිය යුතු ය. තමා ලියන දේ ප්‍රබල ව කිව හැක්කේ කෙසේ ද යන්න ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍ය වේ. ලිවීමට පෙර කථාවේ - සිද්ධියේ හෝ සිද්ධිදාමයට අදාළ දෘශ්‍ය රූප ගොනු කිරීම වැදගත් වේ. පූර්ණ කතාන්දරයක් අනුපිළිවෙළින් නොලියා ප්‍රබල දෘශ්‍ය රූප ඒකරාශී කරමින් කෙටි කතාව රචනා කිරීමෙන් එය වඩාත් ප්‍රබල වේ. අනවශ්‍ය දීර්ඝවීම්වලින් වැළකී සිටිය හැකි ය.
බොහෝ වර්තමාන කෙටි කතා කියවන විට කතාවට එතරම් අදාළ නොවන විස්තර වර්ණනා ඇතුළත් වීමට හේතුව ලේඛකයා මේ ව්‍යායාමයේ නොයෙදෙන නිසා ය. මෙහි දී ලේඛකයාට දෘශ්‍ය මාධ්‍යයෙන් ආභාසයක් ලැබිය හැකි ය. තවදුරටත් පැහැදිලි කළහොත් චිත්‍රපටයක ප්‍රබල චරිත අවස්ථාවක් සියුම් ව - කාවැද්දිමට සමීප රූපයක් යොදා ගනී.
ඒ සමීප රූපයේ ඔහුගේ හෝ ඇයගේ මුහුණ, ඉරියව්, නළලේ රැලි, ඒවායේ පිරී ඇති දාඩිය බිඳු, දෑසේ දීප්තිය හෝ දුබලකම තබා රෝම කූපයක් පවා අපට දැකිය හැකි ය. තොල් පටක තැවරී ඇති සිනාවක් පැහැදිලි ව දැක ගත හැකි ය. එසේ ම රූපයෙන් මධ්‍ය රූපයට මාරු වෙන්නා සේ අවශ්‍යතාවය අනුව කෙටි කතාවේ ද ඒ ශිල්පය ම භාවිත කළ හැකි ය.
අපගේ බොහෝමයක් කෙටි කතා සංස්කරණයෙන් තොර චිත්‍රපටවලට සමාන ය. (නවකතාවලට ද අදාළ ය) තමා දන්නා කියන විඳ දරා ගත් සියල්ල නිර්මාණය තුළ බහාලනු පෙනේ. කතාවක් කියාගෙන යාම මිස නිරූපණයක් සිදු නොවේ. එනිසා නිර්මාණකරුවා, චිත්‍රපටයේ අත්‍යවශ්‍ය රූප රාමු තෝරා සමෝධානය කරන ආකාරයට ප්‍රබල සිද්ධි තෝරාගෙන ඒවා මනාව පිරිද්දීම අවශ්‍ය වේ. එයට අපි සමෝධාන රීතිය යයි කියමු.
එනිසා ලේඛකයාට සිද්ධි විස්තර, වර්ණනා පමණක් නොව, ඡේද පවා කපා හැරීමට හා නැවත නැවත සිද්ධි සුදුසු තැන්වල යෙදීමට තරම් ඉවසීමක් තිබිය යුතු ය. කෙටි කතාවේ සිදු විය යුත්තේ සිද්ධියකින් සිද්ධියකට පැන යාම ය.
නිමාව යන්න ද නිර්මාණකරණයේ වැදගත් වෙයි. මෙය කෙටි කතාවට පමණක් නොව සියලු කලා නිර්මාණ හා සම්බන්ධ කාරණයකි. පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය, පිළිම කලාව, සඳකඩ පහණ, මුරගල, පිය ගැට පෙළ, ඇම්බැක්කේ කණුවල ලී කැටයම්, පැරණි ගෘහ භාණ්ඩ ආදිය විමසන විට ඒවායේ උපයෝගීතාවට අමතර ව ඒවායේ නිමාව පිළිබඳ ශිල්පීන් කොතරම් සැලැකිලිමත් වී ඇතිදැයි සිතා ගත හැකි ය. ඇතැම් අය “නිමාව“ බටහිර සංකල්පයක් සේ හඳුන්වා දෙන අවස්ථා තිබේ.
පුරාතනයේ ආත්මාරක්ෂක අවියක් වන කිරිච්චියේ මිට මුතු මැණික් ඔබ්බවා කැටයම් කොට ඉණේ තබා ගැනීමට ගැළැපෙන ප්‍රමාණයෙන් හා හැඩයෙන් නිමවන ලද්දේ උපයෝගීතාව මෙන් ම නිමාව පිළිබඳ දැක්වූ සැලකිල්ල නිසා ය. කෙටි කතාවක නිමාව යනුවෙන් අදහස් කරන්නේ එය නැවත නැවත කියවමින් කපා කොටා නිර්මාණයට අලංකරණයක් ලබා දීමටයි. ජී. බී. සේනානායක හා ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ මීට මනා නිදසුන් වේ.
නිර්මාණයේ භාෂා භාවිතය යන්න අප විසින් නැවත නැවත අධ්‍යයනය කළ යුතු විෂය ප්‍රදේශයකි. සාහිත්‍ය නිර්මාණ කර්තව්‍ය සිදු වන්නේ භාෂාවෙනි. භාෂා ප්‍රාගුණ්‍ය එක් දෙයකි. නිර්මාණයේ භාෂාව හැසිරවීම තවත් දෙයකි. හොඳ භාෂා ප්‍රාගුණ්‍යයක් නොමැතිව නිර්මාණකරණයේ යෙදිය නොහැකිය. එසේම භාෂා ප්‍රාගුණ්‍ය තිබූ පමණින් නිර්මාණාත්මක භාෂාව හැසිරවීම සුකර නොවේ. නිර්මාණකරුවා සාම්ප්‍රදායික වාග් රටා වෙනුවට නව වාක්‍ය රටා නිර්මාණය කරයි. නව කාව්‍යෝක්තීන් උපමා රූපක නිර්මාණය කරයි. කෙටියෙන් කිවහොත් නිර්මාණකරුවා භාෂාව පෝෂණය කරන්නේ ය.
කෙටිකතා මෙන්ම නවකතා විචාරයේ දී “මෙම නිර්මාණය සරල සුගම බසින් රචනා වී තිබීම එහි සාර්ථකත්වයට හේතු වී තිබේ” යයි විචාරකයන් පවසන අවස්ථා සුලබ ය. මෙය නිර්මාණය හා නිර්මාණාත්මක බස පිළිබඳ අනවබෝධයෙන් කෙරෙන විචාරයකි.
එවැනි අදහස් ආධුනික නිර්මාණකරුවන් නොමඟ යවන සුලු වේ. සරල වාක්‍යයකින් හෝ සරල බසකින් සංකීර්ණ සිතුවිලි ප්‍රකාශ කළ හැකි නොවේ. ශෝකයේ පතුල, වියෝගයේ ඛේදය හෝ අසාධාරණත්වයේ උල්පත සරල බසින් හෝ සුඛනම්‍ය බසකින් ලියන්නේ කෙසේ ද? මේ විචාරකයන් කියන්නේ ප්‍රබල ධාරණාවක් ඇල්මරා ඉදිරිපත් කරන ලෙසයි.
නිර්මාණකරණයේ දී ලේඛකයා කිසියම් දෘෂ්ටියක පිහිටා සිටිය යුත්තේ ය. යහපත් දෘෂ්ටියකින් තොර ව කෙරෙන නිර්මාණය කෙතරම් සියුම් ව රචනා කළත් එහි අරුතක් නැත. ඒ දෘෂ්ටිය සමාජය පිළිබඳ ව විය හැකි ය. මිනිසාගේ පැවැත්ම පිළිබඳ ව විය හැකි ය. දේශපාලනය සම්බන්ධ ව විය හැකි ය. ඒ කුමන කාරණයක් අරභයා වුව ලේඛකයාගේ දෘෂ්ටිය ඉස්මතු විය යුතු ය.
එය කොහෙත් ම ප්‍රචාරාත්මක විය යුතු නොවේ. ඇතැම් විට ඒ දෘෂ්ටිය ගැබ්වන්නේ කතාවේ යටි තලයේ ය. කතාවේ උඩු තලයේ දිවෙන චරිතවල ක්‍රියාකාරකම් හා බද්ධ වී අපි කතාව වින්දනය කරමු. එහෙත්, අවසානයේ මිනිසා කරා එන මේ විපත් කරදර, කම්කටුලු, වියෝවීම් සිදුවූයේ සමාජයේ පවත්නා කුමන හේතු කාරක නිසා ද? කුමන විෂමතා නිසා ද? ඒවාට පිළියම් තිබේ ද? මේ බලවේග නිශේධනය කළ නොහැකි ද? මේ සියල්ල විඳ දරාගෙන තවත් අපි ජීවත් වෙමු ද? එසේ නොමැති නම් මේවා නිවැරැදි කරගන්නේ කෙසේ ද වශයෙන් අප කල්පනාවට පොලඹවන්නේ කතාවේ ඉස්මතු නොවන යටි පෙළයි. එවැනි යටි පෙළක් නොමැති බුද්ධි ප්‍රබෝධයක් සිදු නොවන නිර්මාණය හුදෙක් මධ්‍යම ගණයේ නිර්මාණයක් වේ.
කැපවෙන ලේඛකයා තුළ වීරයෙක් සිටියි. ඒ වීරයාගේ සිතුවිලි, ක්‍රියාකාරකම්, කැපවීම ඔහුගේ ලේඛනයේ ගැබ් ව පවතී. එහෙත්, ඔහු ප්‍රචාරකයකු සේ පෙනී නොසිටී. ඔහු පාඨකයාගේ කල්පනාව පුබුදු කරන්නේ ය. මෙහි දී අප අදහස් කරන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ වීරත්වය නොවේ. චිත්‍රපටයක හෝ නවකතාවක කාලය හා අවකාශයේ වර්ධනය වන වීරත්වය කෙටිකතාවේ සංකෝචනය කිරීම පහසු නොවේ.
සුළු උදාහරණයකින් මේ කාරණය පැහැදිලි කිරීමට ජී.බී.සේනානායකගේ ‘තාත්තා’ කෙටි කතාව ගත හැකි ය. තාත්තා තම සියලු සේසත විකුණා දමා එක ම පුතාගේ අධ්‍යාපනයට විය පැහැදම් කරයි. පියා වැඩිපුර කතාබහ කරන්නෙක් හෝ එළිපිට ආදරය දක්වන්නෙක් හෝ නොවේ. ඉගෙනුම අවසන් කරන පුතා රැකියාවක් ලැබ විවාහ වී කොළඹ පදිංචි වේ.
පදිංචි ගෙය ද අහිමිවන පියා පුංචි කුලී නිවසක පදිංචියට යයි. පුතුගේ පෙරැත්තය පිට පුතු හා ලේලිය සමඟ පදිංචියට යයි. පියාගේ වත් පිළිවෙත් ලේලිය නොඉවසන බව පියා දැනගනියි. ඔහු තම අත් බෑගය පමණක් ගෙන අතුරුදහන් වෙයි. පුතුගෙන් ඉඩකඩම් බේරා දෙන ලෙස නොඉල්ලයි. මුදලක් හදලක් නොඉල්ලයි.
පුතුගේ හා ලේලියගේ පැවැත්මට ඔහු බාධාවක් බව පසක් කර ගනියි. ස්ත්‍රියට දොස් පවරන්නේ හෝ පුතුට අවවාද අනුශාසනා කරන්නේ් නැත. ඔහු ශෝකයට හෝ කෝපයට පත් වන්නේ ද නැත. වීරත්වයකින් ඔහු අතුරුදහන් වෙයි. සාහිත්‍ය නිර්මාණය තාත්වික අපක්ෂපාතී ස්වාධීන නිර්මාණයකි යන විචාරක මතය දීර්ඝ කාලයක් මුල් බැස ගෙන තිබීම කෙටි කතාවේ මෙන් නවකතාවේ ඉහත කී ගුණය ගිලිහී යාමට හේතු වූ බව කිව යුතු ය.
පරිසර වර්ණනා හා සංකේත කෙටි කතාවේ අවශ්‍ය ම අංගයක් සේ සිංහල විචාර නිබන්ධවල සඳහන් වේ. කිසියම් කෙටිකතාවක් ගොඩනැගෙන්නේ කුමන භූගෝලීය පරිසරයක ද? කුමන සමාජ කොට්ඨාසයක ද යන්න තහවුරුවීම අවශ්‍ය වේ. එහෙත්, නවකතාවක මෙන් පරිසරය හෝ පසුබිම තහවුරු වීමක් කෙටිකතාවක අවශ්‍ය නොවේ.
කෙටිකතාව ගොඩනැඟෙන්නේ ගමක ද, අර්ධ නගරයක ද, මුඩුක්කු ප්‍රදේශයක ද යන්න අන්තර්ගත සිද්ධිදාමය සමඟ ම තහවුරු කළ හැකිය. තමා නිරූපණය කරන චරිත, මතුවිය යුතු පරිසරය කාල්පනික ව නිර්මාණය කිරීමට වඩා ඉතා හොඳින් දන්නා සමීප පරිසරයක් සිහියේ තබා ගතහොත් මේ කාර්යය වඩාත් පහසු වන්නේ ය. එවිට චරිත – චරිත අවස්ථා සමඟම මේ කුමන පරිසරයක ජීවත් වන්නේ ද යන්න වෙහෙසකින් තොර ව නිර්මාණය කළ හැකි ය.
නමුත්, බොහෝ කෙටි කතාවල විශේෂ වූ දෙයක් හැටියට සලකා පරිසරය වර්ණනා කරනු දැකිය හැකි ය. බොහෝ ලේඛකයින් “සියොත්හු නිල් අහස් කුස පියාඹති. මඳ නල පරිසරය සිප ගනී. හෝරා යන්ත්‍රය රාත්‍රි දොළහ කණිසම සටහන් කළේ ය.” වැනි කෘත්‍රිම විස්තර වර්ණනාවලින් කතාව ආරම්භ කරනු දැකිය හැකි ය.
හෝරා යන්ත්‍රය, කණිසම වැනි යෙදුම් සිංහල කෙටි කතාවේ මිස සමාජයේ ව්‍යවහාර නොවේ. මෙවැනි පරිසර වර්ණනා හෝ වැකි කතාවේ ආරම්භයේ පමණක් නොව, කතාවේ අතරින් පතර යෙදීම අත්‍යවශ්‍ය අංගයක් සේ ලේඛකයින් සිතන්නේ ඉහත කී වැරැදි මතවාදයන්හි එල්බගෙන සිටින නිසා ය. කතාව නිශ්චිත ප්‍රබල ආකර්ෂණීය අවස්ථාවකින් ආරම්භ කිරීම සෑහේ.
සංකේත භාවිතය ගැන ද කිවයුත්තේ එය ම ය. සංකේතාත්මක යෙදුම් අවශ්‍යවන්නේ සංක්ෂිප්තභාවය රැක ගැනීමට හෝ එළිපිට විස්තර කළ නොහැකි සිද්ධියක් ඇඟවීම සඳහා ය. එසේ නොමැති ව වරින් වර සංකේතාත්මක යෙදුම් භාවිතය අලංකාර ඇඳුම පිටින් වැරහැලි ඇඳුම් එල්ලීමක් වැන්න.
විද්‍යුත් මාධ්‍යයෙන් අපට ආභාසයක් ලබාගත හැකි බව සාකච්ඡා කළෙමු. එසේ ම ලිඛිත මාධ්‍යයට ඉන් එල්ලවිය හැකි තර්ජනය හෝ අභියෝගය ගැන ලේඛකයා කල්පනාවට ගත යුතුªය. සාක්ෂරතාව, අධ්‍යාපනය විශාල ලෙස පුළුල් වී ඇතත් පොත පත (විශේෂයෙන් කෙටිකතා) පරිශීලනය ශීඝ්‍රයෙන් පහළට වැටෙමින් පවතී.
විද්‍යුත් මාධ්‍යයේ වර්ණ, රූප, සංවාද සංගීතය හා තාක්ෂණික හාස්කම් සමඟ හැල හැප්පීම්වලට මුහුණ පෑමට ලේඛකයාට සිදු වී තිබේ. විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිත ව නොතිබූ යුගයේ බිහි වූ කතා කලාව අප වෙනස් කරගත යුතු ව තිබේ. දිගට කතාවක් කියාගෙන යනවා වෙනුවට දැඩි සංක්ෂිප්ත භාවයෙන් යුතු ප්‍රබල සිද්ධි ඉස්මතු කොට නාට්‍යමය ආකාරයෙන් රචනා කිරීම ද නවකතා කලාව, භාෂා රීතීන් හා ප්‍රකාශන විධි ගවේෂණය කිරීම ද දෘශ්‍ය මාධ්‍යයට හසුකර ගත නොහැකි සියුම් අන්තර්ගතයන් සොයා යාම ද අවශ්‍ය ව තිබේ.
බොහෝ වර්තමාන සිංහල කෙටිකතා සරල කතාන්දරය, එක්කෝ නවකතාවකට සුදුසු විශාල කතාවක් සාරාංශ කිරීමකි. කතාන්දරයක් කියන ස්වරූපයෙන් තව ම කෙටි කතාකරුවන් මිදී නැත. බොහෝ අන්තර්ගතයන් පාඨකයා දුර්මුඛ කරන අඳෙීනා ය. දුක රසයක් නොවේ.
කෙටි කතාවක් මුද්‍රණයෙන් පළ කළ යුත්තේ එය පූර්ණත්වයට පත් ව ඇතැයි කතුවරයා අවබෝධ කර ගත් පසුව ය. මේ තත්ත්වය අවබෝධ කරගත හැක්කේ කෙටි කතාව ලියා මාස කීපයකින් අනතුරු ව කියවන විට මේ කෙටිකතාව රචනා කළේ තමා විසින් ම ද යන විමතිය ඇති වුවහොත් එය පළ කිරීමට සුදුසු සමාප්ත කෘතියක් වන්නේ ය.
පුළුල් සමාජ පසුබිමක වර්ධනය වන කතාවට වඩා අද සමාජයේ ඛේදවාචකය කියාපෑමට වඩාත් ප්‍රබල හා උචිත මාධ්‍ය කෙටිකතාව යයි සිතේ. මාධ්‍යයක් හැටියට කෙටිකතාව වඩාත් නම්‍ය වේ. සමාජයේ විවිධ පදාසයන් සියුම් ව ග්‍රහණය කර ගැනීමේ ගුණය රැඳී තිබෙන්නේ කෙටිකතාවෙහිය.
ඉන්දියානු ප්‍රාන්ත භාෂාවන්ගෙන් රචිත කෙටි කතාවල පරිවර්තන සලකා බලන විට ඒ ප්‍රාන්ත ජනයාගෙන් දුක්ඛ දෝමනස්සයන්, ප්‍රාන්තීය ගති පැවතුම්වල සුවඳ, දුගී දුප්පත්කම, කුල භේදය, අව්ව, වැස්ස හා අසාධාරණය විසින් පීඩාවට පත් කරන ලද ඔවුන්ගේ ජීවිතවල පැතිකඩවල් ඉතා සියුම් ව ප්‍රකාශ වනු පෙනේ.
ඒ කෙටිකතා ඔවුනට ආවේණික රීතීන් ඔස්සේ සම්ප්‍රදාය ඔස්සේ පෝෂණය වෙමින් වැඩෙනු පෙනේ. සිංහල කෙටිකතාව දෙස බලන විට ප්‍රවීණයන් අතීතයට බරවන අතර ආධුනිකයන් වර්තමානය සමඟ පොර බදිමින් ඉදිරියට ඒමට කරන උත්සාහය පෙන්නුම් කරයි. ඔවුන් අත්දැකීම් වශයෙන් නව සමාජ පදාසයන් ද නව ප්‍රකාශන විධික්‍රම ද ඊට උචිත භාෂා රීතින් ද තනා ගැනීමට දරන උත්සාහය ප්‍රශංසනීය වේ.
සිංහල නවකතාවේ හා කෙටිකතාවේ ප්‍රගමනයට බාධාවන කරුණු කීපයක් පෙන්වා දිය හැකි ය. ඉන් එකක් නම් සමකාලීන අත්දැකීම් කලක් ගත නොවී සාහිත්‍යයට යොදාගත නොහැකි ය. යන අදහසයි. එම අදහස් දරන ලේඛකයෝ අත්දැකීම් කෞතුක භාණ්ඩ බවට පත්වන තුරු බලා සිටිති.
තවත් උදවිය මෙවැනි කුඩා රටවල අත්දැකීම් හිඟ බව පවසමින් මහ ගණ කැලෑවල හෝ මහාමාර්ගවල හෝ මුඩුක්කු ප්‍රදේශවල අත්දැකීම් සොයා සැරි සරති. මේ තත්ත්වය ශෝචනීය බව කීම පමණක් සෑහේ. ලේඛකයකුට ප්‍රබුද්ධ කල්පනයක් ඇත්නම් හෝ සමාජය ගැන අවදියෙන් සිටින්නේ නම් හෝ අත්දැකීම් පිළිබඳ ගැටලුවක් මතු විය නො හැකි ය.
එසේ උකහා ගන්නා කල්පනයන්ට මනා අනුපාත ජනශ්‍රැතියෙන් ද – ජනකතාවෙන් ද – කට කතාවෙන් ද – රූපවාහිනී – ගුවන් විදුලිය හා පුවත්පතින් ද සැපයෙන්නේ ය. ඒවා මනාව කිරා මැන – කපා කොටා - තෝරා බේරා ගැනීම තමාගේ ආකල්ප විකල්පයන් සමඟ පෙළ ගැස්වීම හොඳ නිර්මාණයක් සඳහා සෑහේ.
අනෙක් කාරණය නම් විචාරයේ ඇති පසුගාමිත්වයයි. තවමත් සාහිත්‍ය විචාරයේ අප විසින් යොදා ගනු ලබන්නේ් මීට අඩසිය වසකට පෙර බටහිරින් ආනයනය කොට තහවුරු කරන ලද විචාර ධර්මයි. මෙවැනි සම්මතයක පිහිටා කෙරෙන විචාරවලින් නව නිර්මාණ ප්‍රතික්ෂේප වෙනු පෙනේ. ඇතැම් විචාරකයකු අතින් ප්‍රතික්ෂේප වන කෘතියක් තවත් විචාරකයකුගේ මහත් ප්‍රශංසාවට ලක්වනු පෙනේ. එවැනි ප්‍රතිවිරෝධයන්ගෙන් පෙනී යන්නේ සමකාලීන කෘතීන් අගය කිරීමට අවශ්‍ය විචාර රීතීන් සකස් වී නැති බවයි.
මෙයට කෙටි පිළිතුරක් වශයෙන්, ෂන් පෝල් සාර්ත්‍ර විසින් රචිත “සාහිත්‍ය යනු කුමක්ද” යන කෘතියේ එන වැකියක් සඳහන් කිරීම සෑහේ.
”අපම නිර්මාණයට අවශ්‍ය රීති හා සම්ප්‍රදායන් ඇති කර ගත මනා ය. නිර්මාණ ප්‍රේරණය අපගේ මුළු හද පත්ලෙන් ම මතු වන්නක් නම්, එවිට අපට හැඟෙන්නේ අප නිර්මාණයේ යෙදෙන බවයි. එය විනිශ්චය කරන රීති හා සිද්ධාන්ත අපගේ ම නිර්මාණ විය යුතු ය.”
ස්තූතිය-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

කන උන්දෑ - සාගර පලන්සූරිය
මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු ළ
ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ ම
පහතට නොබැස්සා හිඟමනකට තර ම
හරකා සතා මගදී හමුවන ඇය ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය ට
ඇය ආ වේලාවට අප ගෙදරට දොර ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන ට
ඈ හොඳ හොඳ කතා කවි සීපද ද න්නී
ඒවා රසට පැය ගණනක් පවස න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ න්නී
* * * * * * *
කලකට පසුව ඇය විසු පැල්පත පැව තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ තී
මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු ළ
ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ ම
පහතට නොබැස්සා හිඟමනකට තර ම
හරකා සතා මගදී හමුවන ඇය ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය ට
ඇය ආ වේලාවට අප ගෙදරට දොර ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන ට
ඈ හොඳ හොඳ කතා කවි සීපද ද න්නී
ඒවා රසට පැය ගණනක් පවස න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ න්නී
* * * * * * *
කලකට පසුව ඇය විසු පැල්පත පැව තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ තී
සාගර පලන්සූරිය
අයියනායක-විමලරත්න කුමාරගම
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
අන්ධ කවියා
සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි වැවේ
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද දුවේ
විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව නිදී
වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි නොබා
අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ මලින්
උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි මුවේ
ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ නෙත් දෙක නැතිව ගියේ
මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට රුදා
ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට දැනේ

පී.බී.අල්විස් පෙරේරා
සුරත් තොල්
සුරත් තොලක් සිප ගත්තෙමි
ඉන් මා තොල රත් පැහැ විය.
ලේන්සුවෙන් පිස දැමුවෙමි
ලේන්සුවද රත්පැහැ විය
ගඟේ දියෙන් දොවාලීමි
ගඟේ දියද රත්පැහැ විය
මුහුද මැදත් වෙරළ අගත්
රත් පැහැයෙන් සිත්තම් විය
එක් රාජාලියකු බිමට
ඉගිල ආපි දිය බොන්නට
උගේ ඇඟේ පියාපත්ද
එකපාරට රත්පැහැ විය.
හිරු මඬලක් අඩක් සමඟ
මුළු සඳ මඬලම සැණෙකින්
රත් පැහැයෙන් සිත්තම් විය.
කර්තෘ ආඥාතයි. නමුත් ග්‍රීසියේ තවත් එක් කවියෙකු බව දැනගන්නට ලැබුණි. ඒ කරුණාරත්න අමරසිංහ කවියා විසින් "ජගත් කාව්‍ය නිර්මාණ" නමින් 1993 දී පළ කළ කාව්‍ය සංග්‍රහයක් තුළ තිබීය. එය මට ලැබුණු රත්රං ගොඩක් බඳුය. කිම්ද යත් එහි ඇති කවි අපිව තවදුරටත් සිතන්නට දෙයක් ඉතිරි කරමින් අපව ජාත්‍යන්තරයටද ගෙන යන නිසාය. ඉදිරියට බලාපොරොත්තු වන්න.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහුගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.
1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහුගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.වෙසක් සිව්පද-ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
බුදු හාමුදුරුවන් ඉස්සර සිටින කොට
මං හිටියනම් එනවිට කැලයට දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට වරුවකට
කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත වගේ
එතකොට බලත හැකි පොරවා වඩින රඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි හුළඟේ
පන් උගුලන් ඇවිත් සායම් පොවා ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා ගෙන
අම්මට තාත්තට අත ගස්සවා ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා ගෙන
රාහුල පුංචි හාමුදුරුවො වඩින කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන් යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන් රසට
ටික ටික වලඳවනවා ඇවිදින් ළඟට
ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ සිට
මං හිටියනම් සත පණහක් දී අතට
රා බොන අපේ ලොකු මාමා පිටත් කොට
දැනමුතු කමක් කරනව දෙව්දත් තෙරට
බුදු හාමුදුරුවන් හට බැණ වදින විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා කොට
අම්මලා මොනවා කීවත් මොලවලා මිට
දෙනවා චිංචි මානවිකාවගෙ කටට
සච්චකයාට ඇවිදින් වාදෙට පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය වන්න
මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක් නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල් කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා ඇතී
බුදු හාමුදුරුවන් ඉස්සර සිටින කොට
මං හිටියනම් එනවිට කැලයට දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට වරුවකට
කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත වගේ
එතකොට බලත හැකි පොරවා වඩින රඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි හුළඟේ
පන් උගුලන් ඇවිත් සායම් පොවා ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා ගෙන
අම්මට තාත්තට අත ගස්සවා ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා ගෙන
රාහුල පුංචි හාමුදුරුවො වඩින කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන් යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන් රසට
ටික ටික වලඳවනවා ඇවිදින් ළඟට
ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ සිට
මං හිටියනම් සත පණහක් දී අතට
රා බොන අපේ ලොකු මාමා පිටත් කොට
දැනමුතු කමක් කරනව දෙව්දත් තෙරට
බුදු හාමුදුරුවන් හට බැණ වදින විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා කොට
අම්මලා මොනවා කීවත් මොලවලා මිට
දෙනවා චිංචි මානවිකාවගෙ කටට
සච්චකයාට ඇවිදින් වාදෙට පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය වන්න
මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක් නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල් කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා ඇතී
හයිකු කවි-සකුරා පියලි හැලි
සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න
වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර
වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය
ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා
ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්
කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ
මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ
‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න
වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර
වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය
ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා
ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්
කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ
මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ
‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
තනිගුචි බූසොන් (1716-1783)
බෂෝගෙන් පසු ජපානයේ ජීවත් වූ දෙවන මහා හයිකු කවියා මොහුය. ඔහු ‘නග්න’ සිතුවම් සම්ප‍්‍රදාය ආලෝකමත් කළ දක්ෂ චිත‍්‍ර ශිල්පියාද වෙයි. ස්වභාව ධර්මය දෙස සංවේදීව බැලූ ඔහුගේ කවිවල ගැඹුරු අධ්‍යාත්මික සුවඳක් හැමුවේය.
කුමාරතුංග මුනිදාස (1887 - 1944)
රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.
කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.

උදය
ඇසෙන්නේ කා කා හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්
පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා
සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ
දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ
'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි
කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත
ඇසෙන්නේ කා කා හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්
පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා
සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ
දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ
'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි
කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත
ලිස්තර වැට
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)