1.ප්‍රතම නියත විවරණය  :බෝසතුන් සුමේධ තාපසව දීපංකර බුදුන් වෙතින් ලබන ලදි.









2.පස්මහ බැලුම්:
  • .කාලය
  • .දේශය
  • .දීපය
  • .කුලය
  • .මව

3. බුද්ධ චරිතයේ කඩඉම්, සිදුහත් කුමරුගේ උපතින්, 
  • පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම.
  • දෙවන දින - නම් තැබීමේ උළෙල. 
  • හත්වන දින - මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම. 
  • මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම. 
  • අවු: 16 දී - ශිල්ප දැක්වීම හා ය‍ශෝධරා දේවිය විවාහ කර ගැනීම. 
  • අවු: 29 දී - රාහුල පුත් කුමරු ඉපදීම හා ගිහිගෙයින් නික්මීම. 
  • අවු: 35 දී - බුද්ධත්වයට පත්වීම. 
  • අවු: 55 දී -ආනන්ද හිමියන් බුදුරඳුන්ගේ ස්ථීර උපස්ථායක තනතුරට පත්වීම. 
  • අවු: 80 දි - පරිනිර්වාණය.



4. සිදුහත බෝසතුන් ගිහිගෙය හැර යාමට හේතුව,

  • . සතර පෙර නිමිති දැකීම (මහලලෙක් , ලෙඩෙක්, මලමිනියක්, පැවිදි රුවක්) දැකීම. ( මෙයින් ජරා, ව්‍යාධි , මරන ආදිය අවබෝධ වී කලකිරීමට පත් වු අතර පැවිද්ද පිළිබඳ රුචියක් ඇති වීම.)
  • . රාහුල උපත (සසර බැඳීම පිළිබඳ අවබෝධ විය.)
  • . නිබ්බූත පද ඇසීම (දුක නිවීම පිළිබඳ අවබෝධ විය.)
  • .නිළියන්ගේ විකාර දැකීම ( සසර නිසරු බව අවබෝධ විය.


5.සුදොවුන් රජු තම පුතුට වැදුම් කළ අවස්ථා

  • . රජ මාළිගයේ දී අසිත තවුසාට කුමරු පෙන්වීමට සූදානම් වූ අවස්ථාව.
  • . වප් මඟුල් දා කිඹුල්වත් පුර වෙල්යායෙහි දඹ රුක් සෙවනේ කුමරු ආනාපාන සතිය වඩමින් සිටි අවස්ථාව.
  • . කිඹුල්වත් නුවර ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරඳුන් යමා මහ පෙළහර පෑ අවස්ථාව.

6.සිදුහත් තවුස් තුමා දුටු සීන පස:

පළමු වන සීහිනය - බෝසතානන් මහ පොළව යහන ලෙසද , හිමාලය පර්වතය කොට්ටය ලෙසද ගෙන දකුණු මුහුදට දෙපා දිගු ෙකාට බටහිර මුහුදට දකුණතද , නැගෙනහිර මුහුදට වම් අතද දිගුකොට සැතපෙන සේ දැකීම. (මෙය චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධකොට බුදුවන බවට පෙර නිමිත්තකි.) 
දෙවන සිහිනය - බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතන ගසක් නැගී අහස තෙක් පැතිර සිටින සේ දැකීම. (මෙය ලෝකයාට දහම් දෙසන බවට පෙර නිමිත්තකි) 
තෙවන සිහිනය - කළු හිස් ඇති සුදු පණුවන් බෝසතුන්ගේ දෙපතුලෙන් නැගී දෙදන තෙක් වසා සිටිනු පෙනීම.(බොහෝ ගිහි ජනතාව බදුන් සරණ යන බවට පෙර නිමිත්තකි.) 
හතරවැනි සිහිනය -නොයෙක් වර්ණ ඇති ළහිණියන් සිව් දෙනෙකු සිව් දෙසින් පියඹා අවුත් බෝසතුන්ගේ පාමුළ වසා සුදු පැහැ වනු පෙණිනි. (සිව් කුලයට අයත් ජනයා පැවිදි වීම එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වන බවට පෙරනිමිත්තකි.)


7.යමාමහ පෙළහර : ශරීරයෙන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජලය හා ගින්දර යන දෙකම නිකුත් කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ තේජෝ හා ආපෝ යන කසිණ වලට ‍ෂණිකව සම වැදීමෙනි. මෙය කළ හැකි වන්නේ බුදුරඳුන්ට පමණි.

8.බුදුරඳුන් යමාමහ පෙළහර පෑ අවස්ථා:

  • කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.
  • බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා ෙබා්රුක මුලදී
  • තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.


9.බුදුවීමට පෙරදා බෝසතුන්ට දන් පළිගැන්වීම: සේනානි නම් නියම් ගමෙහි සුජාතා සිටු දුව විසින්, එය කිරිපිඬු දානයකි.

10.බුදුරඳුන්ට පළමු දානය පිළිගැන්වීම: තපස්සු , භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. එය විලඳ හා මී පිඩුය.

11.බුදුරඳුන්ට අන්තිම දානය පිළිගැන්වීම: චුන්ද කර්මාර පුත්‍රයා විසිනි. එය සූකර මද්දවයයි .

12.සත් සතිය :

"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"

  • පළමු සතිය - බෝරුක මුල 
  • දෙවන සතිය - අනිමිසලෝචන පූජාව 
  • තෙවන සතිය - රුවන් සක්මන 
  • සිව්වන සතිය - රැවන් ගෙය 
  • පස්වන සතිය - අජපල් නුග රුක මුල
  • හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ
  • සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල

13.පළමු ද්වේවාචික උපාසක පිරිස : තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, ඒවන වට සංඝ රත්නය බිහිවී නොමැති හෙයින් ඔවූහු බුදුන් දහම් පමණක් සරණ ගියහ.

14.බුදුරඳුන්ගේ පළමු ශ්‍රාවකයා : දම්සක් දෙසුම අසා පළමුවෙන් සෝවාන් වූ අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණු.

15.ප්‍රථම බුද්ධ වචනය  :
" අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනංපුන ගහකාරක දිට්‍ඨෝසි - පුනගේහං නකාහසී සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාරා ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා "

තේරුම : සසර නැවත නැවත ඉපදීම දුකක් නිසා ඒ ඉපදීම නැමති ගෙය සාදන තණ්හාව නැමති වඩුවා ‍ සොයමින් නොයෙක් ජාති වල දිව්වෙමි. වඩුව තා මවිසින් දක්නා ලද්දෙහිය. යළි ගෙය නොකළ හැක්කෙහිය. තාගේ කෙළෙස් නැමති පරාල කඩා දමන ලදි. අවිද්‍යාව නැමති කැණිමඩල ගලවා දමන ලදි . සිත සංස්කාරයන්ගෙන් තොර විය. තණහාව නිමා විය.

16.අන්තිම බුද්ධ වචනය :  
" භ්නදදානී භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" (මහණෙනි , දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න. )

17.බුදුරදුන්ගේ අනුශාසනය : බුදුරඳුන් හතලිස් පස් වසරක් තිස්සේ ලෝක සත්ත්වයාට දුකින් මිදීම පිණිස නොයෙක් අයුරින් අනුශාසනා කළහ. ඒ සියල්ල එක් කොට සාරාංශ කළ විට මෙසේය , 
" සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
  සචිත්ත පරි‍යෝදපනං - ඒතං බුද්ධානුසාසනං" 
(සියළු පව් නොකිරීමත්, කුසල් රැස් කිරීමත්, සිත පිරිසිදු කිරීමත්, බුදුන්ගේ අනුශාසනයයි.)

18.බුදුවරුන්ගේ චාරිකා ක්‍රම දෙක:
තුරිත චාරිකා - පුද්ගලයෙකු අරමුණු කරගෙන කෙලින්ම ඔහු වෙත යාම.
අතුරිත චාරිකා- ගම් නියම් ගම් පිළිවෙලින් සංචාරය කිරීම.

19.බුදුරදුන්ට එල්ල වූ විරෝධතා :

  • ‍දෙව්දත් තෙරුන් සංඝයා භේද කිරීම, දුනුවායන් යෙදවීම , ගල් පෙරලීම වැනි දෑ
  • තීර්ථකයන්ගේ කුමන්ත්‍රණ හා සුන්දරී පිරිවැජිය මැරවීම
  • *චිඤ්චි මානවිකාවගේ අභූත චෝදනා
  • මාගන්දියා දාමරිකයන් යොදවා අපහාස කරවීම
  • සොරුන් ලවා මුගලන් තෙරුන්ට පහරදෙවීම
  • සුප්‍රබුද්ධ ශාක්‍ය රජු රා බී මත්ව බුදුන් වැඩි මග අවුරා නින්දා කිරීම.







20. බුදුගුණ නවයකි. එනම් :

  • අරහං - බුදුරඳුන් අරහං නම් වීමට හේතුව, - සියළු පූජාවන්ට සුදුසු වීම , රහසින්වත් පව් ෙනාකිරීම. , කෙලෙස් සතුරන් නසාලීම නිසා.
  • සම්මා සම්බුද්ධ - බුදුරඳුන් සම්මා සම්බුද්ධ වීමට හේතුව,- අනෙකුගේ උපදෙස් රහිතව, ලොව දතයුතු සියල්ලම තමා විසින්ම මැනවින් අවබෝධ කරගත් නිසා.
  • විජ්ජාචරණ සම්පන්න - බුදුරඳුන් විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව, - අෂ්ඨ විද්‍යා හා පසළොස් වරණයන්ගෙන් යුක්ත වීම නිසා.
  • සුගත - බුදුරඳුන් සුගත නම් වීමට හේතුව,- යහපත් ගති වලින් යුක්තවීම, යහපත් ගමන් ඇතිවීම හා නිවන් අවබෝධ කිරීම නිසා.
  • ලෝක විදූ - බුදුරඳුන් ලෝක විදු නම් වීමට හේතුව , -කාම, රූප , අරූප යන ලෝකත්‍රයේ ඇතිවීම , පැවැත්ම, නැතිවීම , යන මෙය මැනවින් දැනගැනීම නිසා .
  • අනුත්තර පුරිස ධම්ම සාරථී - බුදුරඳුන් අනුත්තර පුරිස ධම්ම සාරථී  වීමට හේතුව, - හික්මවීම ඉතා අපහසු නාලාගිරි , අංගුලිමාල , රාහු අසුරිඳු , සච්චක පණ්ඩිත වැනි අය හික්ම වීමට බුදුන් වැනි වෙනත් සමතෙකු නොවීම නිසා.
  • සත්ථා - බුදුරඳුන් සත්ථා නම් වීමට හේතුව,- ලෞකික, ලෝකෝත්තර දියුණුව සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන එකම ගුරුවරයා වීම නිසා.
  • බුද්ධ - බුදුරඳුන් බුද්ධ නම් වීමට හේතුව ,- එතෙක් කිසිවකු අවබෝධ නොකළ අර්‍ය්‍ය සත්‍ය හතරක් අවබෝධ කිරීම නිසා.
  • භගවා - බුදුරඳුන් භගවා නම් වීමට හේතුව,-‍ මහත් සේ භාග්‍ය සම්පන්න වීම, මහා පුණ්‍ය වන්තයකු වීම නිසා.

21.බුදුරඳුන්ගේ මහා කරුණාව  : සතු‍රාටත් මිතුරාටත් එකසේ දක්වන ක‍රුණාව මහා කරුණාව නම් වේ.
සුළඟින් බිත්ති තැනූ

නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල) 
ගායනය - අනුලා බුලත්සිංහල

සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ
මාලිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ..

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා පිලිපත්තේ ආදරේ..

මුව ... තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ

සුළඟින් බිත්ති තැනූ..

හඬන්නෙපා හඬන්නෙපා

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉඟිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන්//

අතුරු මිතුරු

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා
ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ...හිටපු බමලු//
නහය විදපි ඉදිමෙනතුරු//
මගේ මිතුරු මේවනතුරු
නැත තවමත් දුටුවේ

තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා

තුරු තුරු තුරු තුරු තුරු තුරු///

පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ

නා‍ට්‍ය‍ය‍ - ‍තාරාවෝ ඉගිලෙති (ලූ‍ෂ‍න්‍ බු‍ල‍ත්‍සිංහල‍)

'සූ‍ර‍ වි‍රු‍ව‍නි‍ අ‍ස‍ව්‍'
'ගෘ‍හ‍ මූ‍ලි‍ක‍යෙ‍නි‍ අ‍ස‍ව්‍'
[පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ‍
ඔ‍බ‍ නි‍දා‍ වැ‍ටු‍නො‍ති‍න්‍
හො‍රු‍ ග‍නී‍ ආ‍යු‍ධේ‍
පි‍බි‍දි‍ය‍ව්‍ පු‍රු‍ෂ‍යි‍න්‍ මි‍හි‍ත‍ලේ‍]//
[පු‍රු‍ෂ‍ ශක්තියෙ‍න්‍ සු‍ග‍න්ධ
පුෂ්පයෙන් ලොවක් තනන්න
වීදුරු නළවල සිරවී බැරිවෙතේ]//
[නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරු‍ළු වේසයෙන් නැගෙව්
යමව් අම්ඹරේ]//
[ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ]//
[මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
නැතේ අනාගතේ]//



බෑ බෑ ගෙදර යන්න බෑ

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිං‍හ‍ල)

බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//
[පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ]//
සිර මැදිරිය ඇරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ//

ඉගිල යන්න ඇයි බැරී//
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ//
[කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා]//
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිල යන් තාරාවා//

බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//

බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//

[දිය පීනා එයි තාරාවා..
ඉගිලී පල කලු තාරාවා..]/////

බෑ බෑ බෑ බෑ බෑ

තට්ටු කරන්න හෙමින්

නාට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල

තට්ටු කරන්න හෙමින්//
මගේ විමානේ..දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින්//

දෙපා තබන්න හෙමින්//
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින්//

මා වෙත එන්න පෙමින්//
මගෙ මී බඳුනේ....රස ඔබටයි
මා වෙත එන්න පෙමින්///

සෝ‍බා‍ව‍ දේ‍

නාට්‍යය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්‍ණ‍කු‍ල‍,යූ‍. ආ‍රි‍ය‍වි‍ම‍ල්‍

සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ

සෝබාව දේ...

ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සෝබාව දේ..

සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා

සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ

සෝබාව දේ.. //

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - ජැ‍ක්‍ස‍න්‍ ඇ‍න්‍ත‍නී‍

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
[මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී

අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
[මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//


ම‍ඩේ‍ ල‍ඟි‍න‍ තා‍රා‍ව‍න්‍

නා‍ට්‍ය‍ය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - ම‍ර්සි‍ එ‍දි‍රි‍සිංහ

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

කඩේට පලයන් චූන් චෑන්

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං

කෑමට රුසියෝ... මේ සිංගප්පූරුවෙ වැසියෝ...//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..

ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..


Mobile Codes

Wednesday, May 7, 2014
පල කළේ Unknown

Mobitel Codes

Account Balance  *100#
Owner Info & Sim Number  *132#
Mobitel Self Care  #888# 

Mobitel Coustomer Service  141 / 1717 (from any network) 0712755777
Mobitel double bonanza win chances *151#
Change between Mobitel Old & New Package *111#
View the remaning data volume of 3G daily Delight #170#
To activate Missed Call alarts Dial *62*0710111000#
to send credit *448*mobitel number*credit#   eg:*448*0715567894*10#
Smart loan *247#
To activate data packages  type D24 -> send to 7678 package u wana activate. this can be d24,d39,w89, etc

Airtel Codes

Account Balance *550#
Owner Info & Sim Number *132#
Airtel Coustomer Service 555 / 0755555555
My airtel My Offer *123#
Get your Mobile Internet settings SMS : ALL to 2222
All in one VAS Information Portal *333#
airtel Live TV (Video call) 4444 Rs. 2.00 + tax per minute
Get your Free Welcome Tune dial : 4442

Etisalat Codes
Account Balance *134#
Owner Info & Sim Number *132#
Missed Call Alert Dial *346 To deactivate this service dial ##002#

Dialog Codes

සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
ගිණුමේ ශේෂය - *#456#
අමතර අවශ්‍යතා - #107#
සම්බන්දතාවය ගැන විස්තර #678#
ණයක් ගන්න - #356#
කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න.
Star Points බලාගන්න - #141#
Call Waiting Activate කරන්න - *#43#
Missed call Alert Active කරගන්න - **62*0777012012#

Hutch Codes

Account balance dial 344
me2U transfer credit *121#
To activate MCA - *62*1000# 


අද මම කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතා
වයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...

මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා කරල අර ෆයිල් ටික compress කරගන්න.(ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා right click කරන්න එතකොට ඇති "add to archive"කියලා ඒක ඔබන්න.) එතකොට ඔයාලට පෙනෙයි ඒ ෆෝල්ඩර් එක ඇතුලෙම compress වුන rar ෆයිල් එක තියනව.ඒක කරගෙන ඉවර වෙලා අර පිංතූරය Image කියල rename කරගන්න.rar ෆයිල් එක File කියල රීනේම් කරගන්න(මෙහෙම කෙරුවහම වැඩේ ලේසියි)

ඊට පස්සෙ cmd prompt එක විවෘත කරගන්න.
ඒකේ මේ විදිහට ගහලා එන්ටර් කරන්න 

CD\
ඊට පස්සේ ‘cd New folder’ කියල ගහලා එන්ටර් කරන්න.
එතකොට එන C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.


copy /b Image.jpg + File.rar  finalImage.jpg

එන්ට කරල අර පිංතූරෙ තියන තැනට ගිහිල්ල බලන්නකො අර කම්ප්‍රෙස්ස් කරපු ෆයිල් එකේ sසයිස් එක පිංතූරෙ සයිස් එකට එකතු වෙලා ඇති එහෙම වෙලා නම් ඔයා හරියට වැඩේ කරල තියනවා දැන් අර කම්ප්‍රෙස් කරපු ෆයිල් එක තියෙන්නෙ පිංතූරෙ අස්සෙ.හැබැයි පිංතූරෙ ඕපන් කරාම ඕපන් වෙන්නෙ පිංතූරෙ විතරයි.දැන් aඅපි ඔහොමද අර ෆයිල් එක ඕපන් කරගන්නෙ? හරි ලේසියි ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල open with ගිහින් winrar select කරල ඕකේ කරන්න එතකොට අර ෆයිල් එක ඕපන් වෙයි!





ජනශ්‍රැතිය, එහෙමත් නැත්තං ජන කවි හා ජන කතා කියන්නෙ ඕනෑම රටක පාරම්පරික ඥානය,ශිෂ්ටාචාරය,සංස්කෘතිය,ආචාර ධර්ම,විශ්වාස,සිතුම් පැතුම් වගේම ආගම ආදී බොහොමයක් දේවල් ඉතා සරල විදිහට පිළිබිඹු කරන්න මහඟු කාර්යය භාරයක් ඉටුකරන සාහිත්‍යමය අංගයක්.ජනතාව අතරින්ම බිහිවෙලා ඔවුන් අතරම වර්ධනය වෙලා ඔවුන් අතරම පැතිරිලා මුඛ පරම්පරාගතව පැවතගෙන එන නිසා ජනශ්‍රැතිය කියලා නම් ලැබෙන්න ඇති.බොහෝ විට සඳහන් වෙන්නෙ ජන කතාවට වඩා ජන කවිය පැරණියි කියලයි.ඒ වගේම කතාවට වඩා දිගු කාලීන පැවැත්මක් ජන කවියට තියෙනවා.ජන කවියේ උපත ගැනත් නිශ්චිතම විග්‍රහයක් දැනට නැතත් ජන කවියාම ඒ ගැන යම් යම් ඉඟි ලබා දුන් අවස්ථා නැතුවාම නෙවෙයි. මේ ඒ ව‍ගේ අවස්ථා කිහිපයක්

අහස උපන් තැන සකි නුඹ දන්නවද 
පොළව උපන් තැන සකි නුඹ දන්නවද 
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද 
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද

අහස උපන් නේ අස්‌විදයෙන් නොවෙද 
පොළව උපන්නේ පුවපටයෙන් නොවෙද 
මුහුද උපන්නේ මුව සිරසෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

ගාල සක්‌වලේ වැසි පවනේ දෙවිදා
දහසක්‌ විලේ හැම දෙවියෝ එක්‌ වුනදා 
නාද කෙළේ පන්සික වීණාව සදා 
සීපද මුලේ වීණාවෙන් උපනි එදා

ජන කවිය බොහෝ විට යොදා ගැනුණේ ගැමියාගේ ජීවන රටාවත් එක්ක ඔහුට ඇතිවන පාළුව,කාන්සිය මඟහරවා ගන්න සහ සන්නිවේදනය සඳහා.පතල් කවි,පාරු කවි,පැල් කවි,නෙලුම් කවි,අන්දරේ කී කවි,උඩැක්කි කවි ආදී බොහෝ වර්ගීකරණයන් යටතේ ජන කවිය දිව යනවා.
බොහෝ විට බුදුදහමින් පෝෂණය වූ සිංහල ජනකවියා ඇතැම් දහම් කරුණුද ගැටපද ආකාරයෙන් සිත්ගන්නාසුළු ලෙස කවියට නඟලා තියනවා.

බොහෝ දෙනෙක් දන්නා ප්‍රකට කවි කිහිපයක් පත්තරේකින් මම උපුටා ගත්තා


ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
ඇල්මෙන දෙවියනේ වෙල් බත බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

ඒකෙ කියවෙන විදිහට මෙහි සඳහන් වන හිමවත කියන්නෙ ජීවිතය.අපි ජීවිතය ලස්සනයි කියලා දකින්නෙ අපි තුල ඇතිවෙන රාග මෝහ තණ්හා ආශා ඉටුවෙන තරමටයි.ඒ විදිහට පසිඳුරන් ගැන අරමුණු ඇතිවෙන්නෙ හිමවතේ පැසෙන මා වී වගේ.ඒ අරමුණු වලට සත්ත්වයා ආශාවක් උපදවනවා.ආශාවන් නිසා දුක ඇතිවෙනවා.ඒ ආශාවන් අලි ඇතුන් වගේ.එනිසා ඔවුන් පලවා හැරිය යුතුයි.ඒත් සත්ත්වයා පසිඳුරන්වලට ඇල්මෙන් ඒ දුකේම ඇලී ගැලී ඉන්නවා.ඒ නිසා දුකෙන් මිදෙන්නෙ නෑ.ඒ දුකට පත්වීම නිසා සසර පුරාම ජීවිත පැල හෙවත් පංචස්කන්ධය රකිමින් ඉන්නවා.

ඔන්න ඔහොමලු කවිය අර්ථ දැක්වෙන්නෙ

තවත් ඒ වගේ කවියක් තමයි

අම්බලමේ පිනා පිනා
වළං කඳක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති.කෙටියෙන් කියන්නම් ඒ නිසා. මෙහි අම්බලම කියන්නෙ සංසාරය.පිනා කියල කියන්නෙ මිනිස් භවයක් ලබන්න තරමි පින් කරපු අය.වළං කඳ කියන්නෙ කර්ම ඵල කියල එක් තැනකත් අපි පාවිච්චි කරන සියළු වස්තුන් කියලා තව තැනකත් පංචස්කන්ධය කියලා තව තැනකත් ලියවිලා තිබුනා.මමත් හරියටම දන්නෙ නෑ ඒකනම්.ඊලඟට මෙහි ගො නා කියන්නෙ “ගෞතම නායක” කියන අදහසින් බුදුරජානන් වහන්සේට.හිනා කියන්නෙ සැනසීම,සතුට වගේ අදහසකින්.ඒ කියන්නෙ සංසාරෙ පිනෙන් ලබපු මනුසත් භාවයෙදි කරන ලද කර්ම බුදුරදුන් විසින් ප්‍රහීන කලා.එයින් සතුටක් සැනසීමක් ලැබුනා වගේ අර්ථයක් තමයි මේ කවියෙ තියෙන්නේ.

තවත් රසවත් කවි යුගලයක් මම උපුටාගත්තා

ගුරු හාමි ඇද වැටිලා කකුළු වලේ
හඳ හාමි බඩු කිරුවා වෙළෙද සැලේ
රතු හාමි වැඳ හිටියෙ ‍මෝර වලේ
කළු හාමි ජබුං කියා වැටුණි කලේ

මනමාලයා මාළුවො මැද තනි වෙච්චී
සොමි පුතු අනේ එළු ගාලට මැදි වෙච්චී
සල් උයනකදි දෙව් බඹු මුන ගැස්සිච්චි
ගෝතම කුමරු මහ පෝයට ඉපදිච්චි

අනුමාන කරන්න පුළුවන්ද මොකද්ද කියලා?
මෙම ජනකවි දෙකේ දැක්වෙන්නේ සිදුහත් කුමරුගේ උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා කටකයෙහිද,සඳු තුලාවෙහිද,කුජ මකරයෙහිද,ශනි කුම්භයෙහිද,සිකුරු මීනයෙහිද,බුධ මේෂයෙහිද රාශිගතව තියෙන බවයි.

මේ ආකාරයට ජනකවියා පුළුල් පරාසයක් ඇතුලෙ තමන්ගෙ නිර්මාණ සිද්ධ කරලා තියෙන බව අපට පේනවා.
මැක්සිම් ගෝර්කි


උපත1868 මාර්තු මස 28 වන දින
විපත1936 ජුනි 18 (වයස අවු: 68) 
මොස්කව් නුවරදී
Pen nameමක්සිම් ගෝර්කි
රැකියාවලේඛකයෙකි,
 දේශපාලන ක්‍රියාකරුවෙකි.
ජාතියරුසියානු (සෝවියට්)

ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර්තු 28 වන දින මෙලොව එළිය දුටු ඔහු කවුරුත් හඳුනන නමින් මැක්සිම් ගෝර්කි විය. මොහු සෝවියට් රුසියානු ලේඛකයෙක් මෙන්ම සමාජවාදී යථාර්ථය පිළිඹිබු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද හැඳින්විය හැකිය. තවද ඔහු දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙන් ද කටයුතු කොට ඇති අතර ගෝර්කි 1906 සිට 1921 බසිට 1929 දක්වාත් විදෙස් රටවල ජීවත් වුණි. වැඩි වශයෙන් කැප්රි, ඉතාලිය වැනි රටවල හෙතෙම ජීවත් වූ අතර සෝවියට් රුසියාවට නැවත පැමිණීමෙන් පසු නැවත වතාවක් එරටින් පිටව යාමට අවසර නොලැබුවත් මැක්සිම් ගෝර්කි විසින් එවකට එරට පැවති සංස්කෘතික ප්‍රතිපත්ති පිළිගන්නා ලදී.

Selected works

· මාකර් චෞද්රා - කෙටි කථාව 1892 · චෙල්කාෂ් · Petit-Bourgeois (Мещане) (or The Philistines) · මෙහි G.K. චෙස්ටර්ටන් විසින් රචිත හඳුන්වාදීමක් අඩංගු වේ. · මිනිසුන් 26 දෙනා හා ගැහැණු ළමයි · Foma Gordeyev (Фома Гордеев), novel, 1899 · ඔවුන් තිදෙන, 1900 · A Confession (Исповедь), 1908 · පාපොච්ඡාරණය (1908) · ඔතුරොව් නඟරය, නව කතාව 1908 · The Life of Matvei Kozhemyakin (Жизнь Матвея Кожемякина) · හිරුගේ දරුවෝ (නාට්‍යය 1905) · හතුරෝ (නාට්‍යය 1907) · අන්තිමය (නාට්‍යය 1908) · දරුවෝ (නාට්‍යය 1910) · The Lower Depths (На дне), 1902 · ළමාවිය (1913-1914)

මහා ගත්කරු මැක්සිම් ගෝර්කි

රුසියානු සාහිත්‍යයයේ පෝෂණය උදෙසා මහගු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කි නමැති මහා ගත්කරුවාගේ ළමා වියට අද අපි එබී බලමු.ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් උපන්නේ 1868 මාර්තු 28 වන දින රුසියාවේ වොල්ගා ගඟ අසල ඇති නිෂ්නි නොව්ගොරොද් නමැති ප‍්‍රදේශයේය. කුඩා කාලයේ සිටම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපන් නිසයි.“මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේද ඔහුගේ ළමා විය සුන්දර සහ ප‍්‍රීතිමත් එකක් නොවූ බැවිනි. ඇලෙක්සිට මව් පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මිය ගිය අතර ඉන් ටික කලකට පසු මවද මිය ගියාය. ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමගිනි. සීයාගේ රැකියාව වූයේ ඇඳුම් වලට සායම් පෙවීමයි. ඉතා දර දඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට නපුරු විදියට සැලකුවේය.ඔහු ආදරය කරුණාව ලැබුවේ ආච්චිගෙන් පමණි. ඇලෙක්සිව සැනසීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නාය. ඇය කියා දුන් ඒ සුරංගනා කතාවල ප‍්‍රධාන කාන්තා චරිතය ලෙස ඇලෙක්සි ඔහුගේ මව ව සිතින් මවා ගත්තේය. ඔහු ඒ තරමට මවට දැඩි ආදරයක් දැක්වූයේය. ආර්ථික දුෂ්කරතා මැද සීයා ටික දිනක් ඇලෙක්සිව පාසල් යැවූ නමුත් ඇලෙක්සිට අවුරුදු අටේදී පාසල් ගමන නතර කරන්නට සිදුවිය. ඉන්පසු ඔහුට රැකියාවක්් කර මුදල් සෙවීමට සිදුවිය. පාවහන් වෙළඳ සැලක අත් උදව්කරුවෙකු ලෙස ඔහු මුලින්ම සේවය කළේය. එහිදී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවිය. ප‍්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසද වොල්ගා හි දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසද ඔහු සේවය කළේය.දුම් නැවේ මුළුතැන් ගෙයි සේවය කරද්දී එහි සිටි ‘ස්මූරි’ නමැති කෝකියා කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සිව පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර ‘ස්මූරි’ එය තව තවත් වර්ධනය කළේය. ඉන්පසු ඔහුගේ එකම පරමාර්ථය වූයේ පොතපත කියවීමයි.“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෑ. සියලු පොත් කියවන්න ඕනෑ.නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්...පොත් වල ගතයුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල්වලට නොවෙයි.”ස්මූරි එසේ ඇලෙක්සිට අවවාද කරමින් ඔහුගේ උනන්දුව තව තවත් වැඩි කළේය.“මටම නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි.ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ පවසා තිබේ. දුම් නැව තිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට විය. එහිදී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩුවූයේ නැත.එහිදී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඔහු කියවීමට පොත් ඉල්ලා සිටියේය. “නුඹ අකුරු දන්නවද? පොත් කියවන්න ආසද!”ඇය ඇසුවාය.“මට පොත් කියවන්න වෙලාවක් නැහැ” ඇලෙක්සි පිළිතුරු දුන්නේය.“නුඹට පොත් කියවන්න ආසානම් නුඹට වෙලාවක් සොයාගන්නට පුළුවන්” ඇය දුන්නේ ඉතා වටිනා උපදේශයකි. ඉන්පසු ඇයගෙන් ඉල්ලාගත් පොත් කියවීමට කාලය සොයා ගැනීමට ඇලෙක්සි උත්සාහ කළේය.දර පැළීමට ගිය අවස්ථාවේදී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේය. නැතිනම් අටුවට නැග පොත් කියවූයේය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාතී‍්‍ර කාලයේදී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේනිසා ඔහුට හොරෙන් හොරෙන් පොත් කියවීමටද සිදුවිය.බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන්නා වූ ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් දුන්නේය.“ළමයා වචන හරියට ගසක තිබෙන කොළ වගෙයි. ගසක කොළ වෙන වෙනම හැඩ නොගෙන එක ම හැඩයට වැඩෙන්නේ මොන හේතුවක් නිසාද කියා දැන ගන්න ඕනෑනම් ගස වැඩෙන හැටි දැන ගත යුතුයි. ඒකට ළමයා පොත් කියවන්න ඕනෑ. මිනිස් මොළය බොහොම ප‍්‍රයෝජනවත්. හැම දෙයක්ම වැවෙන පොහොර පස් සහිත හොඳ වත්තක් වගෙයි”ගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි.“මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේදී පමණය” ඔහු චරිතාපදානයේ දක්වා තිබේ. ඔහුට ඔහු කියවූ සෑම පොතක්ම අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන විය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේය.නොයෙක් වද වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමා වියක් ගෙවූ ඇලෙක්සිට සිටි එකම සහ වටිනාම මිතුරා වූයේ පොත්ය. ළමා වියේදීම ලැබූ විවිධ සමාජ අත්දැකීම් වලින් ලැබූ පන්නරය සහ පොත පත කියවා ලැබූූ ඥානය ඉවහල් කරගෙන ඔහු තරුණ වියේදී පොත පත ලිවීමට පටන් ගත්තේය. ඒ අප අද ඔහුව හඳුන්වන මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි. ‘අම්මා’ වැනි ශ්‍රේෂ්ඨ නවකතා ලියූ අතරම ඔහු ළමයින් සඳහාද කතා රචනා කළේය. ඔහුගේ ළමා විය හා තරුණ විය ඇසුරින් ඔහු ලියූ “ළමා විය”, “මිනිසුන් අතර”, “මගේ සරසවි” නමැති ග‍්‍රන්ථ ලොව පුරා ඉතා ජනප‍්‍රිය විය. ඔහුගේ ළමා විය ඇසුරින් රුසියානු චිත‍්‍රපටයක්ද නිපදවුණි. පොත් කියවීමෙන් ජීවිතය ජයගත් මැක්සිම් ගෝර්කි චරිතයෙන් දුවල පුතාලටත් ගතහැකි ආදර්ශ බොහෝ වේ.
කුමාර් චූක්‍ෂානාද සංගක්කාර

සංගක්කාර පවුලේ විස්තර

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ (ආර්ථික
අංශයේ) අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. (ඇමෙරිකාව*

සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය.

කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ.

‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.

බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා

දරුවන් නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ. පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් කී‍්‍රඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකරගෙන තිබේ. සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් කී‍්‍රඩා කළ අතර, ඇය ශ්‍රී ලංකා ශූරිය වී තිබේ. අයියා වෙමින් ත‍්‍රිත්ව විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් කළ සියල්ල කරන අතරේදී ය.

බාහිර කි‍්‍රයාකාරකම්

බැඞ්මින්ටන්, ටෙනිස් ශූරයා වූ සංගා පසුව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා ඇති අතර, ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එකල දක්‍ෂතා පෙන්වීය. විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු වූ ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. එ සියල්ලට අමතරව ගීත ගැයීමේ හැකියාව ගැන ද සිහිපත් කළ යුතුමය.

උසස් පෙළ ඉහළින් සමත්වීම

අධ්‍යාපන කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදෙමින් පාසල් ජීවිතය ගෙවූ ඔහු ඊට සමු දී ඇත්තේ උසස් පෙළ ් 3 ක් සහ ඊ 1 වශයෙන් ඉහළ සමාර්ථ ලබමිනි. ඉන්පසු නීති පීඨයට ඇතුළත් වූ අතර පළමු කඩඉම (විභාගය* සමත් වී තිබේ. කි‍්‍රකට් වලින් සමුදුන් පසු එහි උපාධිය සහ ඊටත් එහා ගිය දැනුම ලබාගැනීම ඔහුගේ අපේක්‍ෂාව බව මව සඳහන් කරයි.

වයස අවුරුදු 9 දී කාර් එක පැද වූ සංගා

දිනෙක සංගාගේ මාමා කෙනෙක් නිවසට ආවේය. ඔහු නිවසේ අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා සංගා මාමා පැමිණි මෝටර් රථයට ගොඩ වී එය පණ ගන්වා ධාවනය කිරීමට උත්සාහ ගත් අතර, රියැදුරු සිටි නිසා වාහනය පාලනය කරගෙන තිබේ. එසේ නොවුවා නම් එදා ලොකු අනතුරක් වීමට ඉඩ තිබිණ.

රියැදුරු පුහුණුව තනිවම

රියැදුරු පුහුණුව ලබා ඇත්තේ ස්වෝත්සාහයෙන් බව මව සිහිපත් කරයි. ඊට අදාළ පොත කියවා තමා විසින්ම සියල්ල පුරුදු පුහුණු වී තිබේ.

15 න්, 17න්, 19න් පහළ කි‍්‍රකට් තරුව

සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වූ පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා 15 න්, 17න් සහ 19 න් පහළ ලෙස නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ ඒ කණ්ඩායම්වලදී පෙන්වූ දක්‍ෂතා නිසාමය. මෙහිදී ඞී.එච් ද සිල්වා පුහුණුකරුවෙකු ලෙස සංගා වඩාත් උනන්දු කළ බව සඳහන් කළ යුතුමය.

මිත‍්‍රශීලී බව

වත් පොහොසත්කම් අතින් සහ උගත්කම අතින් පිරිපුන් පවුල් පසුබිමක් යටතේ ජීවත්වන සමහර උදවිය ඕනෑවටත් වඩා හිස උදුම්මාගත් චරිත ලෙස පෙනී සිටී. නමුත් සංගාගේ මව පවසන පරිදි සංගා කුඩා කාලයේ සිටම අන් අයට උදව් කරන වඩා මිත‍්‍රශීලී චරිතයකි. කුඩා කාලයේදී නිවස තැනීමට ආ බාස් උන්නැහේලාට අත්උදව් දුන් සංගා නිතරම ඔවුන් සමග මිත‍්‍රශීලීව සිටි අයෙකි.

”එයා හරිම කරුණාවන්තයි. උස් පහත් භේද, දුප්පත් පොහොසත් භේද එයාට නැහැ. ගෙදර වැඩ කරන අය එක්ක පවා හරි එකමුතුයි. මාව හදා වඩා ගත්ත කාන්තාවක් හිටියා. මම විවාහ වුණාට පස්සෙත් ඇය අපි එක්කමයි හිටියෙ. පසු කාලයක මගේ දරුවනුත් ඇය තමයි බලාගත්තේ. කුමාර පුතාට බහ තේරෙන කාලෙදී සිංහල අලූත් අවුරුද්දක් දවසේ වැඩිහිටියන්ට බුලත් දෙන්න කියලා අපි කිව්වා. මෙයා එකපාරටම බුලත් අත අරගෙන ගිහින් එයාව බලාගන්න වැඩිහිටි කාන්තාවට වැන්දා. අපි ඔක්කෝටම හරි පුදුමයි. අන්න ඒ වගේ නිහතමානි ගුණාංග කුඩා කාලයේ ඉඳලාම එයාට තිබුණා. මෙයා පි‍්‍රයමනාප වගේම විවිධ අංශවලට දක්‍ෂ වූ නිසාම දන්න කියන අපේ යාළු මිත‍්‍රයන් කවදාහරි දවසක මෙයා ලෝකයේ ජනපි‍්‍රය චරිතයක් වේවි කියන අනාවැකි පළ කළා”
සංගාගේ මව කුමාරි සංගක්කාර තවදුරටත් එදා මතකය ගෙනහැර පෑවේ එලෙසිනි.

දුර්වලකම
සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.

”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”

විවාහය

මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත‍්‍රශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා x යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.

ඉංගී‍්‍රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව

සංගා ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.

නායකත්වය

සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.

පසුවදන

මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී‍්‍රඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි‍්‍රකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.

උපුටා ගැනීම-ලංකාදීප

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks