Showing posts with label ඉතිහාසය. Show all posts
ප්‍රංශ විප්ලවය 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ පරම ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රසාදයන් යනාදී ශතක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් සහ වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් පෝෂිත වූ රදළයන්, ධනයට හිමිකම් කිව්වත් රදළ පංතියට හිමිකම් නොකී බුර්ජුවාසී පංතිය සහ පල්ලියට හා ආණ්ඩුවට බදු ගෙවන බරෙන් පීඩිතව සිටි ගම්බද වැසියන් යනාදීන් විප්ලවයේ හවුල්කාරයෝ වූහ. ඔවුන් සටන් වැදුනේ වැඩවසම් ක්‍රමයේ බදු එකතු කරන අයිතිය තිබි රදළ පංතිය, රාජාණ්ඩුවට හා පල්ලි සංස්ථාවට එරෙහිව ය.
අනතුරුව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වාමාංශික රැඩිකල්වාදී කණ්ඩායම් විසින් බෙදුම්වාදී අදහස් වලින් එකිනෙකා හා විරසක වූහ. ඒ කාලයේ දී එනම් 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ භීෂණ පාලන සමයක් (Reign of Terror) පැතිර ගියේය. එහි නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙක් වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නැමති ජැකෝබියන් සමාජයේ සාමාජිකයෙකි. 16,000 සිට 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී ජනතා විරෝධී යැයි මරණයට පමුණුවන ලදි. රාජාණ්ඩුව, රදළ පංතිය හා ආගමික සංස්ථාව පළවා හැර ඉතා ඉක්මණින් කැඳවා ගත් සමානාත්මතාවය, පුරවැසිකම හා අනන්‍යසන්තක අයිතීන් යන සංකල්ප වලින් රට පාලනයේ දී අවුල් වියවුල් පිරි සමයක් ප්‍රංශ අධිරාජ්‍යයේ දේශ සීමාවන් පුරා පැතිර ගියේය. ජැකෝබියන් සමාජයේ කඩා වැටීමත් හා මැක්සිමිලියන් රොබෙස්පියෙර්ගේ හිස ගසා දැමීමත් සමඟ විශේෂ පාලන කමිටුවක් මඟින් 1795 සිට 1799 දක්වා ප්‍රංශ දේශ සීමාවන් පාලනය විය.
ප්‍රංශ යුද්ධ වලින් කැපී පෙනුනු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමාවන් තුල කැඩි බිඳී ගිය නීතිය නැවතත් ස්ථාපිතය සඳහා ජනතාව විසින් උරැමයෙන් රජකමක් නොහිමි නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ එම්ප්‍රද්‍යෝරු රජ වශයෙන් පත් කර ගත්හ.
විප්ලවයට පෙර ප්‍රංශ සමාජය
1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී තෙවැනි තලයේ නොහොත් (Tier État) වූ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත.
බුර්ජුවාසී නොහොත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ උගත් සමූහයක් නියෝජනය කළ Marie-Jeanne Phlippon Roland නොහොත් මැඩාම් රෝලන්ඩ් රැඩිකල් ගිරොන්ඩින් සමාජය නියෝජනය කරන්නියකි. ඇය රදළ කාන්තාවකගේ නිවසට ලැබි ආරාධනයෙන් ගිය විට එහි දී සේවකයන් හා කන්න සිද්ධ වූ කතන්දරය රදළයන්ට එරෙහිව සෙසු ජනතාව උසි ගන්වන්නට යොදවා ගැනුණි. 1764 දී මැඩාම් රෝලන්ඩ්, වැනි අය ගැවසුන සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් නොහොත් Salon නමින් හැඳින්වුන ස්ථාන පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ බුර්ජුවාසීයන් දාර්ශනික හා සාහිත්‍ය හමුවන් පැවැත්වූයේ ඒවායේ දී ය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් වූ ජැකෝබියන් හා ගිරොන්ඩින් වැනි සමාජයන් හි සාමාජිකයන් වූ බුර්ජුවාසිය “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ඉල්ලුවේ තමන්ට ඉහළින් වූ අය එක්ක සමාන වෙන්නට මිසක තමන්ට හා පහළින් වූ අයට තමන් හා සමාන වෙන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.
රදළ වූ ධනවත් පංතියට කාඩිනල්, අග රාජගුරු ප්‍රසාදී, රාජගුරු ප්‍රසාදී, ආශ්‍රමාධිපති වැනි ඉහළ තනතුරු දරනා පූජ්‍ය පක්ෂය ද අයත් වූහ. ආගම් සංස්ථාවේ දුප්පතුන් වූයේ ඉහළ තනතුරු නැති බහුතර පූජකවරයන් හා පල්ලි බාරකරුවන් ය. විප්ලවයේ දී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවකාරීන් හා එකතු වූහ.
1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ වලින් යුරෝපීයයන් බංකොළොත් වී සිටියහ. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යාගේ භාණ්ඩාගාරයේ මුදල් එක පැත්තකින් හිස් වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් එහි රජ හා ප්‍රභූන් අතින් ද, ඇමෙරිකාවේ යුද ආධාර වලට ද වැය වී හිස් වෙන්නට පටන් ගති.
ඒ වියදම් කළ ප්‍රංශ රදළයන් අතරින් නැඟී ආ විනිශ්චය පදවි හා මන්ත්‍රණ සභා තනතුරු මුදල් ගෙවා ලබාගත් අය රදළ වස්ත්‍ර හැඳි (noblesse de robe) නමින් හැඳින්වුනු පවුල් හාරදහසක් පමණ විය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදළයන්ට අධිකරණ සහ පරිපාලන තනතුරු මුදල් වලට විකිණුවේය. ඒ නිසා රටේ අල්ලස් හා දූෂණ ගහණ විය.
රටේ සදාචාර වර්ධනයට පල්ලි වල සහාය නිතරම අපේක්ෂා කළ ඔටුනු පැළඳි ලෝකය පල්ලිය නඩත්තු කළේ ජනතාවගේ බදු වලිනි. එහෙත් පල්ලියේ ඉහළ තනතුරු හා ආර්ථික වාසි රදළයන්ටත්, පල්ලි නඩත්තු කරන බදු ගෙවීම ගම්බදවැසියන්ටත් පැවරෙද්දී සහ කතෝලික පල්ලියේ බැහීමත්, පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියේ නැඟීමත් අතර ගැටුම් ඇති වෙද්දී, ප්‍රංශයේ හියුගනොට් (Huguenot) නම් ආගමික භක්තියන් 200,000 ක් රට අත්හැර ගිහින් තිබුණි. ඒ ප්‍රංශය හැරදමා ගිය මුල් සංක්‍රමණික රැල්ලකි. ජාතික පල්ලිය කුමක් දැයි වික්ශිප්තයෙන් විසූ ප්‍රංශ ජනතාව පල්ලි අත්හැර මිථ්‍යා විශ්වාස වන්දනාවන්ට නැවත බැස්හ.
1789 ජූලි මාසයේ දී ප්‍රංශයේ ඇවිදින්නට යන ආතර් යන්ග් නම් ගත්කරුවාට ගම්බද කාන්තාවක් හමුවෙයි. වැඩවසම් ක්‍රමයේ බදු ගෙවීම් නිසා බංකොළොත්බවේ කට ළඟ සැමදාම සිටින්න වීම ගැන ඇය පැමිණිලි කරයි. මේ බදු ව්‍යසනයෙන් ගැලවෙන්නට කවුරු හරි දැනුමැති පිරිසක් විසින් කුමන හෝ යහපත් තීරණයක් ගනු ඇතැයි අහිංසක ඇය විශ්වාසය ද පළ කරන බව ඔහු සටහන් කරයි.
දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියාගේ 1765 දී සිද්ධ වූ ඉක්මන් අභාවයත්, ඔහුගේ සීයාගේ 1774 දී සිද්ධ වූ යල්පැන ගිය අභාවයත් නිසා වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වෙයි.
විප්ලවයෙන් ජනතාව හිමිතැන 'සියල්ලම' (tout) යැයි කියා ඉල්ලුවේ රටේ වැඩිපුර ඉන්නේ 'තෙවැනි තලය' (Tier État) නොහොත් රදළ/පූජක නොවන ඉතිරි සියල්ලම බැවින් රටේ සම්පත් සියල්ලම ඒ සියළු අයට ලැබිය යුතු බවයි.
මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.
“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන නාමයෙන් දියත් කරන ලද, එහෙත් ඒවා අඩංගු නොවූ, රදළ පංතියට ඇති වෛරයෙන් පමණක් පිරුණු ප්‍රංශ විප්ලවයේ වඩාත් ම බලගතු පුද්ගලයා වූයේ ඔහුයි.
16 වැනි ලුවී රජු තමන්ටත් සිය රටවැසියන්ටත් හිමිතැන කුමක්දැයි විමසුවෙකි. වැඩවසම් මිනිසුන් අතර අසමාන වූ ලැබීම් ගැන පහදන්නට ජනතාවගේ අධ්‍යාපනය බාර වූයේ පල්ලියටයි. යහපත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලන්නටත් බාරවූයේ පල්ලියටයි. 16 වැනි ලුවී එය තමන් ඇදහූ කතෝලික පල්ලියට සීමා නොකර පොතෙස්ත්‍රන්ත හා යුදෙව් ආගම් වලටත් අවසර දුන්නේ ය. ජනතාව විසින් තෝරාපත් කරගන්නා ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත් ජනතාවත් අතර ගැටළු විසඳන්නට උත්සාහයක් ගත්තේ ය. තමන් යටතේ වූ වහලුන් නිදහස් කළේය. එහෙත් රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකි අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමේ ස්ථාන පටන් ගත්තේ ය.
රදළයන්ට හිමිතැනක් නැතැයි කියා, තම හිමිතැන වෙනුවෙන් සටන් වැදි එහෙත් තමන්ට පහළ මට්ටමේ ඉන්නා පුරවැසියන්ගේ හිමිතැන කුමක්දැයි නොවිමසූ කෝපි කඩවල් වල එකතු වූ බුර්ජුවාසිය (ගිරොන්ඩන් කල්ලියේ මැඩාම් රෝලන්ඩ් සහ ජැකෝබින් කල්ලියේ රොබෙස්පියර් යනාදීන්) බුද්ධිය විචාරයෙන් වෝල්ටෙයාර් (Voltaire) වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගෙන නිදහස ගැන දාර්ශනික අදහස් අගයන රැල්ලට එක්වූහ. වෝල්ටෙයාර් ආගම හා රජය වෙන්කළ යුතු යැයි කීවෙකි. සියල්ලන්ගේ ම නිදහස් අයිතීන් රුකිය යුතු යැයි කීවෙකි. කැමති ආගමක් අදහන්නට ඉඩක් තිබිය යුතු යැයි කීවෙකි. අදහස් ප්‍රකාශයට අවසරය තිබිය යුතු යැයි කීවෙකි. එහෙත් රදළයන් හා සමතැන් රිසි බුර්ජුවාසියේ විකෘතියෙන් පෙළෙනවුන්ට ඒවා වැටහුනේ නැත. ඔව්හු සැමට නිදහස යන්න අවියක් කරගත්තේ රදළයන් හිස් සිඳ තමන්ට ඒ බලය හා සමාජ තත්වය ගන්නටය.
1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.
1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.
විප්ලව සමය
ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.
බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.
මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ.
1790 දී ස්ථාපිත කරගත් විප්ලවීය ව්‍යවස්ථාවෙන් ඔවුන් රජුගේ බලය අවම කළත් උපතින් හිමිවන ඔටුන්න අහෝසි කළේ නැත. බංකොළොත් වූ භාණ්ඩාගාරය පුරවන්නට දැනට ධනවත් එකම කොටස වූ පල්ලිය වෙත හැරුනහ. ෆ්‍රෑන්ක් බිලියන තුනක් වටිනා පල්ලියේ බූදලය රජය සන්තක කළහ.
1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.
අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.
දහසය වැනි ලුවී රජු ආඥාදායකත්වයෙන් ඉවත් වෙන්නට උත්සාහයක් ගත්තෙකි. ප්‍රබුද්ධ වොල්ටෙයාර් කියන අදහස් වලට සවන් දෙන්නට පටන් ගත් උත්සාහයට ඉඩක් නොදී ඔහුගේ හිස ගිලටිනයට තැබූ ඒ වකවානුව පසු කරමින් නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සටන් පාඨය කරගත්තවුන් ගෙනාවේ “මට එරෙහි නම් ඔබ ද්‍රෝහියෙක්” යන සමයයි. එය භීෂණයෙන් රට පාලනය වූ සමයකි. සම්පූර්ණ හා සාධාරණ වූ නඩු අහන්නේ නැතිව මූණිච්ඡාවට පැවැත් වූ නඩු වලින් වහාම මරණය පැමිණවීමෙන් ප්‍රංශය පුරා මරණීය දඬුවම් 25,000 ක් සිද්ධ විය. සියළු චණ්ඩ ක්‍රියා වලින් එළියට ආවේ රදළයන් වෙත තිබූ අප්‍රසාදය සහ විරෝධයයි.
විරුද්ධවාදී දේශපාලන පැති වූ ජැකොබින් කල්ලිය හා ගිරොන්ඩින් කල්ලිය අතර වූ ආරවුල් නිසා ඔවුනොවුන් ඇණ කොටා ගත්හ. මහජන ආරක්ෂා කමිටුවල බලය අවම කරමින් මැක්සිමිලියන් රොබෙස්පියර් ආඥාදායකයා විය. තම අදහස් පිළිනොගන්නා හැම කෙනෙකුගේ ම හිස් ගසා දැමුණි. බුර්ජවාසී මැඩාම් රෝලන්ඩ් දේශද්‍රෝහී යැයි හංවඩු ගැසී ඇයගේ හිස බුර්ජුවාසීන් අතින්ම ගිලටිනයට අසුවිය.
1793 සැප්තැම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා තිබුනේ ප්‍රංශයේ භීෂණ පාලනයයි. පැරිසියේ 2,639 ක් ඇතුළුව මුළු ප්‍රංශයේ 16,594 ක් මිනිස් ජීවිත ගිලටිනයෙන් මරා දමන ලදි.
ප්‍රංශ නිදහස් අරගලය දියත් කරන්නට ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් ගිල්බට් ඩු මෝටියේර් නොහොත් ලාෆායෙට් වැනි රදළයන් ද දායක වූහ. පැරීසියේ සිය මන්දිරයේ දොරටුව අසලින් ඇමෙරිකන් නිදහස් ප්‍රකාශනයේ රාමු කරන ලද කොපියක් තැබූ ලෆායෙට් එය අසලින් ඉඩක් හැදුවේ ප්‍රංශ අයිතීන්ගේ ප්‍රකාශනය තබන්නට කියාය. ඇමෙරිකන් අරගලයේ සටන් වැදි, ප්‍රංශයට ඒකීය පුද්ගලයාගේ නිදහස් අයිතීන් ගෙන එන්නට වෙහෙසුන අයවත් ගිලටිනයට හා සිරබාරයට ගැනෙද්දී ලාෆායෙට් ඔස්ට්‍රියාවට පැන ගියේය.
තමන් ආඥාදායකයෙක් බව නොදැකි මැක්සිමිලියන් රොබෙස්පියර් Cult of the Supreme Being යනුවෙන් ආගමක් ස්ථාපිත කරන්නට පටන් ගති. එය නව ප්‍රංශ ජනරජයේ රාජ්‍ය ආගම බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහුගේ බහින කලාව පටන් ගන්නේ එතැන් පටන් ය. මහා සභා මහජන ආරක්ෂා කමිටුවට උඩින් යන ඔහු 22 Prairial නම් නීති පනතකින් මහජන ආරක්ෂා කමිටුව මඟින් ගෙන එයි. එම පනත යම් පුරවැසියෙක් විප්ලවයට විරෝධී යැයි සිතූ පමණින් වැඩි නඩු විභාගයකින් තොරව මරණයට පත් කරත හැකි වූවකි. ඒ නිසා ජනතා ආණ්ඩුවෙන් මරණයට පත් වූ අය දෙගුණයකින් වැඩිවිය. ඔහුව ද ජනරජයට එරෙහි වූ කුමන්ත්‍රණකරුවෙක් ලෙසින් නඩු විභාගයට ගැනෙයි. එහි දී සභාවේ ඉන්නා අය කුමන්ත්‍රණකරුවන් යැයි ඔහු චෝදනා එල්ල කරයි. 1794 ජූලි 28 වැනිදා නඩු විභාගයක් නොමැතිව රොබෙස්පියර්ව ගිලටිනයට නියම වෙයි. පැරිසියේ මෙට්‍රෝ නැවතුම් පළක් හැරෙන්නට ඔහු වෙනුවෙන් ඉදි වු ස්මාරක කිසිවක් ප්‍රංශයේ නැත.
ප්‍රංශ අධිරාජ්‍ය්‍යා වන නැපෝලියන් බොනපාට්
1798 දී නැපෝලියන් ඊජිප්තුව ආක්‍රමණයට යවන ප්‍රංශ හමුදා අංශය බාරව සිටි ජනරාල්වරයෙකි. ඔහු මොල්ටාව බලා ගමනේ දී කුරානය කියවා තැන් තැන් කට පාඩම් කරගෙන තමනට හමුවන මුස්ලිම්වරුන්ගේ සිත් දිනා ගන්නට ද සමත් වෙයි. ඊජිප්තුවේ දී සටන් වලින් අනතුරුව ආපසු එන්නට නැව් මාර්ගයෙන් ඉඩක් නොතිබි නිසා ඔහු ගොඩබිමින් ආපසු ඒමට තීරණය කළේය. සිරියාව හා තුර්කිය මැදින් ආපසු ගමන් ඇරඹීය. Jaffa හි ආරක්ෂාව දෙන්නම් යැයි පොරොන්දු වී සිටි සෑම වයසකම ගැහැණු පිරිමි හා සිවිල් ජනතාව යුතු 2,441 සිරකරුවන් හා ගමන යාමට නොහැකි නිසා නැපෝලියන් ඔවුන් සියල්ලන් ම මරණයට නියම කළේය. වෙඩි උණ්ඩ මදි නිසා බයිනේත්තුවෙන් ඇණ මරන්නට නියම කළේය. මේ වාර්තාව කරන්නේ නැපෝලියන්ගේ ලේකම්වරයා විසිනි. [5] තව දුරටත් ඉදිරියට යා නොහැකිව ආපසු ඊජිප්තුවට යාමට නැපෝලියන්ට සිදුවිය. එය ජයග්‍රහණයක් සේ සමරද්දී තමන්ට වාර්තා ලියන්නට සිද්ධ වන බොරු ගැන ලේකම්වරයා වූ ලුවි විසින් නැපෝලියන්ට පැමිණිලි කරන ලදි. එහි දී නැපෝලියන් කියා ඇත්තේ ‘යාළුවා ඔයාට මේවා වැටහෙන්නේ නැහැ’ කියාය. සිරියාවේ දී මිනිසුන් තුන් දහසකගේ ජීවිත ද, ඊජිපත්තුවේ දී හත් දහසකගේ ජීවිත ද අහිමි විය. ඔහු ඉතාලියේ ජයගත් පෙදෙස් ද ආපසු යටත් වී තිබිය දී ඔහු ආපසු ප්‍රංශයට ළඟා වෙද්දී ජනතාව දැන සිටියේ එවූ නිල වාර්තා තුලින් ඔහු ලොව දිනූ නායකයෙක් ලෙස ය. ඔහු නිවරද යැයි කියන්නෝ අල්ලා ගත් පෙදෙස් අහිමි වූයේ ඔහු සටනින් ජයගෙන ආරක්ෂාවට බාරදුන් අයගේ වැරැද්ද නිසා යැයි කියති.
නැපෝලියන් කෝසිකා (Corsica) හි ඉපිද එහි ළමා කාලය ගෙවූ බැවින් ඉතාලි ජාතිකයෙක් යැයි සමහරු සැලකූහ. ඒ නිසා ඔහුට ප්‍රංශය වෙනුවෙන් ඉතාලිය පහසුවෙන් අල්ලා ගන්නට හැකිවිණ. 1779 දී නැපෝලියන් බ්‍රියෙන් (Brienne) හි මිලිටරි ඇකඩමියකින් සිය අධ්‍යාපනය පටන් ගනියි. රටේ මිලිටරි පාසැල් දොළහේ සිසුන් අතරින් තෝරාගන්නා අයගෙන් නියුතු පැරිසියේ මිලිටරි පාසැලේ (École Militaire) හි වැඩිදුර අධ්‍යාපනයට අවුරුදු 15 දී හේ වරම් ලබයි. නැපෝලියන් යුද්ධ වලින් සිවිල් වැසියන් මිලියනයක් ද, මිලිටරියේ මිලියන 2.5 ක් ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ. වසර 10 ක් පුරා ප්‍රංශය නියැළි යුද්ධ සමාප්ත කිරීම ගැන 32 වියැති නැපෝලියන්ට ම ජනප්‍රසාදය හිමිවිය.
කැරලි, විප්ලව, අපරාධ, දූෂණය මර්ධනයට එකම විසඳුම ආඥාදායකයෙක් යැයි කියමින් රටේ ජනතාවගේ සිත් දිනාගන්නට නැපෝලියන් සූක්ෂමව සැලසුම් ගැසුවේ ය. කාන්තාවන් විසින් සිරබාරයට ගන්නට සමත් වූ උප්පත්තියෙන් ඔටුන්න හිමි වූ රජෙකුගේ ගෙල සිඳ දමන්නට යුහුසුළු වූ රටවැසියන් මෙවර කැමැත්ත දෙන්නේ උප්පත්තියෙන් ඔටුන්නකට උරුම කම් නැති ජනරාල්වරයෙකුට ය. ලතින් බසින් හමුදා නායකයෙක් යැයි හැඟෙන imperator වූ නැපෝලියන්ව ප්‍රංශ ජනතාව එම්ප්‍රද්‍යෝරු (emperor) රජෙකු ලෙසින් පත් කර ගත්හ. එපමණක් නොව ඔවුන් නැපෝලියන්ගේ උරුමක්කාරයන්ට පාලනය පැවරෙන ලෙසින් රටවැසියන් රටේ නීති ද වෙනස් කළහ.
නැපෝලියන් තමන් හා විවාහ නොවී එකට කල් ගෙවූ, ඒ අතර තුර දී වෙනත් අය හා එකට කල් ගෙවූ, එසේම කළින් විවාහ වී සිටිය, තමනට වඩා වසර හයකින් වැඩි, කැරීබියන් මාටිනීක් දූපතේ උපන් ජොසෆින්ව ද අගරැජින කර ගනියි. ඔවුන්ගේ සිවිල් විවාහයෙන් පසු කාලයක නැපෝලියන් එම්ප්‍රද්‍යෝරු වෙද්දී ජනතාව ඔහුගේ උප්පත්තිය ගැන සැක මතු කළහ. පාප්තුමාගේ ආශීර්වාදයෙන් තත්වය තහවුරු කරගන්නට පාප්තුමාව කැඳවන ලදි. එවිට ජොසෆින් පාප්තුමා ලවා තමන්ගේ විවාහය පල්ලියේ අනුමත කරවා ගෙන ඇත. රදළයන් හිස් ගසා දමා, ආගම එපා කියා, පල්ලියේ වස්තුව රාජ සන්තක කර නැවතත් එම්ප්‍රද්‍යෝරුවෙක් පත්කර ගන්නට ජනතාව පල්ලියේ ආශීර්වාදය සෙවූහ.
රටවැසියන්ගේ බදු බර ඉහළ ගියා මිසක විප්ලවයෙන් පසු පහළ ගියේ නැත. දහසය වැනි ලුවී සමයේ මෙන් ම විදේශ යුද නිසාත්, ඒ සමයේ රදළයන් මෙන් ම නැපෝලියන්ට හේත්තු වෙන බුර්ජුවාසියේ නාස්තියෙන් ද, රටේ භාණ්ඩාගාරය නැපෝලියන් අතින් ද යළි හිස්වෙන්නට විය. ඔහු තම එම්ප්‍රද්‍යෝරු පදවිය තහවුරු කරනු පිණිස ආණ්ඩුවේ සියල්ලන්ට ම විච්චූර්ණ යුතු නිල ඇඳුම් නියම කළේය. ප්‍රංශයේ නිපැද වූ වෙල්වට් එකල ජනප්‍රිය රෙද්දයි. නැපෝලියන්ගේ සේවයට ජනරාල්වරුන් හතරක්, aides-de-camp අටක්, prefects හතරක් සහ ලේකම්වරු දෙදෙනෙක් තබා ගනියි. ජොසෆින් වෙනුවෙන් මුලික රදළ කාන්තාවක් ද, සහායක කාන්තාවන් හතරක් ද විය.
නැපෝලියන් බොනපාට් යන නම නැපෝලියන් බවට කෙටි වෙයි. අනතුරුව එය N අකුර පමණක් ඇති සීල් එකක් විය.
එම්ප්‍රද්‍යෝරු නැපෝලියන්ගේ අධිරාජ්‍ය්‍යේ තනතුරු ඔහුගේ සහෝදර සහෝදරියන්ට දීමට රදළයන්ගේ හිස් ගිලටිනයට ගෙන ගිය ජනතාවම එකඟ වූහ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ජෝසෆ් දකුණු ඉතාලියේ නේප්ල්ස් හි රජු විය. සහෝදර ලුෂියන් ස්පාඤ්ඤයේ තානාපති විය. ඔහු ආපසු ප්‍රංශයට එන්නේ නැපෝලියන්ටත් වඩා ධනවතෙක් වෙමිනි. සහෝදර ලුවි ඕලන්දයේ රජු වෙයි. ලුවිගේ තුන්වැනි පුත්‍රයා දෙවැනි ප්‍රංශ අධිරාජ්‍ය්‍යේ උප්පතියෙන් හිමිවන එම්ප්‍රද්‍යෝරුවා වූ තුන්වැනි නැපෝලියන් විය. බාල ම සහෝදරයා වූ ජෙරෝම් භාර්යාවන් හා වාසස්ථාන බොහොමයක් තිබියෙකි. ජෙරෝම් වයස 23 දී වෙස්ට්ෆේලියා (Westphalia) හි රජු වෙයි. ජොසෆින්ගේ පළමු කසාදයේ පුතා 24 හැවිරිදි ඉයුජින් ඉතාලියේ විසුරේ ප්‍රතිරාජ (viceroy) තනතුර ලබයි. මරියා ඇනා නම් නැපෝලියන්ගේ සහෝදරිය පියම්බිනෝ (Piombino) සහ ලූකා (Lucca) යන රාජ්‍යයන්හි ආණ්ඩුකාරිය වෙයි. පෝලීන් නම් සහෝදරිය ඉතාලියේ ගුවාස්ටල්ලා (Guastalla) පළාතේ ආදිපාදවරිය විය. කැරොලයින් නම් සහෝදරියගේ සැමියාට බර්ග් (Berg) හා ක්ලීව්ස් (Cleves) හි ඩ්‍යුක් පදවියක් දෙයි. ඔහු නිතර යුද මෙහෙයන්හි නිරත වූ නිසා පළාත ආණ්ඩු කරන්නේ කැරොලයින් විසිනි.

ලංකාවේ රාජධානි
යාපනය රාජධානිය
(ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.
-----------------------------------------------------------------------------------
මුල්කාල පරිච්ජේදය
රාජ්‍යයේ ආරම්භය පිලිබදව ආරංචි නැත. ඒ පිලිබද ඉතිහාසඥයින් අතර තාමත් වාද විවාද පවතී. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)
1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.
රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගොස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ෙගයි චක්‍රවරිති නැමැත්තාෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.
රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය. ඒවා නම්
සේතුකාවලන් - (තේරුම - රාමේශ්වරම් කෝවිලේ ආරක්ෂක භාරකාර )
සින්ගයි අරියන් - (සින්ගයි නගර් නමැති නගරයෙන් නල්ලුර් අගනුවරට වෙනත් යමකි.)
ගංගෙයි නාදන් - (ගංගා පෙළපත හෝ ගංගා නම් නදී ආශ්‍රිත ප්‍රදේශයේ සමුබවය වු බවට)
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය. කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.

යටත් විජිත යුගය
1505 දී පෘතුගිසින් ලංකාවට පැමිණියහ. ඒ වන විට අධික ලාභ උපදවන ව්‍යාපාරයක් වු කුලුබඩු වෙලදාම පිලිබද ඒකාධිකාරය කෝට්ටේ රාජධානිය සතුව තිබුණු අතර පෘතුගිසින්ගේ පරමාර්ථය වුයේ එම අධිකාරය ඔවුන් සතුකර ගැනීමයි. එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය. කොළඹ සිටි පෘතුගිසින්ගේ අවානය යාපනය දෙසටද යොමු විය. එයට හේතු කිහිපයක් රෝමන් කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම එකක් (මෙය පෘතුගිසින්ගේ අභිප්‍රායන්ගෙන් එකකි) පෘතුගිසි විරෝධි කොට්ටේ රාජධානියේ සිටි සිතාවක ප්‍රධානින්ට උදවු කිරීම අනෙක් කරුණයි.
කිසිදු වරායක් නොමැති මධ්‍ය කදුකරයේ පිහිටි කන්ද උඩරට රාජ්‍ය සේවාසහ භාණ්ඩ සපයන ස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක වූ අතර දකුණු ඉන්දියාවෙන් ලැබෙන යුද්ධ ආධාර ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. තවත් කාරණයක් නම් යුද්ධ උපාය මාර්ග වශයෙන් යාපනයේ වැදත්කම හේතු කොට ගෙන යාපනය රාජධානිය ලන්දේසි ආක්‍රමණ හමුදාවකට සුරක්ෂිත ස්ථානයක් විය හැකියයි යන බියක්ද තිබුණි. 1 වැනි සංකිලි රජු පෘතුගිසීන්ට පක්ෂව කටයුතු නොකළ අතර මන්නාරම් දුපතේ සිටි ‘පරවා කතෝලික’ පිරිස 600 – 700 ක් දෙනා ද සමුල ඝාතනය කළේය. මෙම කතෝලික පිරිස ඉන්දියාවෙන් මන්නාරමට ගෙන්වන ලද්දේ ඉතා ලාභ දායක ව්‍යාපාරයක් වු මුතු කිමිදීමේ කටයුතු යාපනයේ රජවරුන්ගෙන් අත්පත් කර ගැනීමටයි.
විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමාන මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුතා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.

රාජ්‍යයේ අවසානය
Statue of King Cankilil 1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.

ප්‍රතිඵලය
ඉතිරි අවුරුදු 40 පුරා පෘතුගිසි පාලනයට එරෙහිව කැලරි 3 ක් ඇතිවිය. මෙයින් දෙකක් මෙහෙය වන ලද්දේ මිගහපුල්ලේ අරෙච්චි විසිනි. අනික යාපනයේ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගන්නා තෙක් උඩරට 1 සෙනරත් රජු විසිනි. මෙම කාලය තුල පෘතුගිසිහු විසින් සෑම කොවිලක්ම පාහේ විනාශ කරන ලදහ. යානය රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය පොත් පත් පිලිබද භාණ්ඩාගාරයක් වැනි වු සරස්වතී මහල් පුස්ථකාලයද විනාශ කළහ. අධික බදු පැනවීම නිසා මහජනයා බොහෝ දෙනෙක් ඉන්දියාවේ රාමනාදන් පුරය වෙතද දකුණු වන්නි ප්‍රදේශයටද සංක්‍රමණය වුහ. ජනගහනය අඩු විය. විදේශ වෙළද කටයුතු අඩපණ විය. ඉන්දියාවේ රාජ්‍යයන් කීපයක් සමග වෙස් ලුණු ලබා ගෙන ලස්බන් වෙත යැවීම පිනිස යාපනයේ ප්‍රධාන අපනයනය වු අලි ඇතුන් හුවමාරු කරගන්නා ලදී. වෙළද කටයුතු පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආනයනයන් සදහා ගෙවීම් අසිරු වු හෙයින් ආනයන කටයුතු නතර කෙරිනි. පෘතුගිසි ඉතිහාසඥයකු වු ෆර්නාඩ් ද ක්වේරෝස් කියන්නේ පෘතුගිසි යටත් විජිත පාලන සමය තුල යාපනයේ ජනතාව අන්ත අසරණ භාවයට පත්වු බවයි.
යාපනයේ රජ පවුලේ නැති කිරීමට (රාජ්‍යයට උරුමක් කාරයින් නැති කිරීමට) පෘතුගිසින් උත්සාහ කළ නමුත් එම රාජකීය පවුල් වලින් පැවත එන්නේ ය කියනු ලබන ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුල් බොහෝ ගණනක් ඉතිරිව සිටිති.

ආගම්
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.
කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා නදියෙහි ජලයෙන් එය පිරවූයේය. ප්රාධාන කෝවිල් සාමාන්ය යෙන් නඩත්තු කරන ලද්දේ රජු විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්යි භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත ඉන්දියාවේ හෝ ශ්රීප ලංකාවේ සෙසු පළාත්වල ක්රිරයාත්මක නොවූවකි. මේ කියන පූජ්ය ස්ථාන ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.
බොහෝ දෙනාගේ ප්රුධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජ්යධ ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින් දෙවිවරු ඇදහීමද ජනප්රිේය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්ර. මන්ත්රම පිළිබඳ විශ්වාසයද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.
රාජධානිය තුළ බොහෝ ප්ර මාණයක් හින්දු කෝවිල් තිබුණි. කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්රී.කුණාමලයේ කොනේශ්වරම්, මන්නාරමේ කේතිස්තරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම් කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදිෙය් සුළු වෙනස්කම් හැරුණු විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය. ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී යොදා ගනු ලැබේ. අප්රේකල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්රීේයෙන් සමරණු ලබන අතර නවරාත්රී , දීපවාලී, ශිවරාත්රීක සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා ජීවිතයේ අංගයන් විය.

සාහිත්‍යය
රජ පෙළපත්වල රජවරු සාහිත්යභය කටයුතුවලට සහ අධ්යාතපනයට අනුග්රිහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලාවලින් සහ සාම්ප්රතදායික (තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්යි විද්යාහව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්යොමතිෂය ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා විසින් කරනු ලැබීය. ගුණවීර සිංගයි අරියන්ගේ පාලන සමයේදී වෛද්යණ විද්යා)ව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාසසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්යාීප්ත කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අධ්යාිපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන ලදී. සිංගයි පරරාසසේකරම්ගේ ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්යත ග්රීන්ථයක් වූ රඝුවංශය දෙමළට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන් පැමිණීමට පෙර සංග්ර හ කොට සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්රී ය කෘතීන් අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද “වයියපවල්” නම් කෘතිය ඉතා ප්රෘසිද්ධ එකකි.

ගෘහ නිර්මාණ ශිල්පය
13 වැනි ශත වර්ෂය වන විට ශ්රී් ලංකාවේ පැවති මහා කලා ශිල්ප හා වාස්තු විද්යාිත්මක ක්ර මවල සමෘද්ධිමත් යුගයේ පිරිහීමක් දක්නට ලැබුණු නමුත් කාලයෙන් කාලයට එකී ශිල්ප කෙරෙහි දකුණු ඉන්දීය බලපෑම් එල්ල වෙමින් තිබිණ. ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා විසින් 10 වෙනි සියවසේ සිට සාදන ලද කෝවිල්, විජයනගර් යුගයේ මදුරෙයි සම්ප්රකදායට අයත් විය. මධුරෙයි සම්ප්රටදායෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉතා අලංකාර වූත් අඹන ලද රූප විශාල ප්ර මාණයක් සහිත කුලුණ හෙවත් 'ගෝපුරම්' නමැති අංගයයි. කෝවිලට ඇතුලු වන දොරටුවට ඉහළින් මෙය එක්කර තිබුණි. යාපනය රාජ්යණය තුල තිබූ එකී සම්ප්රඅදායේ ඉතා වැදගත් ආගමික ගොඩනැගිලි කිසිවක් පෘතුගීසීන් විසින් කරන ලද විනාශයේදී ඉතිරි නොවුනි.
නල්ලූර් නමැති අග නගරය ගොඩ නගන ලද්දේ දොරටු සහිත පිවිසුම් ස්ථාන හතරකින් යුතුවයි. පිවිසුම් දොරටු හතර කෝවිල් හතරකින්ද ප්රුධාන පාරවල් දෙකකින් ද යුක්ත විය. නැවත ගොඩ නගා තිබෙන දැනට පවතින කෝවිල් ඒවායේ මුල් පිහිටීම සමග නොගැලපේ. මුල් ස්ථානවල තිබෙන්නේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද දේවස්ථානයි. නගරය මධ්ය යේ 'මුදිරෛ සන්තයි' නොහොත් වෙළඳ පොළ විය. එය වට කොට හතරැස් ආරක්ෂක කොටුවක් විය. රජවරුන් සඳහාද පූජකයින්, සෙබලුන්, සහ වෙනත් සේවා සපයන්නන් සඳහා උසස් තත්වයේ ගොඩනැගිලි තිබුණි. උස් පවුරුවලින් යුත් පැරණි නල්ලූර් කෝවිල ක්රිරයාත්මක වූයේ ආරක්ෂිත කොටුවක් වශයෙනි. පොදුවේ ගත් කළ නගරය නිර්මාණය කර තිබුණේ හින්දු සම්ප්රකදායයන්ට අනුව සාම්ප්රකදායික කෝවිල් නගරයක් ලෙසිනි.
පොලොන්නරු යුගය.
අතීතයෙදී පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ, පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ , අපේ අතීත සෞභාග්‍යාත්මක භාවය ලෝකයට කියා පාන ප්‍රදේශයකි .
වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. ඉන්පසු ඩී.එස් සේනානායක මැතිදුන්‍ගේ නව ගොවි ජනපද ව්‍යාපාර ව්‍යාපෘතිය අරඹීමත් සමග පොළොන්නරුව පිඹිදීමට පත්වන්නට විය. වර්තමානය වන විට පොලොන්නරු පූජා භූමිය වෙන්ව නව නගරයක් කදුරුවෙල බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය තුල පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.
වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ක්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.
රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ. ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවල සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය
රජරට රාජධානිය
වත්මන් ශ්‍රි ලංකාව පිහිටි භූමියේ ප්‍රථම සංවිධානාත්මක නවීන රාජධානිය වුයේ රජරට රාජධානියයි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.
රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.
උපතිස්සනුවර
අනුරාධපුර නගරය
ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි.
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.
බුද්ධාගමේ ආගමනය
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. ක්‍රි.පූ 3 වැනි සියවසෙහි ශ්‍රි මහ බෝධිය ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රි ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. ක්‍රි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී. බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.
පූජනීය දන්ත ධාතුවේ සම්ප්‍රාප්තිය
කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතුව පෙරහැරකින් වඩම්මවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්‍රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්‍ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.
වැසි ජල කලමණාකරන තාක්‍ෂණය
රජරට රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි
සමකාලීන රාජධානි
දේවානම්පිය තිස්ස රජ ගේ සොහොයුරු මහානාග කුමරු විසින් රජරට රාජධානියෙන් ස්වාධීන රුහුණු රාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්‍රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණු රාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.
ආක්‍රමණයන්
රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්‍රමණය සිදුවූයේ සූරතිස්ස(ක්‍රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්‍රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්‍රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්‍රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.
දකුණු ඉන්දියාව සහ ශ්‍රි ලංකාව
ක්‍රි.පූ 103 දී ද්‍රවිඪ නායකයන් පස් දෙනෙකු වූ

- පිලහත්ත
- බාහිය
- පනයමාර
- පිලියමාර
- දතික
විසින් රට නැවතත් ආක්‍රමණය කරන ලදී. ඔවුන් ක්‍රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්‍රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්‍රමණ සහ කොල්ලකෑම් එල්ල විය.
කෙසේ නමුත් මෙම ආක්‍රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්‍රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්‍රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්‍රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්‍රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.
අනුරාධපුර රාජධානියේ අවසානය
දිගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්‍රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්‍රි.ව. 1017 දී චෝල අක්‍රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.
පරිපාලනය
රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්‍යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්‍රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්‍රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්‍රයා හට ඔටුන්න උරුම විය.
අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්‍යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්‍යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්‍රථම පාලකයා විය.
ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්‍ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුණි.
පොළොන්නරු යුගය
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
පොළොන්නරු යූගයේ විසු රජවරු
- Iවන විජයබාහු රජ
- ජයබාහු රජු
- වික්‍රමබාහු රජු
- මහා පරාක්‍රමබාහු රජු
- පළමු නිශ්ශංකමල්ල රජු
- ලීලාවතී රැජින
පොළොන්නරුව
ශ්‍රි ලංකාවෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.
පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
- අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
- ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
විදහා දැක්විය හැකිය.
ඹ්නෑම දේශයක දියුනුව ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරයට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.
- ඇතුල් නුවර
- පිට නුවර
- පිට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,ගොවිබිම්)
ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයකට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු "වෛජසන්න ප්‍රසාදය" හෙවත් "සත්මහල් ප්‍රසාදය" අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වයක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.
බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අතීතයේ මුතුන් මිත්තන්ගේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට කටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වෙමින්,ඝන වනාන්තර තුල හව් හරනක් නැතිව හුදකලා වෙමින් අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පැවති අතීත නටබුන් වර්තමාණයේදි පවා මෙවන් ශ්‍රි විභුතියකට හිමිකම් කියන්නේ නම් එකල කොතරම් මහේශාක්‍ය ලීලාවෙන් මේ මහපොළොව මත නැගී සිටින්නට ඇත්ද??
වත්මන් පසුබිම
ඵෙතිහාසික නටඹුන් නගරයට සමීපව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පවතින ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් කීපයකින් යුත් නගරයකි. මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.
සෙංකඩගල යුගය
ආරම්භය පළමුවෙන් ආරම්භ කළේ වික්‍රම භාමන්ත නම් 6 වැනි විජයබාහුගේ පුත්‍රයායි. ඔහුගේ පුතුන් විසින් 1492 දී විජය බාහු ඝාතනය කරන ලදී. මෙම සිද්ධියෙන් පසු රට කොටස් 4 කට බෙදුනි. සීතාවක රාජධානිය මායාදුන්නේ විසින් ද කොට්ටේ 6 වැනි පරාක්‍රම බාහු විසින්ද රයිගම රාජ්‍යය රයිගම් බණ්ඩාර විසින් ද නුවර රාජධානිය වික්‍රම සමන්ත විසින්ද ස්ථාපිත කරනු ලැබීය.
පෘතුගීසි යුගය
1505 දී පෘතුගීසිහු කෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරෝත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.෴
පූර්ව යුගය
මනු රාජ වංශය
මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.
යක්ෂ සහ රාක්‍ෂ රාජධානිය
දේව රාජධානිය
නාග රාජධානිය
නාග රාජධානිය - වඩුන්නාගල නගරය
නාග රාජධානිය - මණි නාග දීපය
නාග රාජධානිය - කැළණි නගරය

- මහා සම්මත මනු රජ
- හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
- බලි රජ
- නහුත රජ
- සංකිත රජ
- තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ
යක්ෂ සහ රාක්‍ෂ රාජධානිය
- සුමාලි රජ
- කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික)
- රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
- විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
- මහා කාලසේන රජ
- පනිත රජ
- බම්බා රජ
දේව රාජධානිය
- සුමන සමන් රජ
නාග රාජධානිය
නාග රාජධානිය - වඩුන්නාගල නගරය
- චූලෝදර රජ
නාග රාජධානිය - මණි නාග දීපය
- මහෝදර රජ
නාග රාජධානිය - කැළණි නගරය
- මණිඅක්ඛික රජ
තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)
| නාමය | කාලය | පාලන කාලය (අවුරුදු) | සටහන් |
|---|---|---|---|
| විජය රජ | ක්‍රි.පූ. 543-505 | 38 | කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය |
| උපතිස්ස රජ | 505-504 | 1 | අගනුවර-උපතිස්ස නුවර |
| පඬුවස්දෙව් රජ | 504-474 | 30 | ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි |
| අභය රජ | 474-454 | 20 | මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය |
| තිස්ස කුමරු | 454 - | (පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී රාජ්‍යය පාලනය කිරීම |
අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)
අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1
- පණ්ඩුකාභය රජ
- මුඨසිව රජ (පණ්ඩුකාභය රජගේ පුත්)
- තිස්ස රජ
- දේවානම්පිය තිස්ස රජ
- උත්තිය රජ
- මහාසිව රජ
- සූරතිස්ස රජ
අනුරාධපුර චෝල යුගය
අනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය
- ආක්‍රමණක චෝල සේන හා ගුත්තික (අශ්වාචාරි)
- අසේල රජ (දේවානම්පිය තිස්ස බාල සොයුරු)
- ආක්‍රමණක චෝල එළාර රජ
අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානිය
- කැළණි තිස්ස රජ
- කාවන්තිස්ස රජ
අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය
- දුටුගැමුණු රජු
- සද්ධාතිස්ස (සැඳෑතිස්)
- තුලත්ථන
- ලංජතිස්ස (ලැමිණිතිස්)
- බල්ලාඨනාග
- වළගම්බා රජු (වට්ටගාමිණී අභය/වලගම් අබා)
- ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
- වළගම්බා රජු (යළි රජවීම)
- මහවුලිතිස්ස
- චෝරනාග
- තිස්ස (කුඩාතිස්ස)
- සිව
- වටුක
- දාරුභාතික තිස්ස
- තිලිය (පුරෝහිත බමුණා)
- අනුලා රැජින
- කූඨකණ්ණ තිස්ස
- භාතික අභය
- මහාදාථික මහානාග
- ආමන්ද- ගාමිණී අභය
- කණිරජානු තිස්ස
- චූලාභය
- සීවලී රැජින
-- අරාජික සමය --
- ඉලනාග
- චණ්ඩමුඛසීව
- යසලාලක තිස්ස
- සභ (සුභ)
ලම්බකර්ණ රාජ වංශය
- වසභ රජ
- වංකනාථතිස්ස
- ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
- මහල්ලකනාග
- භාතික තිස්ස
- කනිට්ඨතිස්ස
- බුජ්ජනාග
- කුංචනාග
- Iවන සිරිනාග
- වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
- අභයනාග
- IIවන සිරිනාග
- විජය - කුමාර
- Iවන සංඝතිස්ස
- සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
- ගෝඨාභය (ගොළු අබා)
- Iවන ජෙට්ඨතිස්ස
- මහාසේන ( මහසෙන්)
- සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
- IIවන ජෙට්ඨතිස්ස
- බුද්ධදාස රජ
- Iවන උපතිස්ස
- මහානාම
- වට්ටගාහජන්තු
- මිත්තසේන (මිත්සෙන්)
ෂඩ් ද්‍රවිඩයන්
- පණ්ඩු
- පාරින්ද
- ඛුද්ධ පාරින්ද
- තිරිතර
- දාඨිය
- පීඨිය
මෞර්ය රාජ වංශය
- ධාතුසේන රජු
- Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
- මොග්ගල්ලාන (මුගලන්)
- කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
- කිත්තිසේන
- සිව
- IIවන උපතිස්ස
- සීලාකාර අම්බ සාමනේර
- දාඨාපභූති (දාපලුසෙන් )
- IIවන මොග්ගල්ලාන
- කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
- මහානාග
- Iවන අග්ගබෝධි (අක්බෝ)
- IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
- IIවන සංඝතිස්ස
- IIIවන මොග්ගල්ලාන
- සීලාමේඝවණ්ණ
- IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
- IIවන ජෙට්ඨතිස්ස
- IIIවන අග්ගබෝධි (යළි රජවීම)
- දාඨෝපතිස්ස
- IIවන කස්සප
- Iවන දප්පුලු
- හත්ථදාඨ
- IVවන අග්ගබෝධි
- දට්ට
- IIවන හත්ථදාඨ
ලම්බකර්ණ මානවම්ම රාජ වංශය
- මානවම්මරජ
- Vවන අග්ගබෝධි
- IIIවන කස්සප
- Iවන මහින්ද
- VIවන අග්ගබෝධි
- VIIවන අග්ගබෝධි
- IIවන මහින්ද
- Iවන උදය
- IIIවන මහින්ද
- VIIIවන අග්ගබෝධි
- IIවන දප්පලු
- IXවන අග්ගබෝධි
- Iවන සේන
- IIවනසේන
- IIවන උදය
- IVවන කස්සප
- Vවන කස්සප
- IIIවන දප්පුලු
- IVවන දප්පුල
- IIIවන උදය
- IIIවන සේන
- IVවන උදය
- IVවන සේන
- IVවන මහින්ද
- Vවන සේන
- Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)
පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 - 1232)
පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)
පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානිය
Iවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)
Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)
පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු
- වික්‍රමබාහු රජ (VIවන කස්සප)
- මහලනාකිත්ති
- වික්‍රමපණ්ඩු
- ජගතිපාල (ජගත්පාල)
- පරාක්‍රමපණ්ඩු
- ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
- VIIIවන කස්සප
- Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)
පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම - 1110)
පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153)
| රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජධානිය | රජ | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1090 | 1100 | 1110 | 1120 | 1130 | 1140 | 1153 | 1160 | 1170 | 1180 | |||||||||||||||||||||||||||||||||||||||
| රජරට | Iවන වික්‍රමබාහු රජ | IIවන ගජබාහු රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| දක්ඛිණදේශ | Iවන විජයබාහු රජ | මානාභරණ රජ | කිත්ති සිරි මේඝ රජ | පළමුවන පරාක්‍රමබාහු රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||
| රුහුණ | ශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජ | ශ්‍රී වල්ලභ රජ | මානාභරණ රජ | |||||||||||||||||||||||||||||||||||||||||||||
පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)
Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)
IIවන විජයබාහු
පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)
- නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
- IIවන වික්‍රමබාහු
- චෝඩංග රජ
- ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
- සහස්සමල්ල
- කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
- ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
- චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
- ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
- දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
- ලීලාවතී රැජින (3වන රාජ සමය)
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)
- පරාක්‍රපණ්ඩු
- කාලිංග මාඝ රජ (කාලිංග විජයබාහු) (ආක්‍රමණික රජ) (ක්‍රි.ව. 1215 - 1236)
- දඹදෙනි II වන පරාක්‍රමබාහු රජ මාඝ පලවාහැර රටටම රජ විය
දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 - 1272)
- IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 - 1236)
- II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 - 1270)
- IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 - 1270)
- I වන බුවනෙකබාහු රජ
යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)
- මිත්ත සෙනෙවි
- I වන බුවනෙකබාහු රජ
අරාජික සමය
යාපව්ව යුගය - පොළාන්නරුව සිට පාලනය
- III වන පරාක්‍රමබාහු රජ
ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 - 1341)
| නාමය | කාලය | පාලන කාලය (අවුරුදු) | සටහන් |
|---|---|---|---|
| II වන බුවනෙකබාහු රජ | 1303-1305 | 2 | |
| (පඬි) IV වන පරාක්‍රමබාහු රජ | 1305 | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | |
| III වන බුවනෙකබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
| ජයබාහු II | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
| V වන විජයබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
| IV වන බුවනෙකබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. |
ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)
ගම්පල යුගය- ගම්පොල රාජධානිය
දැදිගම අගනුවර
V වන පරාක්‍රමබාහු රජ
ගම්පොල අගනුවර
III වන වික්‍රමබාහු රජ
V වන බුවනෙකබාහු රජ
ගම්පල යුගය - රයිගම රාජධානිය
| Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
|---|---|---|---|---|---|---|
| IIවන වීරබාහු | - | - | 1391/1392 | 1397 | *Brother in law of King Buvaneka Bahu V | |
| වීර අලකේශ්වර (aka Vijaya Bahu VI) | - | - | 1397 | 1409 | ||
| පරාක්‍රමබාහු Epa(ඈපා) | - | - | 1409 | 1412 | *Grandson of Senalankahikara Senevirat minister of Bhuvanaikabâhu IV. |
අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)
කෝට්ටේ යුගය - සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 - 1521)
- VI වන පරාක්‍රමබාහු රජ (රට එක්සේසත් කළේ ය)
- II වන ජයබාහු රජ
- VI වන බුවනෙකබාහු රජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
- VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
- VIII වන වීරපරාක්‍රමබාහු රජ
- Xවන ධර්මපරාක්‍රමබාහු රජ
- VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)
- VIIවන බුවනෙකබාහු
- දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
- පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
- පෘතුගාලයේ IIවන ෆිලිප් රජ
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 - 1594)
- මායාදුන්නේ රජ
- Iවන රාජසිංහ රජ
- පෘතුගාලයේ Iවන ෆිලිප් රජ හෙවත් ස්පාඤයේ IIවන ෆිලිප් රජට යටත් වීම.
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)
- ආර්ය චක්‍රවර්තීවරු
- පරරාජසේකරම්
- ශංකිලි රජ
- පෘතුගාලයේ IIවන ෆිලිප් රජ නොහොත් ස්පාඤ්ඤයේ IIIවන ෆිලිප් රජට යටත් වීම
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)
- සේනාසම්මත වික්‍රමබාහු රජු
- ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
- කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
- Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
- දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
- කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
- දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
- කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම
සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය - පහතරට පාලනය
- සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)
- සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)
- සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)
- පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
- පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය
- Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
- සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
- IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
- IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)
කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1982 අප්‍රේල් 29)
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1948 පෙබරාරි 4)
- IIIවන ජෝජ් රජ
- IV වන ජෝජ් රජ
- IV වන විලියම් රජ
- වික්ටෝරියා රැජින
- VIIවන එඩ්වඩ් රජ
- Vවන ජෝජ් රජ
- VIIIවන එඩ්වඩ් රජ
- VIවන ජෝජ් රජ