මැක්සිම් ගෝර්කි
ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර්තු 28 වන දින මෙලොව එළිය දුටු ඔහු කවුරුත් හඳුනන නමින් මැක්සිම් ගෝර්කි විය. මොහු සෝවියට් රුසියානු ලේඛකයෙක් මෙන්ම සමාජවාදී යථාර්ථය පිළිඹිබු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද හැඳින්විය හැකිය. තවද ඔහු දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙන් ද කටයුතු කොට ඇති අතර ගෝර්කි 1906 සිට 1921 බසිට 1929 දක්වාත් විදෙස් රටවල ජීවත් වුණි. වැඩි වශයෙන් කැප්රි, ඉතාලිය වැනි රටවල හෙතෙම ජීවත් වූ අතර සෝවියට් රුසියාවට නැවත පැමිණීමෙන් පසු නැවත වතාවක් එරටින් පිටව යාමට අවසර නොලැබුවත් මැක්සිම් ගෝර්කි විසින් එවකට එරට පැවති සංස්කෘතික ප්‍රතිපත්ති පිළිගන්නා ලදී.
Selected works
· මාකර් චෞද්රා - කෙටි කථාව 1892 · චෙල්කාෂ් · Petit-Bourgeois (Мещане) (or The Philistines) · මෙහි G.K. චෙස්ටර්ටන් විසින් රචිත හඳුන්වාදීමක් අඩංගු වේ. · මිනිසුන් 26 දෙනා හා ගැහැණු ළමයි · Foma Gordeyev (Фома Гордеев), novel, 1899 · ඔවුන් තිදෙන, 1900 · A Confession (Исповедь), 1908 · පාපොච්ඡාරණය (1908) · ඔතුරොව් නඟරය, නව කතාව 1908 · The Life of Matvei Kozhemyakin (Жизнь Матвея Кожемякина) · හිරුගේ දරුවෝ (නාට්‍යය 1905) · හතුරෝ (නාට්‍යය 1907) · අන්තිමය (නාට්‍යය 1908) · දරුවෝ (නාට්‍යය 1910) · The Lower Depths (На дне), 1902 · ළමාවිය (1913-1914)
මහා ගත්කරු මැක්සිම් ගෝර්කි
රුසියානු සාහිත්‍යයයේ පෝෂණය උදෙසා මහගු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කි නමැති මහා ගත්කරුවාගේ ළමා වියට අද අපි එබී බලමු.ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් උපන්නේ 1868 මාර්තු 28 වන දින රුසියාවේ වොල්ගා ගඟ අසල ඇති නිෂ්නි නොව්ගොරොද් නමැති ප‍්‍රදේශයේය. කුඩා කාලයේ සිටම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපන් නිසයි.“මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේද ඔහුගේ ළමා විය සුන්දර සහ ප‍්‍රීතිමත් එකක් නොවූ බැවිනි. ඇලෙක්සිට මව් පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මිය ගිය අතර ඉන් ටික කලකට පසු මවද මිය ගියාය. ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමගිනි. සීයාගේ රැකියාව වූයේ ඇඳුම් වලට සායම් පෙවීමයි. ඉතා දර දඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට නපුරු විදියට සැලකුවේය.ඔහු ආදරය කරුණාව ලැබුවේ ආච්චිගෙන් පමණි. ඇලෙක්සිව සැනසීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නාය. ඇය කියා දුන් ඒ සුරංගනා කතාවල ප‍්‍රධාන කාන්තා චරිතය ලෙස ඇලෙක්සි ඔහුගේ මව ව සිතින් මවා ගත්තේය. ඔහු ඒ තරමට මවට දැඩි ආදරයක් දැක්වූයේය. ආර්ථික දුෂ්කරතා මැද සීයා ටික දිනක් ඇලෙක්සිව පාසල් යැවූ නමුත් ඇලෙක්සිට අවුරුදු අටේදී පාසල් ගමන නතර කරන්නට සිදුවිය. ඉන්පසු ඔහුට රැකියාවක්් කර මුදල් සෙවීමට සිදුවිය. පාවහන් වෙළඳ සැලක අත් උදව්කරුවෙකු ලෙස ඔහු මුලින්ම සේවය කළේය. එහිදී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවිය. ප‍්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසද වොල්ගා හි දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසද ඔහු සේවය කළේය.දුම් නැවේ මුළුතැන් ගෙයි සේවය කරද්දී එහි සිටි ‘ස්මූරි’ නමැති කෝකියා කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සිව පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර ‘ස්මූරි’ එය තව තවත් වර්ධනය කළේය. ඉන්පසු ඔහුගේ එකම පරමාර්ථය වූයේ පොතපත කියවීමයි.“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෑ. සියලු පොත් කියවන්න ඕනෑ.නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්...පොත් වල ගතයුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල්වලට නොවෙයි.”ස්මූරි එසේ ඇලෙක්සිට අවවාද කරමින් ඔහුගේ උනන්දුව තව තවත් වැඩි කළේය.“මටම නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි.ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ පවසා තිබේ. දුම් නැව තිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට විය. එහිදී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩුවූයේ නැත.එහිදී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඔහු කියවීමට පොත් ඉල්ලා සිටියේය. “නුඹ අකුරු දන්නවද? පොත් කියවන්න ආසද!”ඇය ඇසුවාය.“මට පොත් කියවන්න වෙලාවක් නැහැ” ඇලෙක්සි පිළිතුරු දුන්නේය.“නුඹට පොත් කියවන්න ආසානම් නුඹට වෙලාවක් සොයාගන්නට පුළුවන්” ඇය දුන්නේ ඉතා වටිනා උපදේශයකි. ඉන්පසු ඇයගෙන් ඉල්ලාගත් පොත් කියවීමට කාලය සොයා ගැනීමට ඇලෙක්සි උත්සාහ කළේය.දර පැළීමට ගිය අවස්ථාවේදී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේය. නැතිනම් අටුවට නැග පොත් කියවූයේය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාතී‍්‍ර කාලයේදී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේනිසා ඔහුට හොරෙන් හොරෙන් පොත් කියවීමටද සිදුවිය.බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන්නා වූ ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් දුන්නේය.“ළමයා වචන හරියට ගසක තිබෙන කොළ වගෙයි. ගසක කොළ වෙන වෙනම හැඩ නොගෙන එක ම හැඩයට වැඩෙන්නේ මොන හේතුවක් නිසාද කියා දැන ගන්න ඕනෑනම් ගස වැඩෙන හැටි දැන ගත යුතුයි. ඒකට ළමයා පොත් කියවන්න ඕනෑ. මිනිස් මොළය බොහොම ප‍්‍රයෝජනවත්. හැම දෙයක්ම වැවෙන පොහොර පස් සහිත හොඳ වත්තක් වගෙයි”ගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි.“මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේදී පමණය” ඔහු චරිතාපදානයේ දක්වා තිබේ. ඔහුට ඔහු කියවූ සෑම පොතක්ම අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන විය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේය.නොයෙක් වද වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමා වියක් ගෙවූ ඇලෙක්සිට සිටි එකම සහ වටිනාම මිතුරා වූයේ පොත්ය. ළමා වියේදීම ලැබූ විවිධ සමාජ අත්දැකීම් වලින් ලැබූ පන්නරය සහ පොත පත කියවා ලැබූූ ඥානය ඉවහල් කරගෙන ඔහු තරුණ වියේදී පොත පත ලිවීමට පටන් ගත්තේය. ඒ අප අද ඔහුව හඳුන්වන මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි. ‘අම්මා’ වැනි ශ්‍රේෂ්ඨ නවකතා ලියූ අතරම ඔහු ළමයින් සඳහාද කතා රචනා කළේය. ඔහුගේ ළමා විය හා තරුණ විය ඇසුරින් ඔහු ලියූ “ළමා විය”, “මිනිසුන් අතර”, “මගේ සරසවි” නමැති ග‍්‍රන්ථ ලොව පුරා ඉතා ජනප‍්‍රිය විය. ඔහුගේ ළමා විය ඇසුරින් රුසියානු චිත‍්‍රපටයක්ද නිපදවුණි. පොත් කියවීමෙන් ජීවිතය ජයගත් මැක්සිම් ගෝර්කි චරිතයෙන් දුවල පුතාලටත් ගතහැකි ආදර්ශ බොහෝ වේ.
| උපත | 1868 මාර්තු මස 28 වන දින |
| විපත | 1936 ජුනි 18 (වයස අවු: 68) මොස්කව් නුවරදී |
| Pen name | මක්සිම් ගෝර්කි |
| රැකියාව | ලේඛකයෙකි, දේශපාලන ක්‍රියාකරුවෙකි. |
| ජාතිය | රුසියානු (සෝවියට්) |

කුමාර් චූක්‍ෂානාද සංගක්කාර
සංගක්කාර පවුලේ විස්තර
ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ (ආර්ථික
අංශයේ) අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. (ඇමෙරිකාව*
සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය.
කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ.
‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.
බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා
දරුවන් නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ. පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් කී‍්‍රඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකරගෙන තිබේ. සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් කී‍්‍රඩා කළ අතර, ඇය ශ්‍රී ලංකා ශූරිය වී තිබේ. අයියා වෙමින් ත‍්‍රිත්ව විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් කළ සියල්ල කරන අතරේදී ය.
බාහිර කි‍්‍රයාකාරකම්
බැඞ්මින්ටන්, ටෙනිස් ශූරයා වූ සංගා පසුව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා ඇති අතර, ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එකල දක්‍ෂතා පෙන්වීය. විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු වූ ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. එ සියල්ලට අමතරව ගීත ගැයීමේ හැකියාව ගැන ද සිහිපත් කළ යුතුමය.
උසස් පෙළ ඉහළින් සමත්වීම
අධ්‍යාපන කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදෙමින් පාසල් ජීවිතය ගෙවූ ඔහු ඊට සමු දී ඇත්තේ උසස් පෙළ ් 3 ක් සහ ඊ 1 වශයෙන් ඉහළ සමාර්ථ ලබමිනි. ඉන්පසු නීති පීඨයට ඇතුළත් වූ අතර පළමු කඩඉම (විභාගය* සමත් වී තිබේ. කි‍්‍රකට් වලින් සමුදුන් පසු එහි උපාධිය සහ ඊටත් එහා ගිය දැනුම ලබාගැනීම ඔහුගේ අපේක්‍ෂාව බව මව සඳහන් කරයි.
වයස අවුරුදු 9 දී කාර් එක පැද වූ සංගා
දිනෙක සංගාගේ මාමා කෙනෙක් නිවසට ආවේය. ඔහු නිවසේ අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා සංගා මාමා පැමිණි මෝටර් රථයට ගොඩ වී එය පණ ගන්වා ධාවනය කිරීමට උත්සාහ ගත් අතර, රියැදුරු සිටි නිසා වාහනය පාලනය කරගෙන තිබේ. එසේ නොවුවා නම් එදා ලොකු අනතුරක් වීමට ඉඩ තිබිණ.
රියැදුරු පුහුණුව තනිවම
රියැදුරු පුහුණුව ලබා ඇත්තේ ස්වෝත්සාහයෙන් බව මව සිහිපත් කරයි. ඊට අදාළ පොත කියවා තමා විසින්ම සියල්ල පුරුදු පුහුණු වී තිබේ.
15 න්, 17න්, 19න් පහළ කි‍්‍රකට් තරුව
සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වූ පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා 15 න්, 17න් සහ 19 න් පහළ ලෙස නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ ඒ කණ්ඩායම්වලදී පෙන්වූ දක්‍ෂතා නිසාමය. මෙහිදී ඞී.එච් ද සිල්වා පුහුණුකරුවෙකු ලෙස සංගා වඩාත් උනන්දු කළ බව සඳහන් කළ යුතුමය.
මිත‍්‍රශීලී බව
වත් පොහොසත්කම් අතින් සහ උගත්කම අතින් පිරිපුන් පවුල් පසුබිමක් යටතේ ජීවත්වන සමහර උදවිය ඕනෑවටත් වඩා හිස උදුම්මාගත් චරිත ලෙස පෙනී සිටී. නමුත් සංගාගේ මව පවසන පරිදි සංගා කුඩා කාලයේ සිටම අන් අයට උදව් කරන වඩා මිත‍්‍රශීලී චරිතයකි. කුඩා කාලයේදී නිවස තැනීමට ආ බාස් උන්නැහේලාට අත්උදව් දුන් සංගා නිතරම ඔවුන් සමග මිත‍්‍රශීලීව සිටි අයෙකි.
”එයා හරිම කරුණාවන්තයි. උස් පහත් භේද, දුප්පත් පොහොසත් භේද එයාට නැහැ. ගෙදර වැඩ කරන අය එක්ක පවා හරි එකමුතුයි. මාව හදා වඩා ගත්ත කාන්තාවක් හිටියා. මම විවාහ වුණාට පස්සෙත් ඇය අපි එක්කමයි හිටියෙ. පසු කාලයක මගේ දරුවනුත් ඇය තමයි බලාගත්තේ. කුමාර පුතාට බහ තේරෙන කාලෙදී සිංහල අලූත් අවුරුද්දක් දවසේ වැඩිහිටියන්ට බුලත් දෙන්න කියලා අපි කිව්වා. මෙයා එකපාරටම බුලත් අත අරගෙන ගිහින් එයාව බලාගන්න වැඩිහිටි කාන්තාවට වැන්දා. අපි ඔක්කෝටම හරි පුදුමයි. අන්න ඒ වගේ නිහතමානි ගුණාංග කුඩා කාලයේ ඉඳලාම එයාට තිබුණා. මෙයා පි‍්‍රයමනාප වගේම විවිධ අංශවලට දක්‍ෂ වූ නිසාම දන්න කියන අපේ යාළු මිත‍්‍රයන් කවදාහරි දවසක මෙයා ලෝකයේ ජනපි‍්‍රය චරිතයක් වේවි කියන අනාවැකි පළ කළා”
සංගාගේ මව කුමාරි සංගක්කාර තවදුරටත් එදා මතකය ගෙනහැර පෑවේ එලෙසිනි.
දුර්වලකම
සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.
”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”
විවාහය
මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත‍්‍රශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා x යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.
ඉංගී‍්‍රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව
සංගා ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.
නායකත්වය
සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.
පසුවදන
මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී‍්‍රඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි‍්‍රකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.
සංගක්කාර පවුලේ විස්තරශ්රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ (ආර්ථික

උපුටා ගැනීම-ලංකාදීප
ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්
Monday, March 24, 2014
පල කළේ Unknown
Tag :
ශ්‍රේෂ්ඨ චරිත
ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්
ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.
ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර ගන්න. ඔබට සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය ජවය ඉන් ලැබෙනු ඇත.
•බිල් ගේට්ස්:
පරිඝණකය අප ජීවිත වලට සමීප කිරීමෙන් 21 වන සියවසේ අප හැමගේ ජීවිත වෙනස් කල චරිතය වන අතර දශකයකට ආසන්න කාලයක් ලෝකයේ ලොකුම් ධණවතා ලෙස වැජබුනි. නමුත් බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමට පෙර හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ප්‍රතික්‍ෂේප වූවෙකි.
•ඒබ්‍රහම් ලින්කන්:
මුලු ජීවිත කාලය තුලම විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තේ වසර 5කටත් අඩු කාලයකි. දේශපාලනයට ඇතුල් වූ ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත් වීමට ප්‍රථම ප්‍රධාන ඡන්ද 12කින් පරාජයට පත් විය.
•අයිසෙක් නිව්ටන් :
ගුරුත්වාකර්ශණය ආලෝක විද්‍යාව සහ කලනය පිලිබද මොහු කල සොයා ගැනීම් නිසා ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම ගණිතඥයෙක් ලෙස සැලකේ. එහෙත් මොහු බාල වියෙදී පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ අතර පාසලේ බොහෝ විශයයන් වලින් අසමත් විය.
•ලුඩ්විග් වෑන් බීතෝවන්:
ජර්මානු ජාතික සංගීත ශිල්පියෙකි. එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම සංගීත ශිල්පියෙක් ලෙස සැලකේ. මොහු සංගීත දිවිය අරඹන විට මොහුගේ ගුරුවරයා පවසා ඇත්තේ සංගීත ශිල්පියෙක් ලෙස ඔහුට අනාගතයක් නොමැති බවයි. එසේම ඔහුගේ සංගීත දිවිය අතරතුර ඔහුගේ ශ්‍රවන හැකියාව නැති විය. ශ්‍රවන හැකියාව නොමැති සංගීත ශිල්පියෙක්???
•තෝමස් අල්වා එඩිසන්:
ඇමරිකාව තුල පේටන්ට් 1093ක් ඇති තෝමස් අල්වා එඩිසන් ඉතිහාසයේ පහල වූ විශිෂ්ඨතම නව නිපැයුම්කරුවෙක් ලෙස සැලකේ. මොහු කල නිර්මාණ නිසා 20 වෙනි ශත වර්ශයේ ජීවිත වඩා පහසු විය.මොහු කුඩා අවදියේදී ගුරුවරුන් මොහුට පවසා ඇත්තේ ඔහුට කිසි දිනක කිසිවක් ඉගෙන ගැනීමේ හැකියාවක් නොමැති බවයි. එසේම ඔහු ප්‍රථම විදුලි බල්බය නිපදවීමට පෙර ඒ වෙනුවෙන් අසාර්ථක වූ පරීක්‍ෂන 9000කට වඩා සිදු කර ඇත.
•මයිකල් ජෝර්ඩ්න්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම බාස්කට් බෝල ක්‍රීඩකයායි.නමුත් පාසල් වියේදී මොහුව විදුහලේ බාස්කට් බෝල කණ්ඩායමෙන් නෙරපා හැරුවේ මොහු "දුර්වල ක්‍රීඩකයෙක්" යයි පවසමිනි.
•වෝල්ට් ඩිස්නි:
ඇමරිකන් ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකි,අධ්‍යක්‍ෂකවරයෙකි,තිර කතා රචකයෙකි, හඩ කවන්නෙකි. ලෝකයේ ප්‍රසිද්ධම කාටුන් චරිත රාශියක නිර්මාතෘ වරයායි. ඔහු විසින් ආරම්භ කල වෝල්ට් ඩිස්නි සමාගම වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 30ක ආදායමක් ලබයි. නමුත් වෝල්ට් ඩිස්නි ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඔහුගේ ගරාජය තුල වන අතර ඔහුගේ ප්‍රථම නිර්මාණය බෙහෙවින් අසාර්ථක විය.ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඔහුව උපහාසයට ලක් කලේ චිත්‍රපට නිශ්පාදනය පිලිබද ඔහුට දැනුමක් නොමැති බව පවසමිනි.
•වින්ස්ටන් චර්චිල්:
පාසලේදී 6වන වසර අසමත් විය, නමුත් ඔහුව නැවතීමට එය සමත් නොවීය. ඉතා මහන්සි වී බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූයේ දෙවණ ලෝක යුධ සමයේදීය. ලෝක ඉතිහාසයේ සහ බ්‍රිතාන්‍යයේ මෙතෙක් පහල වූ ඉතාම වැදගත් නායකයෙකු ලෙස වින්ස්ටන් චර්චිල්ව සලකනු ලබයි.BBC මගින් 2002දී මෙතෙක් පහල වූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ජාතිකයන් 100දෙනා තේරීමේ ජනමත විචාරනයකදී වින්ස්ටන් චර්චිල් ප්‍රථම ස්ථානයට පත් විය.
•ස්ටීවන් ස්පිල්බර්ග්:
ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකි. ඉතිහාසයේ සාර්ථකම සහ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වන අතර ඇකඩමි සම්මාන 3ක් දිනා ඇත. පාසලේ පහල වසර වලදී ඉගෙන ගන්නා අතරතුර පන්තියෙන් ඉවත් කල අතර පසුව ඔහුව අබාධිත ළමුන්ගේ පන්තියට ඇතුල් කරන ලදී. මසකට පසුව ඔහුව පාසලෙන්ම ඉවත් කරන ලදී.
•ඇල්බට් අයින්ස්ටයින්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ බුද්ධිමත්ම මිනිසුන් ගෙන් අයෙකි. 1921 නොබෙල් ත්‍යාගයේ හිමිකරුවා විය. සාපේක්‍ෂතාවාදය පිලිබදව වසර 100කට පෙර ඔහු පැවසූ කරුනු අදටත් වලංගුය. නමුත් පාසල් වියේදී ගුරුවරුන් ඔහුව හැදින්වූයේ "මෝඩ ළමයා" ලෙසය.
•මැර්ලින් මොන්රෝ:
මැර්ලින් මොන්රෝ යනු කවරෙක්දැයි හදුන්වා දීමට අවශ්‍ය නැත. 1947 20th Century-Fox සමාගමෙන් ඇයව ඉවත් කෙරුනේ ඇයගේ අධ්‍යක්‍ෂකවරයා ඇය අවලස්සන රගපෑමට හැකියාවක් නොමැති කාන්තාවක් ලෙස සැලකූ නිසාය. එයින් නොසැලුනු ඇය 20වන ශත වර්ශයේ ජනප්‍රියම චිත්‍රපට තාරකාව බවට පත් විය.
•ජෝන් ග්‍රිෂාම්:
ජෝන් ග්‍රිෂාම් යනු වර්තමානයේ ලොව ජීවත් වන ජනප්‍රියම සහ හොදම නවකතා රචකයෙකි. නමුත් ඔහුගේ ප්‍රථම නව කතාව ප්‍රකාශකයන් 12ක් සහ ඒජන්තවරුන් 16ක් අතින් ප්‍රතික්‍ෂේප විය.
•හෙන්රි ෆෝඩ්:
හෙන්රි ෆෝඩ් මුලින් ආරම්භ කල මෝටර් රථ කර්මාන්ත ශාලා 2ක් අසාර්ථක විය. ඉන් නොසැලුනු ඔහු ෆෝඩ් මෝටර් කම්පැනි ආයතනය ආරම්හ කල අතර ඉන් 20 වෙනි ශත වර්ශයේ ලෝක ආර්ථිකයට වූ බලපෑම අති මහත්‍ය.
•සොයිචිරෝ හොන්ඩා:
දෙවන ලෝක යුද්ධයෙන් පසු ටොයෝටා සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස බැදීමට සම්මුඛ සාකච්චාවට ගිය හොන්ඩා ඉන් අසමත් විය. තමා විසින් නිශ්පාදනය කල කුඩා ස්කූටර් අසල් වාසීන් මිලදී ගන්නා තෙක් මොහු රැකියා විරහිතව සිටියේය.ඉන් පසු ඔහු ඔහුගේ මෝටර් බයිසිකල් නිශ්පාදනාගාරය ඇරඹූ අතර අද එය ලොව විශාලතම මෝටර් බයිසිකල් නිශ්පාදකයායි.

෴
ඒබ්රහම් ලින්කන්
ජීවන තොරතුරු
ජීවන තොරතුරු
| නම | ඒබ්රහම් ලින්කන් |
| තනතුර | ඇමරිකානු එක්සත් රාජධානියේ 16 වන ජනාධිපති |
| තනතුරේ සිටි කාලය | 1861 මාර්තු 4 සිට 1865 අප්‍රේල් 15 තෙක් |
| උප ජනාධිපති | හැනිබෙල් හැම්ලින් (1861-1865), ඇන්ඩෲ ජොන්සන් |
| පෙර සිටි උප ජනාධිපති | ජේම්ස් බ්‍රචානන් |
| පසුව සිටි උප ජනාධිපති | ඇන්ඩෲ ජොන්සන් |
| තනතුර | ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික, ඉලිනුවා හි සත්වන දිස්ත්‍රික්කය |
| තනතුරේ සිටි කාලය | 1847 මාර්තු 7 – 1849 මාර්තු 3 දක්වා |
| පෙර සිටි | ජෝන් හෙන්රි |
| පසුව සිටි | තෝමස් එම්. හැරිස් |
| උපත | 1809 පෙබරවාරි 12, හාර්ඩින් නුවර, කෙන්ටනි හි දී |
| විපත | 1865 අප්‍රේල් 15 (වයස අවු: 56), වොෂින්ටන්හි දී |
| ජාතිය | ඇමරිකානු |
| දේශපාලන පක්ෂය | විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සංධානය (1864-1865) |
| බිරිඳ | මේරි තෝඩ් ලින්කන් |
| දරුවන් | රොබට් තෝඩ් ලින්කන්, ඒඩ්වඩ් ලින්කන්, විලී ලින්කන්, ටාඩ් ලින්කන් |
| රැකියාව | නීතිඥ වෘත්තිය |
| ආගම | ක්‍රිස්තියානි පල්ලිවලට සහභාගී වුවද කිසිදින කිසිම ක්‍රිස්තියානි පල්යකට බැඳුනේ නැත. |
හැඳින්වීම
1809 පෙබරවාරි මසම 12 වන දින උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී.
ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මනාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භයත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී.
යුධ විරුද්ධවාදීන් ලින්කන් විවේචනයට භාජනය කළේ වහල්භාවය සම්බන්ධයෙන් සමඟි සම්මුතියකට ඒමට ලින්කන්ගේ තිබූ නොකැමැත්ත නිසාය. අනෙක් අතට රැඩිකල්වාදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අතර පවතින භේදය අහෝසි කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් ද ඔහු විවේචනයට බඳුන් වූයේ ඒ කරුණු හේතු කොට ගෙන වහල්භාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමය වෙත ළඟා වීම මන්දගාමී ස්වරූපයක් ඉසිලූ බැවිනි. මෙවැනි බාධා හමුවේ වුවද ලින්කන් ජයග්‍රාහී ලෙස ස්වකීය වාග් කෞශල්‍ය හා දේශනය මඟින් මහජන මතය දිනා ගත් අතර ඔහුගේ ගෙට්ස්බර්ග් ඇමතීම මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. යුද්ධයට සමීප වීමත් සමඟ ලින්කන් ප්‍රතිසංස්කරණය පිළිබඳ මැදහත් දර්ශනයක් අනුගමනය කළ අතර සමඟි සන්ධානය වීම මඟින් ජාතිය යළි ඉක්මනින් එක් කිරීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් සොයා බලන ලදී.
1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී.
ජීවිත කතාව
1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.
ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ තෝමස් ලින්කන් 1816 දී නැවතත් පදිංචිය වෙනස් කළා. එවර ඔවුන් පදිංචියට තෝරා ගත්තේ ඉන්දියානා ප‍්‍රදේශයේ පිජන් කි‍්‍රක් පෙදෙසයි.මේ වන විට ඔවුන්ට දියණියක් ද ඉපිද සිටි අතර වගුරු බිම් සහිත වූ මෙම ප‍්‍රදේශය ජීවත් වීමට නම් කිසිසේත්ම යෝග්‍ය වුණේ නැහැ. මෙම ප‍්‍රදේශයේ දරුණු ලෙසින් මැලේරියාව පැතිර යමින් තිබුණු අතර ඊට ගොදුරු වුණු ඒබ‍්‍රහම් ලින්කන්ගේ මව මරණයට පත් වුණා.බිරිඳගේ මරණින් වසරකට පසු තෝමස් ලින්කන් තවත් විවාහයක් කර ගත්තේ විශේෂයෙන්ම දරුවන් දෙදෙනාට මව් කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය බව හැඟී ගිය නිසා ය. සේරා ජෝන්සන් නම් වූ මේ කුඩම්මා ඉතා කරුණාවන්ත කෙනෙක් වුණා. ගව මඩුවක් මෙන් අපිළිවෙළට අපිරිසිදුවට තිබූ නිවස පිළිවෙළකට සකසන්නට සේරා සමත් වුණා. ඉන් අනතුරුව ඇය දරුවන්ට අකුරු ශාස්ත‍්‍රය ඉගැන්වීමට කටයුතු කළා.මේ සඳහා සේරාට දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිද්ධ වුණේ අකුරු ශාස්ත‍්‍රය ඉගෙනීම කෙරේ තෝමස් ලින්කන්ගේ එතරම් අවධානයක් නොතිබූ හෙයිනි. දරුවන්ගේ හිත් දිනා ගනිමින් ඔවුන්ට දැඩි සේ ආදරය කළ සේරා කුඩම්මාට ඒබ‍්‍රහම් ද දැඩිව ආදරය කළා. ඔහු කුඩම්මාට ආමන්ත‍්‍රණය කළේ මව කියා නොව ‘දේව මාතාව’ කියායි.
ඒබ‍්‍රහම් ඉගෙනීමට දැක්වූයේ ඉමහත් උද්‍යෝගයක්. ඔහු පාසලේ ගත කළ කාලය ඉතාමත්ම කෙටි වුණත් නිවසේ සිට අධ්‍යාපනයේ යෙදෙන්නටයි උත්සාහ කළේ. කඩදාසි සුලබ නොවුණ ඒ යුගයේ ඒවා අලෙවි වූයේ ඉතා ඉහළ මිලකටයි. මේ නිසා ලින්කන් ලිව්වේ ලෑල්ලක අඟුරුවලින්. සමහර අවස්ථාවල නිවසේ බිත්තිවල පළන ලද ලීවල සමතල පෘෂ්ඨයෙහි ගණන් සෑදීම කළා. මේවා අකුරු සහ ඉලක්කම් වලින් පිරීගිය කල්හි ඒ මතුපිට පිහියකින් සූරා දමා අලුත් මතුපිටක් සකසා ගැණුනා. ගණිතයට අවශ්‍ය පොතක් මිලදී ගන්නට තරම් වත් වත්කමක් නොතිබුණු නිසා හෙතෙම පොතක් ණයට ඉල්ලාගෙන එය ලිපි ශීර්ෂ කඩදාසි වල පිටපත් කර ගත්තා. පසුව එම කඩදාසි නූලකින් මසා පොතක් සාදා ගත්තා.ඉගෙනීම කෙරේ දැඩි අවධානයකින් සිටි නිසාම කෙතරම් ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඉන් අධෛර්්‍යයට පත් නොවී දිගමට තමාට හැකි ආකාරයෙන් අධ්‍යාපනය ලබා ගන්නටයි ලින්කන් වෙර දැරුවේ.එහෙත් ලින්කන්ට නොකඩවාම පාසල් යන්නට ලැබුණේ නැහැ. අග හිගතා ක‍්‍රමයෙන් වැඩිවත්ම පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නටයි ඔහුට සිද්ධ වුණේ. එහෙත් කියැවීමේ පුරුද්ද අත්හැරියේ නම් නැහැ. පොත් කියවීම නිසා ඔහු ඉදිරියේ නව මායාකාරී ලෝකයක් විවෘත වුණා.කිසි දිනෙක මෙවන් ලොවක් දැක නොතිබූ ලින්කන් මේ නිසා වෙනස්ම මිනිසෙකු බවට පත්වුණා. මේ නිසා ඔහුගේ සීමා මායිම් පුළුල් වුණු අතර නව දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට ඔහු ඉගෙන ගත්තේ මේ පොත පතෙන් ලද දැනුමෙනි. පොත් කියවීම කෙරේ ලින්කන්ගේ තිබුණු නැඹුරුව දුටු ඔහුගේ කුඩම්මා ලින්කන්ට පොත් පහකින් යුත් කුඩා පුස්තකාලයක් මිලදී ගෙන දුන්නා. බයිබලය, ඊසොප්ගේ උපමා කතා, රොබින්සන් කෲසෝ, වන්දනා ගමනේ ප‍්‍රගතිය සහ සින්බෑඩ් නැමති නැවියා යන පොත් පහයි ඊට අන්තර්ගත වුණේ.පහසුවෙන් කියැවිය හැකි වූ ඊසොප්ගේ උපමා කතා සහ බයිබලය, ඔහුගේ පුරුදු, කතා කිරීමේ පුරුදු, සංවාද විවාද ඉදිරිපත් කිරීමේ ක‍්‍රම කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නට සමත් වුණා.
වැඩි වැඩියෙන් පොත් කියවන්නට නැඹුරු වූවද පොත් මිලදී ගන්නට තරම් වත්කමක් ලින්කන් සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඔහු පුවත්පත්, පොත්, මුද්‍රිත ඕනෑම දෙයක් ණයට ගෙන කියවන්නට පුරුදු වුණා. ඔහියෝ නදියේ පහළට ගමන් කළ හෙතෙම ‘ඉන්දියානාවේ සංශෝධිත නීති’ පිළිබඳ පොතක් නීතිඥයෙකුගෙන් ණයට ඉල්ලාගෙන කියෙව්වා. එක්සත් ජනපදයේ නිදහස සහ ව්‍යවස්ථාව ඔහුට ප‍්‍රථම වරට කියන්නට ලැබුණේ එමගිනි. ඉඩම් හිමි අසල්වැසි ග ොවියෙකුගෙන්, චරිතාපදාන දෙක තුනක් ණයට ඉල්ලා ගත් ලින්කන් රැයක් දවාලක් නැතිව ඒවා කියන්නට වුණා. ඒ අතරින් ඔහුගේ හිත ගිය චරිතාපදනය වූයේ වොෂිටන්ගේ කතාන්තරයයි. ඔහු වැඩ කරන්නට යන සෑම තැනකටම මෙම පොත් රැගෙන ගොස් ලැබෙන සෑම විවේකයදීම ඒවා කියවන්නට වුණා. හාස්‍ය රසය උත්පාදනය කරමින් දක්‍ෂ ලෙස වචන හැසිරවීමට මොහු අති දක්‍ෂයකු වූයේ තමා කියැ වූ පොත පතෙන් ලැබුණු ආභාෂයට පිං සිදුවන්නටයි.
දේශපාලනයට පිවිසීම1828 දී ඕෆට් නම් වූ ගොවියකු සමග ‘නිව් ඔර්ලයන්ස්’ නගරයට එළවළු, පලතුරු ආදිය ගෙන යන පාරු කරුවකු ලෙසින් ලින්කන් සේවයට එක් වුණා. මෙම ගමනේ දී ඔහුට ප‍්‍රථම වරට කළු ජාතික නීග්‍රෝ වහලුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක ගන්නට ලැබුණු අතර ඊට එරෙහිව යම් පියවරක් ගත යුතු බව ලින්කන්ගේ සිතෙහි හටගත්තේ එදිනයි.ටික කලකින් නිව් සේලම් හි ඕෆට්ගේ ගබඩාවක කළමණාකාර ධූරයක් ලින්කන්ට හිමි වූ අතර එහිදී ද මුල් තැන දුන්නේ පොත් පත් කියැවීමටයි. ක‍්‍රමයෙන් ප‍්‍රදේශයේ උගතා බවට පත් වූයේ ලින්කන්ය. නිතරම දේශපාලන වාද විවාද වලට පැටලුණු ලින්කන්ට දේශපාලනයට නැඹුරු වීමට අත හිත දෙන ලද්දේ ජේම්ස් රට්ලේජ් නමැත්තෙකු විසිනි. මේ අතරතුරේ දී ඕෆට්ගේ ව්‍යාපාරය බංකොලොත් වී ගියා. ලින්කන් තවත් මිතුරකුත් සමඟ එක් වී වෙළෙඳාමක් ආරම්භ කළා. එහෙත් ව්‍යාපාර කටයුතු වලට වඩා පොත පතට ඇලී ගැලී සිටීම නිසා එයද පිරිහී යන්නට වැඩි කලක් ගත් වූයේ නැහැ.මීළඟට ලින්කන්ගේ රැකියාව වූයේ ලියුම් බෙදීමයි. නිව් සේලම් හි තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළේ ඔහුයි. සිය හිස් වැස්ම තුළ ලිපි රඳවා ගෙන ගෙන් ගෙට ගොස් ලිපි බෙදීම ඔහුගේ සිත් ගත්තා.ති‍්‍රකෝණමිතියත්, ලඝු ගණකයත් හදාරා මිනින්දෝරුවකු වන්නටයි ඔහුගේ ඊළඟ අභිප‍්‍රාය වූයේ හෙතෙම උප මිනින්දෝරුවෙකු ලෙසින්ද කටයුතු කළා. ලින්කන් කියවූ පොත් පත් වලින් වැඩි හරියක්ම වූයේ නීති පොත් ය. මේ නිසා නීතිය හදාරා නීතීඥයකු වීමේ අදහසත් ඔහු සිත තුළ හට ගත්තා. ඒ අනුව ඔහු නීතිය හදාරන්නට වුණා. නීතිඥවරයකු බවට පත් වුණු ලින්කන් මේරි ටොඩ් නමැති කාන්තාවක හා විවාහ වුණා.1847 දී කොංග‍්‍රස් අසුනක් ලබා ගැනීමේ අදහසින් ලින්කන් වොෂිංටනය බලා ගියා.1847 සිට 1849 දක්වා කාලය ඔහු වැය කළේ වහල් සේවකයක් නිදහස් කර ගැනීම වෙනුවෙනි. එහෙත් එය සාර්ථක කර ගන්නට ඔහුට පුළුවන් වුණේ නැහැ.
සෙනෙට් සභා අසුනකට තරග කළ ලින්කන්ට හිමි වූයේ පරාජයයි. වසරක් ඇතුළත රිපබ්ලිකන් පක්‍ෂය සංවිධානය කරගන්නට ලින්කන්ට පුළුවන් වුණා. 1860 මැයි මාසයේ දී රිපබ්ලිකන් පක්‍ෂයේ ජාතික සම්මේලනයේ දී ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්‍ෂකයා ලෙස තෝරා ගන්නට තීරණය වුණා. එම ඡන්දයෙන් ජයගත් ලින්කන් ඇමරිකාවේ ජනාධිපති ලෙසින් තේරීපත් වුණා. වර්ෂ 1861 පෙබරවාරියේ දී වොෂිංටනයට ගිය ඒබ‍්‍රහම් ලින්කන් මාර්තු 4 වැනි දින ජනාධිපති ධූරයේ වැඩ බාර ගත්තා.ලින්කන්ගේ පත්වීමට දකුණු ප‍්‍රාන්තය විරෝධය පෑ අතර දකුණු කැරොලිනා වාසීන් අපේරල් 12 වැනිදා සටන් ආරම්භ කළා. සිවිල් යුද්ධයකට කැමැත්තක් නොදැක්වූවද දක්‍ෂිණ වාසීන් හා සටන් කරන්නටයි ලින්කන්ට සිද්ධ වුණේ. ලින්කන් දෙවැනි වරටද ජනාධිපති ලෙස තේරීපත් වුණු අතර 1865 දී වහල් බව නීති විරෝධි කරමින් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිකුත් කෙරුණා. ඒ වන විට ද යුද්ධය පැවතුණ අතර යුද්ධය ආරම්භ කළ අයම එය නවත්වන තුරු සටන දිගටම ගෙන යන්නටයි ලින්කන් තීරණය කළේ. අවසානයේ දී යුද්ධය නිමාවට පත් වුණා.යුද්ධය අවසන් වීමෙන් පසුව ජනාධිපති තම බිරිය සමඟ නාට්‍යයක් නැරඹීමට වොෂිංටනයේ ෆෝඩ් නෘත්‍ය ශාලාවට ගිය. එහිදී ජෝන් විලික්ස් බූත් නැමැත්තෙකු ලින්කන් ජනාධිපති තුමාට වෙඩි තබා ඝාතනය කළා.වඩුවෙකු, ඔරු පදවන්නෙකු, මිනින්දෝරුවෙකු ලියුම් බෙදන්නෙකු, තැපැල් මහතෙකු හා නීතිඥයෙකු ලෙසින් ජීවිතයේ යුග කිහිපයක්ම පසු කර කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කටයුතු කළ ඒබ‍්‍රහම් ලින්කන් අදටත් ඇමරිකානු ජනතාවගේ අමරණීය චරිතයකි. ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේද බොහෝයි.
ජනාධිපති ලින්කන් දැරියක් නිසා රැවුල වවයි.
වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක් එක් කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය.
ලෝක ඉතිහාසය පුරාම මිනිස් අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක් ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ. තෝමස් ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක් විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක් සෙව්වේය. රටක නිදහස් මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස් මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. මේ පුංචි සිදුවීම ඔහුගේ නිරහංකාරකම විදහා දක්‌වන්නකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙක ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක් තිබිණි. ඒබ්‍රහම් ලින්කන් ඒ ලිපිය දෙතුන් වරක් කියෙව්වේය.
වෙස්‌ට් පීල්ඩ් ඉල්
නිව්යෝර්ක්
1860 ඔක්‌තෝබර් 15
ගරු. ඒ. ලින්කන්
ප්‍රිය මහත්මයාණනි,
ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා මම ඔබේ එක අඩුපාඩුවක් දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක් තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක් දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක් ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා.
මගේ සහෝදරයෝ හතර දෙනෙක් ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක් ඔබ ජනාධිපති වෙනවට හුඟක් කැමැතියි. ඒත් අනෙක් දෙන්නා තවමත් ඒ ගැන තීරණයක් අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක් සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.
මෙයට
ග්‍රේස් බෙඩෙල්
ග්‍රේස්‌ගේ ලිපිය දෙස බොහෝ වෙලාවක් ලින්කන් බලා සිටියේය. මේ මොහොතේ රැවුල වැව්වොත් එය ඡන්ද උපක්‍රමයක් ලෙස මිනිසුන් සිතයිද? ඒත් ග්‍රේස්‌ගේ යෝජනාව ඉවත දැමිය නොහැකිය. ජනාධිපති අපේක්‍ෂකයෙක් අවුරුදු එකොළහක පුංචි දැරිවියක් කියන දේ විශ්වාස කළ යුතුද? බොහෝ වේලාවක් කල්පනා කළ ලින්කන් ග්‍රේස්‌ට ලිපියක් ලීවේය. තමා ඇගේ අදහස අගය කරන බවත්, රැවුල වැවීමට අදහස් කළ බවත් ලියන්නට ලින්කන් අමතක නොකළේය. ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජයග්‍රහණය කළේය. ලින්කන් ජනාධිපතිවරයාට ධවල මන්දිරය කරා යැමට විශේෂ දුම්රියක් පිළියෙල කෙරිණි. ධවල මන්දිරය කරා යන ජනාධිපතිවරයාට සුබ පතන්නට ජනතාව දුම්රිය මඟ දිගට පොරකමින් බලා සිටියහ. දුම්රිය වෙස්‌ට් පීල්ඩ් නගරයට ආසන්න වන විට ජනාධිපතිවරයාට යමක් සිහිපත් විය. ඔහු වෙස්‌ට් පීල්ඩ්වල දුම්රිය නතර කරන ලෙස දැනුම් දුන්නේය. ධවල මන්දිරයට යැම පසෙක තබා ඒබ්‍රහම් ලින්කන් දුම්රියෙන් බිමට බැස්‌සේය. මිනිසුන් ජය ඝෝෂා කරන්නට ගත්හ.
"ග්‍රේස් බෙඩෙල් කියන පුංචි දැරිවි මෙතන ඉන්නවද? එයා මට ලිපියක් එවලා තිබුණා. මං ආවේ එයාව මුණගැහිලා ටිකක් කතා කරලා යන්න. මේ සෙනග අතරේ එයා ඉන්නවා නම් මං ඒ පුංචි සුරංගනාවිය බලන්න ආශාවෙන් ඉන්නේ... ඉදිරියට එන්න.."
ජනාධිපතිවරයා ඔල්වරසන් නඟන මිනිසුන් ඉදිරියට පැමිණ කීවේය. ඒ සෙනඟ අතරේ සිඟිති ග්‍රේස් සිටියාය. අගේ මව ග්‍රේස්‌ව ජනාධිපතිවරයා ඉදිරියට ගෙන ආවාය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඇයව තම දෑතින් ඔසවා ගත්තේය. අගේ කම්මුල් දෙක කිහිපවරක්‌ම සිප ගත්තේය.
"ඔයා ද ග්‍රේස් බෙඩෙල්"
"හ්ම්"
ඔයා කිව්වනේ මම රැවුල වැව්වම ලස්‌සනයි කියලා. ඔන්න මං රැවුල වැව්වා. දැන් මම ලස්‌සනද? මේ විදිහට රැවුල වැව්නම හොඳ ද?" ඒබ්‍රහම් ලින්කන් පුංචි දැරියගෙන් ඇසුවේය.
"ඔයා දැන් ලස්‌සනයි. ඔයයි මගේ ජනාධිපති" ග්‍රේස් කීවේය. ග්‍රේස්‌ව යළිත් වරක් සිපගත් ලින්කන් ධවල මන්දිරයට ගියේ ඇමරිකානු ජනාධිපති ලෙස දිව්රුම් දෙන්නටය.
ග්‍රේස් බෙඩෙල් තමා වෙත එවූ ලිපිය රාමුකර නිවසේ එල්ලා තැබීමට ලින්කන් අමතක නොකළේය. එම ලිපිය කෞතුක වස්‌තුවක් සේ ඒබ්‍රහම් ලින්කන් නිවසේ සුරක්‌ෂිතව තබා ඇත.
ග්‍රේස් බෙඩෙල් වෙත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් යවන ලද ලිපිය 1966 වන තුරුත් ග්‍රේස්‌ගේ මුණුබුරන් සතුව තිබිණි. පසු කලෙකදී ඔවුන් එම ලිපිය ඩොලර් 20000 කට වෙන්දේසියේ විකුණනු ලැබීය. ජනාධිපති ලින්කන් විසින් ග්‍රේස් වෙත එවන ලද ලිපිය ඩේවිඩ් වොල්පර් නම් සිහිවටන එකතු කරන්නෙකු සතුව පවතී.
නැනෝ තාක්ෂණය
නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්දර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හරහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.
නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්
නැනෝ නාල
1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.
නැනෝ පෙරණ
මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.
නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.
නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රමයේදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිනිති - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපකරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයටද ඉඩ සැලසී තිබේ.
අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.
නැනෝ සංයෝග
මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.
අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය යටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.
ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.
නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.
DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වල ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.
අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.
අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.

පරිගණකයට අධිපති දෙවියා වෙමු
දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... මගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..
ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි..
*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED
එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා..
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D

සිංහල සිරිත් කෝ සිංහල අවුරුද්දේ
එරබදු මල් මෙවුල මිහිලිය බඳින ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස සෙනේ
නොදනිමි අපේ ගැමි ආරට කිමද වුණේ
ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය වෙත
බටහිර උපන් රස මසවුලු එමට ඇත
යුගයෙහි අපේ පෙම්බර මව් පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි හැදෙන්නේ
පන්සල් වල ගමේ නැත හිසතෙල් ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු වීම
මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය කල
එරබදු මල් මෙවුල මිහිලිය බඳින ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස සෙනේ
නොදනිමි අපේ ගැමි ආරට කිමද වුණේ
ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය වෙත
බටහිර උපන් රස මසවුලු එමට ඇත
යුගයෙහි අපේ පෙම්බර මව් පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි හැදෙන්නේ
පන්සල් වල ගමේ නැත හිසතෙල් ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු වීම
මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය කල
වීරසිංහ මල්ලිමාරච්චි
(සිතිවිලි සයුර)
1993