ලිපිය පල කළේ : Unknown Wednesday, May 7, 2014

අද මම කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතා
වයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...

මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා කරල අර ෆයිල් ටික compress කරගන්න.(ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා right click කරන්න එතකොට ඇති "add to archive"කියලා ඒක ඔබන්න.) එතකොට ඔයාලට පෙනෙයි ඒ ෆෝල්ඩර් එක ඇතුලෙම compress වුන rar ෆයිල් එක තියනව.ඒක කරගෙන ඉවර වෙලා අර පිංතූරය Image කියල rename කරගන්න.rar ෆයිල් එක File කියල රීනේම් කරගන්න(මෙහෙම කෙරුවහම වැඩේ ලේසියි)

ඊට පස්සෙ cmd prompt එක විවෘත කරගන්න.
ඒකේ මේ විදිහට ගහලා එන්ටර් කරන්න 

CD\
ඊට පස්සේ ‘cd New folder’ කියල ගහලා එන්ටර් කරන්න.
එතකොට එන C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.


copy /b Image.jpg + File.rar  finalImage.jpg

එන්ට කරල අර පිංතූරෙ තියන තැනට ගිහිල්ල බලන්නකො අර කම්ප්‍රෙස්ස් කරපු ෆයිල් එකේ sසයිස් එක පිංතූරෙ සයිස් එකට එකතු වෙලා ඇති එහෙම වෙලා නම් ඔයා හරියට වැඩේ කරල තියනවා දැන් අර කම්ප්‍රෙස් කරපු ෆයිල් එක තියෙන්නෙ පිංතූරෙ අස්සෙ.හැබැයි පිංතූරෙ ඕපන් කරාම ඕපන් වෙන්නෙ පිංතූරෙ විතරයි.දැන් aඅපි ඔහොමද අර ෆයිල් එක ඕපන් කරගන්නෙ? හරි ලේසියි ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල open with ගිහින් winrar select කරල ඕකේ කරන්න එතකොට අර ෆයිල් එක ඕපන් වෙයි!





මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks